බෞද්ධ කොඩිය නිර්මාණය වුයේ 1885 පෙබරවාරි 14 වෙනි දිනද?

Update: 2021-02-14 08:44 GMT

සෑම වසරකම පෙබරවාරි 14 වෙනිදාට යෙදී ඇති වැලන්ටයින් දිනය ශ්‍රී ලාංකියන් ඇතුළු ලොව පුරා රටවල පෙම්වතුන් සමරති. ආදරවන්තයෝ සහ ආදරවන්තියෝ එකිනෙකා කෙරෙහි ඇති හැඟීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින් සුභපැතුම්, මල් සහ වෙනත් තෑගී ද හුවමාරු කර ගනිති.

මේ අතර පෙබරවාරි 14 දිනයේ බෞද්ධයින්ගේ ඓතිහාසික වැදගත් කමක් තිබෙන දිනයක් යන තේමාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් බොහෝ ලෙස හුවමාරු වෙනු දැක ගණනට ලැබුණා. වැලන්ටයින් දිනය ගැන දන්නා බොහෝ බෞද්ධයන්ට, බෞද්ධ කොඩිය නිර්මාණය කල ඓතිහාසික දිනය ගැන අවබෝධයක් නොමැති බවක් ද සටහන් කිහිපක් ම පෙන්වා දී තිබුනා. ඒ සෑම සටහනකින්ම වාගේ පෙන්වා දී තිබුනේ බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමේ ඓතිහාසික වටිනාකමක් තිබෙන දිනයක් ලෙස පෙබරවාරි මස 14 වැනිදා සැලකෙන බවයි.

කෙසේවෙතත් අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වුනේ 1885 පෙබරවාරි 14 වෙනි දින බෞද්ධ කොඩිය නිර්මාණය වූ බවට කිසිඳු නිල මුලාශ්‍රයක් නොමැති අතර බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියක් සංස්කරණ කරමින් පළවූ ලිපියක අඩංගු වී තිබු කරුණක් මෙම නොමඟ යවන සුළු පුවත් සඳහා මුල් වී තිබු බවයි

සමාජ මාධ්‍ය සටහන්:

“පෙබරවාරි 14 කියපු ගමන් වැලන්ටයින් මතක් වෙන හුගක් අය දන්නෑ පෙබරවාරි 14 කියන්නේ බෞද්ධ කොඩිය නිර්මාණය කරපු දවස කියන එක” යන අරුත සහිතව සටහන් පෙළක් හුවමාරු වී තිබුණි

Facebook LinkArchived Link
Facebook LinkArchived Link
Facebook LinkArchived

මෙම සටහන මිට පෙර වසර කිහිපයකද සමාජ මාධ්‍ය තුල හුවමාරු වූ බව අපට පෙනී ගියා. 2020 වසරේ පලවී මේ වන විට ඉවත් කරගෙන තිබෙන එවැනි සටහනක් පහතින්.

Facebook LinkArchived Link

විශාල ලෙස මෙම සටහන් හුවමාරු වීම නිසා මේ සම්බන්දයෙන් විමර්ශනයක් සිදු කිරීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම පුවත සම්බන්දයෙන් අපි ගූගල් නිව්ස් හරහා සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ ප්‍රධාන ධාරාවේ මාමාධ්‍ය කිසිවක් පෙබරවාරි 14 වෙනි දින බෞද්ධ කොඩිය නිර්මාණය වී ඇති බවට සදහන් කිසිදු පුවතක් පළකර නොමැති බවයි.

මෙම සටහන් සම්බන්දයෙන් තව දුරටත් සොයා බැලීමක් සිදු කලා. එහිදී අපට දක්නට ලැබුනේ shrawaka නම් වෙබ් අඩවියක බෞද්ධ කොඩිය පෙබරවාරි 14 වෙනි දින නිර්මාණය වී ඇති බවට සදහන් ලිපියක් 2018 වසරේ පල කර ඇති බවයි.

News LinkArchived News Link

shrawaka නම් වෙබ් අඩවියේ ඇති එම ලිපියේ එක තැනක බෞද්ධ කොඩිය පෙබරවාරි 14 වෙනිදින නිර්මාණය වී ඇති බවට සදහන් අයුරු පහතින්

තව දුරටත් කරුණු ගවේෂණයේදී අපට පැහැදිලි වුයේ shrawaka නම් වෙබ් අඩවියේ ඇති එම ලිපිය, 2010 වසරේ බුදුසරණ පුවත් පතේ පළකර තිබු ලිපියකට වචන පෙළක් එකතු කරමින් පළකර තිබු ලිපියක් බවයි.

News LinkArchived Link

මේ අනුව පෙනී යන්නේ 2010 වසරේ බුදුසරණ පුවත් පතේ පළකර තිබු ලිපිය, අයුරින්ම 2018 වසරේ shrawaka නම් වෙබ් අඩවියේ පළකර ඇති බවත්, "බෞද්ධ කොඩිය 1885 පෙබරවාරි මස 14 වෙනි දින දී නිර්මාණය වේ" යනුවෙන් අමතර කොටසක් shrawaka නම් වෙබ් අඩවියේ ඇති ලිපියේ ඇති බවත්ය.

ලිපි දෙකෙහි සංසන්දනය පහතින්.

බෞද්ධ කොඩියේ ඉතිහාසය සම්බන්දයෙන් අප කළ ගවේෂණයේදී පැහැදිලිවුයේ 1885 දී වෙසක් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් බෞද්ධාරක්ෂක සභාව එම වර්ෂයේ එළඹෙන වෙසක් පුරපසළොස්වක දින අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට තීරණය කොට එය සංවිධානය කිරීම පිණිස දස දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කල අතර, එම කමිටුව මගින් බෞද්ධ කොඩියක් නිර්මාණය කළ යුතු යි යන අදහස පල කර තිබු බවයි.

