ලංකාවේ කලු දිවියන්ගේ වීඩියෝ දර්ශන නොවේ!

Update: 2020-05-22 07:55 GMT

ලංකාව ජෛව විවිධත්වයෙන් ඉහළින්ම ඇති රටකි. එමෙන්ම දිවියන් නැරඹීම සඳහා ලොව හොඳම රට ලෙස පිළිගැනෙන වූයේද ශ්‍රී ලංකාවය. යාල, විල්පත්තු, කුමන, ලුණුගම්වෙහෙර සහ හෝර්ටන් ජාතික වනෝද්‍යානය තුල දිවියන් පහසුවෙන් දැකගැනීමට හැකිය. කලකට ඉහත දිවයින කළු ව්‍යාඝ්‍රයන් සිටින බවට සාධක හමු වී තිබුණද මෑත කාලයකදී එවැනි සාධක කිසි දෙයක් හමු නොවීය. එහෙත් තෙත් කලාපීය ඝන වනාන්තර තුළ මෙම කළු ව්‍යාඝ්‍රයන් සිටිය හැකි බවට සැකයක් මතුව තිබූ නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම කළු ව්‍යාඝ්‍රයින් සොයා ගැනීම සඳහා පරීක්ෂණ අරඹා තිබුණි.

මෙවන් පසුබිමක අපිටම උරුම දායාද ශ්‍රි ලංකාවේ කලු දිවියා.පළමු වීඩියෝ ශිල්පියාට ස්තුති තේමාවෙන් GW Gama නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක වීඩියෝ පට දෙකක් සහිත සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. සමස්ථයක් වශයෙන් මෙම වීඩියෝ පට ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1600 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබුණු අතර, මෙයට හිමි වූ ප්‍රතිචාර බොහොමයක් ම මෙය ලංකාවේ නොවන බවට සඳහන් කර තිබුණි.

FB LinkArchived Video Link1Archived Video Link2

මෙම වීඩියෝ පට රැගත් තවත් ෆේස්බුක් සටහන් කිහිපයක් නිරීක්ෂණය විය.

මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ප්‍රධාන වචන යොදාගනිමින් YouTube ජාලයේ සිදු කළ විමර්ශනයකදී රූමේෂ් කුට්ටි නමැත්තෙකු විසින් 2019 මැයි මස 19 දින “Black Panther and Leopard Mating.” තේමාවෙන් YouTube ජාලයට ඔසවන ලද වීඩියෝ පටියක් බවට තහවුරු විය. ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ඉතා සුප්‍රසිද්ධ Bandipur ජාතික වනෝද්‍යානයේ Kabini නදිය අසල වීඩියෝ ගත කරන බවට සඳහනක් එහි විය.

https://youtu.be/mxQqnVn5jew

YouTube LinkArchived Link

GW Gama ගේ ෆේස්බුක් පිටුවේ තිබූ පළමු වීඩියෝ පටයේ රූපරාමු කීපයක් රූමේෂ් කුට්ටි YouTube ජාලයට ඔසවාතැබූ වීඩියෝ පටයේ තිබූ රූපරාමු කීපයක් සමඟ සංසන්දනය කිරීමේදී ඒවා එකම රූපරාමු බවට තහවුරු විය

මෘදුකාංගයක් උපයෝගී කරගනිමින් දෙවන වීඩියෝ පටයහි රූපරාමු ලබා ගෙන එම රූපරාමු Google reverse image සෙවීමකට ලක් කළෙමු. 2010 වසරේ සිට මෙම රූප රාමු අඩංගු සටහන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණයවී තිබිණ. Black Panther - Ghost of the Hills තේමාවෙන් 2010 මාර්තු මස Varun HB විසින් YouTube ජාලයේ පලකළ එම වීඩියෝ පටයට පහත කතාංගය ද අන්තර්ගත කර තිබුණි.

ඔවුන්ටම ආවේණික වූ ඉන්දියාවේ ස්වභාවික පරිසරයක දී කළු ව්‍යාඝ්‍රයන් රූගත කර ඇති ප්‍රථම වීඩියෝ පටය මෙය විය හැකිය. මෙම වීඩියෝ පටයේ පෙන්වන ව්‍යාග්‍රයන් දෙදෙනා පුරා මාස හයක් අප නිරීක්ෂණය කර පුරා මාසයක් ඔස්සේ රූගත කළෙමු. මෙම වීඩියෝ පටය දර්ශන ගත කරන ලද්දේ මාගේ හොඳම මිතුරා වන සිවලිංගම් විසිනි. එම වීඩියෝ පටය පහතින්.

https://youtu.be/CJRPx-Vxl8M

YouTube LinkArchived Link

GW Gama ගේ ෆේස්බුක් පිටුවේ තිබූ දෙවන වීඩියෝ පටයේ රූපරාමු කීපයක් Varun HB, YouTube ජාලයට ඔසවාතැබූ වීඩියෝ පටයේ තිබූ රූපරාමු කිහිපයක් සමඟ සංසන්දනය කිරීමේදී ඒවා එකම රූපරාමු බවට තහවුරු විය.

ලංකාවේද කළු දිවියන් මෑතකදී වාර්තා වූ බැවින් ඒ පිළිබඳව පරීක්ෂා කළෙමු. 2020 ජනවාරි මස 19 දින News 1st රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය වාර්තා කලේ මෙතෙක් කල් වඳ වී ඇතැයි සැක කළ කළු කොටියකු ශ්‍රී පාද රක්ෂිත වනාන්තරයෙන් සොයා ගත් බවට වනජීවී දෙපාර්තමේන්තුව නිවේදනය කල බවය.

https://youtu.be/UFCaiZ9W7Hg?t=198

එහෙත් පසුව වනජීවි දෙපාර්තමේන්තුව මඟින් මෙම කළු දිවියා වෙනම සත්ව විශේෂයක් නොව දැනට ලංකාවේ වසන දිවියා වන (Panthera pardus kotiya)ගේ ජානයන්හි වර්ණදේහ විකෘති වීමක් නිසා ඇතිවන සත්වයකු බවයි.

LinkArchived Link

මීට පෙර AFP පුවත් සේවය විසින් සිදුකරන ලද කරුණු විමර්ශනයේදී තහවුරු වී තිබුණේ G.W. Gama ගේ ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර ඇති වීඩියෝ පට දෙකම ඉන්දියාවේ වීඩියෝ පට දෙකක් බවය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කළු දිවියන් පිලිබදව වූ වීඩියෝ පට දෙකම ලංකාවේ ඡායාරූප ගත කරන ලද්දක් නොව, ඉන්දියාවේ දී රූගත කරන ලද්දක් බවය.

එ් අනුව “අපිටම උරුම දායාද ශ්‍රි ලංකාවේ කලු දිවියා” තේමාවෙන් ඉදිරිපත් කර ඇති ෆේස්බුක් සටහන් අසත්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ලංකාවේ කලු දිවියන්ගේ වීඩියෝ දර්ශන නොවේ!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News