FACT CHECK: සතියක් හුමාලය ආශ්වාස කිරීමෙන් කෝවිඩ්-19 වැළඳීම වළක්වා ගත හැකි බවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ නැත!

Update: 2020-10-30 05:02 GMT

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීම වළක්වා ගත හැකි ක්‍රම පිළිබඳව උපදෙස් දෙමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේද විවිධාකාරයේ සටහන් ඉදිරිපත් වෙනු දක්නට ලැබේ. නිල පාර්ශවයන් විසින් ඉදිරිපත් නොකරන ලද විද්‍යාත්මක පසුබිමක් නොමැති සටහන් ද මේ අතර හුවමාරු වෙයි. IDH රෝහල්යෙන් ලබා දුන් උපදෙස් යයි දක්වමින් පසුගිය කාලයක් පුරා විටින් විට මතුවන ව්‍යාජ සටහනක් පිලිබඳ අපගේ විමර්ශනයක් මෙලෙසින්

කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීම වලක්වා ගැනීමට සතියක් පුරා නාසයෙන් සහ මුඛයෙන් හුමාලය ආශ්වස කළ යුතු බව යනාදී කරුණු ඇතුලත් උපදෙස් මාලාවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබු බවට ඉදිරිපත් කර තිබුනේ අසත්‍ය සටහනක් බව අපට අනාවරණ වුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් :

නව කොරෝනා වෛරසය දින 3-4 ක කාලයක් රැඳී තිබෙන අතර නාසයෙන් සහ මුඛයෙන් සතියක් වාෂ්ප ආශ්වාස කිරීමෙන් කෝවිඩ්- 19 වැළඳීම වළක්වා ගත හැකි බව වෛද්‍ය මතයයි යන වදන් සහිතව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) පණිවිඩයක් සේ දැක්වෙන උපදෙස් මාලාවක්, වාෂ්ප සතිය අරඹමුතේමාවෙන් රට වෙනුවෙන් අපි නමැති ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබුණි.

FacebookArchived Link

සෙල්සියස් 70 වේදී වෛරසය සම්පුර්ණයෙන්ම විනාශ වන බවත් මෙහි දක්වා තිබුණු අතර මෙවැනි කරුණු අසත්‍ය බව අප මින් පෙර ද විමර්ශන වලදී ද පෙන්වා දී තිබුණි

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහනෙහි අන්තර්ගතය පිළිබඳව කරුණු සනාථ කර ගැනීමට අප රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ ව්‍යාජ සටහනක් බව දක්වමින් එහි සටහනක් පළකර තිබුනේ මෙලෙසින්

https://www.facebook.com/gmoasl/posts/2785887915013338?__cft__[0]=AZX3uYA0qs1sxDmnkMjn3deI2uP1_oUV5lPBmrCn_vKO0R36K8GGI7pWytN4BJpIevuuHtTj7mXHGPh8_F714Z05Q6ycnIOEhj7F2pp5nfa3voEXeMuvUXns-mNtOaBersYpYyHpWuuks1J7CaVAszEXWeXGJ1vBj8D8nMXiPoDDhvZ-ZIivyR9q7XXFPZU8C6g&__tn__=,O,P-R

FacebookArchived Link

මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සිදුකළ විමර්ශනයකදී ද පවසා සිටියේ මෙවැනි ආකාරයේ උපදෙස් මාලාවක් ඔවුන් විසින් කිසිවිටෙකත් ලබාදී නොමැති බවයි

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ කෝවිඩ්-19 ව්‍යාප්තවීම වළක්වා ගැනීමට, වසංගත රෝග විශේෂඥයන්, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥයන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකතුව මේ සඳහා යෝජනා මලාවක් ඉදිරිපත් කර ඇති බවත්, විශේෂයෙන්ම මේ සඳහා සංචරනය සීමා කිරීම ඉතා වැදගත් බවත් පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධනය මේ සඳහා Avoid the three “C නමැති ක්‍රමවේදයක් හඳුුන්වා දී ඇති බවත් පවසා තිබුණි.

