FACT CHECK: අගරදගුරු හිමිපාණන්ට මාධ්‍ය වාරණයක්?

Update: 2021-04-28 08:58 GMT

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින මෙරට සිදු වූ කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට මේ වන විට අවුරුදු දෙකක් ගත වී තිබෙනවා. ඒ උණුහුමත් සමඟ දේශපාලනික නායකයින් මෙන්ම කතෝලික ආගමික නායකයන් ගැන ද මේ දිනවල වැඩි වශයෙන් කතාබහක් දක්නට ලැබෙන්නේ තවමත් නිසි පරිදි මෙම ප්‍රහාරයට මුල්වුවන් සොයා දඬුවම් දී නොමැති බවට මැසිවිලි නඟමින්.

මේ අතර අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් හා කතෝලික රදගුරු සම්මේලනය පිළිබඳ අසත්‍ය සඳහනක් මේ දිනවල WhatsApp ඔස්සේ හුවමාරු වුනා. මෙහි සත්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පහතින් දක්වා ඇති WhatsApp පණිවිඩය බොහෝ පිරිස් විසින් හුවමාරුකරගෙන තිබුණා. මෙහි දැක්වූයේ කතෝලික රදගුරු සම්මේලනය විසින් අගරදගුරුතුමන් හට සම්මුඛ සාකච්ඡා, හඬපට හෝ ප්‍රකාශ ලබා දීම තහනම් කර ඇති බවයි.

එමෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට භාරව සිටින්නේ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය බවත් එයට වතිකානුවේ සහය ලබා ගන්නා බවට පාස්කු ඉරිදා වින්දිතයින් පිලිබඳ සුභසාධන කටයුතු භාරව සිටින සෙත් සරණ අධ්‍යක්ෂ ගරු ලෝරන්ස් රාමනායක පියතුමා විසින් සඳහන් කළ බවටද එම WhatsApp පණිවිඩයක් හුවමාරු වුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙවැනි පුවතක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති අයුරක් දැක ගැනීමට ලැබුනේ නැති බැවින් අප මේ සම්බන්ධයෙන් විමසීමට කොළඹ අගරදගුරු පදවිය ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්ව සම්බන්ධ කරගත්තා.

එහිදී එම පියතුමන් සඳහන් කළේ, කතෝලික රදගුරු සම්මේලනය විසින් අගරදගුරු හිමිපාණන්ට සම්මුඛ සාකච්ඡා, හඬපට හෝ ප්‍රකාශ ලබා දීම සම්බන්ධව තහනම් කර ඇති බවට සඳහන් ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එමෙන්ම ලෝරන්ස් රාමනායක පියතුමා පැවසූ බවට සඳහන් කරමින් පැතිරුණ පණිවිඩයද අසත්‍ය බව පවසා සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රදගුරු හිමිපාණෝ බොහෝ කාලයක් තනිව සටන් කළ බවත් පසුව යුක්තිය ඉටු කර ගැනීම සඳහා කතෝලික රදගුරු සම්මේලනය උපකාරය ලබාගනිමින් පසුගිය මාස කිහිපයේ කටයුතු කළ බවයි. කෙසේනමුත් පාස්කු ප්‍රහාරයේ විමර්ශනය කටයුතු සඳහා යුක්තිය ලැබෙන තෙක් ඒ සඳහා දිගටම නායකත්වය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ලබාදෙන බව ද අවධාරණය කර සිටියා.

තවද මේ සඳහා වතිකානුව සමඟ මෙම විමර්ෂණ කටයුතු සිදුවෙන බව ද අසත්‍ය කරුණක් බව පියතුමන් අවධාරණය කළා.

පසුගියදා දෙරණ වැඩසටහනකට පැමිණි ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් හා ලෝරන්ස් රාමනායක පියතුමන් එම වැඩසටහනේදී පවසා සිටියේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සාධාරණයක් ඉල්ලා සිටින බවයි. එම වැඩ සටහන මෙතනින්.

Conclusion (අවසාන නිගමනය):

මේ අනුව පෙනී යන්නේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හට ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය මගින් සම්මුඛ සාකච්ඡා, හඬපට හෝ ප්‍රකාශ ලබා දීම තහනම් කර ඇති බවට හා පාස්කු ප්‍රහාරයේ විමර්ශනය සඳහා කතෝලික රදගුරු සම්මේලනය පිහිටුවා ඇති බවට හා ඒ සඳහා වතිකානුවේ සහයද ලැබෙන බව සඳහන් කරමින් WhatsApp ඔස්සේ හුවමාරුවූ පණිවිඩ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු වෙයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අගරදගුරු හිමිපාණන්ට මාධ්‍ය වාරණයක්?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News