FACT CHECK : රිෂාඩ් බදුර්දීන් සඟවා ගෙන සිටියේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු ද?

Update: 2020-10-20 05:01 GMT

පසුගිය ජනපතිවරණ සමයේ සිදුවීමකට අදාළව රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම ඇතුළු චෝදනා මත වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිසියට උපදෙස් දුන් බව ප්‍රධාන මාධ්‍යයන්හි වාර්තා විය. ඒ හා සමඟම මන්ත්‍රීවරයා සොයා රහස් පොලීසිය ඇතුළු කණ්ඩායම් මෙහෙයුම් දියත්කළ අතර ඔහුව අත්අඩංගුවට පත්වීමට පමා වීම පිලිබඳ විවිධාකාරයේ උපහාසාත්මක සටහන් රැසක්ද සමාජ මාධ්‍ය තුළ දැකගන්නට ලැබුණා. කෙසේවෙතත් ඊයේ (ඔක්තෝබර් 19) උදැසන දෙහිවල නිවෙසකදී රිෂාඩ් බදියුදීන් මහතා පොලිස් අත්අඩංගුවට පත්වු බවට වාර්තා විය. එසේම ඔහු සැඟවී සිටීමට උදව් දුන් පුද්ගලයන් යැයි සැලකෙන කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවද වාර්තා විය.

මේ සිද්ධිය මුල් කරගනිමින් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සැඟවී සිටියේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකුගේ නිවෙසක බවට සමාජ මාධ්‍යයන්හි පළවන සටහන් පිලිබඳ අපගේ අනාවරණයේදී පැහැදිලි වුයේ ඒවා සියල්ලක්ම සාවද්‍ය සටහන් බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් :

“අන්තිමට බදුර්දීන් හංගන් ඉඳල තියෙන්නෙත් ජෙප්පෙක්නේ සාන්ත” යන වදන් රෝපනය කර “දිවයින” පුවත්පතේ අන්තර්ජාල කලාපයේ පුවතක සේයාරුවක් සේ දැක්වූ ඡායාරූපයක් ද සහිත සටහනක් Nuwan Sugathapala නමැති ෆෙස්බුක් පිටුවක ඉදිරිපත්වී තිබෙණු දක්නට ලැබුණි. "ඇඩ්‍රස් නෑ" නමැති ෆේස්බුක් පිටුවක පළවූ සටහනක් ලෙස මෙම සටහන් ඉදිරිපත් කර තිබෙනු ද දැක ගණනට ලැබුණි.

FacebookArchived Link

පහත දැක්වෙන්නේ හයියෝ මෙහෙමත් නෑමක් තේමාවෙන් SRI JUDGE නැමති ෆේස්බක් පිටුව එම පුවතම වෙනත් මුහුණුවරකින් ඉදිරිපත් කර තිබු අයුරුයි

FacebookArchived Link

මීට අමතරව මෙම ප්‍රවෘත්තිය ෆේස්බුක් ජාලයේ විවිධකාරයෙන් ඉදිරිපත්ව තිබු අතර එවැනි සටහන් කිහිපයක් පහතින්.

FacebookArchived Link
FacebookArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

සමාජ මාධ්‍ය ජාලයන්හි ඉදිරිපත්ව තිබෙන මෙම සටහන් පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වූයෙමු. එහි මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා ප්‍රකාශ කළේ රිෂාඩ් බදූර්දීන් මන්ත්‍රීවරයා සැඟවී සිටියේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී තුවාන් ආයුබ් මෙහොමඩ් හෙවත් ටෝනි මොහොමඩ් නොවන බවත්, ආණ්ඩුව කෙරෙහි මේ අවස්ථාවේ ඇති මහත් අප්‍රසාදය වෙනතකට යොමු කිරීම සඳහා ගෙන යන ප්‍රචාරයක් බවත්ය.

