පැරණි ඡායාරුපයක් යොදා ගනිමින් යුධ හමුදා දෛනික සේවා සපයන්නන් හට දැඩි දුස්කරතා රැසක් යනුවෙන් කල ප්‍රකාශයක්!

Update: 2020-05-01 06:08 GMT

කොරෝනා වෛරස් ආසාදනය දිවයින පුරා ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස, යුද, නාවික, ගුවන් හමුදා සමග පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය ඉමහත් දායකත්වයක් ලබා දේ. දිවා රෑ නොබලා ඔවුන් ඉටු කරන සේවය සහ කැපවීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම ප්‍රසාදයට හේතු විය. ප්‍රධාන විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුල ද මොවුන්ගේ සේවය අගය කරමින් ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබුණේය.

වැලිසර නාවික හමුදා කඳවුරෙන් කොරෝනා වෛරස් ආසාදිත වූ නාවිකයන් සොයා ගැනීමත් සමගම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මෙන්ම පොලිසියේද සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව ගැටළුවක් මතු වීමට පටන් ගත්තේය. සමාජ දුරස්ථභාවය තබා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වූ බැවින්, හමුදා කඳවුරු තුලින් අවශ්‍ය යටිතල පහසුකම් සපයා ගන්නා තෙක්, හමුදා කඳවුරු ආසන්නයේ තිබූ පාසල් ගොඩනැගිලි කිහිපයක් තාවකාලිකව සන්නද්ධ සේවා විසින් ලබාගන්නා ලදි.

“කෝ අර පොර ටෝක් දෙන් "විශේෂඥ වෛද්‍ය" ශවේන්ද්‍ර ශිල්වා ? වීරෝධාර වීරෝධාර කියල මැතිරුවට හරියන්නෑ. කොල්ලන්ට පහසුකම් ටිකවත් දෙන්ට හොඳා !” තේමාවෙන් ධම්මික මුණසිංහ නමැත්තකුගේ ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කළ සටහනක් ප්‍රතිචාර පනහකට අධික සංඛ්‍යාවක් හිමි කර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය.

LinkArchived Link

උදාර මෙහෙයක් ඉටුකරන හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය බිඳ නොදමන ලෙස හිමිවූ ප්‍රතිචාර රැසකින්ම යෝජනා වී තිබුණ නිසා මෙම සටහන පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන පිළිබඳව තවදුරටත් කරුණු සෙවීමේදී, ඡායාරූප කිහිපයක් සහිතව, යුධ හමුදා මුලස්ධානයේ දෛනික සේවා සපයන අයට දැඩි දුස්කරතා රැසක්.තේමාවෙන් ColomboXnews නමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පහත වාර්තාව පත් කර තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived Link

පනාගොඩ යුධ හමුදා ජනපදය ආසන්නයේ නඩුහේන විද්‍යාලය නමින් පාසලක් ඇද්දැයි අපි ගූගල් සෙවීමක් කළ නමුදු එවැනි පාසලක් සොයා ගැනීමට අපොහොසත් විය. මෙම පාසල පිළිබඳව තවදුරටත් කරුණු සෙවීම පිණිස අප හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මහත්මිය සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. තම බල ප්‍රදේශයේ නඩුහේන විද්‍යාලය ලෙස හඳුන්වන්නේ මීගොඩ මහා විද්‍යාලය බව පැවසූ ඇය, කාලීන අවශ්‍යතාවයක් මත එම පාසල යුද හමුදාව වෙත පවරා දුන් බව පැවැසුවාය. කිසිදු පාසල් උපකරණයක් යුද හමුදාව ප්‍රයෝජනයට නොගන්නා බවත්, සම්පත් පියස විවෘත කර සනීපාරක්ෂක පහසුකම් ලබාදුන් බවත්, යුද හමුදාව ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂක ලෙස පිරිසිදුව පාසල භාවිතා කරන බවත් ඇය අවධාරණය කළාය. මෙම ෆේස්බුක් පිටුවේ සහ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ වූ ඡායාරූපයන් පාසල් ගොඩනැගිල්ලකට වඩා පෙර සැකසූ ගොඩනැගිල්ලක (Pre-fabricated building) ස්වරූපයක් ගත් බැවින්, පෙර සැකසූ ගොඩනැගිල්ලක් පාසල් භූමියේ ඇත්දැයි විමසූ විට ඇය පැවසුවේ එවැනි ගොඩනැගිල්ලක් නොමැති බවයි. අප google earth මගින් ලබාගත් ඡායාරූපයෙන් ද එය සනාථ විය.

