පර්චස් 1ක හදපු ගෙදරක් යනුවෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Update: 2020-07-27 14:12 GMT

විවිධ ආකාරයෙන් නව්‍ය නිර්මාණ යොදාගනිමින් නිවෙස් ඉදි කිරීමට බොහෝ දෙනෙකු පෙළඹෙන බව අපට දැකගන්නට පුලුවන්. කුඩා ඉඩ ප්‍රමනයන්හි ඇති ඉඩ කඩ ඉතා හොඳින් උපයෝගි කරමින් අඩු වියදමකින් අලංකාර නිවෙස් ඉදි කිරීමට වැඩි දෙනෙක් කැමැත්තක් දක්වයි.මේ අයුරින් අඩු ඉඩක ඉදිකල අලංකාර නිවසක් පිලිබඳව තොරතුරක් Ceylon නම් ෆේස්බුක් සමාජ ජාලා පි‍ටුවක සටහන්ව තිබුනා.ලංකාවේ සුන්දර ස්ථාන පිලිබඳව පින්තූර පල කරන මෙම පි‍ටුවේ " පර්චස් 1ක හදපු ගෙදර කොහොමද" ලෙස සටහනක් තබමින් කුඩා ඉඩක ගොඩනැගූ නිවසක පින්තූර එකතුවක් මුහුනු පොතට එක් කර තිබුනා. එමෙන්ම Good To Know නම් ෆේස්බුක් පි‍ටුවක් මගින් ද මෙම නිවසේ මෙම ඡායාරුප පෙලම පර්චස් එකක ඉදි කල නිවසක් ලෙස නම් කරමින් පල කර තිබුනේ පහත අයුරින්.

LinkArchived LinkLinkArchived Link

විශාල පිරිසක් මෙම සටහන් මුහුනු පොතේ හුවමාරු කරගෙන තිබුන අතර සැබැවින්ම මෙය සත්‍ය තොරතුරක් ද යන්න සොයා බැලිමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මෙම කරුන පිලිබඳව මූලික සොයා බැලීමකදී අපට හෙලි උනේ මේ නිවස මෙරට එකක් නොවන බවයි. Ceylon නම් ෆේස්බුක් පි‍ටුවේ ඇති බොහෝ පින්තූර ලංකාවේ සුන්දර ස්ථාන දක්වා ඇති හෙයින් මෙයද ලංකාවේ ඇති නිවසක් ලෙස ප්‍රතිචාර දක්වන පිරිස් අයට අදහසක් එන නමුත් එය වැරදි එකක් බව අපට තහවුරු කල හැකියි.

මෙම නිවස තායිලන්තයේ පිහිටි Buriban Homestay නමින් හැඳුන්වෙන සංචාරකයන් වෙනුවෙන් වෙන් වුනු නවාතැන් පොලක් බව මෙහි ඡායාරුප Google Reverse Image සෙවුමකට ලක්කිරීමේදී පෙන්වා දී තිබුනා.

එම ස්ථානය පිළිබඳව අගෝඩා (Agoda) වෙබ් අඩවියේ පලවී තිබු සටහනක මෙම ස්ථානය සම්බන්ධයෙන් පළව තිබු විස්තර පරීක්ෂා කිරීමේදී එහි කාමරයක ප්‍රමාණය වර්ග අඩි 775 (පර්චස් 3කට ආසන්න) බව සඳහන් වී ද තිබුණි.

LinkArchived

කෙසේනමුත් Google Maps හරහා එම ස්ථානය පරීක්ෂා කිරීමේදී වෙනත් ගොඩනැගිල්ලක් දිස්වූ බැවින් මෙහි ගෘහ නිර්මාණ ශිල්පියා ඇතුළු විස්තර විමර්ෂණය කිරීමේදී අපට දැකගන්නට ලැබුනේ මෙම ඡායාරුප වියට්නාමයේ ඇති නිවසක බවයි. 23o5studio නමැති ගෘහ නිර්මාණ ආයතනය මෙවැනි ආකාරයේ ගොඩනැගිලි රැසක් නිර්මාණය කර තිබෙන බව අපට පෙනී ගිය අතර දැනට වසර දෙකකට පෙර ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ මේ පිලිබඳ ඡායාරූප රැසක් පළකර තිබුනේ මෙලෙසිනි. එසේම මෙම සුවිශේෂී නිර්මාණය පිළිබඳව ඔවුන්ගේ නිල YouTube චැනලයේ මෙලෙසින් වීඩියෝවක් පළකර තිබුණි.

https://youtu.be/RDnTkonHUHw

ඔවුන් සඳහන් කර තිබු මෙම නිර්මාණයේ ඡායාරුප ලබාගෙන තිබු කැමරා ශිල්පියාගේ වෙබ් අඩවියේද මේ පිලිබඳ ඡායාරුප පෙළක් මෙලෙසින් පෙන්වා දී තිබුනේ Tiens House යනුවෙනි

Link | Archived

මෙම ගෘහ නිර්මාණය පිලිබඳ සටහන් රැසක් පලවී තිබුණු අතර එහි දක්වා තිබුනේ මෙය වර්ග මීටර් 100ක් (පර්චස් 4කට ආසන්න) බවයි. Link | Link | Link

තරුණ පුතෙකු සමඟ ජිවත්වන මවකගේ අවශ්‍යතාවය අනුව මෙම මීටර් 4ක් පමණ පළල ටියුබ් ආකාරයේ (Tube House) නිවස නිර්මාණය වූ බව වෙබ් අඩවි කිහිපයකම මෙසේ පළව තිබුණි.

වියට්නාමයේ හෝ චි මින් (Ho Chi Minh) නගරයේ ඇති ඉඩකඩ සීමිත වීම හේතුවෙන් එම නගරයේ මෙවැනි ටියුබ් හැඩති ආකෘති සහිත ගොඩනැගිලි සහ නිවාස බහුල වශයෙන් නිර්මාණය වී තිබෙනු දක්නට ලැබෙන බවද එරටින් මෙසේ වාර්තා වී තිබුණා.

එසේම මෙලෙසින් ලංකාවේ සමාජ මාධ්‍ය වල හුවමාරුව පර්චස් එකක යැයි පැවසුනු නිවසේ ඡායාරූප ගොඩනැගිලි ඉංජිනේරු වරයෙකු වෙත යොමු කිර අතර ඔහු ද පවසා සිටියේ ඡායාරූප නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙය පර්චස් තුනක් හෝ හතරක් විය හැකි බවයි

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව බලන කල ලංකාවේ සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් කර ඇති ආකාරයට පර්චස් 1ක හදපු ගෙදරක් නමින් හුවමාරු වන ෆේස්බුක් සටහනේ ඇති නිවස ඇත්ත වශෙයන්ම ලංකාවේ නිවසක් නොවන අතර පර්චස් 4කට කට ආසන්න ඉඩක වියට්නාමයේ ගොඩනැගූ එකක් බව පෙනී යයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පර්චස් 1ක හදපු ගෙදරක් යනුවෙන් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News