දුරකථනය පුපුරා තරුණියක් මියයාමේ සිද්ධියක් පෙන්වාදීමට යොදාගත් නිරුපිකවකගේ ඡායාරුපයක්! (PHOTO)

Update: 2020-06-17 16:13 GMT

වැඩිපුර ජංගම දුරකථන භාවිතය හේතුවෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය තර්ජන පිළිබඳව විවිධාකාරයේ මත සහ පුවත් සටහන් කලින් කලට වාර්තා වෙයි. නින්දට යැමේදී ජංගම දුරකථන භාවිතය සම්බන්ධයෙන් හේතුවෙන් සිදු වූ මරණයක් පිළිබඳව ඡායාරූපයක් සහිත සටහනක් පසුගියදා බොහෝ පිරිසක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසිනි.

සමාජ මාධ්‍ය සටහන්:

“මේ 14 හැවිරිදි දැරිය සංගීතයට සවන් දෙමින් නින්දට ගොස් සිටියද, කොට්ටය යට තිබු මොබයිල් ෆෝනය රත් වී පුපුරා යාමෙන් කනට සම්බන්ධ කර තිබු ඉයර් ෆෝනය හරහා ඇතිවූ කම්පනයෙන්මියගොස් සිටියදී උදෑසනදී දෙමව්පියන් හමුවී ඇත. දැනුවත් වීම සහ දැනුවත් කිරීම කාගේත් යුතුකමකි” යන තේමාවෙන්, ඉයර් ෆෝන් භාවිතා කරමින් සිටින තරුණියකගේ කණින් ලේ වහනය වන අවස්ථාවක් දැක්වෙන ඡායාරුප සටහනක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

LinkArchived Link

මෙබඳු සටහන් රැසක් හුවමාරු වී තිබූ අතර වට්ස්ඇප් ඔස්සේ මෙන්ම බහුලව හුවමාරු වූ අවස්ථා පහතින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා හොඳින්ම අදාල ඡායාරූපය google reverse image සෙවුමක් හරහා පරික්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුණේ මීට පෙර විවිධ අර්ථකථනයන් යටතේ එම ඡායාරූපය භාවිතා කර තිබූ බවයි.

යුක්‍රේන ශිල්පිනියගේ නිරූපණයක් සත්‍ය සේයාරුවක් ලෙස හුවමාරු වූ අවස්ථාවක්:

එහිදී අපට දැකගනන්ට ලැබුනේ Hanna Panchenko නමැති යුක්‍රේන ජාතික ශිල්පිනිය මඟින් තම Instagram ගිණුමේ “ඔබ අසන්නේ කුමන ආකාරයේ සංගීතයටද?” (And what kind of music do you listen ?) යන තේමාව යටතේ පහත ආකාරයෙන් එම ඡායාරුපය 2019 වසයේ ජනවාරි මාසයේ පළකර තිබු බවයි.

https://www.instagram.com/p/BsWOTj2nZfd/

LinkArchived Link

මෙවැනි වෙනස් ආකාරයේ නිරූපණ සහිත පළකිරීම් සහිත ඡායාරූප රැසක් පළකර තිබු Hanna Panchenkoගේ වෙබ් අඩවිය මෙන්ම Instagram ගිණුම පරීක්ෂා කිරීමෙන්ද දැකගැනීමට හැකි විය. Hanna Panchenko ගේ නිර්මාණ පලකරන වෙබ් අඩවියක ඇය පිලිබඳ විස්තරයක් ලබාදී තිබුනේ මෙලෙසිනි.

එසේම Blood Music යනුවෙන් නම් කර තිබු ඉහත ඡායාරූපයේ නිරුපිකාවක් වශයෙන් සිටින්නේ ද ඇය ම බවද, නිරුපනයක් පමණක් වන අතර සත්‍ය සිදුවීමක් නොවන බවත් පවසා සිටි බව මේ පිලිබඳ අනාවරණයක් සිදුකර තිබු AFP වාර්තාවේද පලවී තිබුණි

එම ඡායාරුප සංසන්දනය පහතින්.

විශේෂයන්ම චාර්ජ් කරමින් සිටිය දී , දිගු කාලයක් තිස්සේ ඉයර් ෆෝන් භාවිතාය මඟින් අනතුරුදායක තත්වයන් ඇතිවීමේ අවදානමක් පවතිනවා!

කෙසේවෙතත් දිගින් දිගටම ඉයර් ෆෝන් භාවිතා කිරීම හේතුවෙන් සහ ඇතිවිය හැකි අධික කම්පනය හේතුවෙන් ඇතැම් පුද්ගලයින්ගේ කනෙන් ලේ වහනය වීම් සිදුවී තිබු බවට වාර්තා වී තිබු අතර විශාල විදුලි ආරෝපණ කාන්දුවීම් හේතුවෙන් නොයෙකුත් අවස්ථාවන්හිදී කුඩා දරුවන් මරණයට පවා පත්වූ සටහන්ද අපට දැකගන්නට ලැබුණි.

2019 වසරේ ඇත්ත වශයෙන්ම කසකස්ථානයේ සිදුවූ එබඳු එක් සිද්ධියක් මෙම ඡායාරුපය නොමඟ යවන සුළු ලෙස සහිත භාවිතා කරන්නට හේතුවන්නට ඇතැයිද අනුමාන කල හැක. සමාජ මාධ්‍ය සටහනේ සටහනේ සඳහන් පරිදි 14 හැවිරිදි Alua Asetkyzy Abzalbek නමැති දැරිය එම අවස්ථාවේ දී ජංගම දුරකථනය පුපුරා යාමෙන් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙලෙසිනි. එහිදී ඇය දුරකථනය චාජ් (charge) කරමින් සිටි බවද වාර්තා විය.

මෙසේ දුරකථනය චාජ් කරමින් සිටියදී කතාකිරීමේදී සහ සංගීතයට සවන් දීමෙන් සිදුවූ වෙනත් මරණ පිළිබඳවද වාර්තා පලවී තිබෙන අතර වෛද්‍ය උපදෙස් වන්නේ සංගීතයට සවන් දීමේදී හෝ දුරකථන සංවාදයක දී මේ සෑම විටම දුරකථනය චාජ් (charge) නොකෙරෙන බවට වග බලා ගන්නා බවත් අවශ්‍යම වුවහොත් power bank මේ සඳහා යොදාගන්නා ලෙසත් සහ සම්මත චාජරයක් භාවිතා කරන ලෙසටත්යි.

Straitstimes

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ 2019 වසරේදී කසකස්ථානයේ 14 හැවිරිදි දැරියක් තම දුරකථනය චාජ් වෙමින් පවතිද්දී සංගීතයට සවන් දීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ අවාසනාවන්ත සත්‍ය සිද්ධියක් පෙන්වා දීම සඳහා යොදා ගන්නා ලද යුක්රේන නිරූපිකාවක් විසින් පළ කරන ලද ඡායාරූපයක් බවයි.

දුරකථනය චාජ් වෙමින් පවතිද්දී සංගීතයට සවන් දීම හෝ කතාකිරීමට යොදාගැනීමෙන් වළකින බවට සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දෙන අතර අත්‍යාවශ්‍ය, නොවැලක්විය හැකි අවස්ථාවකදී Power Bank භාවිතා කරන ලෙසද සඳහන් කර තිබේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දුරකථනය පුපුරා තරුණියක් මියයාමේ සිද්ධියක් පෙන්වාදීමට යොදාගත් නිරුපිකවකගේ ඡායාරුපයක්

Fact Check By: Factcrescendo Team

Result: False

Tags:    

Similar News