Fact Check: අමාත්‍යංශයේ අභ්‍යන්තර ලිපියක් වැරදි අර්ථකතනයක් ලබාදෙමින් සමාජගත වූ අවස්ථාවක්!

Update: 2020-09-30 13:10 GMT

විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය නව රජයේ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය ධූරය හොබවයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ සමයේද ඇය අලලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සාවද්‍ය සටහන් කිහිපයක්ම පලවී තිබුණි.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මියගේ පෞද්ගලික ලේකම් විසින් ඇයට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් ලබා ගැනීමට නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව නිපැයුම් අමත්‍යාංශයේ පාලන සහ මුදල් අතිරේක ලේකම් වෙත යැවු ලිපියක සේයාරුවක් සහිතව කුඩයක්වත් ගන්න බැරිද.. ලැජ්ජයිනෙ.. ඒකත් මහජනතාවගෙන්ද ඉල්ලන්නෙ? මහජන සේවය කොරන්න කියල ඔක්කොමල එක්ක එන්නෙ මේ ජනතාවට හරි ආදරේ නිසා වෙන්න ඇති නේහ්.. VIP ලයිට් මොකටද.. ඒව දාගෙන ඉගිලෙන්න වෙන්න ඇති නේහ්.. මහජනතාව අපා දුක් විඳල ගෙවන.. බදු මුදල් වලින් සතයක් පාසා උඹල ඔක්කොටම හෙණ ගහනව.. පරිස්සමින් යන කථාංගයද අනතර්ගත කර Aluth Parlimenthuwa නමැති ෆේස්බුක් පිටුවක පහත පරිදි සටහනක් පලවී තිබෙනු දක්නට ලැබුණේය.

LinkArchived LinkLinkArchived

කෙටි කාලයක් තුළ ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබුණු මෙම සටහනට උපහාසාත්මක ප්‍රතිචාර රැසක්ද ලැබී තිබු අතර මේ පිළිබඳව කරුණු සොයා බැලීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන ලිපිය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස අප නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව නිපැයුම් අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු. වෙනත් අමාත්‍යංශ මෙන්ම තම අමාත්‍යාංශයේද සෑම කෙනෙක්ම තමන්ට අවශ්‍ය දෑ ලබාගැනීම සඳහා ලිඛිත ඉල්ලීමක් කළ යුතු අතර කලින් සිටි අමාත්‍යවරුන් හෝ නිලධාරීන් එම තනතුරුවලින් ඉවත්වන අවස්ථාවලදී ඔවුන් පරිහරණය කල අමාත්‍යංශය විසින් ලබාදුන් භාණ්ඩ, ලේඛනගත කොට, නැවත අමාත්‍යංශයට භාරදීම සිදුවන බවත් පවසා සිටියා.

අමාත්‍යංශයේ එසේ ඇති භාණ්ඩ ලැයිස්තුව පිලිබඳ විමසීමෙන් පසු, තම අමාත්‍යංශයේම පාලන සහ මුදල් අතිරේක ලේකම් වෙත අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් යොමුකොට ඇති ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වන ලිපියේ දක්වා තිබු පරිදි iPhone ජංගම දුරකතනයක්ද iPad එකක්ද අමාත්‍යතුමියගේ නිල රථය සඳහා විදුලි ලාම්පුවක් සහ කුඩයක් ද පසු ගමන් ආරක්ෂය රථය සඳහා VIP Light එකක්ද මඟින් ඉල්ලුම්කර ඇති බව පවසා සිටියා. එය නිත්‍යාණුකූල ක්‍රමවේදය වන අතර මෙහිදී අලුතින් මිලදී ගැනීමක් කිසිවිටෙකත් සිදු නොවන බවද ඔහු අවධාරනය කළේය.

අමාත්‍යංශයේ ලේඛනගත කොට ඇති භාණ්ඩවලින් මෙය ලබාදෙන ලෙස ලිපියේ මුලින් සඳහන් නොවීම පිලිබඳ විමසු විට, එසේ සඳහන් කිරීම අනවශ්‍ය වන්නේ මෙය අමාත්‍යංශයේ අභ්‍යන්තර ලිපියක් නිසා බවත් අදාළ අයිතමයන් පිළිබඳ විස්තර අදාළ නිලධාරීන් දැනුවත් බවත් දැනුම් දුන්නා. එසේම ඉහත ලිපියේ අවසානයේ මෙතෙක් නිකුත්කර ඇති භාණ්ඩ පිලිබඳ තොරතුරු ලබාදෙන මෙන් ඉල්ලා ඇති බැවින් එමඟින් එය අදාළ භාණ්ඩ නිකුත්කිරීම අධීක්ෂණය කරන අංශය වෙත යොමුකර ඇති බවත් පවසා සිටියා.

අත්‍යාවශ්‍ය කරුණක් හැරුණු විට තමාගේ හෝ අමාත්‍යංශයේ පරිහරණයට අවශ්‍ය දෑ ලබාගැනීම සඳහා අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීම රාජ්‍ය අමාත්‍යව සීතා අරඹේපොල මහත්මිය කිසිවිටෙකත් අනුමත නොකරන බවත් ඔහු තවදුරටත් අපට අවධාරණය කර සිටියා.

