Fact Check: ශ්‍රී ලාංකික තරුණයෙක් ඕස්ට්‍රේලියාවේදී යට ඇඳුම් සොරකම් කර අත්අඩංගුවට පත්වූවා ද?

Update: 2021-02-26 05:20 GMT

සමාජ මාධ්‍ය හරහා හුවමාරු ගණන් ව්‍යාජ වත් සඳහා බොහෝ විට ඉලක්ක වන්නේ ප්‍රසිද්ධ පුද්ගලයින් වුව ද ඇතැම් අවස්ථාවල දී එසේ නොවන අවස්ථා ද දැක ගන්නට ලැබෙනවා. එසේ නිර්මාණය වන සටහන් බොහෝ දෙනා උපහාසාත්මක කෝණයකිනි දුටුවද පුද්ගල නම් සඳහන් කර හුවමරු වන මෙබඳු සටහන් හේතුවෙන් එහි සඳහන් පාර්ශවයන් වෙත දැඩි බලපෑමක් සිදුවෙනවා.

ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් සරසවියේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු යට ඇඳුම් සොරකම් කර එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව පළවූ පුවතක් මුල් කරගත් සටහන් බොහෝ විට උපහාසාත්මක කෝණයකින් ලංකාවේ සමාජ මාධ්‍ය හරහා හුවමරු වී තිබුණා. කෙසේනමුත් අපගේ විමර්ෂණයෙන් මෙය සම්පුර්ණයෙන් අසත්‍ය පුවතක් බව තහවුරු විය.

සමාජ මාධ්‍ය සටහන්:

“ශ්‍රී ලාංකික තරුණයෙක් ඕස්ට්‍රේලියාවේදී යට ඇඳුම් සොරකම් කර අසුවෙයි” යන තේමාවෙන් LankaLives නම්වූ වෙබ් අඩවියක පළවූ ලිපියක දක්වා තිබුනේ උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටින තේමිය අධිකාරි (Themiya Adikari) නම් තරුණයෙකු යට ඇඳුම් සොරකම් කිරීම හේතුවෙන් උතුරු මෙල්බර්න් පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබු බවක්.

මෙම තරුණයා ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් සරසවියේ අධ්‍යාපනය ලබා ගැනීමට 2019 වර්ෂයේදී පැමිණ බවත් එහි දැක්වෙනවා. නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක ආරක්ෂක අංශ මගින් මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අවස්ථාවේදී ඔහු සතුව තිබී කාන්තා යට ඇඳුම් 4ක් හමුවී තිබු බවත් සඳහන්. වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව යම් මානසික රෝගයකින් පෙළෙන බව අනාවරණය කරගැනීමෙන් පසුව පොලීසිය විසින් ඔහුව මානසික ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය අංශ වෙත යොමු කර තිබු බව එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා තිබුනේ පහත පරිද්දෙන්.

LankaLives | Archived

එම LankaLives වෙබ් අඩවියේ පුවත් මුල් කරගනිමින් තවත් සටහන් රැසක් ද උපහාසාත්මක කෝණයකින් හුවමාරු වී තිබුනේ මෙලෙසින්

බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබූ මෙවැනි සටහන් වල සත්‍ය කරුණු සොයා බලන ලෙස අපට ඉල්ලීම් කිහිපයක් ද ක් ලැබී තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මුලින්ම මේ සම්බන්ධයෙන් පුවතක් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය මාධ්‍ය හරහා හෝ ලංකාවේ මාධ්‍යය හරහා හුවමාරු වී තිබුනේ දැයි පරීක්ෂා කළද එවැන්නක් අපට දැකගන්නට ලැබුණේ නැහැ

ඕස්ට්‍රේලියාවේ Swinburne විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කරන ආයතනයක් වන Nawaloka College of Higher Studeis හරහා විමසීමේදී අපට දැනගන්නට ලැබුණේ තේමිය අදිකාරී නම් සිසුවා ඔවුන් හරහා උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔස්ට්‍රේලියාව වෙත ගොස් තිබූ බවයි.

මෙම පුවත හේතුවෙන් බලපෑමට ලක්වී තිබූ තේමිය අධිකාරී නම් සිසුවා සමඟද සම්බන්ධ වීමට අපට හැකිවුණා. මෙය සම්පූර්ණයෙන්ම ව්‍යාජ තොරතුරු මත පදනම් වූ වාර්තාවක් බව ඔහු පවසා සිටියා.

