සුනිල් රත්නායකට ලබාදුන් ජනාධිපති සමාව ඉවත් කරන ලෙස ඉල්ලා ජවිපෙ අධිකරණයට ?

සැරයන් සුනිල් රත්නායකට ජනපති සමාව ඔස්සේ නිදහස ලැබීම 2020 වසරේ දී බොහෝ කතාබහට ලක්වූ කාරණයක් වූ අතර, එම තීන්දුව අභියෝගයට ලක්කරමින්, එම අවධියේ ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද ගොනු කෙරුණා.  කෙසේනමුත් නැවත වරක් මෑතක දී සුනිල් රත්නායකට එරෙහිව, ජනතා විමුක්ති පෙරමුණ විසින්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බවට සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වී තිබිණ. […]

Continue Reading

රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලැබුණාද?

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව, තෝරාගත් සිරකරුවන් පිරිසකට නිදහස් දිනට සමගාමීව  ජනාධිපති පොදු සමාව හිමි වනවා. මෙවර එලෙස පොදු සමාව හිමි වන පුද්ගලයන් අතරින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා වසර 4ක් බරපතල වැඩ සහිතය සිර දඬුවම් විදින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ද නිදහස ලැබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය […]

Continue Reading

FACT CHECK: දුම්රි ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේ වරදට අවුරුදු 7ක සිර දඬුවමක්?

පෙබරවාරි මස 4 වන දාට යෙදෙන නිදහස් දිනයට සමගාමීව බන්ධනාගාර රැඳවියන් පිරිසකට ජනාධිපති පොදු සමාව ලබා දීම ලංකාවේ වාර්ෂිකව සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරී ඇති බලතල අනුව, තෝරාගත් සිරකරුවන් පිරිසකට මේ ආකාරයට නිදහස හිමි වේ. එවන් නිදහස් දිනක ජනපති සමාව ලැබුණු පුද්ගලයෙකු සම්බන්ධයෙන් පළව තිබූ කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු […]

Continue Reading

FACT CHECK: වරකාපොළ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයෙකුට මෑතක දී ජනපති සමාව හිමිවුණා ද?

ජනපති සමාව ලබාදුන් පුද්ගලයින් පිළිබඳව පසුගිය කාලය පුරාවටම සමාජයේ බොහෝ කතාබහට ලක්වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. මෙවන් පසුබිමක නැවත වරක් වසර ගණනනාවක සිර දඬුවමකට නියම ව සිටි ප්‍රාදේශීය සභාපතිවරයෙකු ට ජනපති සමාව හිමිවීමේ සිද්ධියක් පිලිබඳ ව සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ පිලිබඳ අපගේ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “හිරේට නියම වූ […]

Continue Reading

Fact Check : මරණ දඬුවමට යටත්ව සිරගතව සිටින සුනිල් රත්නායක රණවිරුවාට නිදහස ලැබුණා ද ?

Update: මරණ දඬුවම නියම වී සිටි, යුද හමුදා විශේෂ බලකායේ මාණ්ඩලික සැරයන්වරයෙකු ලෙස සේවයේ කළ සුනිල් රත්නායක, 2020-03-26 දින ජනාධිපති සමාව යටතේ නිදහස් කෙරුණා. ඒ පිලිබඳ පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟම විවිධ මාතෘකා යටතේ නොයෙකුත්  ප්‍රවෘත්ති රාශියක් සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන් ගෙන තිබේ. සිරගතව සිටින සුනිල් රත්නායක […]

Continue Reading