මෙම සටහන් පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස අප යුද හමුදා මූලස්ථානයේ මාධ්‍ය අංශය වෙත දුරකථන ඇමතුමක් ලබා ගත්තෙමු. අපගේ අවශ්‍යතාවයට සාවධාන ව කන් දුන් එම නිලධාරියා, තොරතුරු අවශ්‍ය අන්තර්ජාල දිගුව යොමු කළ පසු, එය පරික්ෂා කර නැවතත් දුරකථනයෙන් අප හා සම්බන්ධ විය. කාලීන අවශ්‍යතා මත පාසල් කිහිපයක ගොඩනැගිලි ප්‍රයෝජනයට ගන්නා බව ඔහු සඳහන් කළේය. මෙම ෆේස්බුක් පිටුවේ සහ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ඇති ඡායාරූපයන්හි පෙන්වා ඇති ගොඩනැගිල්ල යුද හමුදාව පවරා ගත් පාසල් ගොඩනැගිල්ලක සේයාරුවක් නොවන බවත් එය පෙර සැකසූම් ගොඩනැගිල්ලක සේයාරුවක් බවත් ඔහු පැවසීය. යුධ හමුදා මූලස්ථානය අකුරේගොඩ පිහිටා ඇති අතර පනාගොඩ පිහිටා ඇත්තේ බටහිර ආඥාපති මූලස්ථානය බව පැවසීය. යුද හමුදාව තම නිලධාරීන්ට, සෙසු නිලයන්ට සහ සිවිල් සේවකයන්ට අවශ්‍ය සියලු කම් පහසු සැපයීමට සමත් බව පැවසූ ඔහු, යුද සමයේ පවා සියලු නිලයන්ට අවශ්‍ය පහසුකම් උපරිම අන්දමින් සැපයු බව අවධාරණය කළේය. එමෙන්ම හමුදා නිලධාරීන් සෙසු නිලයන් සහ අනිකුත් සාමාජිකයන්, ශ්‍රී ලාංකික ජනතාවගේ සුවසෙත පතා අවශ්‍ය ඕනෑම මොහොතක සිය පහසුකම් සිනාමුසු මුහුණින් පරිත්‍යාග කිරීමට නොපැකිලෙන බව වැඩිදුරටත් අවධාරණය කළේය.

2020 අප්‍රේල් මස 20වැනි දින දෙරණ අරුණ රූපවාහිනිය වැඩසටහනට සජීවව හමු සම්බන්ධ වූ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කෙතරම් කාර්යබහුල වුණත්, යුද හමුදාව පිළිබඳව පළවූ සමාජ මාධ්‍ය ජාලා සටහන් විමසූ බවත්, කෙතරම් අපහසුතා තිබුනද යුද හමුදාව ලබාගෙන ඇත්තේ ගොඩනැඟිලි එකොළහක් බවත් ඉන් බස්නාහිර පළාතෙන් ලබාගෙන ඇත්තේ ගොඩනැගිලි පහක් බවත්, හමුදාව ලබාගෙන ඇති ගොඩනැගිලිවල අභ්‍යන්තරය, සමාජ මාධ්‍ය ජාලයන්හි ඇති ඡායාරූපයන් හා නොගැලපෙන බවත් පැවසීය. මෙම ඡායාරූපය විදේශ රටක සිටින අයෙකු විසින් යොමු වී ඇති බවට අනාවරණය වී ඇති බවත්, ශ්‍රී ලංකා යුද හමුදාව සිය රණවිරුවන් සඳහා උපරිම පහසුකම් දෙන බව අවධාරණය කළේය.

යුද හමුදාව නිරෝධායන මධ්‍යස්ථාන සඳහා සිය සාමාජිකයන්ගේ ඇඳවල් 6,000 ට අධික සංඛ්‍යාවක් පරිත්‍යාග කර ඇති බවත්, නිවාඩුවට ගෙදර ගිය සියලු නිලයන් නැවත එකවර කැඳවූ නිසා, පළමු දිනයේ එවැනි සුළු අඩුපාඩුවක් ඇති වුණ දැයි විමර්ශනය කරන බවත්, එවැනි තත්ත්වයක් වූවානම් එය පිළිගැනීමට මැළි නොවන බවත්, තම රටේ ජනතාව වෙනුවෙන් එවැනි අවස්ථාවකදී බිම නිදා ගැනීමට සිදුවුවහොත් එය ලැජ්ජාවට කාරණයක් නොවන බව දැඩිව අවධාරණය කරන ලදී.

https://youtu.be/wXf3WMwKJKs?t=6

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඡායාරූපයෙන් පෙන්වන්නේ පෙර සැකසුම් ගොඩනැගිල්ලක් (Pre-fabricated building) විනා පාසල් ගොඩනැගිල්ලක් නොවන බවත්, ශ්‍රී ලංකා යුද හමුදාව සිය නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවකයන්ට අවශ්‍ය උපරිම පහසුකම් ලබාදීමට සැමවිටම හැකි බවයි.

එනිසා “කෝ අර පොර ටෝක් දෙන් "විශේෂඥ වෛද්‍ය" ශවේන්ද්‍ර ශිල්වා ? වීරෝධාර වීරෝධාර කියල මැතිරුවට හරියන්නෑ. කොල්ලන්ට පහසුකම් ටිකවත් දෙන්ට හොඳා !” සහ “යුධ හමුදා මුලස්ධානයේ දෛනික සේවා සපයන අයට දැඩි දුස්කරතා රැසක්.” සිරස්තලයන්ගෙන් ඉදිරිපත් වී ඇති සියලුම ෆේස්බුක් සටහන් සම්පූර්ණයෙන් අසත්‍යය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පැරණි ඡායාරුපයක් යොදා ගනිමින් යුධ හමුදා දෛනික සේවා සපයන්නන් හට දැඩි දුස්කරතා රැසක් යනුවෙන් කල ප්‍රකාශයක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News