එහි පළමුව ඇත්තේ Avoid crowded places (ජනතාව අධික ලෙස හැසිරෙන ස්ථාන මග හරින්න) Avoid close contact settings (සමාජ දුරස්ථ භාවය තබා ගන්න) Avoid confined and closed spaces (සීමිත හා සංවෘත අවකාශයන්ගෙන් වැළකී හොඳ වාතාශ්‍රයක් ලැබෙන ස්ථානවල සිටින්න)

WHO Infographics

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පසුගියදා පැවති සාකච්ඡාවකදී පවසා තිබුණේද මුඛ ආවරණ පැළඳීම ඇතුළු යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමත්, සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් සංචරණය සීමා කිරීමත්, කොවිඩ්19 ආසාදනය වීමේ සම්භාවිතාවය අඩුකර ගැනීමට හේතුවන බවයි. එසේම ප්‍රතිශක්තිකරණය වැඩි වන ආකාරයේ ආහාර වේලක් ලබා ගැනීම, නිසි නින්දක් සහ විවේකයන් ලබා ගැනීම සහ මත්පැන් භාවිතයෙන් වැලකී සිටීම යන කරුණු ද මේ සඳහා වැදගත් බව ඔහු පෙන්වා දී තිබුනේ මෙලෙසින්

https://youtu.be/JzhhOCAnUF4?t=2924

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඔබ සහ අවට සිටින්නන් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ලබාදී තිබු උපදෙස් මාලාවේ ද එම කරුණු අඩංගු වී තිබුනේ මෙලෙසින්.

සෙල්සියස් 70 වේදී කොරෝනා වෛරසය විනාශ වන බවට පලවී තිබු කරුණු ද අසත්‍ය බව UNICEF සංවිධාන වාර්තා කර තිබුනේ මෙලෙසින්

එසේම නිසි පරිදි හුමාලය ආශ්වාස නොකරන්නේ නම් පිළිස්සීම් වීම් වැනි අවස්ථා ඇති විය හැකි බවත් හුමාලය ආශ්වාස කිරීම මඟින් පමණක් කොරෝනා වෛරසය වැළඳීමෙන් වැළකී සිටිය හැකි බවට විද්‍යාත්මකව තහවුරු වී නොමැති බවටත් බොහෝ කරුණු විමර්ෂණ කණ්ඩායම් මීට පෙර විමර්ශන සිදුකර තිබුණි. Factcrescendo | Factly | Verafiles

මේ පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිලිපීන ශාඛාවෙන් පළවූ සටහනක් මෙලෙසින් වූ අතර ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය ද පහත පරිදි නිවේදනයක් නිකුත් කර තිබුණා

https://twitter.com/WHOSriLanka/status/1321803916833484800

ඇතැම් බටහිර වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම සාම්ප්‍රදායික හෝ නිවෙස් පිළියම් මගින් COVID-19 රෝග ලක්ෂණ තාවකාලිකව සමනය කිරීමට හැකි වුවද, රෝගය වැළැක්වීමට හෝ සුව කිරීමට කිසිදු ඖෂධයක් මෙතෙක් සොයාගෙන නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි

Also Read:

FACT CHECK: උණු වතුර සමඟ ලුණු හෝ විනාකිරි එකතු කර උගුර සේදීම මඟින් කොරෝනා ආසදනයනේ මිදිය නොහැක!

FACT CHECK: හුස්ම රඳවා සිටීමේ කාලය මත කොරෝනා රෝගයට ඇති අවධානම තීරණය කල හැකි බවට පළවූ අසත්‍ය වීඩියෝවක්!

Update : ඉහත හුවමාරු වූ මුල් සටහන් පළකර තිබු Red Paper නම් සමාගම විසින් පසුව එම සටහන් සම්බන්ධයෙන් පහත පරිදි නිවැරදි කිරීමක් ද සිය ෆේස්බුක් පිටුවේ එකතු කර තිබෙනු අපට දැකගන්නට ලැබුණි Link | Archived

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ නාසයෙන් සහ මුඛයෙන් සතියක් හුමාලය ආශ්වාස කිරීමෙන් කෝවිඩ්-19 වැළඳීම වළක්වා ගත හැකි බව වෛද්‍ය මතයයි යනුවෙන් හුවමාරු වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පලකරන ලද නිල නිවේදනයක් නොවන බවයි.

මෙවැනි ක්‍රම මඟින් රෝග ලක්ෂණ තාවකාලිකව සමනය කිරීමට හැකි වුවද, රෝගය වැළැක්වීමට හෝ සුව කිරීමට කිසිදු ඖෂධයක් මෙතෙක් සොයාගෙන නොමැත. නිසි පරිදි හුමාලය ආශ්වාස නොකරන්නේ නම් පිළිස්සීම් වීම් වැනි අවස්ථා ඇති විය හැක.

Title:සතියක් හුමාලය ආශ්වාස කිරීමෙන් කෝවිඩ්-19 වැළඳීම වළක්වා ගත හැකි බවක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ නැත!

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News