Explainer: දකුණු ආසියාවේ මේ දක්වා Pfizer එන්නත ලැබී තිබෙන රටවල් මොනවා ද?

Update: 2021-07-06 08:59 GMT

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් සිය නිල ට්විටර් ගිණුමේ පළ කළ ට්විටර් පණිවිඩයක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. එම පණිවිඩයේ සඳහන් වූයේ Pfizer නමැති කොවිඩ් එන්නත දකුණු ආසියාවේ ප්‍රථම වරට අත්පත් කර ගත් / ලබා ගත් (acquire) රජය වන්නේ ශ්‍රී ලංකාව බවයි.

අමෙරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත් පළමු තොගය ජුනි 05 වැනිදා අලුයම කටාර් ගුවන් සේවයට අයත් QR 668 දරණ ගුවන් යානයෙන් මෙරටට ළඟා වූ අතර ඊට මාත්‍රා 26,000 ක් ඇතුළත් වන අතර Pfizer එන්නත් ලක්ෂ දෙකක් මෙම මාසය තුළ කොටස් වශයෙන් ලැබීමට නියමිත බව ද පුවත් වාර්තා කර තිබුණා. එම අවස්ථාවේ දර්ශන මෙතනින්.

කොවිඩ් වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීය හැකි Pfizer එන්නත, මැසෙන්ජර් RNA එසේත් නැත්නම් mRNA වර්ගයේ එන්නතකි. Pfizer එන්නත මිනිස් සිරුර තුළ ක්‍රියාකරන්නේ කෙසේද? යනුවෙන් දෙරණ පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Explainer: කෝවිඩ් සඳහා මිශ්‍ර එන්නත් ලබා ගැනීම සුදුසු ද?

Pfizer එන්නත මෙරටට ගෙන ඒමට කටයුතු සැලසීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිණුමේ පළ වී තිබී පසුව ඉවත් කරගෙන තිබු පහත සටහන සම්බන්ධයෙන් බොහෝ දෙනා මෙන්ම මාධ්‍ය ඔස්සේ ද කතාබහට ලක්වී තිබුණා.

Archived Link

Pfizer නමැති කොවිඩ් එන්නත දකුණු ආසියාවේ ප්‍රථම වරට අත්පත් කර / ලබා ගත් (acquire) රජය වන්නේ ශ්‍රී ලංකාව බවත්, මගේ රජය යටතේ ලාංකිකයන් සියලු දෙනා එන්නත් ලබා දීම පිළිබඳ තමන් ආඩම්බර වන බවද ජනාධිපතිවරයා එම පණිවිඩයෙන් සඳහන් කර තිබෙනවා.

එම පණිවිඩය හේතුවෙන් ඇතමුන් විවේචනය කළේ, ජනාධිපතවරයා විසින් පැවසූ තොරතුරු අසත්‍ය බවත් එමඟින් ජනතාව නොමග යෑමක් සිදුවී තිබු බවත්ය. එම විවේචන බොහොමයක සඳහන් වී තිබුනේ මීට ලංකාවට පෙර Pfizer එන්නත මාලදිවයිනට ගෙන්වා ඇති බවයි.

මාධ්‍ය සටහන් :

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු ඇතැම් ප්‍රධාන මාධ්‍යද මෙම පණිවිඩය සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබුණා.

Bharatha Thennakoon නමැති පුද්ගලයෙකු විසින් සඳහන් කර තිබුණේ,

ලංකාවේ ජනාධිපතිවරයා පවසන පරිදි Pfizer එන්නත ලබා ගත් පළමු දකුණු ආසියානු රටවන්නේ ලංකාව නොවේ. මීට පෙර අවම වශයෙන් මාලදිවයිනවත් ලංකාවට පෙර එම එන්නත ලබා ගෙන ඇති බව සහතික වී තිබේ යනුවෙනි.

Facebook | Archived Link

ලංකාවට කලින් මාලදිවයිනට Pfizer එන්නත් ලැබිලා. යනුවෙන් අද පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link Archived Link

Easwaran Rutnam විසින් සිය ට්විටර් ගිණුමේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයද, UNICEF Maldives ගිණුමෙන් නිකුත් කර තිබූ ට්විටර් පණිවුඩයද සන්සන්දනය කර තිබුණේ Pfizer එන්නත දකුණු ආසියාවේ ප්‍රථම වරට ගෙන්වූ රට බවට ප්‍රකාශ කිරීමෙන් ජනතාව නොමග ගොස් ඇති බවයි. මාලදිවයින මාර්තු මාසයේදී Pfizer එන්නත ගෙන්වා ඇති බවට එම පණිවුඩයෙන් සඳහන් කර තිබුණා.

Twitter | Archived Link

කෙසේවෙතත් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ට්විටර් ගිණුමෙන් ඉවත්කරගෙන තිබූ ට්විටර් පණිවිඩය වෙනුවට නව ට්විටර් පණිවුඩයක් පළකර තිබුණේ දකුණු ආසියාවේ ප්‍රථම වරට Pfizer එන්නත මිලදී ගනු ලැබුවේ (Purchase) ශ්‍රී ලංකාව බවයි. එම පණිවිඩය පහතින්.

