කොරෝනා ව්‍යාප්තිය සහ Body Bag භාවිතය සම්බන්ධයෙන් නොමඟ යවන සුළු පුවතක්!

Update: 2020-05-03 09:28 GMT

ශ්‍රී ලංකාවේ කොරොනා වෛරස් ව්‍යාප්තිය මර්දන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවද ඉමහත් දායකත්වයක් ලබා දුනි. මෙලෙස කොරොනා වෛරස් මර්දන ව්‍යාපාර මෙහෙයුම් වලට සහභාගි වු වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන් පිරිසක් නිවාඩුවට සිය ගම්බිම් බලා පිටත් ව ගොස් සිටීයදි කොරොනා වෛරස් ආසාදනය වීම නිසා දිවයිනේ මෙතෙක් රෝගය නොපැවති ප්‍රදේශ රාශියකට රෝගය ව්‍යාප්තවීමක් වාර්තා විය. නාවිකයන් තුළින් මතු මතු වූ මෙම ව්‍යාප්ත වීම පිළිබඳව ප්‍රධාන විද්‍යුත්, මුද්‍රිත මාධ්‍යයන්ගෙන් මෙන්ම සමාජ මාධ්‍ය ජාලා තුළින්ද විවිධ ප්‍රවෘත්ති ඉදිරිපත් වනු නිරීක්ෂණය විය

මෙවැනි පසුබිමක “ආණ්ඩුව වසං කළත් රට පුරා කොරෝනා..! මැදමූලනත් වසා දමයි..! මහනුවර ගම්මාන රැසක් සීල්..! සැක සහිත මරණ 300ක් 500ක් බොඩිබෑග් වල දමා පුච්චලා..!:” යන සිරස්තල යටතේ ලංකා ඊ නිව්ස් (Lankaenews) නැමති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් පිළිවෙලින් 2020 මැයි මස 2වැනි දින ප්‍රවෘත්ති වාර්තාවක් සිය ෆේස්බුක් පිටුව හරහා ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

LinkArchived Link

දීර්ඝ විස්තරයක් සහිතව ඉදිරිපත් වී තිබු මෙම සටහන 1300 කට අධික ප්‍රමාණයක් අතර හුවමාරු වී තිබු අතර එම සේයාරුව තවත් පිරිස් සිවින් භාවිතා කර තිබෙනුද පහත පරිදි දැකගන්නට හැකිවූ ප්‍රතිචාර විශාල සංඛ්‍යාවක් මෙය අසත්‍ය ප්‍රවෘත්තියක් බවටද අදහස් පළ කර තිබුණි.

එසේම “වැඩ ගන්න කොට රණවිරුවන්; කොරෝනා හැදුනහම පොල්කුඩු ගානට..! තවත් සෙබළුන් දුක කියති..! සේයාරූ සාක්කි මෙන්න..! උත්තර බඳින්න ආ බැරකුඩා මුදලාලිට වචනයක්..!” යන තේමාව යටතේ ඡායාරුප පෙළක් සහිතව තවත් සටහනක් අප්‍රේල් මස 30 වැනිදා ද මෙසේ පලවී තිබෙනුද නිරීක්ෂණය විය.

LinkArchived Link

මෙම සටහන් වල ඉදිරිපත් වී තිබු දත්තයන් සහ සංඛ්‍යාලේඛන පිළිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ආණ්ඩුව වසං කළත් රට පුරා කොරෝනා..! මැදමූලනත් වසා දමයි..! මහනුවර ගම්මාන රැසක් සීල්..! සැක සහිත මරණ 300ක් 500ක් බොඩිබෑග් වල දමා පුච්චලා..!:” සිරස්තලයෙන් ඉදිරිපත් කර තිබූ සටහන පරීක්ෂා කිරීමේදී නම සඳහන් නොකල ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු සහ හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍යය අධ්‍යක්ෂක වෛද්‍ය චමල් සංජීව මහතාගේ ෆේස්බුක් පිටුව පිළිබඳ වූ සටහනක් පිළිබඳව සඳහන් කර තිබෙනු දක්නට ලැබුණි. වෛද්‍ය චමල් සංජීව මහතාගේ ෆේස්බුක් පිටුව පරීක්ෂා කළ විට ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ වූ ප්‍රවෘත්තිය පිළිබඳව පහත පැහැදිලි කිරීමක් දක්නට ලැබුණි

