FACT CHECK: කුරුවිට හමුදා කඳවුරක බුදුපිළිම ගිනිබත් කල බවට හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

Update: 2020-12-21 13:28 GMT

බුදු පිළිමයකට ගිනි තබන බව හඟවන සටහන් සහිත වීඩියෝ පට රැසක් පසුගිය දින දෙකෙහි අන්තර්ජාලයේ විශාල වශයෙන් හෝ හුවමාරු වනු දැක ගන්නට ලැබුණා

මේ පිළිබඳව අප සිදුකළ පරීක්ෂාවේදී දැකගන්නට එම දර්ශන වල දැක ගණනට ලැබුනේ බෞද්ධ සිද්ධස්ථානයක වන්දනාමානයට පාත්‍ර වූ බුද්ධ ප්‍රතිමාවක් නොව, වෙසක් පොසොන් ආදී උත්සව වල ප්‍රදර්ශන කටයුතු සඳහා 2014 වසරේදී භාවිතා කළ ප්‍රදර්ශන අංගයක කොටසක් බවයි. මෙම අනුරුව කාලයක් තිස්සේ භාවිතා නොකර තිබීම හේතුවෙන්, අගෞරවයට ලක්වන තරමට දැඩි ලෙස දිරාපත්වී තිබීම නිසා අදාල වත් පිළිවෙත් කොට බැහැර කළ අවස්ථාවකදී ලබාගත් වීඩියෝවක් නොමග යවන සුලු ආකාරයකින් හුවමාරු වන බව අනාවරණය විය.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

“හමුදා කඳවුරක බුදුපිළිම අළු කරයි…” යන තේමාව යටතේ හුවමරු වී තිබු සටහනක දක්වා තිබුනේ පහත පරිදි විස්තරයක්.

“සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයා යටතේ තිබෙන යුධ හමුදාවේ කුරුවිට කඳවුර තුළ තිබූ බුදුපිළිම එම කඳුවුරේ අණදෙන නිලධාරීයාගේ නියෝග මත ගිණිතබා විනාශ කර ඇත.

කුරුවිට ගැමුණු හේවා බලකා කඳවුරු භූමියේ සහ එම කඳවුරු සංකීර්ණයේ නිලධාරීන්ගේ මෙන්ම සොල්දාදුවන්ගේ නිවෙස් තුළ තිබූ බුදු පිළිම පවා මෙසේ විනාශ කිරීමට අණ දී තිබේ.

මේ පිළිබඳව මාධ්‍යට අදහස් දැක්වූ එම කඳවුරේ බෞද්ධ කටයුතු පිළිබඳ අනුශාසක මිල්ලවිටියේ විජේසාර හිමි පවසන්නේ මේ සම්බන්ධයෙන් වාහම පරීක්ෂණයක් පවත්වන ලෙසයි. බුදු පිළිම ගිණිතැබීම යම් සිහිමද පුද්ගලයෙකු විසින් සිදු කරණ ලද්දක් බව හුවාදැක්වීමට අදාළ නිළධාරියා කටයුතු කරමින් සිටින බවද උන්වහන්සේ හෙළිකරති” යනුවෙන් පහත වීඩියෝ පටයත් සමඟයි

https://vimeo.com/493254400

FacebookArchived Link

මෙවැනි සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වී තිබුනේ මෙලෙසින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මේ පිළිබඳව අප පාර්ශව කිහිපයකින් කරුණු විමසා සිටියා

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක තුමා:

“සමාජ මාධ්‍ය කළඹමින් පැතිර ගිය, පිලිස්සූ බුද්ධ ප්‍රතිමා ආකෘතිය ගැන යුද හමුදාව කියන කතාව” යන තේමාව යටතේ ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක තුමා සිදුකළ ප්‍රකාශයක් අපට පහත පරිදි දැක ගන්නට ලැබුණා.