අමාත්‍යංශයේ අභ්‍යන්තර ලිපියක් මෙලෙස යම්කිසි අයෙකු විසින් ඡායාරූප ගත කොට සමාජගත කිරීම මඟින් එයට වැරදි අර්ථකථනයක් ලැබී ඇති බවත් පවසා සිටි මාධ්‍ය ලේකම් තුමා, මේ පිළිබඳව කරුණු පහදා දෙමින් මාධ්‍ය වෙත නිකුත් කළ ලිපියක්ද අපට යොමු කළා. එම ලිපිය පහතින්.

“නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අදාලව සමාජ මාධ්‍ය හරහා හුවමාරුවන ලිපිය සම්බන්ධවයි..” යන තේමාව එම පැහැදිලි කිරීමේ ලිපිය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ඇයගේ නිල ෆේස්බුක් පිටුවේද හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්

රජයේ තවත් අමාත්‍යංශයකින් හා රජයට අනුබද්ධිත ආයතනයකින්ද අප කරුණු විමසා සිටි අතර අමාත්‍යවරයෙකු හෝ නිලධාරීන් ඉවත්ව යන අවස්ථාවලදී එසේ රජය විසින් ලබාදුන් භාණ්ඩ නැවත ලබාගන්නා බවත් පරිපාලන අංශයක ඒවා සටහන් වී තිබෙන අතර නව නිලධාරීන් විසින් ඉල්ලුම් කල විට නිසි පටිපාටියට අනුව ඒවා නැවත නිකුත්කරන බවත් දැනගනන්ට ලැබුණා. තවද භාණ්ඩ අලුතින්ම ලබන්නේ නම් ඒවාගේ (specifications) ඇතුලු විස්තර සහිතව ඉල්ලුම් කෙරෙන ප්‍රසම්පාදනය ක්‍රමවේදය මීටහාත්පසින්ම වෙනස් බවත් අපට දැනගන්නට ලැබුණා.

Update : නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව නිපැයුම් අමාත්‍යංශයේ ලේකම් තුමාගෙන් ද මේ පිලිබඳ විමසු විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන ලිපියේද දැක්වෙන පරිදි එම අමාත්‍යංශය දැනට ස්ථාන දෙකක පවත්වා ගෙන යන බව තහවුරු කර සිටියා. නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපන කොටස (Skills Development & Vocational Education) නාරාහේන්පිට නිපුණතා පියසේ සිට ක්‍රියාත්මක වන බවත් පර්යේෂණ සහ නව නිපැයුම් (Research & Innovation) කොටස බත්තරමුල්ල සෙත්සිරිපායේ 3 වන මහලේ සිට ක්‍රියාත්මක වන බවත්ය. තමා මෙන්ම අමත්‍යවරියද අවශ්‍යතාවය පරිදි මෙම ස්ථාන දෙකෙහිම කටයුතු කරන බවත් පැහැදිලි කර සිටියා.

පර්යේෂණ සහ නව නිපැයුම් (Research & Innovation) මීට පෙර ක්‍රියාත්මක වුයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යටතේ වූ අතර ඒ අනුව අවසාන වශයෙන් එවකට විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය වශයෙන් කටයුතු කල සුජීව සේනසිංහ මහතා යටතේ මෙම අංශය පැවති බව පවසා සිටියා. 2018 වසරේ දෙසැම්බර් මස සුජීව සේනසිංහ මහතා එවකට මෙම බත්තරමුල්ල පරිශ්‍රයේ පැවති විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ කැබිනට් නොවන අමාත්‍යවරයෙක් වශයෙන් වැඩ භාරගැනීම පිලිබඳ පුවත් සටහන් පහතින්.

Lankadeepa | Newsfirst

මෙම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය බත්තරමුල්ල සෙත්සිරිපායේ කාර්යාලයෙන් එහි පාලන අංශය වෙත නිකුත් කර තිබෙන බවත්, බොහෝවිට එහි අතිරේක ලේකම් එම ලිපියට අදහස් දීමට පෙර ලබාගන්නා ලද ඡායාරුපයක් බවත් පවසා සිටියා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ අමාත්‍යංශයේ පෙර සිටි ඇමතිවරුන් හා නිලධාරීන් විසින් භාවිතා කළ භාණ්ඩ කිහිපයක් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මියගේ පරිහරණය වෙත ලබාදෙන ලෙස ඇයගේ පෞද්ගලික ලේකම් විසින් එම අමාත්‍යංශයේම පාලන හා මුදල් අංශයේ ලේකම් වෙත යොමුකළ ලිපියක් වැරදි අර්ථකථනයක් ගෙන දෙමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවයි. එම ලිපිය මඟින් කිසිවිටෙකත් අලුතින් භාණ්ඩ ලබාගැනීමක් අදහස් කර නොමැත.

එබැවින් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය විසින් මහජන බදු මුදල් යොදාගනිමින් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලබාගැනීමට ඉදිරිපත් කර ඇති ලිපියක් යන කතාංගය සහිත සටහන, එම ලිපියට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් හුවමාරු වන නොමග යවන සුළු සටහනක් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අමාත්‍යංශයේ අභ්‍යන්තර ලිපියක් වැරදි අර්ථකතනයක් ලබාදෙමින් සමාජගත වූ අවස්ථාවක්!

Fact Check By: Sahan Perera

Result: Missing Context

Tags:    

Similar News