ඇගළුම් ආනයනය සීමා කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් මුලින්ම නිකුත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය

Update: 2020-09-03 04:33 GMT

දේශීය කර්මාන්ත නගා සිටුවමට නව රජය විසින් වැඩපිළිවෙලවල් රැසක් යෝජිත බව පසුගිය දින කිහිපයක පුරාම වාර්තා වී තිබුණි. සමාජ මාධ්‍ය ජාලය තුළ ද මෙම දේශීය කර්මාන්ත පුණර්ජීවනය පිළිබඳව සටහන් ඉදිරිපත් ව තිබෙනු නිරීක්ෂණය විය.

“ඇගළුම් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි” තේමාවෙන් Mahindawadiya/මහින්දවාදියා ෆේස්බුක් පිටුව විසින් මීට දින කිහිපයකට පෙර ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන්ට රැසක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණි.

LinkArchived Link

මෙම සටහන තවත් ෆේස්බුක් පිටු කිහිපයක් විසින්ම හුවමාරු කරගෙන කර තිබූ අතර මේ පිළිබඳව කරුණු විමර්ශනයක් කරන ලෙස අපට ලැබුණු ඉල්ලීමක් මත කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය. මෙම සටහන් සඳහා ප්‍රතිචාර ලබාදුන් බොහෝ දෙනා දේශීය කර්මාන්ත නගා සිටුවීම අගය කරමින් මෙවැනි තීන්දුවක් ගැනීම පිළිබඳව තම ප්‍රසාදය පළකර තිබෙනු ද දැක ගැනීමට හැකි විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ලංකාවට නිමි ඇඳුම් ආනයන කිරීම තහනම් කරමින් ගැසට් පත්‍රයක් පසුගිය දා නිකුත් කර ඇත්දැයි පරික්ෂා කිරීමට අප ගූගල් සෙවීමක් කළෙමු. ශ්‍රී ලංකාවේ ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය තුළ මේ පිළිබඳව ඉදිරිපත් වූ වාර්තා නිරීක්ෂණය වුවද ඒවා මීට මාස කිහිපයකට පෙර වාර්තා විය.

කෝවිඩ්-19 ව්‍යාප්තිය නිසා රට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගැළවීමේ එක් මාර්ගයක් ලෙස සහල්, පිටි, සීනි, මත්පැන් සහ ඇඟලුම් නිෂ්පාදන සඳහා ආනයන සීමා පැනවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළ බවට මාධ්‍ය වාර්තා කර තිබුණි. පසුගිය අප්‍රේල් මස පළවූ එවැනි එක් වාර්තාවක් පහතින්

LinkArchived Link

මේ පිළිබඳව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම පිණිස ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. අප හා සම්බන්ධ වූ නිලධාරියා පවසා සිටියේ කෝවිඩ්-19 ව්‍යාප්තිය සමයේ රටට අනවශ්‍ය බොහෝ භාණ්ඩ ආනයනය කිරීම නවතා දැමීමට හෝ සීමා කිරීම සඳහා 2020 අප්‍රේල් මස 16 දින අංක 2171/5 ගැසට් නිවේදනය නිකුත් කළ බවත්, ඒ අනුව නිමි ඇඳුම් ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති බවත්ය. රජයේ අති විශේෂ ගැසට් පත්‍රයක් වන 2171/5 පරීක්ෂා කළවිට ශීර්ෂ අංක 61.0 සිට 63.02 කොටසේ ඇති දීර්ඝ වර්ගීකරණය මඟින් නිමි ඇඳුම් ආනයනය තහනම් කිරීම පිළිබඳව විස්තර ඇතුළත්ව තිබෙණු නිරීක්ෂණය විය. එම ගැසට් පත්‍රය මෙසේය සිංහල | English

කෙසේවෙතත් ඉහත ගැසට් පත්‍රය මාස තුනක කාලයක් සඳහා නිකුත්කර තිබු බැවින් ඒ පිළිබඳව අප ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් විමසා සිටි විට දන්වා සිටියේ පසුගිය ජුලි මාසයේ ඒ පිළිබඳ නැවත ගැසට් පත්‍රයක් නිකුත් කල බවයි සිංහල | English

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කෝවිඩ්-19 ව්‍යාප්තිය සමයේ රට මුහුණ දුන් විදේශ විනිමය අර්බුදයෙන් මිදීම සඳහා පසුගිය අප්‍රේල් මාසයේ ආනයනය සීමා කළ භාණ්ඩ අතරට නිමි ඇඳුම් ද ඇතුළත්ව ඇති බවයි. එම ආනයන සීමාව අදටත් ක්‍රියාත්මකයි. එබැවින් “ඇගළුම් ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි” යන තේමාවෙන් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් පසුගිය දා ඇඟළුම් ආනයනය තහනම් කල බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සටහන් නොමඟ යවන සුළු සිරස්තලයකින් යුත් සටහන් බව පෙනී යයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඇගළුම් ආනයනය සීමා කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් මුලින්ම නිකුත් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදීය

Fact Check By: Sahan Perera

Result: Explainer

Tags:    

Similar News