“2014 වසරේ වාර්ෂික වෙසක් සහ පොසොන් කලාපවල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්ප වලින් තනන ලද මෙම බුද්ධ ප්‍රතිමාවක අනුරුව වසර ගණනාවක් වෙසක් කලාපවල ප්‍රදර්ශනය කිරීමෙන් පසු ප්‍රදර්ශනයට නුසුදුසු තත්වයට පත්වීමේ හේතුවෙන්, බුද්ධ අනුරුව තවදුරටත් විනාශයට පත්වෙමින් පැවති හෙයින්, කුරුවිට කාහෙන්ගම ශ්‍රී බෝධිමාලකාරාම විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා ලබාගෙන, නිසි ආගමික වත්පිළිවෙත් සිදු කර, එම අනුරුව ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා”

එම වීඩියෝව පහතින්.

https://youtu.be/TgANuKvEK5g

මෙම පුවත බොහෝ මාධ්‍ය හුවමරු කරගෙන තිබු අයුරු ද අපට දැක ගණනට ලැබුනා.

කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තුව :

කුරුවිට රත්නපුර පාරේ එකඳවෙල හන්දියෙන් හැරී ගමන් කළ විට මෙම ස්ථානයේ කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තුව පිහිටා තිබේ. මේ වීඩියෝව පිලිබඳ තොරතුරු අප කුරුවිට ගැමුණු රෙජිමේන්තුවෙන් ද විමසා සිටියා.

මෙම අනුරුව ලංකාව පුරා වෙසක් කලාප කිහිපයකට යොදාගත් බවත්, ආලවක දමනය නිරුපණය කිරීම සඳහා සකස්කරන ලද අඩි 6ක පමණ උස අඩි 4ක් පමණ පළල බුද්ධ අනුරුවක් බවත් පවසමින් කියා සිටියේ එය කම්බි ආකෘතියක් තුළ ප්ලාස්ටර් ඔෆ් පැරිස් සහ පරණ පත්තර පල්ප කර යොදාගනිමින් සකසන ලද බවයි. එය කිසිදු ආකාරයකට ෆයිබර් යොදාගෙන සිදු කළ නිර්මාණයක් නොවන බවත් පවසා සිටියා.

එසේම මෙය කිසිදු ආකාරයකින් වන්දනාමානයට පාත්‍ර වූ බුද්ධ ප්‍රතිමාවක් නොවන බව පැවසු එතුමා පැහැදිලි කළේ ප්‍රදර්ශන කිහිපයකින් පසුව, භාවිතයට නුසුදුසු වූ බැවින් මෙය පසෙක ලා තිබූ බවත්, පසුව වසරවලදී සිදුවූ ප්‍රදර්ශන සඳහා මෙවැනි වෙසක් කුඩු නිර්මාණ යොදාගත් බවත් ය. එබැවින් අගෞරවයට පත් වන ආකාරයටම මෙම අනුරුව පසුගිය කාලය මුළුල්ලේම දැඩි ලෙස දිරාපත් වී තිබු බැවින් මෙසේ බැහැර කිරීමට කටයුතු කළ බව පවසා සිටියා.

දැනට රටේ පවතින තත්ත්වයද සැලකිල්ලට ගනිමින් පන්සලට ස්වාමීන් වහන්සේ වැඩම කරනු වෙනුවට, මෙය බැහැර කිරීමේ කටයුතු පිළිබඳව ස්වාමීන් වහන්සේගෙන් විමසා, අදාළ වත් පිළිවෙත් සිදුකර, හමුදා මූලස්ථානයෙන් ලැබුණු පිරිත් පැන් ද ඉසීමෙන් පසුව, සැදැහැ සිතින් එම කටයුත්ත සිදුකළ බවත් අපට තවදුරටත් පවසා සිටියා.

කුරුවිට ගැමුණු රෙජිමේන්තුවේ එක් එක්කකයක ආබාදිත මෙන්ම වෙනත් රෝගී තත්වයන් යටතේ ප්‍රතිකාර ලබමින් සිටින සොල්දාදුවන් සිටින බව පවසමින් කියා සිටියේ, එම එක්කකයට අයත්, මනෝ වෛද්‍ය සායනයෙන් මානසික අවපීඩනය සඳහා ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් මෙය වීඩියෝ කර පසුව මිතුරකු සමඟ හුවමාරු කර ගැනීමෙන් පසුව මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වී තිබු බවක්.

කඳවුරු සංකීර්ණයේ නිලධාරීන්ගේ මෙන්ම සොල්දාදුවන්ගේ නිවෙස් තුළ තිබූ බුදු පිළිම පවා විනාශ කිරීමට අණ දී තිබු බවක් පැවසෙන කොටස සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවද පවසා සිටියා.

