FACT CHECK: මුහුණු දෙකේ අරුම පුදුම මිනිසාගේ සැබෑ කතාව!

Update: 2021-07-24 08:17 GMT

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විදෙස් සිදුවීම් සහ ජනප්‍රවාදයේ කියවෙන කතා යොදාගනිමින්, ඒවාට වැරදි අර්ථකතන ලබා දී නොයෙකුත් අවස්ථාවලදී ජනතාව නොමග යැවීම් සිදුවන අයුරු දැකගන්නට ලැබෙනවා. ඒ අතරින් අරුම පුදුම සිදුවීම් යනුවෙන් හඳුන්වමින් නොයෙකුත් විදෙස් රටවල ඡායාරූප, වීඩියෝ භාවිත කරමින් මෙලෙස නොමග යවන සුළු සටහන් නිර්මාණය වෙනවා. එලෙස හිසේ පිටුපස තවත් මුහුණක් තිබූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් පළ වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Saranga Ruwan යන අයෙක් විසින් W O R L D |🌎| නම් ෆේස්බුක් සමූහයක පළකර තිබුණේ මුහුණු දෙකක් සහිත පුද්ගලයෙක්ගේ ඡායාරූප දෙකක්. එම සටහනින් පවසා තිබුණේ, මෙම සිදුවීම සත්‍ය සිදුවීමක් බවත් පළමු ඡායාරූපය එම සැබෑ පුද්ගලයාගේ ඡායාරූපය බවත් දෙවන ඡායාරූපයේ දැක්වෙන්නේ එම සැබෑ පුද්ගලයාගේ අනුරුවක් බවයි. එම ඡායාරූප සටහනේ සඳහන් කර තිබුණේ මෙලෙසිනි.

#මුහුණු_දෙකෙ_අරුම_පුදුම_මිනිසා

එඩ්වඩ් මෝඩේක් යනු 19 වන සියවසේ විසූ පුද්ගලයෙකි.ඔහු සාමාන්ය මිනිසුන්ට වඩා වෙනස් පුද්ගලයෙකි.සාමාන්ය මිනිසුන්ට තිබෙන මුහුණට අමතරව ඔහුගේ හිස පිටුපසින්ද තවත් මුහුණක් පිහිටා තිබීම මෙම අසාමාන්යත්වයට හේතුවයි.එම මුහුණට කතා කිරීමේ හැකියාවක් හෝ ආහාර ගැනීමේ හැකියාවක් නොමැති වුවත් එයට සිනහාවීමේ හැකියාව හා ඇඩීමේ හැකියාව පැවතිනි.එඩ්වඩ් හට තම හිසට පිටුපසින් ඇති එම මුහුණ මහත් කරදරයක් විය මන්ද එම මුහුණ රාත්රී කාලයේදී ඔහු නිදන විට රැය පහන්වන තුරුම අඩමින් හේ සිනාසෙමින් ඔහුගේ නින්දට බාධා කරන්නට විය.මෙම කරදරයෙන් මිදීමට එඩ්වඩ් ‍‍වෛද්යවරුන් කරා ගොස් තම ගැටලුව පවසා මුහුණ ඉවත් කරදෙනමෙන් ආයාචනා කලද එයට යහපත් ප්රතිචාර නොලැබිනි.අවසානයේ වයස අවුරුදු 23 දී එඩ්වඩ් මෝඩේක් සියදිවි හානී කර ගත්තේය.(මෙය සත්ය සිද්ධියකි.)

#

Facebook | Archived Link

තවත් ෆේස්බුක් සටහනකින් Asanka Sandakelum නමැත්තෙකු දිනියස් එකතුව නම් ෆේස්බුක් සමූහයක දක්වා තිබුණේ, මෙම තත්ත්වය Diprosopus යන ඉතා විරල තත්ත්වයක් බවත් 1896 දී ඇමරිකන් වෛද්‍යවරුන් දෙදෙනෙක් ලියා පළකළ Anomalies and Curiosities of Medicine යන ග්‍රන්ථයේ මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සඳහන් වන බවයි.

එඩ්වර්ඩ් මෝඩේක් යනු දහනව වන සියවසේ එංගලන්තයේ විසු මුහුණු දෙකක් සහිත මනුෂයෙක් . ඔහුගේ උපත පිළිබද කිසිදි වාර්තාවක් නොමැති වුවත් අවුරුදු විසි තුනේදී ඔහු මියගිය බව සදහන් වෙනවා . මෙය Diprosopus යන ඉතා විරල තත්වයක් බව සදහන්.ඔහු පිළිබද විස්තර සදහන් වන්නේ 1896 දී ඇමරිකන් වෛද්ය වරු දෙදෙනෙක් ලියා පලකල Anomalies and Curiosities of Medicine යන පොතේ. නමුත් ඔවුන් එඩ්වර්ඩ් පිළිබද තොරතුරු සොයා ගත්තේ කෙසේදැයි සදහන් කල නොමැති වීම නිසා ඔහු පිළිබද එතරම් දුරට සොයා බැලීමට කිසි කෙනෙක් යොමු උනේ නෑ