වෙසක් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනය නිකුත් වුයේ 1885 මාර්තු 27 දිනයි. බෞද්ධාරක්ෂක සභාව දස දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලද්දේ මෙම ගැසට් නිවේදනයෙන් පසුවයි. අනුව ඊට පෙර දිනයක් වූ 1885 පෙබරවාරි මස 14 වෙනි දින වන විට බෞද්ධ කොඩියක් නිර්මාණය වී තිබීම සිදුවීම බොහෝදුරට සිදුවිය නොහැකිය.

බෞද්ධ කොඩියේ ඉතිහාසය සම්බන්දයෙන් රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂක හෑගොඩ විපස්සි හිමි විසින් ලියන ලද ලිපියක් පහතින්.

News LinkArchived News Link

බෞද්ධ කොඩියේ සුළ-මුල යනුවෙන් එහි ඉතිහාසය සම්බන්දයෙන් Roar වෙබ් අඩවියේ පලකල ලිපියකද සදහන් වන්නේ බෞද්ධ කොඩියක් නිර්මාණය කර නිම කිරීමේ වගකීම කමිටුවක් වෙත පවරන ලද අතර එම කමිටුව දස දෙනෙකුගෙන් යුක්ත බවයි.

News LinkArchived News Link

කොඩියක් / ධජයක් සම්බන්දයෙන් වඩා වැදගත් වන්නේ එය නිර්මාණය කල දිනය නොව එම කොඩිය භාවිතයට ගැනුණු දිනය හෝ මුල්වරට ඔසවන ලද දිනයයි. මේ අනුව බෞද්ධ කොඩිය ප්‍රථම වතාවට එසවීම සිදුවුයේ 1885 අප්‍රේල් මස 28 දින බව වාර්තා වෙනවා

News LinkArchived News Link

ඉතිහාස මුලාශ්‍ර අනුව බෞද්ධ කොඩියේ ඉතිහාසය සම්බන්දයෙන් වැදගත් වන දිනයන් පහත පරිදි දැක්විය හැක.

  • 1885 මාර්තු 27 - ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙහි වෙසක් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීම
  • බෞද්ධාරක්ෂක සභාව වෙසක් පුරපසළොස්වක පොහොය සංවිධානය කිරීම පිණිස දස දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම
  • පොහොය දින එසවීම සඳහා බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීමේ කටයුත්ත කමිටු සාමාජිකයන්ට පැවැරිම
  • 1885 අප්‍රේල් මස 17 - කමිටුව සම්මත කල කොඩිය සරසවි සඳරැස් පත්තරය මගින් මුල්වරට ප්‍රසිද්ධ කිරීම
  • 1885 අප්‍රේල් මස 28 - ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට ෂඩ්වර්ණයෙන් යුත් බෞද්ධ කොඩිය කොටහේනේ දීපදුත්තාරාම විහාරස්ථානය, මාලිගාකන්දේ විද්යෝදය පිරිවෙණ, කොළඹ හුණුපිටියේ ගංගාරාමය, කැලණි රජමහ විහාරය, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගම් මූලස්ථානය යන ස්ථානයන්හි දී ඔසවන ලදී.

මේ අනුව පැහැදිලිවන්නේ ඉතිහාස මුලාශ්‍ර අනුව බෞද්ධ කොඩියේ ඉතිහාසය සම්බන්දයෙන් 1885 පෙබරවාරි මස 14 බෞද්ධ කොඩියක් නිර්මාණය වීම සම්බන්දයෙන් කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ ගවේෂණයෙන් පැහැදිලිවන්නේ බෞද්ධ කොඩිය නිර්මාණය වුයේ 1885 පෙබරවාරි 14 වෙනි දින යනුවෙන් හුවමාරුවන සමාජ මාධ්‍ය සටහන් නොමඟ යවන සුළු ආකාරයෙන්, කිසිඳු ඉතිහාස මුලාශ්‍රයක සඳහන් නොවන කරුණක් මත පදනම්ව හුවමාරුවන සටහන් බවයි.

ඉතිහාස මුලාශ්‍ර අනුව 1885 මාර්තු 27 දින පළවූ ගැසට් පත්‍රයක් මඟින් වෙසක් පොහෝ දින රජයේ නිවාඩු දිනයක් බව ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පිහිටවූ බෞද්ධාරක්ෂක සභාව, බෞද්ධ කොඩියේ නිර්මාණ කටයුතු සඳහා මුල්වූ බැවින් එම කමිටුව පිහිටුවීමට පෙර දිනයක දී බෞද්ධ කොඩිය නිර්මාණය වී තිබු බව සිදුවීමේ ඉඩකඩ ඉතාම අල්පය.

කොඩියක් / ධජයක් සම්බන්දයෙන් වඩා වැදගත් වන්නේ එය නිර්මාණය කල දිනය නොව එම කොඩිය භාවිතයට ගැනුණු දිනය හෝ මුල්වරට ඔසවන ලද දිනයයි. මේ අනුව බෞද්ධ කොඩිය ප්‍රථම වතාවට එසවීම සිදුවුයේ 1885 අප්‍රේල් මස 28 දිනයි.

බුදුසරණ පුවත්පතේ පළවූ ලිපියක් සංස්කරණ කරමින් පළවූ ලිපියක අඩංගු වී තිබු කරුණක් මෙම නොමඟ යවන සුළු පුවත් සඳහා මුල් වී තිබු බව ද අපට දැකගනන්ට ලැබුණා

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:බෞද්ධ කොඩිය නිර්මාණය වුයේ 1885 පෙබරවාරි 14 වෙනි දිනද?

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News