නිකවැරටිය රෝහලේ PCR පරීක්ෂණ වාර්තා පමා වීම පිලිබඳ අසත්‍ය පුවතක්!

Update: 2020-05-08 10:33 GMT

ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිරෝධායන මඟහැර සිටී මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පිරිස් සොයා ගැනීමට වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයන් පිරිසක් මෙහෙයුමක් දියත් කරන ලදී. මෙම මානුෂික මෙහෙයුමේදී එම පිරිස් හා ඇතිවූ සම්ප්‍රේෂණය හේතුවෙන් වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොරොනා වෛරස් ආසාදිත පොකුරක් බිහිවිය. මෙම තත්වය අනාවරණයවු වහාම ක්‍රියාත්මක වූ ත්‍රිවිධ හමුදා බලධාරීහු නිවාඩුවට ගෙදර ගොස් සිටි සියලුම සන්නද්ධ හමුදා සාමාජිකයින් කඳවුරුවලට කැඳවා සමාජය තුළ ආසාදනය පැතිරීම අවම කළහ.

සමාජ මාධ්‍ය ජාලා තුල සන්නද්ධ හමුදා සාමාජිකයන් තුළ, කොරෝනා වෛරස් ආසාදනය පැතිරීම පිළිබඳව විවිධ සටහන් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් වූවද අප කළ කරුණු විමර්ශනවලදී බොහොමයක් අසත්‍ය බව තහවුරු විය. දිනකට ප්‍රභූ PCR පරීක්ෂන 1000 කට ආසන්න ප්‍රමාණයක් සිදුවන බවට පළවූ සාවද්‍ය ප්‍රකාශය පිලිබඳ අප විසින් සිදුකරන ලද විමර්ෂණයක් මෙසේය.

“ආණ්ඩුව නේවි PCR ප්‍රතිඵල සැඟවීම නිසා නිකවැරටිය රෝහල සහ පොලිසිය අමාරුවේ..! ප්‍රදේශවාසීන් අනතුරේ..!!” සිරස්තලයෙන් Lankaenews නැමැති ප්‍රවෘත්ති වෙබ් අඩවියක් පහත දක්වා ඇති දීර්ඝ කථාංගය සහිත සටහනක් සිය ෆේස්බුක් පිටුවේ, මැයි මස 2වැනි දින ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

“(ලංකා ඊ නිව්ස් -2020.මැයි.02, පෙ.ව.2.50) කොරෝනා වසංගතය වැළඳී මිය ගිය රෝගීන් පිළිබඳව සහ වෛරසයෙන් ආසාදිත වූ රෝගීන් පිළිබඳව සත්‍ය තොරතුරු ආණ්ඩුව වසන් කිරීමට උත්සාහ දැරීම නිසා තව තවත් වසංගතය පැතිරීමේ අනතුර වැඩි වී ඇති අතර මේ නිසා සෞඛ්‍ය අංශ සහ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන කණ්ඩායම වන පොලිසිය මහත් අසීරුතාවයට පත්ව තිබේ.

මීට අදාල බරපතල සිද්ධියක් වාර්තා වන්නේ නිකවැරටිය මූලික රෝහලෙනි. ඒ ප්‍රදේශයට නිවාඩු ලබා පැමිණ සිටි නාවික භටයන්ගේ PCR සාම්පල 8 ක් කොළඹට යවා ඊයේ (01) වන විට දින 5 ක් ගත වී ඇති නමුත් ප්‍රතිඵල එවා ඇත්තේ ඉන් 1 ක පමණි. ඉහත කී නාවික භටයින් 8 දෙනාම මේ වන විට හමුදාව විසින් කොළඹට රැගෙන ගොස් ඇති අතර ඔවුන්ගේ සාම්පල ලබා ගත් නිකවැරටිය රෝහල ඒ අය දැන් කොහේ සිටින්නේ දැයි නොදනී. ඉතිරි 7 දෙනා පිලිබඳ කිසිදු වාර්තාවක් අද දක්වා නිකවැරටිය රෝහලට එවා නැත.