කුරුවිට ශ්‍රී විද්‍යාලෝක පිරිවෙණෙහි වැඩවසන ස්වාමීන් වහන්සේලාගේ පැහැදිලි කිරීම :

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝව පිලිබඳ කරුණු පැහැදිලි කරමින් කුරුවිට ශ්‍රී විද්‍යාලෝක පිරිවෙණෙහි පරිවේණාධිපති ඇතුළු ස්වාමීන් වහන්සේලා පවසා තිබුණේ අවුරුදු ගණනාවක් තිස්සේ දිරාපත් වෙමින් තිබු ප්‍රදර්ශන සඳහා යොදාගත්, කොටස් කැඩී ගොස් තිබු බුද්ධ අනුරුවක කොටස් බැහැර කිරීමේ කටයුතු (ආදාහනය කිරීමක්) මෙසේ සිදුකර තිබු බවත් එම කටයුතු සියල්ල ශ්‍රද්ධා සිතින් චාරිත්‍රානුකුලව සිදුවී ඇති බවත් උන්වහන්සේලා සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ බවයි.

එසේම පරිවේණාධිපති වහන්සේ පවසා තිබුනේ බුද්ධ ප්‍රතිමාවක් වශයෙන් වඩාත් සැලැකෙන්නේ විහාරස්ථානයක ආගමානුකූලව ඉදිකරන ලද ධාතු තැන්පත් කර නමස්කාර කිරීමට සුදුසු තත්වයක තැන්පත් කරන තිබෙන ප්‍රතිමාවක් බවත්, නමුත් මෙම අවස්ථාවේ බැහැර කර ඇත්තේ ප්‍රදර්ශන කටයුතු සඳහා යොදාගෙන තිබු කොටස් කැඩී දිරාපත් වූ අනුරුවක් බවයි

තත්වය මේ වන විට සම්පුර්ණයෙන්ම සාකච්ඡා කොට සමතයකට පත්වී ඇති බවත්, කුරුවිට යුධ හමුදා කඳවුර සහ ස්වාමීන් වහන්සේලා අතර ගැටළුවක් නොමැති බවත් පවසමින්, නොමඟ යවන ස්වභාවයකින් හුවමාරුවන එම වීඩියෝ පටය හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස ද ඉල්ලීමක් කර තිබුණා. එම සම්පුර්ණ වීඩියෝව පහතින්

https://youtu.be/Jxo13i8Q8Jk

කෙසේවෙතත් පිළිස්සූ බුද්ධ ප්‍රතිමා ආකෘතිය ගැන බෞද්ධ තොරතුරු කේන්ද්‍රයෙන් පැමිණිල්ලක් යන තේමාවෙන් අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි විසින් සිදුකළ ප්‍රකාශයක් මාධ්‍ය වාර්තා කර තිබු අයුරක් අපට මෙසේ දැක ගන්නට ලැබුණු අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනයක් යුධ හමුදාව තුළිනුත් පොලිසිය තුලිනුත් බලාපොරොත්තු බවක් පවසා තිබුණා.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මෙම දර්ශන වල පෙන්නුම් කරන්නේ බෞද්ධ සිද්ධස්ථානයක වන්දනාමානයට පාත්‍ර වූ බුද්ධ ප්‍රතිමාවක් ගිනිබත් කරන දර්ශන පෙලක් නොව, වෙසක් පොසොන් ආදී උත්සව වල ප්‍රදර්ශන කටයුතු සඳහා 2014 වසරේදී භාවිතා කළ ප්‍රදර්ශන අංගයක කොටසක් වූ බුද්ධ අනුරුවක්, කාලයක් තිස්සේ භාවිතා නොකර තිබීම හේතුවෙන්, අගෞරවයට ලක්වන තරමට දැඩි ලෙස දිරාපත්වී තිබීම නිසා අදාල වත් පිළිවෙත් කොට බැහැර කළ අවස්ථාවකදී ලබාගත් වීඩියෝවක් බවයි. එසේම මෙහිදී කඳවුරු සංකීර්ණයේ නිලධාරීන්ගේ හෝ සොල්දාදුවන්ගේ නිවෙස් තුළ තිබූ බුදු පිළිම විනාශ කිරීමක් සිදුවී නැහැ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:කුරුවිට හමුදා කඳවුරක බුදුපිළිම ගිනිබත් කල බවට හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්! Fact Check By: Nelson Mani

Result: Missing Context

Tags:    

Similar News