මෙම සටහනේ ඉදිරිපත් කර තිබු පුවත දිවයින විගස පුවතක් සංස්කරණය කරමින් පළකර ඇති බව සනාථ විය. “දෙහිවල සුඛෝපභෝගී නිවසක සිටියදී අද (19දා) අලුයම අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදුයුදීන් මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට රැගෙනවිත් ප්‍රශ්න කරමින් සිටියි.” යනුවෙන් පමණක් එම දිවයින පුවත් වාර්තාවේ සඳහන් වී තිබු අතර එය සංස්කරණය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රීවරයකු අත්අඩංගුවට පත්වූ බව වාර්තා කර තිබු බව පෙන්වා දී තිබුණි. එම සංසන්දනය පහත දැක්වේ.

තවද SRI JUDGE ෆේස්බුක් පිටුව ඇතුළු සටහන් රැසක පලවී තිබු ජනතා විමුක්ති පෙරමුණේ ලිපි ශීර්ෂයක් සහිත ලිපියද ව්‍යාජ එකක් බවත්, ජනතා විමුක්ති පෙරමුණ එවැනි පුවත්පත් ප්‍රකාශයක් නිකුත් නොකළ බවත් තහවුරු කල එහි මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරියා මේ පිළිබඳව පැහැදිළි කිරීමක් සිය නිල ෆේස්බුක් පිටුවේ පලකරන බවද පැවසීය.

වැඩිදුරටත් කරණු තහවුරු කර ගැනීමට, සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සටහනේ දෙහිවල ආසනය යටතේ පෙන්වා තිබු තුවාන් මොහොමඩ් මහතාගේ විස්තරයේ තිබු අංකයටම දුරකථන ඇමතුමක් ලබගත්තෙමු. එය දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී තුවාන් ආයුබ් මොහෙමඩ් මහතාගේ දුරකථන අංකයම වූ අතර තමා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දෙහිවල ගල්කිස්ස නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු බවත්, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරග කළ බවත් පවසා සිටියා.

එසේම තමා පදිංචිව සිටින්නේ ගල්කිස්සේ බවත්, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සැඟවී සිටියේ තමා සතු නිවසක නොවන බවත් අවධාරනය කරමින් බදියුදීන් මහතා සඟවා‍ ගෙන සිටියේ තමා බවට සමාජ මාධ්‍ය ජාලයේ සැරිසරණ පුවත් සම්පුර්නයෙන්ම අසත්‍ය බව පවසා සිටියා.

එම ව්‍යාජ සටහන් නිර්මාණය කරමින් හුවමාරු කරන පුද්ගලයින්ට එරෙහිව පෙලිසීයට පැමිණිළි කර නීතිමය ක්‍රියා මාර්ගය ගන්නා බවත් පැවසීය. පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ පිටපතක් අප වෙත යොමුකළ තුවාන් මොහොමඩ් මහතා, පැමිණිල්ල සටහන් කර ගත් බවට ගල්කිස්ස පොලිසියේ විවිධ පැමිණළි අංශයෙන් නිකුත් කළ සටහනේ පිටපතක්ද අප වෙත ඉදිරිපත් කළේය.

තුවාන් ආයුබ් මොහෙමඩ් මහතාගේ පැමිණිලි ලිපිය පහතින්

ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවේ පහත කථාංගය නිරීක්ෂණය විය.

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා සඟවාගෙන සිටි බවට ජවිපෙ අලලා ආණ්ඩුවේ හිතවාදීන් විසින් පළ කරන ප්‍රවෘත්තිවලට එරෙහිව ජවිපෙ නාගරික මන්ත්‍රී තුවාන් අයුබ් මොහොමඩ් සහෝදරයා විසින් පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

දිනෙන් දිනම තම නොහැකියාව මත ආසාර්ථක වෙමින් යන ආණ්ඩුවේ බංකළොත් දේශපාලනය වසා ගැනීමට ආණ්ඩු හිතවාදීන් ලව්වා බොරු ප්‍රචාර දියත් කිරීම දැන් දැන් ආණ්ඩුවේ උපක්‍රමය බවට පත්ව තිබේ. තම නොහැකියාව වසා ගැනීමට ආණ්ඩුව විසින් සිදුකරන මෙවැනි බංකළොත් ක්‍රියා හෙළා දකින ලෙසට අප සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලා සිටිමු.