කෙසේ වෙතත් එඩ්වර්ඩ් එංගලන්තයේ වංශවත් පවුලක උරුම කරුවෙකු වූ නිහඩ හොද කලා හැකියාවක් තිබු පුද්ගලයෙකු බව සදහන් .එසේම ඔහු ඉදිරිපසින් බලන විට හොද කඩවසම් පුද්ගලයෙකුද වුවා .ඔහු ඔහුගේ කරදරකාරී පිටුපස හිස ඉවත්කරන ලෙස දොස්තර වරුන්ට ආයාචනය කර සිටියද එය ඉටු නොවූ බව සදහන්. මෙහිදී පිටුපස මුහුණ පුර්ණ ලෙස වැඩුන එකක් නොවූ අතර බොහොමයක් මානුෂික හැගීම් එහි නොතිබි ඇත.එය එඩ්වඩ් හාත්පසින්ම වෙනස් යක්ෂ ගති තිබුවක් විය. එම පිටිපස මුහුණ නිදා නොගත් අතර නිතරම අක්රෝෂ වදන් මුමුණ මුමුණ සිටිබවත් සදහන්. මෙය එඩ්වර්ඩ් හට දරාගත නොහැකි වීම නිසා අවුරුදු 23දී ආදාහනය කරන විට පිටිපස මුහුණ ඉවත් කරන ලෙස ඉල්ලා ඔහු සිය දිවිනසා ගත්තා.

මෙහි ඇත්තේ ඔහු පිළිබද තොරතුරු ඇසුරෙන් සෑදු ඉටි රුපයක් .

Facebook | Archived Link

එමෙන්ම දිනීෂ සාරාමිත් - Dineeshe Saramith නමැති ෆේස්බුක් පිටුවක ඉහත සටහන් ඇති කරුණු සඳහන් කරමින් තවදුරටත් පවසා සිටියේ, වයස අවුරුදු 23 දී මිය ගිය එඩ්වඩ්ගේ හිස තවමත් සංරක්ෂණය කොට තබා තිබෙන අතර එංගලන්තයේ ඉටි අනුරූ කෞතුකාගාරයේද ඔහුගේ අනුරුවක් නිර්මාණය කොට ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.

එඩ්වඩ්ගේ සැබෑ ඡායාරූපයක්, සංරක්ෂණය කරන ලද හිසෙහි ඡායාරූපයත් ඉටි අනුරුවෙහි ඡායාරූපත් මෙහි දැක්වෙනවා. යනුවෙනි.

එම සටහන සඳහා යොදා තිබූ ඡායරූප අතර එඩ්වඩ්ගේ සංරක්ෂණය කර ඇති හිස බවට දක්වා තිබූ ඡායාරූපයද ඇතුළත් කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම Edward Mordrake ගේ සත්‍ය ඡායාරූපය බවට පළකළ ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එම ඡායාරූපයද ඉටි වලින් සාදන ලද අනුරුවක් බවට විදෙස් වාර්තා පළ වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

මෙම සටහන්වල සඳහන් ඉටිවලින් නිම කරන ලද බවට මෙම පුද්ගලයාගේ අනුරුව සහිත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එම ඉටිරූපය ජර්මනියේ Panoptikum ප්‍රදේශයේ ඉටිරූප වලින් සාදන ලද පිළිම සහිත කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ඉටිරූපයක් බවට ප්‍රත්‍යක්ෂ විය. එම කෞතුකාගාරයේ වෙළඳ ප්‍රවර්ධන වීඩියෝවක එම පිළිමය දක්වා තිබුණේ මෙලෙසින්. (1.11 විනාඩිය)

https://www.youtube.com/watch?v=2yIeG4Ldp4M&t=66s

එමෙන්ම ඉහත සටහනේ පරිදි Edward Mordrakeගේ සංරක්ෂණය කර ඇති හිස්කබල බවට දක්වා තිබූ ඡායාරූපය ද papier-mâché අමුද්‍රව්‍ය භාවිතයෙන් EWART SCHINDLER නමැති නිර්මාණකරුවෙකු විසින් කරන ලද කලාත්මක නිමැවුමකි. ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූ අදහස් මෙතනින්.

deviatart |Archived Link

Edward Mordake සම්බන්ධව විකිපීඩියා පිටුවේ මෙන්ම වෙනත් වාර්තා වල පළ වන්නේද ඉහත සටහන් වල පරිදි එඩ්වඩ් මෝඩේක් යනු මිත්‍යා මත බිහිවූ (Urban Legend) චරිතයක් වන අතර 19 වන සියවසේ විසූ පුද්ගලයෙක් බවත් ඔහුගේ හිස පිටුපසින්ද තවත් මුහුණක් පිහිටා තිබෙන බවත් , එම මුහුණට කතා කිරීමේ හැකියාවක් හෝ ආහාර ගැනීමේ හැකියාවක් නොමැති වුවත් එයට සිනහාවීමේ හැකියාව හා ඇඩීමේ හැකියාව පැවතින බවත් එඩ්වඩ් හට තම හිසට පිටුපසින් ඇති එම මුහුණ මහත් කරදරයක් වූ බවද, එම මුහුණ රාත්‍රී කාලයේදී ඔහු නිදන විට රැය පහන්වන තුරුම හඬමින් හේ සිනාසෙමින් ඔහුගේ නින්දට බාධා කරන බවද , මෙම කරදරයෙන් මිදීමට එඩ්වඩ් වෛද්‍යවරුන් කරා ගොස් තම ගැටලුව පවසා මුහුණ ඉවත් කරදෙනමෙන් ආයාචනා කලද එයට යහපත් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් වයස අවුරුදු 23 Edward Mordake සියදිවි හානී කර ගත් බවටයි.

