FACT CHECK: අනුරකුමාර හා සමන්රත්නප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක හමුවුණා ද?

Update: 2021-05-19 13:12 GMT

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් ප්‍රකාශ කළ බවට සඳහන් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

අප කළ විමර්ශනයෙන් තහවුරු වුනේ මෙම සටහන් අසත්‍ය හා නොමග යවන සුළු බවයි. මේ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

  1. Dewage Wasantha යන අයෙක් විසින් සඳහන් කර තිබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පුවත්පතකට යහපාලන ආණ්ඩුව කාලේ මිනිස්සු කාලා බීලා හරි හිටියා යනුවෙන් සඳහන් කළ බවයි.

Facebook | Archived Link

  1. Rekhaa Kahandagamage යන අය විසින් සිය ෆේස්බුක් ගිණුමේ ‘අපේ සහෝදරවරු අපිට ඔක්කොම නිකන් දෙන්නෙ’ යනුවෙන් සටහන් කරමින් දක්වා තිබුණේ, සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ‘මමත් මහමැතිවරණයෙන් පැරදුනා ඒත් මාළු විකුණන්න තරම් පහත් තත්ත්වයකට පත් උනේ නෑ’ යනුවෙන් ප්‍රකාශ කළ බවට සටහනක් සහිත ඡායාරූපයකි.

Facebook | Archived Link

  1. UNP  එකෙන්  දවසෙ පඩියට පාර්ලිමේන්තු  ගිය  මේල් නර්ස්  සහොදරය   එක්ක  අපේ අනුර  සහොදරය  නයිට් ක්ලබ් ගිය  වෙලවක ගත්ත පින්තූරයක්..බයියන්ට නයිට් ක්ලබ් යන්න හොඳනම්  අනුර  සහොදරය  ගියාම මොකද” යනුවෙන් සඳහන් කරමින් Dulip Dee යන අය සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කරමින් පෙන්වීමට උත්සාහ ගෙන තිබුණේ, අනුර කුමාර දිසානායක මහතා හා සමන් රත්නප්‍රිය මහතා බවට පුද්ගලයින් දෙදෙනෙකුගේ ඡායාරූප දෙකකි.

Facebook | Archived Link

  1. Sumantha Priyangana Priyangana යන අය විසින් සඳහන් කළේ, ‘ගෝටාට කෙලවන්න.. හුමාලය අල්ලන්නේ නැතුව ඉන්න..’ යනුවෙන් බිමල් රත්නායක මහතා පැවසූ බවයි.

Facebook | Archived Link

  1. ‘17 වෙනිද ඉදන් අංක පිළිවෙල ඕන වෙන නිසා දැම්මේ’ Shantha Hp යන අය සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණා.

එමඟින් පෙන්වා දී තිබුනේ ලාල්කාන්ත මහතා විසින් “මීට අවුරුදු 32කට කලින් හැඳුනුම්පත නැති වුණු හිංදා අපේ අම්මලා තාත්තලාට එළියට යන්න බැරුව පීඩාවෙන් ඉන්නවනං කරුණාකරලා අපේ පැලවත්තෙ ශාඛාවට දුරකථන ඇමතුමක් දීලා උප්පැන්න සහතිකේ ඇතුලත් නමයි, ඉපදුණ වර්ෂයයි කියලා, අපේ සහෝදරවරුන්ගෙන් හැඳුනුම්පත් අංකය අහගන්න” යනුවෙන් සඳහන් කළ බවට දැක්වූ උපහාසාත්මක කෝණයෙන් පළවූ සටහනකි.

Facebook | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

  1. සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පුවත්පතකට ‘යහපාලන ආණ්ඩුව කාලේ මිනිස්සු කාලා බීලා හරි හිටියා’ යනුවෙන් සඳහන් කළාද යන්න අප නිරීක්ෂණය කළා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ, 2020 සැප්තැම්බර් 28 වන දින මව්බිම පුවත්පතට “විගණන කොමිසම අහෝසි කිරීම රජයේ මුදල් ගඟේ මූදේ දැමීමක්” යනුවෙන් සඳහන් කළ පුවතක් මෙලෙස සංස්කරණය කර ඇති බවයි.

එම පුවත පළවූ මව්බිම පුවත්පතේ මුල් පිටුව බැලීමට මෙතනින් (1 හා 2 පිටුව)

මේ සම්බන්ධයෙන් හඳුන්නෙත්ති මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණු පුවත් ශීර්ෂ පාඨය උපයෝගී කොටගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන සකසා තිබුණා.

එමෙන්ම සුනිල් හඳුන්නෙත්ති මහතා ‘යහපාලන ආණ්ඩුව කාලේ මිනිස්සු කාලා බීලා හරි හිටියා’ යනුවෙන් සඳහන් නොකළ බව ද ජ.වි.පෙ මාධ්‍ය ලේකම්වරයාද තහවුරු කළා.