FacebookArchived Link

මේ සම්බන්ධයෙන් තුවාන් අයුබ් මොහොමඩ් මහතාගේ වීඩියෝවක් ද අපට මෙසේ දැකගනන්ට ලැබුණා

එසේම "ඇඩ්‍රස් නෑ" නමැති ෆේස්බුක් පිටුවක ලාංඡනය යොදාගනිමින් ඉහත සටහන් නිර්මාණය වී තිබුණද එවැනි සටහනක් එම ෆේස්බුක් පිටුවේ දැකගන්නට ලැබුනේ නැත. එම ෆේස්බුක් පිටුවේ Admin තමාගේ නිල ලකුණු යොදාගනිමින් මෙසේ ව්‍යාජ සංස්කරණ පළවන බව පවසා සිටි බැවින් අප ඊයේ දිනයේ එම ෆේස්බුක් පිටුවේ පළවූ සියලුම සටහන් පරීක්ෂා කිරීමේදී (Activity Log) එවැනි සටහනක් ඉවත්කර හෝ වෙනස්කර තිබුනේ ද නැති බව පැහැදිලි විය.

https://www.facebook.com/tony.mohamed.790/posts/3569615279765863?__xts__%5B0%5D=68.ARByAYDKjbOFPeyAEn9NHyWbPvwUDUA9bwlZtIP4_mP1MYwdAlxC53qUiXDgGEoxX7g6LM-TVO8AHUt0NUXlJWZk-w19XWqq8JcNhW7tae8gP51FedOfUjQtCqbUj52X9_4txxKWyQrlSSZ7ybL1_4hl8zebnsTHry2uKSNUeq-X4NV87wM7w7dc58c9fWxhqxWHazkxEnl-gfZrwFcb6iDjWPhE9TUYpzP02Gi2qp6p21aiG-AUepyvl5i9zSZikonkja7J3kdZuBIUeeVF_vbvMFqzoJl5RdYtDJefQc9nbCXhlTsU0cy_vn3DvtltTPuUdXkXh9DYQRnD8_coGspaHoEjttJuUPJ0&__tn__=-R

එනම් "ඇඩ්‍රස් නෑ" ෆේස්බුක් පිටුවේ ලාංඡනය සහ සටහන් පළකරන ස්වරූපය යොදාගනිමින් ඉහත ව්‍යාජ සංස්කරණය සිදු කර ඇත. එම ෆේස්බුක් පිටුවේ ලාංඡනය යොදා ගනිමින් ව්‍යාජ සටහන් නිර්මාණ රැසක් පසුගිය කාලයේදී ද දිගින් දිගටම නිර්මාණය වූ බවත් මේ පිලිබඳ ව පැමිණිලි කර ඇති බවත් අපට එම ෆේස්බුක් පිටුවේ ඇඩ්මින් මඟින් දැනගන්නට ලැබුණා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු රිෂාඩ් බදුර්දීන් මහතා සැඟවී සිටියේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී තුවාන් ආයුබ් මොහෙමඩ් හෙවත් ටෝනි මොහොමඩ් මහතා හට අයත් නිවසක නොවන බව මෙන්ම රිෂාඩ් බදුර්දීන් සඟවාගෙන සිටියේද තුවාන් ආයුබ් මොහෙමඩ් නොවන බවයි.

එබැවින් වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු රිෂාඩ් බදුර්දීන් මහතා සැඟවී සිටියේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී තුවාන් ආයුබ් මොහෙමඩ් හෙවත් ටෝනි මොහොමඩ් හට අයත් නිවසක සහ රිෂාඩ් බදුර්දීන් මහතා සඟවාගෙන සිටියේ තුවාන් ආයුබ් මොහෙමඩ් මහතා බවට ෆෙස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රිෂාඩ් බදුර්දීන් සඟවා ගෙන සිටියේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු ද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News