Fact Check: අඟහරු ගමනට තේරී පත් වූ පළමු කාන්තාව, Alyssa Carson නම් 20 හැවිරිදි තරුණිය ද?

Update: 2021-06-02 06:35 GMT

අභ්‍යාවකාශ තරණය සම්බන්ධයෙන් විවිධ වූ පර්යේෂණ ලොව රටවල් බොහොමයක් සිදු කරනු ලබයි. මේ අතර අමරිකාවේ නාසා ආයතනය මුල් පෙළේ ආයතනයක් ලෙස සැලකෙනවා.

නාසා ආයතනය විසින් ප්‍රථම වරට මිනිසුන් රැගත් අභ්‍යාවකාශ යානයක් අඟහරු වෙත ගොඩ බැස්සවීමට සූදානමක් පවතින බවත් Alyssa Carson නම් 20 හැවිරිදි කාන්තාවක් එම අඟහරු ගමනට තෝරාගෙන තිබෙන පළමු කාන්තාව බවටත් සටහන් පෙළක් පිළිබඳව බොහෝ දෙනා පසුගිය දිනවල විමසිලිමත් වී තිබුණා. ඒ පිළිබඳ අපගේ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ආයෙත් නොඑන්න, අඟහරු වෙත ගමන් කරන පළමු ජීවියා Allyssa Carson” යනාදී තේමා ඔස්සේ පසුගිය දින කිහිපය පුරාම ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමරු වී තිබුණා.

චානු Creation ෆේස්බුක් පිටුවක පළවූ සටහනකින් දක්වා තිබුනේ පහත පරිදි විස්තරයක්.

ඇය නමින් අලයිසා කාසන්, ඇය 2000 වසරෙන් පසුව ඉපදුනු තරුණියක්. ඇය පොඩි කාලෙ බලපු කාටූන් එකක් නිසා තමයි ඇගේ ජීවිතයම වෙනස් වෙන්නේ. ඒ කාටූන් එකේ තියෙන්නේ අභ්‍යවකාශගාමීන් කිහිප දෙනෙක් අඟහරු ලෝකෙට යනවා. එම අභ්‍යවකාශගාමීන් අභියෝග ජයගනිමින් සාර්ථකව ගොඩබහිනවා. ඉතින් ඇයට අවශ්‍ය වුනේ ඔවුන් වගේ අඟහරු වෙත යන්න.

ඇය පොඩි කාලේ ඉදන්ම අගහරු ලෝකේ ගැන තාත්තගෙන් ප්‍රශ්න අහන්න ගන්නවා. දියණියගේ ආශාව හදුනාගත් පියා ඇයව තාරකා සහ අභ්‍යවකාශ කඳවුරු වලට යවන්න පටන් ගන්නවා. පසු ඇයට තිබ්බ ආශාව නිසාම ඉතා ලාබාල වයසේදීම ගගනගාමීයෙක් වෙන්න අවශ්‍ය සුදුසුකම් ටික සපුරගන්න පුළුවන් වෙනවා. වයසට වඩා අභ්‍යවකාශ දැනුමක් ඇති නිසා ඇයට පුළුවන් වෙනවා නාසා ආයතනය වෙතින් අගහරු වෙතට යවන පළමු ගගනගාමිය වෙන්න.

කොහොම නමුත් ඇය අගහරු වෙත යන්නේ ආයෙත් එන්න බලන් නෙමෙයි. එහි පළමු මිනිස් ජනාවාසය බිහි කිරීමේ අරමුණින්. මේ ගමන යෙදී තියෙන්නේ 2033 වර්ශයේදී. ඇය ගන්න මෙම තීරණය මිනිස් සංහතිය වෙනුවෙන් විශාල අවදානමක්. නමුත් මෙම අවධානම ගැනීමට තමා බිය නොවන බව සම්මුඛ පරීක්ෂණයක්දී ඇය කියා සිටියා. මීට කලින් මිනිසුන් රහිත අභ්‍යවකාශයාන විශාල ප්‍රමාණයක් විනාශ වුනා. ඉතින් අඟහරු වෙත යන එක ලේසි වැඩක් නෙමෙයි.