LinkArchived Link

රුවන් දිසානායක නමැත්තකු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්වු ප්‍රතිචාරට වෛද්‍ය චමල් සංජීව පහත පැහැදිළි කිරීම ඉදිරිපත් කර තිබුණි.

මම කියලා තිබුණේ පහුගිය මාසේ(පෙබරවාරි - අප්‍රේල්) කාල සීමා පුරා ලංකාව පුරා හදිසි මරණ(රෝගී තත්ත්වය සැක සහිත, මරණ හේතුව සොයා නොගත් මරණ හදිසි අනතුරු සියදිවි නසාගැනීම් පිළීස්සීම් හෘදය ආබාධ , හදිසි ස්වසන ආබාධ , රිය අනතුරු, මළ සිරුර ගොඩ ගැනීම, නරක් වූ මරණ ආදින්) තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් සිදු වූ නිසා එම මෘත දේහ වැළලීමට සමහර විට මෘතදේහ ආවරණ බෑග් අවශ්‍ය බවත්...කිසිදු ස්ථානයක corona බවට සැකකරන මරණය තුන්සීයක් යයි සඳහන් කර නැත.. මෘතදේහ ආවරණ බෑග් දහසක් අවශ්‍ය අවස්ථා ද රට පුරා වැරදි මතයක් පැතිර ගිය විට මෘතදේහ ආවරණයක් දහසක් අවශ්‍ය කරන්නේ corona මරණ වැළලීමට පමණක් නොව මෙවැනි සැක සහිත වෙනත් හදිසි මරණ වැළලීමට ද සමග බව මම සඳහන් කළා.මම හිතන්නේ website කරුණු නිසි පරිදි කියවන් නැතුව මෙය පළ කර තිබෙනවා

එසේම ඉහත පැහැදිලි කිරීමේ සඳහන් වන පරිදි මීට සතියකට පමණ පෙර මෘතදේහ බහාලන ( Body Bags) දහසක් ඇනවුම් කිරීම පිළිබඳව විශාල ආන්දෝලනයක් ඇති වූ අතර එම අවස්ථාවේදී දුරකතනයෙන් සම්බන්ධ වූ වෛද්‍ය සුනිල් ද සිල්වා මහතා පසුව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාද කරුණු පැහැදිලි කරමින් පහදා සිටියේ කොවිඩ්-19 ආසාදිතයින් ආදාහනයේදී පමණක් නොව රටපුරා සිදුවන හදිසි මරණ, සැකසහිත මරණ ,හඳුනාගත නොහැකි මරණ, ඇතුළු සියල්ලක් සඳහා මෙය භාවිතා වන බවයි. එම පැහැදිලි කිරීම පහතින්

Ada Derana | Sunday Observer

https://youtu.be/zk1Puz3c7GM?t=6

තවද Lankaenews ප්‍රවෘත්තියේ නම සඳහන් නොකළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු උපුටා දක්වා තිබූ බැවින් ඒ පිළිබඳව කරුණු තහවුරු කරගැනීම පිණිස අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. මේ ප්‍රවෘත්තිය පිළිබඳව විමර්ශනයක් සිදුවන බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා දැනට කිසිදු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු මෙවැනි ප්‍රකාශයක් නිකුත් කළ බවට තහවුරු වී නොමැති බවද අප සමඟ පවසා සිටියා.

ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීම පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ වෙබ් අඩවියට පිවිසියෙමු. 2020 මැයි මස 3 දින යාවත්කාලීන කරන ලද රෝග ව්‍යාප්තිය පිළිබඳ ලංකා සිතියම නිරීක්ෂණය විය. එම සිතියම පරීක්ෂාකිරීමේදී ලංකාඊනිවුස් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ දක්වා ඇති බොහෝ ප්‍රදේශයන්හි කොරෝනා රෝගය ව්‍යාප්තවීම හඳුනාගෙන ඇති අතර එය පැහැදිලිව පෙන්වා දී ඇති බවද පෙනී ගියේ මෙලෙසිනි.

එමගින් සනාථ වූයේ රජය විසින් කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීම පිළිබඳව සඟවා නොමැති බවය. තවදුරටත් මේ පිලිබඳ කරුණු තහවරු කර ගැනීම පිණිස මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර ඔහු ද පවසා සිටියේ වසංගත රෝග අංශය මඟින් යාවත්කාලීන කරන ලද සිතියමට අනුව ඉහත නම්කරන ලද බොහෝ ප්‍රදේශයන්හි රෝගීන් හමුවී ඇති අතර එම ප්‍රදේශවල රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ස්වයං නිරෝධායන කටයුතු සහ අදාල පියවර සියල්ලක්ම ගනිමින් සිටින බවයි.

තවදුරටත් කරුණු සනාථ කරගැනීම සඳහා අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී ඔවුන් ද පවසා සිටියේ කොරෝනා යැයි තහවුරු කරගත් මරණ සංඛ්‍යාව මේ වන තෙක්ම හතක් පමනක් වන අතර මෙවැනි ප්‍රකාශ මගින් මහජනතාව නොමග යවමින් අනවශ්‍ය භීතියක් ඇති වන බවයි

මේ පිළිබඳව තවත් පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වීමු. එහිදී ද එතුමා අප සමඟ පවසා සිටියේ තහවුරු කරගත් කොරෝනා ආසාදිත මරණ වලට සහ අමතරව මෙම අවස්ථාවේදී PCR පරීක්ෂණයෙන් Negative වූ අයද ආරක්ෂක පියවරක් වශයෙන් රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මඟින් Body Bag භාවිතා කරමින් අවසන් කටයුතුකරන බවයි. වෛද්‍යවතුමා නැවතත් අවධාරණය කර සිටියේ මෙය සිදු කරන්නේ හුදෙක් ආරක්ෂිත පියවරක් වශයෙන් පමණක් බවයි

වෛද්‍ය සුනිල් ද අල්විස් මහතා සමග ද නැවත වරක් දුරකථනයෙන් සම්බන්ධ වූ අවස්ථාවේදී ඔහු අපට පවසා සිටියේ කොරෝනා යැයි සැක සහිත මරණ සඳහා Body Bag භාවිතා කෙරෙයි යන්න සම්පූර්ණයෙන්ම නොමග යවන සුළු පුවතක් බවත් දැනට රටේ පවතින තත්ත්වය අනුව හඳුනා නොගත් මරණ සඳහා ආරක්‍ෂිත ක්‍රියාපටිපාටියක් වශයෙන් පමණක් Body Bag භාවිතා කිරීම සිදුවන බවත් මෙය ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේද සිදුවන ක්‍රියාපටිපාටියක් බවයි

එබැවින් මෙම කරුණු සියල්ලම සැලකිල්ලට ගනිමින් අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වූයේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කර ඇත්තේ නොමඟ යවන සුළු ප්‍රවෘත්තියක් බවය.

