FACT CHECK: රූ රැජිණගේ කිරුළ ගැලවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති පැවසුවා ද?

Update: 2021-04-07 08:29 GMT

පසුගියදා පැවති 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟාවලියේ කිරුළ දිනාගැනීමට නිරූපණ ශිල්පි නිරූපිකා පුෂ්පිකා ද සිල්වාට හැකි වුණා. නමුත් ඇයට ඒ කිරුළ හිස දරාගෙන සිටීමට හැකිවූයේ සුළු කාලයක් පමණයි. ඒ, ඇයට කිරුළ පැළඳවූ, 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිකරගත් කැරොලින් ජුරී විසින්, පුෂ්පිකා ද සිල්වා දික්කසාද කාන්තාවක් බවට පවසමින් ඇයගේ හිසමත පැළදි කිරුළ ගැලවීමත් සමගයි. එම වීඩියෝව මෙතනින්.

මේ සම්බන්ධයෙන් නොයෙකුත් සටහන් ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ හා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙද්දි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂක්ෂණයක් සිදු කරන ලෙසට ප්‍රකාශයක් සිදුකළ බවට ෆේස්බුක් සටහන් කිහිපයක් හුවමාරු වුණා. මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයේදී පැහැදිලි වුණේ, මෙම සටහන් උපහාසාත්මක කෝණයකින් පළවූ ව්‍යාජ සටහන් බවයි

සමාජ මාධ්‍ය සටහන් :

“සර් කොච්චර කාර්යබහුල වුණත් රටේ දැවෙන ප්‍රශ්න ගැන සොයා බලනවා” (මේවා හෙන ලොකු ප්‍රශ්න අප්පා) යනුවෙන් ගංගා ජයසිංහ යන අයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.

එමෙන්ම මෙම සටහහන සඳහා එකතුකර තිබූ ඡායාරූපයේ දැක්වුණේ, හා පුෂ්පිකා ද සිල්වා කිරුළ පැළදි අවස්ථාවේ ගනු ලැබූ ඡායාරූපයක් හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඡායාරූපයකි. එමෙන්ම මෙය හිරු NEWS අංශය විසින් නිර්මාණය කරන ලද්දක් බවට හඟවා තිබුණා.

Facebook | Archived Link

එම ඡායාරූපයම උපයෝගි කරගනිමින් කිරි ටොයියා Kiri Toiya නමැති ෆේස්බුක් පිටුවක දැක්වුණේ, “පොල්තෙල් නම් මොනාද? ” යනුවෙනි. එම සටහන පහතින් දක්වා තිබේ.

Facebook | Archived Link

පාරිභෝජනයට නුසුදුසු පොල්තෙල් වල විෂ පිළිකා කාරකයක් අඩංගු වී තිබියදී එය පාරිභෝජනය සඳහා රේගුවෙන් නිදහස් කළ බවට රජයට එල්ල වන චෝදනා හේතුවෙන් ඒ ගැන නොසලකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට අණ කළායැයි සඳහන් කරමින් මෙලසෙ උපහාසත්මකව විවේචනය කර තිබුනා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරාවේ පුවත් දැක ගන්නට ලැබුනේ නැති අතර සටහන් වල දක්වා තිබුනේ හිරු පුවත් සේවය මඟින් මෙය පළකිරීමක් බැවින් ඒ පිළිබඳව ඔවුනේගෙන් විමසීමට කටයුතු කළා

හිරු NEWS අංශය විසින් ද තහවුරු කළේ, එම මාධ්‍ය විසින් මෙවන් සටහනක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර නොමැති බවත්, මෙම සටහන ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද්දක් බවයි.

මෙම සටහන් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීමට අප ජනාධිපති මාධ්‍ය අංශය සම්බන්ධ කර ගත් අවස්ථාවේදී ඔවුන් ද පැවසුවේ ජනාධිපතිවරයා මෙවැනි ප්‍රකාශයක් සිදු නොකළ බවටයි.

අප කළ වැඩි දුර විමර්ශනයේදී දැකගන්නට ලැබුණේ, Gossip Lanka News ෆේස්බුක් පිටුවේ රූ රැජිණ කිරුළ සම්බන්ධයෙන් පළ වූ සටහනක ශීර්ෂයේ දක්වා තිබුණේ, “මං හොඳටම වැටිලා ඉන්නේ ජනාධිපති කිවුවා” යනුවෙන් සටහන් කර තිබීමයි.

Facebook | Archived Link

කෙසේ වෙතත් එම සටහනේ වෙඩ් සබැඳිය නිරීක්ෂණය කිරීමේදී වුවද ජනාධිපති සම්බන්ධයෙන් කිසිම සටහනක් නොතිබුණි. එම සටහන මෙතනින්.

මෙම සටහන ෆේස්බුක් පරිශීලකියන් රැසක් අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගෙන තිබුණු අතර ඉහත සඳහන් සටහන් ද මෙය පාදක කරගෙන නිර්මාණය කළා ද විය හැකියි.

කෙසේවෙතත් පසුව පුෂ්පිකා ද සිල්වා මහත්මියට නැවත කිරුළ ලබාදෙන ලද අතර, විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදි මොකද වුණේ? | Pushpika de Silva | Mrs. Sri Lanka 2021 යනුවෙන් මාධ්‍ය වෙත කරුණු දැක්වූ අවස්ථාවක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව පැහැදිලි වන්නේ රූ රැජිණගේ කිරුළ ගැලවීම සබ්බන්ධනේ පරීක්ෂණයක් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් ප්‍රකශ කළ බවට හැඟවෙන පරිදි සකස් කළ ඉහත සඳහන් සටහන් අසත්‍ය හා ජනතාව නොමග යැවීමේ අරමුණින් උපහාසාත්මක කෝණයකින් පළ කරන ලද සටහන් බවයි.මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ජනපති විසින් මේ වන තෙක් කිසිඳු විධානයක් දී තිබුනේ නැහැ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රූ රැජිණගේ කිරුළ ගැලවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති පැවසුවා ද?

Fact Check By: Sara Gunaratne

Result: Altered

Similar News