කලින් පැවසූ ආකරයට ඇය යන්නේ ආයෙත් එන්න බලාගෙන නෙමෙයි. ඒවගේම යානය ගොඩබාද්දී විවිධ ගැටළු එන්න පුළුවන්. ඇයව යවන්නේ දීර්ඝකාලීන පරීක්ෂණ කටයුතු සඳහා. මෙහෙන් යන්න පුළුවන් උනත් එහෙන් එන්න පුළුවන් තාක්ෂණ හැකියාවක් තියෙන යානයක් තවම හොයාගෙනත් නැහැ.

නවලෝකය ජයගැනීමට ඇගේ අධිෂ්ඨාණය සාර්ථක වේවා යැයි සතරදෙස අප ප්‍රර්ථනා කරමු.”

Facebook | Archived Facebook | Archived

එම පුවතේ සඳහන්ව තිබුනේ ඇය අඟහරු වෙත ගමන් කරන පළමු ජීවියා බවට පත්ව ඇති බවත් මෙසේ අඟහරු වෙත යෑම අවදානම් සහිත ගමනක් බවත් එසේ යෑමෙන් පසු නැවත පෘතුවිය වෙත නැවත ඒමේ අවස්ථාවක් ද නොමැති බවයි.

ඉහත සටහන් සඳහා පාදක වී තිබු වෙබ් අඩවියක පළවූ වාර්තාවක් මෙතනින්

මෙම පුවත ව්‍යාජ පුවතක් බව සවිස්තරාත්මක ව දක්වමින් ද මෙවැනි සටහන් රැසක් පලවී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. එබැවින් අප මේ කරුණ සම්බන්ධව වැඩි දුරටත් සොයා බැලීමට තීරණය කළා.

Fact Check (කරුණු විමර්ශණය)

අප මුලින්ම ඇලිසා කාසන් නමැති මෙම කාන්තාව සම්බන්ධ පුවත් කෙරෙහි අවදානය යොමු කළා. කාසන් දැරිය පිලිබඳව අවුරුදු 12 දී පමණ මාධ්‍ය අවධානය යොමු වන විටත් ඇය නාසා අභ්‍යවකාශ කඳවුරු කිහිපයකට ම සහභාගීව තිබුණා. කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ “Passport to Explore Space" වැඩසටහන සම්පූර්ණ කළ පළමු පුද්ගලයා ද ඇය වන බවට Astronaut වෙබ් අඩවියේ දක්වා තිබුණා.

Astronaut.com | Archived

කෙසේ නමුත් කාසන් දැරිය නාසා ආයතනයේ අඟහරු වෙත යාමට මේ වන විට ‍තෝරාගෙන ඇති බවට පිළිගත හැකි මූලාශ්‍ර අපට හමු උනේ නෑ. අලයිසා කාසන් අඟහරු වෙත යාමට නාසා ආයතනය විසින් සූදානම් කරන පළමු පුද්ගලයා බවට 2018 වසරේ සටහන් පෙළක් හුවමාරු වී තිබු අතර ඒ සම්බන්ධව Washington examiner නම් වෙබ් අඩවිය විසින් නාසා ආයතනයේ නියෝජිතයෙකු වන සීන් පොටර් නම් අයෙකුගෙන් විමසීමක් කර තිබුනා.