PCR පරීක්ෂණයක වාර්තාවක් දීමට ගත වන්නේ පැය කිහිපයක් මිස දින ගණනාවක් නොවන නමුත් මේ පරීක්ෂණ වාර්තා පමා කිරීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල මහත් අසීරුතාවයකට පත්ව තිබේ. නාවික සෙබලුන් ආසාදිතද නැද්ද ඔවුන් කොහේ සිටින්නේ ද නොදන්නා නිසාම පමණක් නොව සෙබලුන් ආසාදිත නම් ඔවුන්ගේ නිවැසියන් සහ ඔවුන් ඇසුරු කළ අන් පිරිස නිරෝධායට ලක් කළ යුතුම නිසාය. නැතහොත් ඔවුන්ගෙන් තව කී දෙනෙකුට රෝගය පැතිරේදැයි නොදන්නා නිසා ය. දැනටමත් දින 5 ක් ගත වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිකවැරටිය මූළික රෝහල් කාර්ය මණ්ඩලය පමණක් නොව නිකවැරටිය පොලිසිය පවා දැඩි කනස්සල්ලට පත්ව තිබේ.”

ප්‍රතිචාර හතළිහකට අධික සංඛ්‍යාවක් හිමිකරගත් මෙම සටහන ෆේස්බුක් පරිශීලනය කරන්නන් රාශියක් අතර හුවමාරු වීම ආරම්භ වී තිබුණි. මෙවැනි ව්‍යසනයක් රට තුළ පවතින අවස්ථාවක, මෙම සටහනේ අන්තර්ගතව තිබූ කරුණ වැනි සිද්ධි කිසිවක් වාර්තා වී නොතිබූ බැවින්, ඒ පිළිබඳව සත්‍ය සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව කරුණු අනාවරණය කරගැනීම පිණිස අප නිකවැරටිය මුලික රෝහල සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. නිකවැරටිය රෝහල විසින් දැනට රෝහල විසින් මෙතෙක් යවා ඇති PCR සාම්පල පිළිබඳව කිසිදු ප්‍රමාදයක් වී ඇද්දැයි විමසීමේ දී අප සමග පවසා සිටියේ එබඳු කිසිදු ප්‍රමාද දෝෂයක් මෙතක් සිදු වී නැති අතර සිය පරීක්ෂණ සදහා සාම්පල බොහෝදුරට යවන්නේ ඉහත සටහනේ දක්වා ඇති පරිදි කොළඹට නොව අනුරාධපුරයටද බවයි.

PCR Test Centers

තවදුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට දුරකථන ඇමතුමක් ලබා ගත්තෙමු. 2020 මැයි මස 5වැනි දින තෙක්, නිවාඩුවට නිවසට පැමිණි නාවික හමුදා නිළධාරීන් ඇතුළුව ප්‍රදේශවාසීන්ගෙන් ලබාගෙන, PCR පරීක්ෂණ යොමු කළ නියැදි වල වාර්තාවන් තමන්ට පමානොවි පසු දිනම ලැබී ඇති බව සනාථ කළ ඔහු, එම කාර්යක්ශම සේවාව නිසා, හඳුනා ගත් රෝගීන් ප්‍රතිකාර සඳහා නිශ්චිත රෝහල් වෙතට යොමු කිරීමටත්, නිරෝධායනයට ලක් කළ යුතු අයවලුන් ස්වයං නිරෝධායනයට හෝ නිරෝධායන කඳවුරු වෙතට යොමු කිරීමටත් හැකි වූ බව අවධාරණය කළේය. දිවයිනේ ඕනෑම නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වන පුද්ගලයකු හෝ සන්නද්ධ හමුදා කඳවුරක හමුදා සාමාජිකයෙකු හෝ කොරෝනා වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වුවහොත්, එම රෝගියා නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුල ජීවත් වන්නෙකු නම් ඒ පිළිබඳව සියලු වාර්තා ඔහුට ලැබෙන බවද වැඩිදුරටත් තහවුරු කළේය.

