සුනාමි ව්‍යසනයෙන් සිදුවූ මරණ කොරෝනා වසංගතේ මරණ ලෙස පෙන්වාදීමක්

Update: 2020-04-20 10:39 GMT

කොරෝනා වෛරස් ආසාදනය මේ වන විට ලොව පුරා ජීවිත 160,000කට අධික සංඛ්‍යාවක් බිලිගෙන ඇත. බටහිර ලෝකයේ බොහෝ රටවල් මේ වන විට කොරෝනා වෛරස් ආසාදනය හමුවේ ඉතා අසරණ තත්වයකට පත්වී තිබේ. දිනකට මියයන සංඛ්‍යාව අධික වීම නිසා අවසන් කටයුතු කිරීම බොහෝ රටවල් වලට බැරෑරුම් ප්‍රශ්නයක් බවට පත්ව ඇත. මෙම තත්වය කරණකොටගෙන සමාජ මාධ්‍ය ජාලා තුල අසත්‍ය සටහන් ඉදිරිපත් වීමේ ප්‍රවණතාවක් ද දක්නට ලැබේ

මියගිය මිනිස් සිරුරු සමූහයක් පොලිතින් උරවල ඔතා තිබෙන අයුරු දක්වන සේයාරුවක් සහිතව, මේ සමහර රට වල තත්වය තේරුම් අරන් ගෙදර ඉන්න තේමාවෙන් යුක්ත වූ සටහනක් රවිඳු ඒකනායක නමැත්තෙකුගේ ෆේස්බුක් ගිණුමක ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණි. ෆේස්බුක් පරිශීලනය කරන්නන් 7700කට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණු මෙම සටහනට හිමිවූ ප්‍රතිචාර සටහනක්ම මෙය අසත්‍ය සටහනක් බවට යෝජනා වී තිබුණ නිසා මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

LinkArchived Link

ෆේස්බුක් ජාලයෙහි මෙවැනි සටහන් රාශියක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප මෙම සටහනේ වූ ඡායාරූපය google reverse image සෙවීමකට ලක් කළෙමු. මෙම ඡායාරූපය අඩංගු වාර්තා සටහන් රාශියක් අන්තර්ජාලයේ තිබෙන බව නිරීක්ෂණය විය. මෙම සටහන් සෑම කෙනෙක් එකකින්ම පාහේ මෙම ඡායාරූපය 2004 වසරේ දී සිදු වූ සුනාමි ව්‍යසනයට සම්බන්ධ කර තිබුණි.

අන්තර්ජාලයේ තිබූ වාර්තා අධ්‍යයනය කිරීමේදී අපට තහවුරු වූයේ, මෙම ඡායාරූපය 204 වසරේදි Associated Press පුවත්සේවයේ ඡායාරූපිශිල්පියකු වන David Longstreath ගේ කැමරා ඇසට හසුවු දසුනක් බවය.

එබැවින් අප Associated Press පුවත්සේවයේ ඡායාරූප සමුහය පරීක්ෂා කළෙමූ. 2004 වසරේ සුනාමියට අසුව තායිලන්තයේ ප්‍රදේශයේදි මියගිය ජනයාගේ සිරුරු පන්සලක තබා ඇත අන්දම Associated Press පුවත්සේවයේ David Longstreath විසින් 2004 වසරේ දෙසැම්බර් මස 30 දින කැමරාවට අසුවු අන්දම දක්වන සටහන සහිත සේයාරුව දක්නට ලැබිණි.

Link Archived Link

රවිඳු ඒකනායකගේ ෆේස්බුක් පිටුවේ තිබු සේයාරුව, Associated Press පුවත්සේවයේ David Longstreath සේයාරුව සංසන්දනය කිරීමේදී ඒවා එකම ඡායාරූපයක් බවට තහවුරු විය.

මෙම සටහන පිලිබඳ කරුණු විමර්ශනයක් මීට පෙර AFP ආයතනය මඟින්ද සිදුකර තිබෙනුද දැකගනන්ට හැකිවිය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ෆේස්බුක් ජාලයෙහි සටහන්වල ඉදිරිපත් කර තිබූ සේයාරුව 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් තායිලන්තයේ දී මියගිය ජනයාගේ මළ සිරුර ගත් සේයාරුවක් විනා කොරොනා වෛරස් ආසාදනය නිසා මියගිය වූවන්ගේ සිරුරු පෙන්වන ඡායාරූපයක් නොවන බවයි.

එබැවින් “මේ සමහර රට වල තත්වය තේරුම් අරන් ගෙදර ඉන්න” තේමාවෙන් ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වන සියළුම සටහන් සම්පූර්ණයෙන් අසත්‍යය සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සුනාමි ව්‍යසනයෙන් සිදුවූ මරණ කොරෝනා වසංගතේ මරණ ලෙස පෙන්වාදීමක්

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News