ඇලීසා කාසන් අඟහරු වෙත යාමට ‍තෝරාගෙන ඇත්දැයි එම වෙබ් අඩවිය විසින් අසන ලද ප්‍රශනයට ඔහු පිළිතුරු දී තිබුණේ නාසා හි මූලික මෙහෙයුම් සහ අභ්‍යවකාශ ගවේෂණය ප්‍රවර්ධනය කිරීම සඳහා ශිෂ්‍යයන් සමඟ සම්බන්ධ වීමට බොහෝ ක්‍රම නාසා සතුව ඇති අතර, ශිෂ්‍යයන් උනන්දුවක් හා උනන්දුවක් දක්වනු දැකීමට සතුටට කරුණක් නමුත්, අඟහරු වෙත යාමට හෝ ඒ හා සම්බන්ධ කිසිඳු ක්‍රියාවකට Alyssa Carson සමඟ විධිමත් සම්බන්ධතාවයක් නාසා ආයතනය සමඟ එම අවධියේ දී සිදුවී නැති බවයි.

Washington examiner.com | Archived Snopes

නාසා ආයතනයේ අභ්‍යාවකාශගාමියෙකු බවට පත්වීමට මූලික සුදුසුකම් බොහොමයක් පවතින අතර පිළිගත් ආයතනයකින් ඉංජිනේරු, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, පරිගණක විද්‍යාව වැනි විෂයක මාස්ටර්ස් (Masters) උපාධියක් ලබා තිබීම , උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු අවම වශයෙන් අවුරුදු දෙකක අදාළ වෘත්තීය පළපුරුද්දක් හෝ ජෙට් ගුවන් යානා වල අවම වශයෙන් පැය 1,000 ක නියමුවා ලෙස කටයුතු කර තිබීම වැනි කරුනු ඔවුන් සලකා බලනවා. මෙම සුදුසුකම් මේ වන තුරු Alyssa Carson විසින් ඒ සියල්ල සම්පුර්ණ කර ඇති බවක් වාර්තා වන්නේ නෑ.

nasa.gov | Archived

කෙසේ වෙතත් අප මෙම කරුණ පිළිබඳව ඇලීසාගේ පියා වන Bert Carson වෙත ඊමේල් පණිවුඩයක් යවමින් ඇය අඟහරු වෙත යාමට සුදුසුකම් ලබා ඇත්දැයි යන්න විමසා බැලුවා.

එහිදී ඇයගේ පියා අප වෙත දන්වා සිටියේ තවත් වසර 12 කින් පමණ සිදුවීමට අදහස් කර තිබෙන අඟහරු ගමන සඳහා මෙතෙක් කිසිවෙකු තෝරාගෙන නැති වුවුද අඟහරු වෙත යාමේ වැඩසටහන කෙරෙහි ඇලීසාගේ දැඩි උනන්දුවක් ඇති බවත් ඇය ඒ සඳහා සුදුසුකම් ලබාගැනීමට සිය දියණිය නිරතුරුව වෙහෙස මහන්සි වන බවත් ඇයගේ ක්‍රියාකාරකම් පිළිබඳව මෙම LinkedIn දිගුව හරහා පරීක්ෂා කළ හැකි බවත්ය.

ඇලිසා, Jacobs අභ්‍යවකාශ කටයුතු පිලිබඳ ආයතනයේ සීමාවාසික පුහුණුවක් (internship) ලබන අතර ඒ හරහා නාසා ආයතනය ද සමඟ සම්බන්ධව ද කටයුතු කිරීමට යොමු වී තිබෙන අතර එහිදී ඇය ලෝකයේ බොහෝ අභ්‍යවකාශ ඒජන්සි සමඟම කටයුතු කරන අතර මේ හරහා ද ඇයට අඟහරු ගමන සමඟ සම්බන්ධ වීමේ අවස්ථාවක් ලැබෙනු ඇතැයි ඇයගේ පියා විශ්වාස කරනවා.

තවද ඇලීසා කාසන් Florida Institute of Technology හි Astrobiology (තාරකා ජීව විද්‍යාව) පිලිබඳ උපාධියක් හදාරන අතර ඒ තුළින් ද අඟහරු ගමන අවස්ථාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද පවසනවා. අඟහරු වෙත යාමට අවස්ථාවක් ලබාගැනීමට නිරන්තරයෙන්ම වෙහෙස වෙන අයුරු පවසමින් ඇලිසා අදහස් දැක්වූ අවස්ථාවක් මෙතනින්. ඇය පිලිබඳ මැතක දී පළවූ මාධ්‍ය වාර්තාවක් මෙතනින්.

