FACT CHECK: වරකාපොළ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයෙකුට මෑතක දී ජනපති සමාව හිමිවුණා ද?

Update: 2021-07-20 06:05 GMT

ජනපති සමාව ලබාදුන් පුද්ගලයින් පිළිබඳව පසුගිය කාලය පුරාවටම සමාජයේ බොහෝ කතාබහට ලක්වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. මෙවන් පසුබිමක නැවත වරක් වසර ගණනනාවක සිර දඬුවමකට නියම ව සිටි ප්‍රාදේශීය සභාපතිවරයෙකු ට ජනපති සමාව හිමිවීමේ සිද්ධියක් පිලිබඳ ව සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ පිලිබඳ අපගේ විමසුම පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“හිරේට නියම වූ වරකාපොළ හිටපු සභාපතිට ජනපති සමාව” යන සිරස්තලයෙන් හුවමාරු වූ පුවත්පත් ලිපියක ඡායාරුපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

Facebook | Archived

එම ලිපියේ විස්තරයෙන් දක්වා තිබුනේ අල්ලස් චෝදනාවකට වරදකරු වී වසර 18 ක් බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියමවී සිටි වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාට ජනාධිපති සමාව ලැබී ඇති හෙයින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ඔහු නිදහස් කරනු ලැබූ බවයි. ඔහුගේ නම මාකේවිටගේ ලක්ෂමන් පතිරාජ සමරසිංහ යනුවෙන් ද දක්වා තිබුණා.

මෙම පුවත දැක්වෙන සටහන් බොහොමයක් හුවමාරු වී තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුණා.

Facebook | Archived

*මෙම සටහන සඳහා යොදාගෙන තිබු කැප්ෂන් කොටස, එම සටහන සඳහා ලබා දී තිබු ප්‍රතිචාර හමුවේ පසුව යාවත්කාලීන කර තිබු අයුරු අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

කෙසේ නමුත් එම සටහන සඳහා යොදාගෙන තිබු ඡායාරුප හේතුවෙන් බොහෝ පිරිස් නොමඟ ගොස් තිබු අතර පහත දැක්වෙන පරිදි එම සේයාරුව ද ඇතුළු නොයෙකුත් ආකාරයේ සටහන් කිහිපදෙනෙකුම හුවමාරු කරගෙන ද තිබුණි.

ඉහත සටහන් වලට ප්‍රතිචාර වශයෙන් කිහිප දෙනෙක් ම මෙය 2019 වසරේ පැරණි පුවතක් බව ද පෙන්වා දී තිබුණි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත පුවත්පත් සටහනේ දක්වා තිබු හිටපු වරකාපොළ ප්‍රාදේශීය සභාපති ලක්ෂමන් පතිරාජ සමරසිංහ යන පුද්ගලයාගේ නම පිළිබඳව අප පරීක්ෂා කිරීමේ දී 2019 වසරේ ජුනි මස එවකට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනපති සමාව දුන් පුවත් පිලිබඳ සමාජ මාධ්‍ය සටහන් රැසක් නිර්මාණය වී තිබෙනු දැක ගන්නට ලැබුණි.

මේ පිළිබඳව පළවූ ප්‍රධාන මාධ්‍ය ධාරාවේ පුවත් කිහිපයක් පහතින්

Newsfirst | Ada | Ada Derana | Divaina

කෙසේනමුත් මෑතක පළවූ පුවතක් ලෙස හුවමාරු වන සටහන ලංකාදීප පුවත්පතේ හැඩරුවක් ගත් බැවින් අප 2019 ජුනි මාසයේ ලංකාදීප පුවත්පතේ මෙබඳු පුවතක් පලවී තිබුනේ දැයි පරීක්ෂා කළ අතර එහිදී අපට පහත පරිදි 2019 ජුනි 11 වන දින පළවූ පුවත්පතේ මුල් පිටුවේ මෙම ලිපිය පලවී තිබු ආකාරය දැක ගන්නට ලැබුණා.

June 11 -2019 Lankadeepa Front Page (low res)

තව ද ඉහත සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වී තිබු ඡායාරුප සටහනක් 2019 වසරේ ජුනි මස හුවමාරු වී තිබු අවස්තවාක් මෙතනින්.

මේ අනුව මෑතක දී වූ සිදුවීමක ආකාරයෙන් හුවමාරු වන්නේ මීට වසර දෙකෙකට ඉහත දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලයේ දී හිටපු වරකාපොළ ප්‍රාදේශීය සභාපතිවරයෙකු වූ ලක්ෂමන් පතිරාජ සමරසිංහ යන අයෙකුට ජනපති සමාව ලබාදුන් සිද්ධියක් බව පෙනී යයි.

මේ සිද්ධිය පිළිබඳව අප ජනපති මාධ්‍ය ඒකකයෙන් ද විමසීමක් සිදුකළ අතර එහිදී ද තහවුරු කර සිටියේ මේ ආකාරයේ වරකාපොළ ප්‍රාදේශීය සහපතිවරයෙකුට මැතක දී ජනපති සමාව ලබා දී තිබුනේ නැති බවත් මෙය පැරණි පුවතක් නැවත ඉස්මතු කර තිබු සිදුවීමක් බවත්ය.

*මෙම ලිපියේ සමාජ මාධ්‍ය සටහන් හි සඳහන් කොටස වැඩිදුර පැහැදිලි කිරීම සඳහා පසුව යාවත්කාලීන කරන ලදි

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ෂණයෙන් පෙනී යන්නේ වරකාපොළ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයෙකුට මෑතක දී ජනපති සමාව හිමිවීමේ පුවතක් ආකාරයෙන් හුවමාරු වන පුවත්පත් වාර්තාව සත්‍ය වශයෙන් ම මීට වසර දෙකෙකට ඉහත වූ සිද්ධියක් බවයි.

මෙම පුවත 2019 වසරේ ජුනි මස 11 වන දින ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළවී තිබුණි. එම අවධියේදී ජනපති ධුරය හෙබවූයේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:වරකාපොළ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයෙකුට මෑතක දී ජනපති සමාව හිමිවුණා ද?

Fact Check By: Sahan Perera

Result: Misleading

Tags:    

Similar News