FACT CHECK: නර්ථන ශිල්පී කෙවින් නුගාර පසුගියදා covid උපන්දින සාදයකට ගියාද?

Update: 2021-06-02 12:34 GMT

කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට පනවා ඇති සංචරණ සීමා නොතකා ඇතැම් පිරිස් කටයුතු කරනු මේ දින වල ප්‍රධාන මාධ්‍ය ඔස්සේ හා සමාජ මාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබුණා.

මේ අතර ඇතැම් පිරිස් අසත්‍ය පුවත් මවමින් ජනතාව නොමග යැවීමට සහ ඇතැම් පුද්ගලයන්ට අවමාන කිරීමට කටයුතු කරන අයුරු ද දැකගන්නට ලැබුණා. මුළු රටටම සංචරණ සීමා පනවා ඇති මොහොතක නර්ථන ශිල්පී කෙවින් නුගාර සාදයකට සහභාගී වූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Birthday covid party යනුවෙන් සඳහන් කරමින් Tikiri Bandara - ටිකිරි බණ්ඩාර නම් ෆේස්බුක් පිටුවක දක්වා තිබුණේ, නර්ථන ශිල්පී කෙවින් නුගාර මහතා උත්සව අවස්ථාවක කාන්තාවක් සමග නර්ථනය යෙදෙන අවස්ථාවක්. මෙම වීඩියෝපටය අයත් සටහනේ ශීර්ෂ පාඨයෙන් හඟවා තිබුණේ කෝවිඩ් වසංගතය හේතුවෙන් මුළු රටටම සංචරණ සීමා පනවා ඇති මෙම වකවානුවේ උත්සවයක් පවත්වා ඇති බවටත් එම උත්සවයට කෙවින් නුගාර මහතාද සහභාගී වී ඇති බවයි. එම වීඩියෝපටය පහතින්.

https://vimeo.com/557900012

Facebook | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

බොහෝදුරට මෙහි Birthday covid party යනුවෙන් හඟවා ඇත්තේ සංචරණ සීමා පනවා ඇති මෙම කාලවකවාණුවේදී පසුගිය 30 වනදා රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංගේ උපන්දින සාදය කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්වීම හේතුවෙන් විය හැක. මෙම උත්සවය සංවිධානය කිරීම හේතුවෙන් චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පී පියුමි හංසමාලි යන දෙදෙනාම පොලිස් අත්අඩංගුවට පත් ගෙන ඇප මත මුදා හැරියා. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත්පත් වාර්තාවක් මෙතනින්.

මෙම උත්සවයට හෝ වෙනත් උත්සවයකට සංචරණ සීමා පනවා ඇති මෙම වකවානුවේදී සහභාගී වූවාදැයි අප නර්ථන ශිල්පී කෙවින් නුගාරගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ, තමන් මෙම කෝවිඩ් සංචරණ සීමා කාලය තුළ කිසිම උත්සවයකට සහභාගී නොවූ බවයි. චන්දිමාල් ජයසිංහගේ උපන්දිනයට තමන් සහභාගී නොවූ බව අවධාරණය කරමින් පවසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ 2019 වර්ෂයේ සැප්තැම්බර් 07 වන දින තමන් විනිශ්චය කරුවෙකු ලෙස සහභාගී වූ නර්ථන තරඟයකින් අනතුරුව එදින රාත්‍රියේම එහි සංවිධායක මණ්ඩලය විසින් පැවැත්වූ උත්සවයේදී (Dinner Dance) යම්කිසි අයෙක් විසින් පටිගත කළ වීඩියෝවක් බවත් මෙම වැඩසටහන බොරලැස්ගමුව Golden Rose හෝටලයේදී පැවැත්වූ බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

කෙවින් නුගාර ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසින්. “මම දැන් බයිලා නර්ථනය උගන්වන්න යනවා. 2019 සැප්තැම්බර් වල සිදුවීමක් අරගෙන කෝවිඩ් කාලයේ පැවැත්වූ පාටියක් ලෙස සඳහන් කරමින් සංසරණය වනවා ”

https://www.facebook.com/kevin.nugara.5/videos/1839960942848196/

Facebook | Archived Link

අප එදින පැවැත්වූ එම වැඩසටහන සම්බන්ධයෙන් කළ සොයාබැලීමේදී අනාවරණය වුණේ, Feel The Beat Dance School & Jovanaz Dance Fitness Institute යන නර්ථන ආයතන විසින් සංවිධානය කළ 2nd Dancesport Championship 2019 නම් නර්ථන තරඟය 2019 වර්ෂයේ සැප්තැම්බර් 07 වන දින බොරලැස්ගමුව Golden Rose හෝටලයේදී පවත්වා ඇති බවයි. එම වැඩසටහන සම්බන්ධයෙන් පළ වූ පූර්ව ප්‍රචාරණ සටහනක් මෙතනින්.