නාසා ආයතනය විසින් අඟහරු වෙත මිනිසුන් යැවීමට අවශ්‍ය තාක්ෂණයන් පිලිබඳ නිරන්තරයෙන්ම අත්හදා බලමින් සිටින අතර ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින් . අඟහරු පිලිබඳ නාසා හි වෙබ් පිටුවේ ද ඇලීසා කාසන් උපාධියක් හදාරන Astrobiology (තාරකා ජීව විද්‍යාව) පිලිබඳ සහ විශේෂයෙන් සඳහන් වන්නේ මෙලෙසින්.

මිනිසුන් පෘථිවියේ සිට අඟහරු වෙත ගෙන යෑම සහ ආරක්ෂිතව නැවත පැමිණීමේ අවකාශ සහ මුහුණ දීමට සිදුවිය හැකි බාධක ඇතුළු කරුණු පිළිබඳව පළවූ ලිපියක් මෙතනින්.

කෙසේ වෙතත් ඇලීසා කාසන් , අඟහරු වෙත යාමට බලාපොරොත්තු වන ගමන සහ ආපසු ඒම යනාදී කරුණු පිලිබඳ නවතම තොරතුරු අප නාසා ආයතනයෙන් ද විමසා සිටි අතර මෙතෙක් ඒ පිලිබඳව අපට ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. එම ප්‍රතිචාරය අනුව මෙය යාවත්කාලීන කිරීමට ද බලාපොරොත්තු වෙමු.

මේ අනුව ඇලීසා තවමත් නාසා ආයතනය විසින් සිදු කරගෙන යන අඟහරු තරණය කිරීමේ වැඩ පිලිවෙලට මෙතෙක් ‍තෝරාගෙන නැති බව පැහැදිලියි. කෙසේවෙතත්, අඟහරු ගමන සඳහා කණ්ඩායම මෙතෙක් තෝරාගෙන තිබෙන බවක් වාර්තා වන්නේ නැති අතර එයට අවශ්‍ය සුදුසුකම් සපුරාලීමට යුහුසුලුව කටයුතු කරන ඇලීසා කාසන් හට ඒ සඳහා අවස්ථාවක් ලැබේවා යයි අපද ප්‍රර්ථනා කරන්නෙමු

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව සලකා බැලීමේදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් වල දක්වා ඇති පරිදි ඇලිසා කාසන් නමැති 20 හැවිරිදි තරුණිය අඟහරු වෙත ගමන් කරන පළමු ජීවියා බවට මෙතක් තේරී පත්වී නැති බව පැහැදිලිය. මීට වසර 12 කින් සිදු කිරීමට බලාපොරොත්තු වන එම ගමන පිළිබඳව මෙතෙක් අභ්‍යවකාශගාමීන් තෝරාගෙන ඇති බවට වාර්තා වන්නේ ද නැහැ.

කෙසේවෙතත් අඟහරු වෙත ගමන් කරන කණ්ඩායමට ඇතුළත් වීමට අවශ්‍ය අධාපනික සුදුසුමකම් සහ පළපුරුද්ද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කෙරෙහි ඇලිසා කාසන් නිරතුරුවම යොමු වී තිබෙනවා. මේ අනුව ඇය වර්තමානයේ Astrobiology (තාරකා ජීව විද්‍යාව) පිලිබඳ උපාධියක් හදාරන අතර Jacobs නම් අභ්‍යවකාශ කටයුතු පිලිබඳ නිරතවන ආයතනයේ සීමාවාසික පුහුණුවක ද (internship) නිරත වී සිටිනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අඟහරු ගමනට තේරී පත් වූ පළමු කාන්තාව, Alyssa Carson නම් 20 හැවිරිදි තරුණිය ද?

Fact Check By: Sahan Perera

Result: Missing Context

Tags:    

Similar News