FACT CHECK: දුර්ලභ රත්හඳුන් ශාක කඳන් පෙළක් ද?

Update: 2021-07-10 05:32 GMT

රත් හඳුන් යනු ලංකාවේ සුලභව දක්නට ලැබෙන ශාකයක් නොවේ. එවැනි රත් හඳුන් ශාක කඳන් පෙළක් කපා දමා තිබු අවස්ථාවක් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයකය දක්වා ඇත්තේ රත් හඳුන් ශාකයක්ද යන්න විමසා බැලීමට අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මත අප ඒ පිළිබඳ විමර්ශනයක යෙදුණා. එම විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

අපි නොදුටු ලෝකය Api Nodutu Lokaya ෆේස්බුක් පිටුවට Indu Kalpana නමැති කාන්තාවක් “කලාතුරකින් දකින්න ලැබෙන රත්හදුන්  ගස  මම දකින්නෙත් අදයි  යාළුවනේ” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් එකතු කර තිබුණා.

Facebook | Archived Link

මීට වසරකට ඉහත දී ෆේස්බුක් වෙත එකතුකර තිබු මෙම සටහන ෆේස්බුක් සටහන මේ වන විට පරිශීලකයින් 31,000ට අධික ප්‍රමාණයක් අතරේ හුවමාරු කර වී තිබෙනවා.

එම සටහන් හේතුකොට ගෙන බොහෝ පිරිසක් අතරේ මෙම ඡායාරුපය නැවත නැවතත් හුවමාරු වී තිබු අවස්ථා ගණනාවක් පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර මෙම ශාකය Red wood නැතහොත් රතු දැව ලෙස හඳුන්වන බවට තොරතුරු තහවුරු වුණා. එමෙන්ම ඉහත සඳහන් ඡායාරූප ලබා ගත් බවට සඳහන් කළ හැකි වීඩියෝවක් Pinterest වෙබ් අඩවියේ දැක්වුණේ මෙලෙසින්.

https://vimeo.com/572519491

Pinterest.com | Archived Link

මීට වසර කිහිපයකට පෙර මුලින්ම පලවී තිබු මෙම වීඩියෝව සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී රතු දැවෙන් නිර්මාණය කරන ලද මේසයක් (Redwood Conference Table) යනුවෙන් ඉහත සඳහන් වීඩියෝව හුවමාරු වී තිබුණු ආකාරය මෙතනින් සහ මෙතනින්.

Re‍dwood නැතහොත් Sequoioidea රතු දුඹුරු පැහැති කඳකින් හෙබි තේජාන්විත සදාහරිත වෘක්ෂයක්යකි. මෙම ශාකය පිළිබඳ විකිපීඩියා වාර්තාවක් මෙතනින්. Redwood ශාක පැතිකඩ ඡායාරුප මෙතනින්. කැලිෆෝනියාවේ Re‍dwood ජාතික උද්‍යානයේ වීඩියෝවක් මෙතනින්. Brazilian Redwood ඡායාරුප පෙළක් මෙතනින්.

අප්‍රිකාවේ රතු දැව ශාක ජාවාරම් සහ චීන වෙළඳපොළ යන මැයෙන් පළ වූ විදේශිය වාර්තාවක ද මේ හා සමාන කරුණු පිළිබඳව මෙසේ දක්වා තිබුණි. ඉහත වීඩියෝවේ ද දක්නට ලැබෙන්නේ ද චීන ජාතිකයින්ට සමාන ජාතිකයින් පිරිසක් කර්මාන්තශාලාවක සේවය කරන අයුරුයි.

කෙසේවෙතත් ඉහත වීඩියෝවේ දර්ශන වැඩිදුරත් පරීක්ෂා කිරීමේ දී Red Padauk (Pterocarpus) ශාක වර්ගයට වැඩිපුර සමාන බවක් ද දැක ගන්නට ලැබුණා. එවැනි ඡායාරූප කිහිපයක් මෙතනින්. මෙම ශාකයේ පැතිකඩ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරූපයට බොහෝ සමාන කමක් ද පෙන්නුම් කරනවා.