අප මේ සම්බන්ධයෙන් බොරලැස්ගමුව Golden Rose හෝටලයේ කළමනාකරුගෙන් විමසීමක් කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන කෙවින් නුගාරගේ මෙම වීඩියෝවේ පසුබිම දැක්වෙන්නේ බොරලැස්ගමුව Golden Rose හෝටලයේ උත්සව ශාලාවක් බව තහවුරු කර සිටියා. කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් මේ දිනවල කිසිදු උත්සවයක් නොපැවැත්වූ බවත් රටේ පවතින් නීතියට අනුගත වෙමින් මෙම වකවානුවේ හෝටලය වසා ඇති බවයි ඔහු තහවුරු කළේ. ඒ හේතුවෙන් මේ වකවානුවේ කෝවිඩ් වාතාවරණය හමුවේ කිසිදු උත්සවයක් නොපැවැත්වූ බවත් වැඩි දුරටත් පවසා සිටියා.

2nd Dancesport Championship 2019 නර්ථන තරඟය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් අප නිරීක්ෂණය කළා. එම තරඟය සම්බන්ධයෙන් පළ වූ සටහන් සහිත ඡායාරූප මෙතනින් සහ මෙතනින්.

එම අවස්ථාවේදී නර්ථන ශිල්පී කෙවින් නුගාර එම නර්ථනයන් විනිශ්වය කරන අයුරු දැක්වෙන ඡායාරූප මෙසේ පළ වී තිබුණා.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කෙවින් නුගාර සිටින වීඩියෝවේ පසුබිම හා 2019 වර්ෂයේ පැවැත්වූ මෙම වැඩසටහනේ ඡායාරූපවල පසුබිමෙහි සන්සදනය පහතින්. එමෙන්ම එම තරඟය පැවති අවස්ථාවේ පසුබිම දැක්වෙන වීඩියෝවක් මෙතනින්. එහිදී යොදාගෙන තිබු තිරයේ සැකසුම, බුමුතුරණ සහ මේස මල් සැකැස්ම එකම බවද පෙනී ගියා.

කෙසේවෙතත් මෙම තරඟයේ සංවිධායකයන් දෙදෙනාගෙන් ද අප මේ පිළිබඳව කළ විමසීමේදී ඔවුන් තහවරු කළේද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කෙවින් නුගාරගේ වීඩියෝවේ දැක්වෙන්නේ 2nd Dancesport Championship 2019 නර්ථන තරඟය පැවැත්වූ දිනයේදී රාත්‍රියේ පැවති සාදයේදී ලබාගත් වීඩියෝවක් බවයි. මෙම තරඟය 2019 වර්ෂයේ සැප්තැම්බර් 07 වන දිනය පුරා පැවති බවත් එහි විනිශ්චයකරුවෙකු ලෙස කෙවින් නුගාර සහභාගී වූ බවත් ඔවුන්ද තහවුරු කර සිටියා.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පෙනී යන්නේ කෝවිඩ් හේතුවෙන් රටේ පනවා ඇති සංචරණ සීමා පනවා ඇති කාලයේදී නර්ථන ශිල්පී කෙවින් නුගාර උත්සවයකට සහභාගී වූ බවට හුවමාරු වන වීඩියෝව 2019 වර්ෂයේදී නර්ථන තරඟයකින් අනතුරුව පැවැත්වූ රාත්‍රී සාදයකදී ලබාගත් දර්ශනයක් වන අතර එම උත්සවය පැවති හෝටලයේ කළමනාකරු තහවුරු කළේ ද සංචරණ සීමා පනවා ඇති වකවානුවේදී හෝටලය විවෘත කර නොතිබුණු බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නර්ථන ශිල්පී කෙවින් නුගාර පසුගියදා covid උපන්දින සාදයකට ගියාද?

Fact Check By: Sara Gunaratne

Result: False

Tags:    

Similar News