Facebook | Archived Link

දකුණු ආසියාවේ ෆයිසර් එන්නත මිලදී ලබාගත් පළමු රට ශ්‍රී ලංකාවයි යනුවෙන් එම එන්නත් තොගය නාරාහේන්පිට රුධිර පාරවිලනය මධ්‍යස්ථානය වෙත ගෙන ආ අවස්ථාවද ඇතුළත් ව පළවූ පුවතක් මෙතනින්.

ජනපති ට්විටර් පණිවුඩයේ සිදුකළ වෙනස්කම් මොනවාද ?

ජනපති විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩ දෙක පරීක්ෂා කිරීමේ දී අපට දැක ගන්නට ලැබුණේ එහි සිදුකර තිබු එකම වෙනස දකුණු ආසියාවේ ෆයිසර් එන්නත Acquire ( අත්පත් කරගත් / ලබා ගත්) යන වචනය වෙනුවට Purchase (මිලදී ගත්) ප්‍රථම රට ශ්‍රී ලංකාව යනුවෙන් සිදුකර තිබු වෙනස්කමයි.

Pfizer එන්නත ලංකාවට පෙර වෙනත් දකුණු ආසියාතික රටවලට ගෙන්වා තිබේද?

අප කළ නිරීක්ෂයේදී තහවුරු වුණේ ලංකාවට පෙර දකුණු ආසියාතික රටවල් කිහිපයක් ම මෙම එන්නත ගෙන්වා ඇති බවයි. කෙසේනමුත් එන්නත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා Pfizer එන්නත් මිල දී ගැනීමට කටයුතු කර, එසේ එන්නත් ලැබී තිබු වෙනත් දකුණු ආසියානු රටක් මේ දක්වා වාර්තා වන්නේ නැහැ.

සමාජ මාධ්‍ය සටහන් රැසක දක්වා තිබු පරිදි මාර්තු මාසයේ දී Pfizer එන්නත් 5850ක් COVAX පහසුකම යටතේ මාලදිවයනට ලබාදී තිබු බව මාලදිවයිනේ UNICEF ආයතනය විසින් පලකරන ලද ට්විටර් පණිවුඩයක දක්වා තිබු අයුරු පහතින්.

https://twitter.com/UNICEFMaldives/status/1375068894117781505

Twitter | Archived Link

එමෙන්ම පාකිස්ථානය මැයි මාසයේ දී Pfizer එන්නත් ලක්ෂයක් COVAX පහසුකම යටතේ ලැබුණු බවට UNICEF Pakistan පලකරන ලද සටහන පහතින්.

https://www.facebook.com/unicefpakistan/videos/1415146858848070

Facebook | Archived Link

මැයි මාසයේ දී බංග්ලාදේශයටද COVAX පහසුකම යටතේ Pfizer එන්නත් මාත්‍රා 106,000ක ප්‍රමාණයක් ලැබී තිබු බවට පළ වූ වාර්තාවක් පහතින්.

https://www.facebook.com/100117146754830/posts/3591135017653008

Facebook | Archived Link

ඉදිරියේදී ද බංගලදේශය සහ අප්‍රිකානු රටවල් කිහිපයකටම Pfizer එන්නත ලබා දීමට කටයුතු කරන බවට ඩකා අගනුවර ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ජුනි මාසයේ නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක ද මෙසේ දක්වා තිබුණා.

එමෙන්ම භූතානයද පසුගිය මැස මසදී COVAX පහසුකම යටතේ Pfizer එන්නත් 5850 ක්ද ලැබී තිබුණා.

https://www.facebook.com/140918395943068/posts/4335809666453899

Facebook | Archived Link

නේපාලය සහ ඇෆ්ගනිස්ථානයට මෙතෙක් Pfizer එන්නත් ලබා දී තිබු බවට වාර්තා වන්නේ නැති අතර. එසේම ඉන්දියාවේ Pfizer එන්නත සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නැති අතර ඉහත පරිදි COVAX පහසුකම යටතේ ප්‍රදානයක් ලැබී තිබුනේ ද නැහැ.

COVAX Afghanistan | COVAX Nepal | COVAX Sri Lanka

ඒ අනුව දකුණු ආසියාතික රටවල් කිහිපයකට (මාලදිවයින, බංග්ලාදේශය, පකිස්තානය, භූතානය) ලංකාවට පෙර Pfizer COVAX පහසුකම යටතේ ප්‍රදානයන් වශයෙන් ලැබී තිබු බව පෙනී යනවා.

නමුත් දකුණු ආසියාවේ කිසිඳු රටක් විසින් මීට පෙර Pfizer එන්නත ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා එන්නත් අදාළ රටවලට ගෙන්වා තිබූ බවට වාර්තා පළවන්නේ නැහැ.