වැඩිදුරටත් කරුණු අනාවරණය කරගැනීම පිණිස අප නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශක තුමා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. නිවාඩු ලබා ගෙදර පැමිණි නාවිකයන් කරණ කොටගෙන සමාජය අපහසුතාවයට පත් වීමේ වැළැක්වීමේ අරමුණෙන් නිවාඩුවට ගෙදර ගොස් සිටි සියලුම නාවික හමුදා සාමාජිකයින් නැවතත් කඳවුරු වලට ගෙන්වා ගත් බව පැවසු ඔහු, දිවයිනේ තිබෙන ඕනෑම නාවික හමුදා කඳවුරක වසන නාවිකයෙකු කොරෝනා වෛරස් රෝගය ආසාදිතයකු බවට තහවුරු වුවහොත් සහ එම ආසාදිත වූ නාවිකයා පිටතට ගොස් සිටි බවට සනාථ වුවහොත්, නාවික හමුදා බලධාරීන් විසින් එම නාවිකයා වාසය කළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් හැකි වහාම දැනුවත් කරන බවත් පැවසීය. එමෙන්ම ආසාදිත වූ නාවිකයා නිසා ඇතිවන ස්පර්ශකයන් නාවික හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගොස් අවශ්‍ය නිරෝධායන කටයුතු සලසන බවත් පැවසීය.

PCR පරීක්ෂණ වාර්තා පමාවීම හෝ නොමැති වීම පිළිබඳව අප සෞඛ්‍යය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් විමසා බැලුවෙමු. PCR පරීක්ෂණ වාර්තා පිළිබඳව රජයට කිසිදු බලපෑමක් කළ නොහැකි බවත්, දිවයිනේ මධ්‍යස්ථාන 17ක PCR පරීක්ෂණ සිදුකරන බවත් එම වාර්තා ලැබූ විගසින්ම වසංගත විද්‍යා අංශය මගින් අදාල ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කර නිසි පියවර ගැනීමට කටයුතු සැලසෙන බවත් ඔහු අවධාරණය කළේය. PCR පරීක්ෂණ වාර්තා සැඟවීමට රජයට කිසිදු අවස්ථාවක් නොමැති බව ඔහු සඳහන් කළේය. කිසිදු පරීක්ෂණ වාර්තාවක් පමා වී හෝ අස්ථාන ගතවී නොමැති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත් මේ පිළිබඳව අප නිකවැරටිය ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමාගෙන් නිල විමසීමක් සිදු කළ අතර මෙබඳු අවදානම් තත්ත්වයක් පිළිබඳව කිසිදු හෝ වාර්තා වීමත් මේ වන තෙක් සිදු වී නැති බව එතුමාද පැහැදිලිවම අවධාරණය කර සිටියා

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2020 මැයි 5 වැනි දින තෙක් නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ ලබා ගන්නා ලද නියදීන්ගේ PCR පරීක්ෂණ වාර්තා කිසිදු පමා වීමක් නොමැතිව පසුදිනම නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබී ඇති බව සහ කඳවුරෙන් බැහැරව ගොස් සිටි නාවික හමුදා සාමාජිකයෙකු කොරෝනාව වෛරස් ආසාදනයෙන් පෙළෙන බවට තහවුරු වුවහොත් ඔහු බැහැරව සිටි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරිමට නාවික හමුදාව යුහුසුළුව වන අතර සියලුම PCR පරීක්ෂණ වාර්තා පමා වීමකින් තොරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා අංශයට ලැබී ඇති බව සහ එම පරීක්ෂණ වාර්තා අස්ථානගත වී නොමැති බවයි. එසේම නිකවැරටිය ප්‍රදේශයේ මෙබඳු සිද්ධියක් සම්බන්ධයෙන් කිසිඳු අවදානම් තත්වයක් නොමැත.

එනිසා “ආණ්ඩුව නේවි PCR ප්‍රතිඵල සැඟවීම නිසා නිකවැරටිය රෝහල සහ පොලිසිය අමාරුවේ..! ප්‍රදේශවාසීන් අනතුරේ..!!” සිරස්තලයෙන් Lankaenews නැමැති ප්‍රවෘත්ති වෙබ් අඩවිය, සිය ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍යය සහ සාවද්‍ය ප්‍රවෘත්තියක් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නිකවැරටිය රෝහලේ PCR පරීක්ෂණ වාර්තා පමා වීම පිලිබඳ අසත්‍ය පුවතක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News