ඇස් තුනක් සහිත දරුවෙකු යැයි සංස්කරනය කරන ලද වීඩියෝ පටයක්!

Update: 2020-07-16 12:22 GMT

කලින් කලට වෙනස් ලෙස අවයව පිහිටා උපත ලබන දරුවන් පිලිබඳව අපට අසන්නට දකින්නට ලැබෙන අතර මුහුනු පොතේ මෙවන් සංවේදී කෝණවලින් පලවන පුවත් බොහෝ දෙනා හුවමාරු කර ගන්නා අයුරුද දැක ගන්නට හැකියි. ඇතැම් මෙවැනි පුවත් සත්‍ය වන අතර සමහර පුවත් සම්පුර්ණයෙන්ම ව්‍යාජ ලෙසින් මුහුනු පොතේ හුවමාරු වන බව දැකගන්නට පුලුවන්. ලංකාවේ ෆේස්බුක් පරිශීලකයින් අතර හුවමාරු වූ මෙවැනි පුවතක් පිලිබඳව අපගේ අවධානය යොමු වුනා.

LinkArchived Link

"බලන්නකෝ මේ චූටි බබාට උපතින්ම ඇස් තුනක් පිහිටලා. බුදු සරණයි" ලෙසට සටහන් කරමින් වයඹ අපේ කොල්ලෝ කෙල්ලෝ නම් ෆේස්බුක් සමුහයක ඇස් තුනකින් යුත් කුඩා දරුවෙකුගේ වීඩියෝ පටයක් JAD Yapa නම් පුද්ගලයෙක් එකතු කර තිබුනා. 2500 කට අධික පිරිසක් මෙම පුවත හුවමාරු කරගෙන තිබූ බවක් අපට දැකගන්නට ලැබුනා. මෙසේ ඇස් තුනක් පිහිටීම විශේෂිත කාරණයක් බැවින් මේ පිලිබඳව කරුනු සොයා බැලීමට අප තීරනය කලා

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අපගේ සොයා බැලීම් වලට අනුව මෙය ව්‍යාජ ලෙස සංස්සංකරණය කළ වීඩියෝ පටයක් බව සහතික කර ගැනීමට හැකි උනා. වීඩියෝ පටය සියුම්ව නිරීක්ශනය කලොත් දරුවාගේ වම් ඇස සහ නළලේ ඇති තුන්වන ඇස එකවරම එකම දිශාවකට ගමන් කරන බව පැහැදිලි වේ.

එමගින් මෙම වීඩියෝ පටයට අදාලව, නලලේ ඇති ඇස, දරුවාගේ වම් අත පැත්තේ ඇති ඇසේ සංස්කරනයක් බවට තහවුරු කල හැකියි.

මෙම ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද වීඩියෝ පටය ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල මීට පෙර හුවමාරු වී තිබු අතර මේ පිලිබඳ අපගේ සහෝදර කණ්ඩායම් භාෂා කිහිපයකින්ම කරුණු අනාවරණය සිදුකර තිබු අතර ලංකාවේද දමිළ පරිශීලකයින් අතර හුවමාරු වූ සටහන් පිලිබඳ අප විසින් දමිළ බසින් සිදුකල කරුණු අනාවරණය මෙලෙසින්

මෙම පුවත ජර්මනියේ වාර්තා වූ සිද්ධියක් ලෙස මුලින්ම හුවමාරු වූ අතර එම රටින් මෑතකදී එවැනි සිද්ධියක් වාර්තා වී නැති බව අපට පෙනී ගිය අතර සැබැවින්ම මෙසේ ඇස් තුනකින් යුක්තව දරුවන් ඉපදී ඇතිද යන්න අප සොයා බැලුවා. එවිට Craniofacial duplication නමින් ජානමය වශයෙන් වෙනසකට ලක්ව බටහිර නයිජීරියාවේ උපත ලැබූ දරුවෙකු පිලිබඳව මෙම වාර්තාව අපට සොයා ගැනීමට හැකි උනා.

නමුත් එහිදී උපත ලබා ඇත්තේ දරුවාගේ මුහුනේ වම් පසට වන්නට අනෙක් ඇස් දෙකට වඩා වෙනස්ව එලියට නෙරා ආ ඇසක් සහිත කුඩා දරුවෙක්.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඇස් තුනක් සහිතව උපත ලබා ඇතැයි පවසන දරුවෙකුගේ වීඩියෝ පටය ව්‍යාජ එකක් බවයි.එය පැහැදිලිවම එක් ඇසක් සංස්කරනයට ලක් කර නලලේ ඇති ඇසක් සකසා ඇති බවට අපට තහවුරු කල හැකියි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඇස් තුනක් සහිත දරුවෙකු යැයි සංස්කරන කරන ලද වීඩියෝ පටයක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News