කෙසේනමුත් පකිස්ථානය විසින් පසුගිය ජුනි මස 22 වැනිදා Pfizer එන්නත් මිලියන 13ක් එරටට මිල දී ගැනීමට කටයුතු ආරම්භ කොට ඒ සඳහා ගිවිසුම්ගත වූ බවට පකිස්ථානයේ ෆයිසර් සමාගමේ නියෝජිතයා විසින් සිදුකර තිබු ප්‍රකාශයක් මෙතනින්. නමුත් මෙම එන්නත් මේ දක්වා පකිස්ථානය වෙත ලැබී නැහැ.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා

මේ පිළිබඳව අප ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගෙන් වැඩිදුර කරුණු විමසා සිටියා. එහිදී ඒ මහතා පවසා සිටියේ Pfizer සමාගම සමඟ අවසන් වතාවන් කිහිපයේදී ම පැවැත්වූ සකච්ඡාවලදී මෙසේ දකුණු ආසියාවේ ප්‍රථම වරට එම එන්නත, ෆයිසර් සමාගම හරහා නිල වශයෙන් මිලදී ගත් පළමු රට ශ්‍රී ලංකාව බවට ඔවුන් පැවසු බවයි. මීට පෙර කලාපීය රටවල් ඇතුළු ලොව බොහෝ රටවල් සඳහා COVAX වැනි පහසුමක් යටතේ ෆයිසර් එන්නත් ලබා දී තිබුණ ද ඒවා ප්‍රදානයන් වන අතර ප්‍රසම්පාදනය ක්‍රියාවලියක් හරහා මෙම එන්නත මිල දී ගැනීම් කටයුතු අවසන් කළ දකුණු ආසියාතික පළමු රට ලංකාව බවයි.

සැබවින්ම ශ්‍රී ලංකාවට මේ ආකාරයෙන් Pfizer එන්නත ලබා ගැනීමට හැකිවීම ලංකාව ලැබූ ජයග්‍රහණයක් බවත් රටවල් රැසක් එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාමය මට්ටමේ සිටිය ද ලංකාවට එම අනුමැතිය ලැබී එන්නත් ද ගෙන ඒමට කටයුතු සැලසුනේ ඒ සඳහා අවැසි සියලුම අවශ්‍යතා සපුරා ලු බැවින් බවත් පැහැදිලි කළා.

මේ සඳහා අවශ්‍ය වූ අරමුදල් ලෝක බැංකුව හරහා සපයා ගැනීමට අමතරව අඩු උෂ්ණත්ව යටතේ ආරක්ෂිතව ගබඩා කිරීමේ පහසුකම් ඒ සඳහා ගින්නෙන් සිදුවිය හැකි හානි පිලිබඳ ආරක්ෂාවන් (fire safety) සහ Generator backups යන සියල්ල අපේක්ෂිත මට්ටමට සපුරා ලීමෙන් පසුව පමණක් මෙසේ එන්නත මෙරටට ගෙන්වීමට අනුමැතිය ලැබුණු බවත් වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැහැදිලි කර සිටියා.

මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ Pfizer එන්නත ලැබුණු මුල් රට ලංකාව නොවීම පිළිබඳ ඉස්මතු කරමින් වාර්තා කිරීම කණගාටුදායක බවත් මේ මොහොතේ එන්නත්කරණ වැඩපිළිවෙළට දායක වීම සියලු දෙනාගේ ම වගකීමක් බවත් එතුමා අවධාරණය කර සිටියා. කෙසේවෙතත් ලංකාවේ හුවමාරු වන පුවත් සම්බන්ධයෙන් Pfizer සමාගම විසින් ද නිල නිවේදනයක් නිකුත් කරනු ඇති බව ද ඒ මහතා පවසා සිටියා. Pfizer සමාගම විසින් එසේ නිල නිවේදනයක් නිකුත් කළහොත් එය මෙම ලිපියේ යාවත්කාලීන කිරීමට ද අප බලාපොරොත්තු වෙමු.

ෆයිසර් එන්නත් මිලියන 5ක් ලංකාවට ප්‍රසම්පාදනය කිරීමේ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එහි පළමු අදියර ලෙස එනනත් තොගයක් ජුනි 05 වැනිදා පැමිණි ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණා.

World Bank SL

ෆයිසර් ලබාදීමට බලාපොරොත්තු වන්නේ කාට ද යනාදී කරුණු ද ඇතුළත් ව ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත: ඇස්ට්‍රාසෙනෙකා ගත් අයට දෙවෙනි මාත්‍රාව ලෙස ෆයිසර් ගත හැකිද?? යන තේමාවෙන් පළවූ BBC සිංහල පුවත් වාර්තාවක් මෙතනින්

Also Read: FACT CHECK: දකුණු ආසියාතික රටවල් අතරින් ලංකාවේ එන්නත්කරණ ප්‍රතිශතය ඉදිරියෙන්ම?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දකුණු ආසියාවේ මේ දක්වා Pfizer එන්නත ලැබී තිබෙන රටවල් මොනවා ද?

Fact Check By: Sara Gunaratne

Result: Explainer

Tags:    

Similar News