FACT CHECK අබ්දුල් කලාම් මහතාගේ වැඩිමහල් සහෝදරයා කුඩ අලුත්වැඩියාව ජීවිකාව කරගනිමින් ජීවත් වුනාද?

Update: 2021-06-14 17:04 GMT

දේශපාලකයන්ගේ බලය හේතුවෙන් විවිධ වරප්‍රසාද ලබාගන්නා ඔවුන්ගේ හිතවතුන් සහ නෑදෑ පිරිස් සම්බන්ධයෙන් මෙරට මහ ජනතාව බහුතරයකගේ ඇත්තේ අප්‍රසාදයක්. සමාජ මාධ්‍යයෙන්ද මේ සම්බන්ධයෙන් ‍නිරන්තරයෙන් විවේචනයන් එල්ල වනවා ‍අපට දැකගන්නට පුළුවන්. නමුත් මේ ආකාරයට තම දේශපාලන බලය අයුතු ලෙස භාවිතා නොකරන පුද්ගලයින් පිළිබඳව ද සටහන් පළවෙනු අපට දැකගන්නට ලැබෙනවා.

මේ අතර මේ වන විට ජීවිතක්ෂයට පත් වී ඇති ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයෙකුව වන අබ්දුල් කලාම් මහතාගේ වැඩිමහල් සහෝදරයා තම සහෝදරයාගේ දේශපාලන බලයෙන් අයුතු ප්‍රයෝජන නොගෙන ඔහුගේ කුඩ අලුත්වැඩියා කිරීමේ සුළු රැකියාව කරගෙන සිටින බව පෙන්වන ඡායාරුප සටහනක් මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. එම ඡායාරූපයේ දැක්වුණේ සැබවින්ම අබ්දුල් කලාම් මහතාගේ සහෝදරයෙක්ද යන්න අප කළ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

මේ ඉන්දීය හිටපු ජනපති ආචාර්ය අබ්දුල් කලාම්ගේ වැඩිමහල් සොයුරු. ඔහු තාමත් පුංචි නිවසක දිවිගෙනව අතර කුඩ අලුත්වැඩියා කරමින් වයස්ගතව ජීවත් වෙයි. ඒකට අපේ එකෙක් මන්ත්‍රී කෙනෙක් උනානම් පරම්පරාවම වාහන, මන්දිර, ව්‍යාපාර අරන් තොපිට හෙන ගහලත් මදි!”යනුවෙන් සඳහනක් Dilan Pushpakumara නම් අයෙකු කිසිම දේශපාලුවෙකුට කඩේ නොයන්නන්ගේ සංගමය නම් ෆේබුක් සමූහයක් වෙත පළ කර තිබුනා.

Facebook | Archived Link

එම සටහන වෙනත් ෆේස්බුක් පරිශීලකයින් කිහිප දෙනෙක් ම හුවමාරු කරගෙන තිබු අයුරු ද අපට මෙසේ දැක ගැනීමට ලැබුණා.

අබ්දුල් කලාම් මහතාගේ වැඩිමහල් සොහොයුරා යයි පවසන අයෙකුගේ ඡායාරූපයක් සමග සමග එක් කර තිබුණු එම සටහනට අනුව හිටපු ජනාධිපතිවරයාගේ වැඩිමහල් සොහොයුරා කුඩ අලුත්වැඩියා කරමින් ජීවත් වන වයස්ගත පුද්ගලයෙකි. එම ස්ථානයේ අබ්දුල් කලාම් මහතාගේ ඡායාරූපයක්ද දකින්නට පුළුවන්.

අප මේ පුවතේ සත්‍යතාවය පරීක්ෂා කර බැලීමට තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ආචාර්ය අබ්දුල් කලාම් මහතා සහෝදරයන් 4 දෙනෙකු සහ 1 සහෝදරියකගෙන් කින් යුත් පවුලේ ලාබාලතම සාමාජිකයායි. එසේමනමුත් ඔවුන් අතරින් අබ්දුල් කලාම් මහතා වඩාත්ම සමීපතව කටයුතු කර තිබුනේ සිය වැඩිමහල්ම සොහොයුරු සමඟයි.

Mohammed Muthu Meera Lebbai Maraikayar නම් එම සොහොයුරා ද 2021 වසරේ මාර්තු මාසයේදී මියගොස් තිබුනේ වයස අවුරුදු 104ක් ආයු වැළඳීමෙන් පසුවයි. කෙසේනමුත් ඒ මහතාගේ හැඩරුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ කුඩ අලුත්වැඩියා කරන පුද්ගලයාගේ ඡායාරූපයට වෙනස් බව පෙනී යයි.