ඔහු තවදුරටත් පවසා සිටියේ ඉහත පුවත සිය යහළුවන් හෝ සමීප පර්ශවක් විසින් සිදුකරන ලද උපහාසාත්මක සටහනක් නොවන බවත් විරුද්ධවාදී පාර්ශවයක් විසින් සිය ෆේස්බුක් ගිණුමෙන් ඡායාරුපය ඇතුලු තොරතුරු ලබාගනිමින් තමා අපහාසයට ලක්වන අයුරින් සිදුකරන ලද ව්‍යාජ පළකිරීමක් බවත් ය. එම ෆේස්බුක් ගිණුම පරීක්ෂා කිරීමේදී දේශපාලනික සටහන් රැසක් ද අපට දැක ගන්නට ලැබුණා.

මුලික අධ්‍යයන කටයුතු ලංකාවේ නවලෝක උසස් අධ්‍යාපන ආයතනයේ නිමකර තේමිය අධිකාරී සිසුවා ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් විශ්වවිද්‍යාලය වෙත ගොස් තිබෙන්නේ 2020 වසරේ පෙබරවාරි මාසයේදී ය. ඔහුගේ ශිෂ්‍ය හැඳුනුම් පත ද යොමු කරමින් එම කරුණු සනාථ කර සිටියා.

එසේ ඕස්ට්‍රේලියාවට පැමිණි අවස්ථාවේ සිට මේ දක්වා තමාට විරුද්ධව ඔස්ට්‍රේලියානු පොලිසියේ කිසිදු අත්අඩංගුවට ගැනීමක් හෝ පැමිණිල්ලක් හෝ නොමැති බව ද පවසා සිටියා. මේ පිලිබඳ උතුරු මෙල්බර්න් පොලිසියේ ද පැමිණිල්ලක් සිදුකළ බවත් ඔහු පවසා සිටි අතර ඔවුන් විසින් තමාට විරුද්ධව කිසිඳු අධිකරණ නියෝගයක් මේ වන තෙක් නොමැති බවට සහතිකයක් ලබාදුන් බව ද අපට දන්වා සිටියා. එම වාර්තාව පහතින්.

එම ඉහත තොරතුරු ඕස්ට්‍රේලියාවේ ජාතික අපරාධ පරීක්ෂා සිදුකෙරෙන National Crime Check වෙබ් අඩවිය හරහා ඔබටද ලබා ගැනීමට පුළුවන් (Verification Codes: GKBRZSIQMJ DGQNIUUKYE)

මේ පිළිබඳව අප ස්වින්බ්ර්න් විශ්ව විද්‍යාලයෙන් ද විමසීමක් ඊමේල් හරහා විමසීමක් සිදුකළ අතර තේමිය අධිකාරී නම් සිසුවා ව ඔවුන් ද සම්බන්ධ කරගෙන තිබු අතර මුලික තොරතුරු පරීක්ෂා කර ඉහත ආකාරයේ සිද්ධියක් වාර්තා වී තිබුනේ නැති බව තහවුරු කර සිටියා.


Also Read:

FACT CHECK : නෙළුම් පොකුණ වටරවුමේ නන්දා මෝටර්ස් ආයතනයට අලාභහානි සිදුකරමින් බලපත්‍රයක් රහිතව රිය පදවා තිබුනේ මෙම තරුණියද?

Fact Check : ශ්‍රී ලංකන් ගුවන් සේවයේ, කොරෝනා අසාදිතව දැනට ප්‍රතිකාර ලබන නිලධාරියා බවට පළවන අසත්‍ය ඡායාරූපයකි.


Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් සරසවියේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු යට ඇඳුම් සොරකම් කර එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව පළවූ පුවතක් මුල් කරගනිමින් බොහෝ විට උපහාසාත්මක කෝණයකින් ලංකාවේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වී තිබුනේ අසත්‍ය සටහන් පෙළක් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ශ්‍රී ලාංකික තරුණයෙක් ඕස්ට්‍රේලියාවේදී යට ඇඳුම් සොරකම් කර අත්අඩංගුවට පත්වූවා ද?

Fact Check By: Sahan Perera

Result: False

Tags:    

Similar News