ආසියාවේ සහ අප්‍රිකාවේ Padauk වර්ග රැසක් පවතින අතර කල්පැවැත්ම සහ ශක්තිය අතින් මෙම ශාකය නම් දරා සිටිනවා. මෙම ශාක කැපූ විගස විවිධ පැහැ ගන්නා අතර විශේෂයෙන්ම Africa padauk (Pterocarpus soyauxii) ශාක කැපු විගස තද රතු පැහැයක් ගන්නා බවත් කපා ටික කාලයක් යන විට තද දුඹුරු මිශ්‍ර රතු පැහැයක් ගන්නා බවත් මෙසේ සඳහන් වෙයි. මේ ඇතුළු කරුණු සඳහන් වීඩියෝවක් පහතින්.

https://youtu.be/Fck6T51jo6g?t=9

තව ද ඉහත අප මුලින් පෙන්වූ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය ඇතුළත් වීඩියෝවක්ම අප්‍රිකානු Padauk ගසක් ලී මෝලක දී කපන අයුරු යනුවෙන් ද හුවමාරු වී තිබුනේ මෙලෙසින්. නමුත් මෙය සත්‍ය වශයෙන් ම එම වර්ගයේ ගසක් ද යන්න මේ මඟින් කිව නොහැකි වුවද ඡායාරුප සංසන්දනාත්මකව පරීක්ෂා කිරීමේ දී බොහෝ සමනතාවයක් දක්වනවා.

රත් හඳුන් ශාකය බවට පැවසූ ඉහත සඳහන් ශාක කඳේ ඡායාරූපය සහ Padauk ශාක කඳක් අතර සංසන්දනයක් පහතින්.

කෙසේ නමුත් ලංකාවේ හුවමාරු වන සටහන් තුළ රත් හඳුන් ශාකය බවට හඳුන්වා තිබූ හෙයින් රත් හඳුන් ශාකය මෙතරම් විශාල වන්නේද යන්නත් මෙම ශාකය රත් හඳුන් ශාකය විය හැකිද යන්නද අප විමසා බැලුවා.

රත් හඳුන් , ස්ටෙරොකාර්පස් සැන්ටලිනස් (Pterocarpus santalinus) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනවා. මේ අනුව රත් හඳුන් මෙන්ම ඉහත Padauk යන ශාක දෙකම එක හා සමාන Pterocarpus කුලයේ ශාක බව එම විද්‍යාත්මක නාම පරීක්ෂා කිරීමේ දී පෙනී යනවා.

රතු හඳුන් ශාකය රක්ත චන්දන ආදී නාමයන්ගෙන් ද, ඉංග්‍රීසි භාෂාවෙන් Red sandalwood, Red Sanders යනාදී නම් වලින් ද දෙමළෙන් ශෙන් සන්දනම් යනුවෙන් හදුන්වනු ලබයි. රත් හඳුන් ශාකය පාරම්පරිකව ඖෂධීය කටයුතු සඳහා යොදාගැනුණු අතර චීනයේ මෙම දැව සඳහා ඉහළ ඉල්ලුමක් පවතිනවා.

දකුණු ඉන්දියාවේ සහ නැගෙනහිර ඝාට්ස් කඳුකරයේ වැඩිපුර දක්නට ලැබෙන ටෙරොකාපස් විශේෂයක් වන මෙම ශාකයේ ලී, තද රතු පැහැයක් ගනී. මෙම ශාක සාමාන්‍යයෙන් වටප්‍රමාණය ඉතා විශාල නොවූව ද ඇතැම් අවස්ථාවල සෙන්ටිමීටර 150 ක උපරිම විෂ්කම්භයක් සහිත කඳන් දැකිය හැකි බව ද වාර්තා වෙනවා. මෙම ශාකය මීටර් 8 (අඩි 26) ක් පමණ උපරිම උසක් දක්වා වැඩෙයි. රත් හඳුක් ශාකය පිළිබඳ විකිපීඩියා වාර්තාව මෙතනින්. එසේම IUCN විසින් මෙම ශාකය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාකයක් ලෙස ද නම් කර තිබෙනවා.

