එළවළු සහ පළතුරු නිෂ්පාදන තොගය මත්තලින් අපනයන කලේ ඇමරිකාවට නොවේ ඕමානයටයි!

Update: 2020-08-21 04:47 GMT

ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වනුයේ මත්තල පිහිටි මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළයි. විවිධ හේතුන් මත අකර්මණ්‍යව තිබූ මෙම ගුවන්තොටුපළ නව රජය බලයට පත්වීමත් සමගම යළිත් ගුවන් ගමන් සහ සේවා සඳහා විවෘත විය

“ප්‍රථම දේශීය එළවළු සහ පළතුරු නිෂ්පාදන තොගය අද මත්තලින් ඇමරිකාවට. සාර්ථක ඇරඹුමක් ජයවේවා” වදන රෝපනය කර ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමන්ගේ සේයාරූ, ඇසුරූ ගුවන් භාන්ඩ සහ ගුවන් යානයක සේයාරූ සංකලනයක් සහිතව, “වැඩ කරන රටක්” තේමාවෙන් සජාන් ගිම්හාන නමැත්තකු විසින් ජනාධිපති ගෝඨාගේ තරුණ බලකාය නම්වු ෆේස්බුක් සමුහයක පහත පරිදි සටහනක් ඉදිරිපත් කර තිබුණි.

LinkArchived LinkLinkArchived Link

වෙනත් ෆේස්බුක් පිටු කිහිපයක ද එවැනිම සටහන් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. සුභාශිංසන ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වෙමින් තිබූ මෙම සටහන් පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහන් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කාර්ය භාර කළමනාකරු වෙත දුරකථන ඇමතුමක් ගත්තෙමු. සලාම් ගුවන් සේවයේ යානයකින් ඕමානයේ මස්කට් නුවර වෙත එළවළු සහ පලතුරු තොගයක් ගුවන්ගත කළ බවත්, ඊට දින කිහිපයකට පෙර නිමි ඇඳුම් තොගයක් ගුවන් මගින් ඇමෙරිකාව වෙත යැවූ බව ඔහු තහවුරු කළේය. කාලයක් පුරා අකර්මන්‍යව පැවති එම ගුවන්තොටුපල නැවත භාන්ඩ අපනයන කටයුතු සඳහා යොදාගැනීමෙන් පසු අපනයනය කළ ප්‍රථම එළවළු සහ පළතුරු තොගය මෙය බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඕමානයේ සිට ලංකාව බලා පැමිණි ගුවන්යානය ආපසු එරට බලා යැවීමේදී එළවළු සහ පලතුරු තොගයක් යැවීමට කටයුතු කල බව අද දෙරන රූපවාහිණි නාලිකාව වාර්තා කර තිබුනේ මෙලෙසින්

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/2730401093905308/?t=7

එසේම සලාම් එයාර් ගුවන් සේවය ලංකාව වෙත ගුවන් ගමන් වාර පසුගිය නොවැම්බර් මස ආරම්භ කල බවට වාර්තා මෙසේ පලවී තිබු අතර ඉහත මත්තල බලා අගෝස්තු මස 15 වැනිදා මඟින් 14ක් රැගෙන මත්තල වෙත පැමිණි පැමිණි ගුවන් යානයේ අංකය OV 1432 බවත් එහිදී කිලෝග්‍රෑම් 3371 පමණ වූ එළවළු සහ පලතුරු තොගයක් ආපසු එරට බලා යැවූ බවත් මෙසේ වාර්තා වී තිබුනා

මේ පිලිබඳ තොරතුරු තහවුරු කර ගනීමෙට අප සලාම් එයාර් ලංකාවේ නියෝජිත ආයතනයේ කළමනාකරු සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර ඔහු ඉහත OV 1432 දරණ ගුවන් යානය කිසිවිටෙකත් ඇමරිකා එක්සත් ජනපදය බලා ඕමානයෙන් පිටත් වන්නේ වුනේ නැති බවත් තහවුරැ කර සිටි අතර එම ආයතනය ඇමරිකා එක්සත් ජනපදය වෙත ගුවන් ගමන් සේවා මේ වනතෙක් සපයන්නේ නැති බවද පවසා සිටියා.

එම එළවළු සහ පලතුරු ඇසුරුම් සහ නිසි ප්‍රමිතීන්ට අනුව ප්‍රවාහන කිරීමේ කටයුතු Expolanka නම් ආයතනයක් විසින් සිදුකල බවට පළවූ වාර්තාවක් මෙලෙසින්

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පසුගිය දිනක මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් අපනයනය කළ දේශීය එළවළු සහ පලතුරු තොගය අපනයනය වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය වෙත නොව මැද පෙරදිග රාජ්‍යයක් වන ඕමානය වෙත බවයි.

එබැවින් “ප්‍රථම දේශීය එළවළු සහ පළතුරු නිෂ්පාදන තොගය අද මත්තලින් ඇමරිකාවට. සාර්ථක ඇරඹුමක් ජයවේවා” ලෙස ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වී ඇති සටහන් නොමග යවන සුළු  තේමාවකින් යුත් සටහන් බව නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:එළවළු සහ පළතුරු නිෂ්පාදන තොගය මත්තලින් අපනයන කලේ ඇමරිකාවට නොවේ ඕමානයටයි!

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News