FACT CHECK: One-Ring Scam මගින් ඔබගේ දුරකථන නාමාවලියේ හා බැංකු ගිණුම් තොරතුරු ලබා ගන්නවාද?

Update: 2021-06-08 05:46 GMT
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව දැනුවත් කරන සටහන් අපට නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. නමුත් මෙම කරුණු නිවැරදි තොරතුරුද යන්න බව තහවුරු කර පළ නොකිරීමෙන් ජනතාව නොමග යන අවස්ථා ද අපට දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කරන ලෙසට ඉල්ලමින් පළ කළ සටහනක නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුණේ එක් වරක් පමණක් නාදවෙන ඇමතුම් ලෙසට ජාත්‍යන්තර දුරකථන ඇමතුම් රටවල් කිහිපයකින් ලැබෙමින් පවතින බවයි.

“හදිසි දැන්වීමකි ...

කරුණාකර මෙම පණිවිඩය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ට දැන් යවන්න.

පහත දුරකථන අංක වලින් ඇමතුම් ලැබෙමින් පවතී

දුරකථන: +375602605281

දුරකථන: +37127913091

දුරකථන: +37178565072

දුරකථන: +56322553736

දුරකථන: +37052529259

දුරකථන: +255901130460

හෝ +371 ,+375 ,+381 සිට ආරම්භ වන ඕනෑම අංකයකින් ඔබට ඇමතුම් ලැබිය හැක

මේ කට්ටිය එක් වරක් පමණක් නාද කර සිටී,

ඔබ නැවත අමතන්නේ නම්, ඔවුන්ට ඔබේ contact list තත්පර 3 ඇතුලත පිටපත් කළ හැකි අතර ඔබේ දුරකථනයේ බැංකුවක් හෝ ක්‍රෙඩිට් කාඩ් විස්තර තිබේ නම් ඔවුන්ට එයද පිටපත් කළ හැකිය ...

+375 කේතය බෙලාරුස් සඳහා වේ.

+371 කේතය ලැටිවා සඳහා වේ.

+381 සර්බියාව.

+563 වල්පරයිසෝ.

+370 විල්නියස්.

+255 ටැන්සානියාව.

පිළිතුරු නොදෙන්න හෝ නැවත අමතන්න එපා.

එසේම, ඔබ

# 90 හෝ # 09

අමතන්න එපා

ඇමතුම්කරුවෙකුගෙන් විමසූ විට ඔබේ ජංගම දුරකථනයෙන් ඔබගේ සිම් කාඩ් පතට ප්‍රවේශ වීම, ඔබේ වියදමින් ඇමතුම් ලබා ගැනීම සහ අපරාධකරුවෙකු ලෙස ඔබව රාමු කිරීම සඳහා භාවිතා කරන නව උපක්‍රමයකි.

ඕනෑම මැදිහත්වීමක් නැවැත්වීමට ඔබට හැකි තරම් මිතුරන් වෙත මෙම පණිවිඩය හදිසි ලෙස යොමු කරන්න !!!”

එම සටහන පහතින්.

Facebook | Archived

මෙම කරුණු WhatsApp ඔස්සේ ද බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබු අයුරු අපට දැක ගන්නට ලැබුනේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව අප සිදුකළ මුලික විමර්ෂණයේ දී අනාවරණය වූයේ මෙය ‘One-Ring Scam’ හෙවත් එක් වරක් පමණක් නාදවෙන වංචා සහගත ඇමතුම් ගණයට ඇතුළත් වන්නක් බවයි. එක් වරක් පමණක් නාද වී විසන්ධි වන (Missed Call) ලෙසට තත්ත්පරයක් දෙකකටත් අඩු කාලයකින් නාද වී ඇමතුම ලබා ගැනීමට පෙර විසන්ධි වන නාඳුනන, විදෙස් දුරකථන අංකයකින් හෝ කේතයකින් පැමිණෙන ඇමතුම් මාර්ගයෙන් සිදුවන වංචනික ක්‍රියාවක් පිළිබඳ මෙයින් විස්තර කෙරෙනවා.

ලොව ජංගම දුරකථන භාවිතා කරන්නන් මිලියන ගණනක් ඉලක්ක කරගනිමින් අහඹු ලෙස ලබා ගන්නා ඇමතුම් මගින් මෙම වංචාව සිදු කරනු ලබයි.

මෙම අංක වෙතට නැවත ඇමතුමක් ලබා ගැනීමට තැත් කිරීමේදී ඔබ නොදැනුවත්වම ඔබේ දුරකතනයේ පවතින මුදල් වංචා සහගත ලෙස කපා ගන්නා ඇමතුම් මෙසේ One-Ring’ Scam යනුවෙන් සඳහන් කරයි.

බොහෝ විට මෙම වංචනික කණ්ඩායම් මගින් ආපසු පැමිණෙන ඇමතුම සම්බන්ධ කරගෙන පිළිතුරු ලබා නොදී සිටින අතර ඇතැම් ඇමතුම් වල පටිගත කළ පණිවිඩයක් ඇසීමට සලස්වා ඇමතුම් කාල වේලාව වැඩි කිරීම ඔවුන්ගේ ප්‍රයත්නයයි.

පෙර ගෙවුම් සේවාවක් ලබා ඇත්නම් දුරකතනයේ පවතින මුදල් කැපී ඇමතුම විසන්ධි වීමක් ද බොහෝ දුරට සිදුවිය හැක. පසු ගෙවුම් සේවාවක් ලබා ගෙන ඇත්නම් ඔබ නොදැනුවත්ව බිල්පතට ඇමතුම් ගාස්තුව වශයෙන් විශාල මුදලක් එකතුවේ.

