කන්දකාඩු කොරොනා පොකුර පිළිබඳ අවදානම යන තේමාවෙන් පළවූ සාවද්‍ය සිතියමක්!

Update: 2020-07-17 14:17 GMT

ලංකාවේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කර පුනරුත්ථාපනය කරනු ලබන්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති, කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේය. මෙම මධ්‍යස්ථානයේ සිටිය රැඳවියන්ට සහ කාර්ය මණ්ඩලයේ සැලකිය බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගම දිවයින පුරා නැවත කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පිලිබඳ සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබුණි.

මෙවන් පසුබිමක “පරිස්සම් වෙමු ....කන්දකාඩු පුනුරුත්ථාපන මද්‍යස්ථානයේ සිටින පිරිස බලා නැවත එම පුද්ගලයන් ගිය ස්ථාන සහ ඔහු පදිංචි ස්ථාන ලංකාවේ විවිධ ප්‍රදෙශයන් "මිදුලටම"ඇවිත්.” තේමාවෙන් වියත්මඟ නමැති ෆේස්බුක් පිටුවක ලංකාවේ සිතියමක් සහිතව ඉදිරිපත් කර තිබූ සටහනක් ප්‍රතිචාර හිමිකරගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1500කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය.

LinkArchived Link

මෙම සටහනට හිමි වූ ප්‍රතිචාර අතර කොරෝනා ආසාදිතයින් සිටින සමහර ප්‍රදේශයන් දක්වා නොමැති බව සටහන් වීමත්, මෙම සිතියම සමග ඉදිරිපත් කර තිබූ ලේඛනයේ ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි නගරයක් වන ඌරගස්මංහන්දිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලෙස පෙන්වා තිබීම නිසා මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.මෙම සටහන ෆේස්බුක් පිටු කිහිපයකම ඉදිරිපත්ව තිබෙණු දක්නට ලදි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ වූ මාධ්‍ය නිලධාරියා සනාථ කළේ ඔවුන් එවැනි සිතියමක් නිකුත් කර නොමැති බවයි. අනතුරුව අප සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. සමාජ මාධ්‍ය ජාලය තුල සැරිසරන සිතියම සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශය ‍හෝ බෝවන රෝග අංශය විසින් නිකුත් කළ නිල සිතියමක් නොවන බවත්, එහි ඉදිරිපත් කර ඇති සංඛ්‍යා සාවද්‍ය බවත් ඔහු පැවසීය.

020.07.15 දින නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතාගේ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ ජාලිය සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදි පැවසුවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලය හරහා කන්දකාඩු කොරොනා පොකුර පිළිබඳව, බිය සහ නොසන්සුන් වන අසත්‍ය ප්‍රවෘත්ති ඉදිරිපත්වඇති බවයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලයෙහි සැරිසරන සිතියම සම්පුර්ණයෙන්ම අසත්‍ය බව අවධාරනය කරමින් ඔහු පවසා සිටියේ කිසිඳු රජයේ හෝ අනුබද්ධිත ආයතනයකින් පලකරන ලද සිතියමක් නොවන බවත් එක්තරා පුද්ගලික සමාගමක් විසින් හුවමාරු කරගෙන තිබු සිතියමක් මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබෙන බවයි. එසේම එහි සංඛ්‍යාත්මකව පෙන්වා ඇත්තේද එම ආයතනයේ මධ්‍යස්ථාන බවත් කිසිවිටෙකත් එම ප්‍රදේශවලින් හඳුනා ගැනුණු පුද්ගලයින් නොවන බවත් දන්වා සිටියා.

පොලිස් තොරතුරු තාක්ෂණ අංශය මඟින් පළකර තිබු ඒ හා සම්බන්ධ වීඩියෝව පහතින්

https://youtu.be/r7zJhK_BdNQ?t=650

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ෆේස්බුක් මාධ්‍ය ජාලයෙහි සැරිසරන සිතියම සහිත සටහන දක්වන්නේ අසත්‍ය තොරතුරු බවය. එක්තරා පුද්ගලික ආයතනයක සිතියකමක් මෙම ජනතාව නොමඟ යවන සාවද්‍ය සටහන පළකර ඇත

එබැවින් “පරිස්සම් වෙමු ....කන්දකාඩු පුනුරුත්ථාපන මද්‍යස්ථානයේ සිටින පිරිස බලා නැවත එම පුද්ගලයන් ගිය ස්ථාන සහ ඔහු පදිංචි ස්ථාන ලංකාවේ විවිධ ප්‍රදෙශයන් "මිදුලටම"ඇවිත්.” තේමාවෙන් ලංකාවේ සිතියමක් සහිතව ඉදිරිපත්ව සැරිසරන සියළුම ෆේස්බුක් සටහන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු 

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කන්දකාඩු කොරොනා පොකුර පිළිබඳ අවදානම යන තේමාවෙන් පළවූ සාවද්‍ය සිතියමක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News