පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වැටලුවාද?

Update: 2020-08-04 15:19 GMT

මහ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් මාතෘකා යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය.

එවන් පසුබිමක Sri Lanka Brigade නමැති ෆේස්බුක් පිටුවක “පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වටලයි!” සහ “කළුතර හරිමගට ගන්න නැනස පෑදු ගුරු තරු ව පෙරපු කසිප්පු බඩුත් සමග අතේ මාට්ටු!” සටහන් පෙළක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. මෙම සටහන් සියල්ලම පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතාට අයත් කසිප්පු ස්කාගාරයක් වැටලූ බවයි. මෙම සටහන් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර සංසරණය වී තිබුණද, එම සටහන් වලට හිමිවූ ප්‍රතිචාර සෑම එකකින්ම පාහේ පැවසුණේ යහපත් ගුරුවරයකු වන පියල් නිශාන්ත ද සිල්වා මහතා කසිප්පු ජාවාරම් කරුවෙකු නොවන බවයි.

LinkArchived Link

LinkArchived Link

මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

පියල් නිශාන්ත ද සිල්වා මහතාට අයත් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලු බවට කිසිඳු පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා දැකගැනීමට ලැබුනේ නැත.

එබැවින් එම ප්‍රවෘත්තියෙහි කරුණු තහවුරු කර ගැනීම පිණිස කළුතර දිස්ත්‍රික් සුරාබදු කාර්යාලයට දුරකථන ඇමතුමක් ගත්තෙමු. අප හා දුරකථනයෙන් සම්බන්ධවූ කළුතර දිස්ත්‍රික් සුරාබදු කාර්යාලයේ ස්ථානාධිපති පැවසුවේ සුරාබදු නිලධාරීන් විසින් එවැනි වැටලීමක් සිදු නොකළ බවයි. අනතුරුව අප කළුතර දකුණ පොලිස් ස්ථානාධිපති තුමා සමග දුරකථනයෙන් සම්බන්ධ වී මෙම සටහන පිළිබඳව කරුණු විමසුවෙමු. කළුතර දකුණ පොලිස් ස්ථානයෙන් නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලා නොමැති ඔහු ද තහවුරු කළේය.

කෙසේ වෙතත් මෙම ඡායාරුප වල පොලිස් රථයක් ද දිස්වන බැවින් මේ පිළිබඳව තවදුරටත් කරුණු විමර්ශනය කිරීමට අප කළුතර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති තුමා සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. තම බල ප්‍රදේශයේ පසුගිය දිනවල එවැනි වැටලීමක් සිදු නොවූ බව ඔහු ද තහවුරු කළේය. අනතුරුව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් මෙම නීති විරෝධී මත්පැන් ස්කාගාරය වැටලීම පිළිබඳව විමසා සිටියෙමු. ඔහු ද සනාථ කළේ එවැනි වැටලීමක් පිළිබඳව ඔහුට වාර්තාවී නොමැති බවය.

මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස අප පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ මාධ්‍ය අංශය සමග සම්බන්ධ වූයෙමු. ගුරුවරයකු වන පියල් නිශාන්ත ද සිල්වා මහතා කළුතර දිස්ත්‍රික්කය තුළ තදින් පැතිර යන නීති විරෝධී මත්පැන්, මත්ද්‍රව්‍ය සහ අපරාධ වලට විරුද්ධව තදින් එදිරිව සිටින්නෙකු බැවින් ඔහුව අපහසුතාවයට පත් කිරීම පිණිස නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැන් ව්‍යාපාරිකයන් විසින් නිර්මාණය කරන ලද වීඩියෝ පටයක් සහිත සටහන් බවට අප හා සම්බන්ධ වූ මාධ්‍ය නිලධාරියා පවසා සිටියා

පියල් නිශාන්ත මහතාගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළ විට මෙම වීඩියෝ සටහන ද අපට නිරීක්ෂණය විය.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ද සිල්වා මහතාට අයත් කසිප්පු ස්කාගාරයක් වැටලු බවට කිසිඳු වාර්තාවක් කළුතර දිස්ත්‍රික් සුරාබදු කාර්යාලයට හෝ කළුතර පොලිසියට හෝ වාර්තා වී නොමැති බවයි.

එමනිසා “පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වටලයි!” සහ “කළුතර හරිමගට ගන්න නැනස පෑදු ගුරු තරු ව පෙරපු කසිප්පු බඩුත් සමග අතේ මාට්ටු!” තේමා වලින් ඉදිරිපත් කර ඇති ෆේස්බුක් සටහන් සාවද්‍ය සටහන් පෙළකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වැටලුවාද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News