“වැඩ ගන්න කොට රණවිරුවන්; කොරෝනා හැදුනහම පොල්කුඩු ගානට..! තවත් සෙබළුන් දුක කියති..! සේයාරූ සාක්කි මෙන්න..! උත්තර බඳින්න ආ බැරකුඩා මුදලාලිට වචනයක්..!” සිරස්තලයෙන් වූ ලංකාඊනිවුස් වෙබ් අඩවිය විසින් පලකළ සටහනේ අප වෙත වාර්තා වන අන්දමට සියළු ත්‍රිවිධ හමුදාවන්ගේ මේ වන විට කොරෝනා පොසිටිව් වී ඇති සෙබළුන් සංඛ්‍යාව 1650 ඉක්මවා තිබේ. යනුවෙන්ද සඳහන් කර තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශයේ වෙබ් අඩවිය 2020 මැයි මස 3 වැනි දින යාවත්කාලීන කළ, දිවයින තුල රෝගය ආසාදනය වු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඇතුළු සමස්ත රෝගීන් සංඛ්‍යාව 705කි.

ශ්‍රී ලංකා යුද හමුදාව තුල කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් සෙබළුන් 1650ක් සිටී දැයි තහවුරු කරගැනීම පිණිස අප යුද හමුදා මාධ්‍ය අංශය සමග දුරකථනයෙන් මැයි මස 03 වැනි දින උදැසන දුරකතනයෙන් සම්බන්ධ වූයෙමු. යුද හමුදා සාමාජිකයින් හත් දෙනකුට රෝගය ආසාදනය වී ඇති බව පැවසු මාධ්‍ය අංශයේ නිලධාරියා, ගුවන් හමුදාව තුළ එක් රෝගියෙකුත් නාවික හමුදාව තුළ රෝගීන් දෙසිය හැත්තෑ පස් දෙනෙකුත් ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය. අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ යුද හමුදා සාමාජිකයන් හත් දෙනෙකුට පමණක් කොරෝනා වෛරස් ආසාදනය වී ඇති බවය.

May 03rd Situation Report

එමෙන්ම ලංකාඊනිවුස් වෙබ් අඩවියේ මෙම ප්‍රවෘත්තියේ වු රූපරාමු ඇතුලත් කර ධම්මික මුණසිංහ නමැත්තෙකු 2020 අප්‍රේල් මස 28 වැනි දින ඉදිරිපත් කළ සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයක් මෙසේය

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ලංකාඊනිවුස් වෙබ් අඩවිය, හම්බන්තොට ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය චමල් සංජීව මහතාගේ ෆේස්බුක් සටහනක අදහස වෙනස් කොට ඉදිරිපත් කර ඇති අතර සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීම පිළිබඳව කරුණු නොසඟවා, එම වාර්තාවේ සඳහන් ප්‍රදේශ බොහොමයකින් රෝගීන් වාර්තා වී ඇති බව ඉදිරිපත් කර ඇති අතර වර්තමාන තත්වය අනුව Body Bags කොරෝනා ආසාදිතව මරණයට පත්වන රෝගීන්ට අමතරව වෙනත් හඳුනානොගත් තත්වයන් යටතේ මරණයට පත්වන මරණ සඳහාද භාවිතා වන බවයි.

එමෙන්ම අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ යුද හමුදා සාමාජිකයන් හත් දෙනෙකු හට පමණක් කොරෝනා වෛරස් ආසාදනය වී ඇති බව සහ දිවයින තුල මැයි මස 03 වැනි දින උදැසන වන විට රෝගය ආසාදනය වු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ඇතුළු සමස්ත රෝගීන් සංඛ්‍යාව 705ක් බවය.

එබැවින් “ආණ්ඩුව වසං කළත් රට පුරා කොරෝනා..! මැදමූලනත් වසා දමයි..! මහනුවර ගම්මාන රැසක් සීල්..! සැක සහිත මරණ 300ක් 500ක් බොඩිබෑග් වල දමා පුච්චලා..!:” සිරස්තලයෙන් යටතේ පලවී ඇති සියලුම සටහන් නොමඟ යවන සුළු සටහන් බව නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කොරෝනා ව්‍යාප්තිය සහ Body Bag භාවිතය සම්බන්ධයෙන් නොමඟ යවන සුළු පුවතක්!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News