රජය විසින් දින 3ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ බවට සාවද්‍ය පුවතක්!

Update: 2020-07-13 09:20 GMT

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුලින් කොරෝනා ආසාදිතයන් පොකුරක් පිලිබඳව අනාවරනය වීම හේතුවෙන් සමාජය තුල යලිත් කොරෝනා රෝගී තත්වය පිලිබඳව බියක් ඇති වී තිබෙනවා. මෙම කරුණ නිසාවෙන් සමාජය තුල විවිධාකාරයේ පුවත් සංසරනය වන අතර ඇතැම් අවස්ථාවල මෙසේ පල කරනු ලබන පුවත් වල සත්‍යතාවය පිළිබඳව ගැටලුකාරී තත්වයන් ඇතිවී තිබෙන බැවින් තහවුරු නොකරන ලද පුවත් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය නොකරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි අතර එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද නිවේදනය කර සිටියා.

මෙවන් පසුබිමක රජය විසින් දින තුනක නිවාඩුවක් ප්‍රකාශ කර ඇති බවට පසුගිය සති අන්තයේ පුවතක් පලවී තිබුනා. එක්තරා පුද්ගලික මාධ්‍යයක පළවූ පුවත් නිවේදන පණිවුඩයක්  මුලික කරගෙන මෙම පුවත සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරු වී තිබු බව නිරීක්ෂණය වුවා. නමුත් අදාළ ආයතනය විසින් සුළු මොහොතකින් එම පුවත ඉවත් කරගෙන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූ වැරදීමක් බව වාර්තා කර තිබුණද මෙම සාවද්‍ය පුවත් නිර්මාණය වීමට එය බොහෝ දුරට පාදක වන්නට ඇතැයි අනුමාන කල හැක. 

ආතල් ගැනිසිය නම් ෆේස්බුක් සමුහයක මෙම පුවත පල කර තිබුනේ “රජය විසින් දින 3ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කරයි” යනුවෙනි

එමෙන්ම බොහෝ ෆේස්බුක් පි‍ටු තුලින් මෙලෙස රජය දින තුනක නිවාඩුවක් ලබා දෙන බව දක්වා තිබුනේ පහත පරිදි යුටියුබ් වීඩියෝවක් ද සමඟය

LinkArchived LinkLinkArchived Link

නමුත් රජය විසින් නිල නිවේදනයක් මේ පිළිබඳව නිකුත් කර තිබු බවක් නිරීක්ෂණය නොවූ බැවින් කෙටි විමර්ෂණයක් සිදු කිරීමට අදහස් කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

කෙසේ නමුත් මෙම පුවත සම්බන්දව අප සොයා බැලූ අතර මෙම පුවත "අද දෙරණ" නාලිකාවේ මාර්තු මාසයේ පල කල වීඩියෝවක් ඇසුරෙන් නිර්මානය වී ඇති බව අපට දැකගන්නට හැකි වුනා. පසුගිය මාර්තු මාසයේ රජය විසින් කොරෝනා වයිරස් තත්වය මත දින තුනක නිවාඩුවක් ප්‍රකාශයට පත් කල අතර එම පුවත අද දෙරණ යූ‍ටුබ් චැනලයේ දැකගත හැකියි. මාර්තු මස 16 වෙනිදා පල කල එම පුවත පහතින්

https://youtu.be/9559scy9_lo?t=6

මෙසේ වැරදි ලෙස හුවමාරු කර ගෙන ඇති පුවත පැරනි එකක් බවත් එහි කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් දෙරන මාධ්‍ය ආයතන එහි වෙබ් අඩවියේ සටහන් කර තිබුනේ පහත පරිදියි.

Link

එමෙන්ම ඉදිරි දින කිහිපය රජයේ නිවාඩු දිනයක් බවට සමාජ මාධ්‍ය සහ විවිධ අංශ ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා පවසනවා. මෙම පුවත වැරදි එකක් බව රජයේ පුවත් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේද සටහන් වන්නේ පහත පරිදියි.

“ආසන්න දින කීපයක් තුළ කොවිඩ් ආසාදිත රෝගීන් වාර්තා වීමත් සමඟ ඉදිරි දිනවල රජය විසින් නිවාඩු ලබා දීමට කටයුතු කරන බවට ගෙන යන කට කතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට සඳහන් කළේ ය.

මෙවැනි කට කතා සහ සමාජ මාධ්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් නිල තොරතුරක් පිළිබඳව දැනුවත් කිරීමක් තිබේ නම්, එය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවද සඳහන් කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා, නිල පුවත් මූලාශ්‍ර මඟින් තහවුරු කළ පුවත් මත පමණක් විශ්වාසය තබන ලෙසත් වගකිව යුතු ජනමධ්‍ය මඟින් පමණක් ලබාදෙන තොරතුරු පිළිබඳව පමණක් විශ්වාසය තබන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය”

LinkArchived Link

නාලක කලුවැව මහතා තම පෞද්ගලික ට්විටර් ගිනුමේද එම පුවත මෙසේ හුවමාරු කරගෙන තිබුනා

https://twitter.com/NalakaKaluwewa/status/1282157779675824129

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ රජය ඉදිරි දින තුනක් සඳහා රජයේ නිවාඩු දින ලෙස මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නොමැති බවයි. මෙම පුවත පසුගිය මර්තු මාසයේ පලවූ එකක් බවත් එම පුවත වැරදි ලෙස ෆේස්බුක් තුල හුවමාරු වී ඇති බවත් අපට තහවුරු කල හැකියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රජය විසින් දින 3ක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කළ බවට සාවද්‍ය පුවතක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News