බොහෝ විට මෙම වංචනකයින් දුදරකථන ඇමතුම් අන්තර් ජාතික ප්‍රිමියම් (වැඩිපුර ගාස්තු අයවන) සේවාවන් හරහා ක්‍රියාත්මක කර ඇති අතර එමගින් විශාල මුදලක් කපා ගැනෙන බවටත් එය සාමාන්‍යයෙන් ජාත්‍යන්තර දුරකතන ඇමතුමක් ලබාගැනීමේදී වැයවන මුදලට ද වඩා වැඩි මුදලක් බවටත් අමෙරිකාවේ ෆෙඩරල් සන්නිවේදන කොමිසම (Federal Communications Commission (FCC) සඳහන් කළ වාර්තාව මෙතනින්.

මේ පිළිබඳ පළවූ වීඩියෝවක් පහතින්.

Full View

නමුත් ඉහත සමාජ මාධ්‍ය සටහන් තුළ දැක්වෙන පරිදි යම්කිසි විදෙස් දුරකතන අංක වෙතට නැවත ඇමතුම් ලබා ගැනීමේදී ඔබේ දුරකතන නාමාවලිය(Contact list)හෝ ඔබගේ බැංකු ගිණුමේ, ණයවර පතේ විස්තර ඇත්නම් ඒවාද තත්පර 3 ඇතුලත පිටපත් කර ගන්නා බවට ද සඳහන් වන කරුණු අසත්‍ය වෙයි.

එසේ කළ හැකි වන්නේ වෙනත් පාර්ශවයක් විසින් කෙසේ හෝ දුරකථනයට අවනසර පිවිසුමකින් ඇතුළත් වුවහොත් (via a malicious app or other code) හෝ ඔබ විසින් එම කටයුතු සඳහා යම්කිසි හෝ අවසරයක් ඔබගේ පැත්තෙන් ලබා දුනහොත් පමණි. මේ කරුණු ද ඇතුළත් ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ශනයක් මෙතනින්.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) තොරතුරු ආරක්ෂණ නිලධාරී රොෂාන් චන්ද්‍රගුප්තා මහතා පවසන්නේ, බොහෝ වාර්තා වලට අනුව මෙම ඇමතුම් බොහෝ දුරට බුරුන්ඩි, මලාවි, පකිස්තානය, බෙලරූස් සහ බටහිර ඉන්දීය දූපත්වලිනුත් වැනි රටවලින් පැමිණ ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව්හි විවිධ දූපත් වැනි බොහෝ රටවලින් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට ලැබී ඇති බවයි. මෙම වංචාවලදී භාවිතා කර ඇති සමහර කේත 268, 809, 876, 284 සහ 473 බව වාර්තා පවසයි. අමෙරිකා එක්සත් ජනපදයේ සහ කැරිබියානු දූපත් රාජ්‍යයවලට අයත් කේතයනුත් පැවැති බවට පැමිණිලි ලැබී ඇති බවද පවසනවා.

මීට වසර කිහිපයකට පෙර එතුමා පුවත්පත් සාකච්ඡාවක දී දැක්වූ අදහස් මෙතනින් සහ මෙතනින්.

වංචානික ලෙස ලබා ගන්නා මෙම දුරකතන අංක අවහිර කර තැබීමට ජංගම දුරකතන සේවා සපයන මෙරට පෞද්ගලික සමාගම් විසින් ද පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් පළවූ තවත් වාර්තාවක් මෙතනින්.

මෙවැනි නොහඳුනන දුරකතන අංක වලට නැවත ඇමතුම් ලබා ගැනීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලු දුරකථන පාරිභෝගිකයන් වෙත දැනුම් දෙනු ලබයි. එම දැනුම්දීම මෙතනින්.

වෙනත් ආකාරයේ දුරකථන ඇමතුම් හරහා සිදුකරන වංචනික ඇමතුම් පිළිබඳ වීඩියෝවක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය)

ඒ අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත සඳහන් වන පරිදි එක් වරක් නාද වී විසන්ධි වන One Ring Scam මඟින් නැවත එම අංකයට ඇමතුම් ලබාගැනීමට පෙළඹවීම මඟින් අන්තර් ජාතික ප්‍රිමියම් (වැඩිපුර ගාස්තු අයවන) සේවාවන් සඳහා සම්බන්ධ කර වීමෙන් ඔබ නොදැනුවත්ව දුරකථන බිල්පතට ඇමතුම් ගාස්තුව වශයෙන් විශාල මුදලක් එකතුවේ.

එසේනමුත් මෙසේ නැවත ලබාගන්නා ඇමතුම් හරහා ඔබේ දුරකථන නාමාවලිය හෝ ඔබගේ බැංකු ගිණුමේ, ණයවර පතේ විස්තර ඇත්නම් ඒවාද පිටපත් කර ගන්නා බවට සඳහන් යන කරුණු අසත්‍යක්.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සියලු දුරකථන පාරිභෝගිකයන් වෙත දැනුම් දෙනු ලබන්නේ මෙවැනි නාඳුනන දුරකථන අංක වලට නැවත ඇමතුම් ලබා ගැනීමෙන් වළකින ලෙසයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Claim :  One-Ring Scam මගින් දුරකථන නාමාවලියේ හා බැංකු ගිණුම් තොරතුරු ලබා ගන්නවාද?
Claimed By :  Social Media Users
Fact Check :  MISLEADING
Tags:    

Similar News