  1. “මහමැතිවරණයෙන් පැරදුන් ඒත් මාළු විකුණන්න තරම් පහත් තත්ත්වයකට පත් උනේ නෑ” යනුවෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළ බවට පැවසූ සටහන් සම්බන්ධයෙන්ද ජ.වි.පෙ මාධ්‍ය ලේකම්වරයා පවසා සිටියේ මෙම සටහනෙන් දැක්වෙන පරිදි හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ නොකළ බවයි.

එසේම මේ සඳහා LankaTruth ෆේස්බුක් පිටුවේ පළවූ ඡායාරුපයක පසුබිමක් යොදාගෙන තිබුණු අතර එබඳු කිසිඳු සටහනක් එහි මේ වන විට දැක ගන්නට ලැබුනේ නැහැ

එමෙන්ම මෙම ඡායාරූපය පසුගියදා හඳුන්නෙත්ති මහතා සිය ෆේස්බුක් පිටුවේ “ප්‍රමිති ආයතනය බාර ජනාධිපතිවරයා විෂ පොල්තෙල් ගැන තවම ප්‍රකාශයක් කර නැහැ...” යන මෙයින් කළ මාධ්‍ය සාකච්ඡාව පිළිබඳ සඳහන් කළ ඇති සටහනේ දක්වා ඇති ඡායාරූපයයි.

Facebook | Archived Link

එමෙන්ම මෙම මාළු විකිණීම සම්බන්ධ කතාව සමාජය ඔස්සේ මෙලෙස උපහාසයකට ලක් කෙරුණේ පසුගියදා දිවයිනටම සංචරණ සීමා පනවා තිබියදී අවසර පත් නොමැතිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා ලොරි රථයක නැගී ධාවනය කිරීමේදී පොලිස් මාර්ග බාධකයේදී පොලීසියට පැවසුවේ තමන් මාළු විකිණීම සඳහා ගමන් කරන බවයි. එම පුවත මෙතනින්. ඒ හේතුවෙන් ඉහත සටහන මෙලෙස නිර්මාණය කළ ඇති බවට දැක්වීමට පුළුවන්.

  1. අනුරකුමාර දිසානායක මහතා සහ සමන්රත්නප්‍රිය මහතා රාත්‍රී සමාජ ශාලාවක සිටින බවට හඟවමින් පළ වූ සටහන් සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී මෙහි සිටින්නේ ඔවුන් දෙපළ නොවන බවට බැලූ බැල්මට පැවසිය හැකි මුත් අප මේ සම්බන්ධයෙන් ජ.වි.පෙ මාධ්‍ය ලේකම්වරයාගෙන් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රන්තප්‍රිය මහතාගෙන්ද විමසීමක් කළා.

සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ තමන් නොවන බවයි.

එමෙන්ම ජ.වි.පෙ මාධ්‍ය ලේකම්වරයාද තහවුරු කළේ, මෙම ඡායාරූපයේ සිටින්නේ අනුරකුමාර දිසානායක මහතා නොවන බවයි.

  1. බිමල් රත්නායක මහතා ‘ගෝටාට කෙලවන්න.. හුමාලය අල්ලන්නේ නැතුව ඉන්න..’ යනුවෙන් පැවසූ බවට සඳහන් සටහන්ද සම්පූර්ණ අසත්‍ය බව බිමල් රත්නායක මහතා පවසා සිටියා.

  1. “මීට අවුරුදු 32කට කලින් හැඳුනුම්පත නැති වුණු පිරිසගේ හැඳුනුම්පත් අංකය පැලවත්තෙ ශාඛාවට දුරකථන ඇමතුමක් දීලා අහගන්න” යනුවෙන් සඳහන් කළ බවට උපහාසාත්මක කෝණයෙන් පළවූ සටහන්ද අසත්‍ය හා නොමග යවන සුළු සටහන් බවයි ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශය සඳහන් කළේ.

මෙම සටහන සඳහා යොදාගෙන තිබෙන පසුබිම මීට පෙර ද ලාල් කාන්ත මහතා සම්බන්ධයෙන් පළවූ ව්‍යාජ සටහන් රැසක් සඳහා යොදාගෙන තිබූ අතර එවැනි සටහන් පිළිබඳ අප සිදුකළ විමර්ෂණයක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය):

ඒ අනුව අපගේ විමර්ෂණයෙන් පෙන්වා දිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයින් හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්රත්නප්‍රිය මහතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඉහත සඳහන් සටහන් අසත්‍ය හා නොමග යවන සුළු සටහන් බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අනුරකුමාර හා සමන්රත්නප්‍රිය රාත්‍රී සමාජ ශාලාවක හමුවුණා ද?

Fact Check By: Sara Gunaratne

Result: False

Tags:    

Similar News