අබ්දුල් කලාම් මහතා සහ සිය වැඩිමහල් සොහොයුරා සමග සිටින ඡායාරූපයක් පහතින්.

ෆේස්බුක් සටහනේ ඡායාරූපය හා කලාම් මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ (Muthu Meera Maraikayar) ඡායාරූප සංසදනය පහතින්.

මීරා මහතාගේ අභාවය පිළිබඳව සහ ඔහු පිළිබඳව විස්තරයක් හින්දු පුවත්පතේද පළ කර තිබුණා. අබ්දුල් කලාම් මහතා මෙන්ම මීරා මහතා සරළ ජීවිතයක් ගත කළ අයෙකු වන අතර ඔහු සමගින් සිටින අයට උදව් කරමින් ජිවත් වුන අයෙකු බවට එහි සඳහන් වනවා. මීරා මහතාගේ අභාවය පිළිබඳව පළ වූ වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

අබ්දුල් කලාම් මහතා විසින් පවත්වාගෙන ගිය භාරකාර අරමුදලේ එක් භාරකරුවෙක් ලෙස මෙම වැඩිමහල් සොහොයුරු Mohammed Muthu Meera Lebbai Maraikayar කටයුතු කර තිබෙනවා. ඒ බව සඳහන් වෙබ් පිටුව මෙතනින්.

2016 වසරේ අබ්දුල් කලාම් මහතාගේ සහෝදර මීරා මහතා විසින් News7 නම් යූටූබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් සඳහා පෙනී සීටින අයුර අපට දැකගන්නට ලැබුනා. දමිළ බසින් කෙරෙන මේ සාකච්ඡාවේදී ඔහුගේ පැරණි මතකයන් පිළිබඳව කතා බහ කෙරෙන අතර එහි කිසිම තැනක ද ඔහු කුඩ අලුත්වැඩියා කරමින් ජීවිකාව ගෙන ගිය බවට කිසිදු ප්‍රකාශයක් කරන්නේ නෑ. එම වීඩියෝව පහතින්.

https://www.youtube.com/watch?v=cs6UMVaXuvQ

අබ්දුල් කලාම් මහතාගේ අනෙකුත් වැඩිමහල් සහෝදරයින් දෙදෙනා සහ සොහොයුරිය සම්බන්ධයෙන් වැඩි වශයෙන් සඳහනක් දක්නට ලැබෙන්නේ නැති අතර ඔවුන් 2000 වසර ද පෙර මියගොස් ඇති බව ද අබ්දුල් කලාම් මහතාගේ Wikipedia පිටුවේ සඳහන්. ඔවුනේ ඡායාරුප ද දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

Family Tree

මෙම සටහන් මීට වසර කිහිපයකට පෙර හිටපු ඉන්දීය ජනපති අබ්දුල් කලාම් මහතාගේ 2015 ජුලි මාස අභාවයෙන් දින කිහිපයකට පසුව ඉන්දියාවේ ද විශාල වශයෙන් මෙසේ හුවමාරු වී තිබුණා.

ඉන්දියාවේ ඉහත නොමඟ යවන සුළු ඡායරූපය යොදාගනිමින් හුවමාරු වූ සටහන් හේතුවෙන් මෙම ඡායාරුපය සහිත සටහන් සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් පළවූ කරුණු අනාවරණයක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය) :

ඉහත කරුණු අනුව සලකා බැලීමේදී පෙනී යන්නේ අබ්දුල් කලාම් මහතාගේ සහෝදරයෙකු ඉන්දියාවේ කුඩ අලුත්වැඩියා කිරීමේ වැඩපලක් පවත්වාගෙන යන බවට පැවසෙන පුවත නොමඟ යවන සුළු අසත්‍ය පුවතක් බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරුපයේ සිටින්නේ 2021 මාර්තු මස වියෝ වූ අබ්දුල් කලාම් මහතාගේ වැඩිමහල්ම සොහොයුරා නොවේ. ජීවත්ව සිටි සමයේදී ද ඔහු කුඩ අලුත්වැඩියා කරමින් ජීවිකාව ගෙවූ බවට කිසිදු වාර්තාවකද සඳහන් වන්නේ නැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අබ්දුල් කලාම් මහතාගේ වැඩිමහල් සහෝදරයා කුඩ අලුත්වැඩියාව ජීවිකාව කරගනිමින් ජීවත් වුනාද?

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News