දේශීය මත්පැත් මිල ඉහළ යන බවට සාවද්‍ය ප්‍රකාශයක් !

Update: 2020-05-12 06:50 GMT

කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීම පිණිස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළ රජය ඒ හා සමගම දිවයින පුරා විසිර පවත්නා සුරාබදු සැල්ද වසා දැමීමට නියෝග කළේය. දිවයිනේ බොහෝ පළාත්වල ඇඳිරිනීතිය ඉවත්කර ජන ජීවිතය සාමාන්‍ය අතට පත් කිරීමට රජය කටයුතු කළ ද සුරාසැල් සඳහා විවෘත කිරීමට අවසර නොදුන්නේය. ශ්‍රී ලංකා පොලීසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාර සහ අධික මිලට මත්පැන් විකුණන ස්ථාන සොයමින්, වැටලීම් නොකඩවාම කරගෙන යන බව වාර්තා විය.

“15 බාර් අරිනකම් බලාගන හිටිය බේබද්දන්ට හොද වැඩේ ජය වේවා” තේමාව යටතේ ඒ. ජී ඒකනායක නමැත්තෙකු තම ෆේස්බුක් පිටුවේ සටහනක් ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය. Breaking News ලෙස “රජය විසින් සියලුම මත්පැන් සඳහා නව බද්දක් හදුන්වා දෙනු ලැබ ඇත. එය නව මාරාන්තික බද්ද ලෙස හඳුන්වනු ලබන අතර එම බද්ද 70% වේ. එමගින් මෙරට සිල්ලරට විකිණෙන සියලුම මත්පැන් බෝතලයක මිල 2020.05.15 දින සිට වෙනස් වේ. එය වෙනස්වන ආකාරය පහතින් මෙසේ දැක්වේ. ගල් අරක්කු බෝතලයක උ:සි:මි: රු.3020/=කි. 8.8% බියර් බෝතලයක නව උ:සි:මි: රු.595/=කි.” යන වදන් ද එහි රෝපණය කර ඇති බව නිරීක්ෂණය විය.

LinkArchived Link

ජයවේවා නැමැති තේමාවෙන් සුජීව ගුරුගේ නමැත්තෙකු ද මෙම සටහනම ඉදිරිපත් කර තිබුණේය.

LinkArchived Link

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නන් අතර සංසරණය වීම ආරම්භ කර තිබූ මෙම සටහන් වලට හිමිවූ ප්‍රතිචාර මෙය අසත්‍ය සටහනක් මෙන්ම උපහාසය පිරී ප්‍රතිචාරයන් නිරීක්ෂණය වීම නිසා මේ පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මත්පැන් සිල්ලර මිල වෙනස් වීමක් පිළිබඳව ප්‍රධාන විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍යන්හි කිසිදු වාර්තාවක් පල නොවීතිබීම තිබීම නිසා, මෙම සටහන් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස සුරාබදු කොමසාරිස් ජනරාල් බෝදරගම මහතා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. සුරාබදු මිලෙහි වෙනසක් ඇති කළ හැක්කේ ගැසට් නිවේදනයකින් පමණක් බව සඳහන් කළ ඔහු, එවැනි ගැසට් නිවේදනයක් මුද්‍රණයට යන විට රජය ඔහුව දැනුවත් කරන බවද සඳහන් කළේය. මේ වනතෙක් ඒ පිළිබඳව කිසිදු දැනුම්දීමක් කර නොමැති නිසා, මෙය සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රවෘත්තියක් බවට ඔහු අවධාරණය කළේය.

ගල් අරක්කු නැතහොත් සංස්ථා අරක්කු (Extra Special Old Arrack) නිෂ්පාදනයේ යෙදෙන ඩිස්ටිලරීස් ලංකා ආයතනය (DCSL) මඟින්ද මෙවැනි බදු වෙනස් කිරීමක් හේතුවෙන් මිල වැඩිවීමක් පිලිබඳ වාර්තා වී නොතිබීම හේතුවෙන් කරුණු තහවුරු කරගැනීම සඳහා එම සමාගමේ නිෂ්පාදන කළමනාකරු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී ඔහු තහවුරු කර සිටියේ එබඳු කිසිඳු බදු ක්‍රමයක් අලුතෙන් හඳුන්වා දී නැති අතර මිලෙහි කිසිදු වෙනසක් සිදු වී නැති බවයි. තවදුරටත් අපට දැනගනන්ට ලැබුනේ අවසන් වරට මෙලෙස මිල වෙනස්වීමක් සිදුකිරීම පිලිබඳ පිලිබඳ මාධ්‍ය වාර්තා කර තිබුනේ 2019 වසර මුලදී බවයි.

Daily Mirror | Daily News

එසේම මෙම සාවද්‍ය සටහන් වලට පාදක වූ යම් ප්‍රවෘත්තියක් ඇත්දැයි අප පරික්ෂා කළෙමු. මත්පැන් මිලදී ගැනීමේදී 70% ක විශේෂ කොරෝනා බද්දක්යටතේ මැයි මස 05වැනි දින නෙත් ප්‍රවෘත්ති සේවය ඇතුළු පුවත් පළකිරීම් කිහිපයක් නිරීක්ෂණය විය. සති පහකට පසු නවදිල්ලි ප්‍රාන්ත මත්පැන් ශාලා විවෘත කිරීමෙන් පසු ජනතාව සමාජය දුරස්ථභාවය නොසලකමින් මත්පැන් ශාලා අසළ පොර බැදීම නිසා මෙම බද්ද පැනවීමට තීරණය කළ බව නවදිල්ලි ප්‍රාන්ත රජය විසින් නිවේදනය කළ බවට එහි දැක්විණි.

LinkArchived Link

මේ පිළිබඳව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසිනි.

Hindustan TimesNDTV

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ රජය විසින් මත්පැන් සඳහා නව මාරාන්තික බද්ද නමින් බද්දක් හදුන්වා දී නොමැති අතර එනිසා මිල වෙනසක් සිදු නොවන බවයි.

එබැවින් නව මාරාන්තික බද්ද නමින් නව බද්දක් හදුන්වා දීම නිසා මත්පැන් හි සිල්ලර මිල 70% කින් ඉහළ යන බවට පළ වන සියලුම ෆේස් බුක් සටහන් සියල්ල සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය ප්‍රවෘත්ති බවට නිගමනය කරමු

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දේශීය මත්පැත් මිල ඉහළ යන බවට සාවද්‍ය ප්‍රකාශයක් !

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News