රත් හඳුන් ශාකයේ ඡායාරූප මෙතනින්. රතු සඳුන් දැව කපන ක්‍රියාවලියේ වීඩියෝවක් මෙතනින්. රත් හඳුන් මෙන්ම සුදු හඳුන් ගැන පළවූ ෆේස්බුක් සටහනක් මෙතනින්.

රත් හඳුන් ශාකය බවට පැවසූ ඉහත සඳහන් ශාකය රැගත් වීඩියෝවේ කඳේ ඡායාරූපය සහ සැබෑ රත් හඳුන් ශාක කඳේ ඡායාරූප අතර සංසන්දනය පහතින්.

මෙහිදීද රත් හඳුන් ශාක කඳේ පැහැය තද දුඹුරු පැහැයට හුරු පැහැයක් ගන්නා අතර ඉහත වීඩියෝවේ සඳහන් ශාකයේ කඳ තද රතු පැහැයක් ගන්නා ආකාරයක්ද දිස්වේ. එසේම ශාක කපා දමා ඇති බොහෝ ඡායාරුප පරීක්ෂා කිරීමේ දී ද සාමාන්‍යයෙන් මෙම Pterocarpus santalinus (රතු හඳුන්) ශාකයේ වටප්‍රමාණය ඉතා විශාල නොවන බව ද මෙසේ දැක ගන්නට පුළුවන්.

කෙසේවෙතත් අප රත් හඳුන් ශාකය සම්බන්ධයෙන් පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්‍ය සුභානි රණසිංහ මහත්මියගෙන් ද විමසීමක් කළ අතර ඒ මහත්මිය සඳහන් කළේ ද, රත් හඳුන් ශාකය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ ස්වරූපය සැබෑ රත් හඳුන් (Pterocarpus santalinus) ශාකයට වඩා වෙනස් බවයි. කෙසේවෙතත් රත් හඳුන් ශාකය යැයි ප්‍රත්‍යක්ෂ කළ හැක්කේ නිසියාකාර රසායනාගාර පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව පමණක් බවද සඳහන් කළා. රත් හඳුන් ශාකය ස්වභාවිකව මෙරට වනාන්තරවල බොහෝවිට දක්නට නොලැබෙන බවත් පවසා සිටියා.

අප මෙම ශාකය සම්බන්ධයෙන් රාජ්‍ය දැව සංස්ථාවෙන්ද විමසීමක් කළ අතර ඔවුන්ද පැවසුවේ එම ශාකයේ කොටසක් රසායනාගාර පරීක්ෂණයකට ලක් කිරීමේන් තොරව තොරතුරු තහවුරු කිරීම සිදු නොකළ හැකි බවයි.

Conclusion (අවසාන නිගමනය) :

ඒ අනුව අපගේ විමර්ශනයෙන් රත් හඳුන් ශාකය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ශාකය, බොහෝදුරට රත් හඳුන් (Pterocarpus santalinus) ශාකයක් නොවන බව පෙන්වා දිය හැක.

කෙසේනමුත් එහි වටප්‍රමාණය, පැතිකඩ ස්වරුපය සහ ශාකය කැපු විගස රතු පැහැති වර්ණ පරීක්ෂා කිරීමේ දී මෙය Pterocarpus ශාක කුලකයේම වෙනත් ශාකයක් වන Padauk ශාක වර්ගයක් විය හැකි බව බොහෝ දුරට පෙනී යනවා.

පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයෙන් සිදුකළ විමසීමක දී ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ ස්වරූපය සැබෑ රත් හඳුන් (Pterocarpus santalinus) ශාකයට වඩා වෙනස් ආකාරයක් ගන්නා බව පවසා සිටි අතර මෙය ප්‍රත්‍යක්ෂ කළ හැක්කේ රසායනාගාර පරීක්ෂණයකින් බවත් සඳහන් කර සිටියා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දුර්ලභ රත්හඳුන් ශාක කඳන් පෙළක් ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News