එම පුරාවෘතය The Boston Post පුවත්පතේ 1895 වර්ෂයේදී දෙසැම්බර් මස පළ කර තිබුණු අයුරු මෙතනින්.

Archived Link

මේ සම්බන්ධයෙන් 1896 වර්ෂයේ පළ වූ ‘Anomalies and Curiosities of Medicine’ නම් වෛද්‍ය විද්‍යාවේ විෂමතා සහ කුතුහලයන් සම්බන්ධයෙන් පළ වූ ග්‍රන්ථයකද සඳහන් කර තිබෙන බවටයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. එය රචනා කරන ලද්දේ ඇමරිකානු වෛද්‍යවරුන් දෙදෙනෙකු වන George M. Gould සහ Walter L. Pyle විසිනි. නමුත් ඔවුන්ද මෙම කතාවේ මූලාරම්භය සම්බන්ධයෙන් සඟවා ඇති අතර මූලාශ්‍රය සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ, සමාජ මූලාශ්‍ර වලින් ලබා ගත් බවයි. ඒ බවට පළ වූ වාර්තාවක් මෙතනින්.

බොහෝ විට නූතන විද්‍යාවේ අරුම පුදුම දේ සම්බන්ධයෙන් පළ වූ The Boston Post පුවත්පතේ දක්වා ඇති “රාජකීය විද්‍යාත්මක සමිතියේ” පැරණි වාර්තාවල සඳහන් කරුණු George M. Gould සහ Walter L. Pyle යන වෛද්‍යවරුන් උපයෝගී කර ගත් බවටද ඉහත වාර්තාවේ දැක්වේ.

මෙවැනි තත්ත්වයන් සත්‍ය වශයෙන් ඇති විය හැකි දුර්ලභ අවස්ථා ලෙස වෛද්‍ය විද්‍යාවේ පෙන්වා දෙන්නේ බද්ධ නිවුන් උපතකදී හොඳින් ශාරීරිකව වර්ධනය වූ (පරපෝෂි) නිවුන් දරුවාගේ හිසට ශරීරය වර්ධනය නොවූ හිස පමණක් (පරපෝෂිත ද්විත්ව හිසක්) හිස් කබලට පිටතින් බද්ධ වූ අවස්ථාවක් Craniopagus parasiticus ලෙස පෙන්වා දෙයි. ඉතිහාසය පුරාම එවැනි රෝගීන් 10 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් කුඩා අවධියේම ඔවුන් මිය ගොස් ඇති බවත්ය.

(මෙම තත්ත්වය සම්බන්ධයෙන් Wikipedia දක්වා ඇති ඡායාරූපයකි.)

Diprosopus or Cranial Duplication බොහෝ විට වර්ධනය වූ එක් ශරීරයකට එක සමාන හිස් දෙකකින් උපතේ සිටම බද්ධ වී සිටීමයි. මොවුන්ද කුඩා අවධියේම මිය ගොස් තිබේ.

(මෙම තත්ත්වය සම්බන්ධයෙන් Wikipedia දක්වා ඇති ඡායාරූපයකි.)

නමුත් Edward Mordakeගේ මෙම තත්ත්වය වෙනස් වන්නේ හිසේ පිටුපසින් ඇති නිවුන් මුහුණක් ලෙසත්, එමෙන්ම හිසේ පිටුපස ඇති මුහුණ කාන්තා මුහුණක් බවද ඇතැම් සටහන් වල සඳහන් වී ඇති බැවිනි. නමුත් ඉහත සඳහන් කළ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් බද්ධ වී ඇත්තේ එකම වර්ගයට අයත් නිවුන්නු වේ. තවද මෙතෙක් මෙම තත්ත්වයන් යටතේ ඉපැදුණු අය සැත්කමක් කළ වෙන්වූවත් ඉන් ජීවත් වුණේ කුඩා ප්‍රමාණයක් අතර ඔවුන්ට කුඩා කලදීම ජීවිතය අහිමි වී ඇති බවට ඉතිහාසය සාක්ෂි දරා තිබේ.

මේ පිළිබඳ පසුගිය වසරේ ද ව්‍යාජ සටහන් හුවමාරු වී තිබු අතර අප Factcrescendo කණ්ඩායම විසින් ඒ සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ශනය පහතින්.

Full View

එසේම මෙම කතාව විද්‍යාත්මක සාක්ෂි නොමැති හුදෙක් ප්‍රබන්ධයක් බව බොහෝ ජාත්‍යන්තර කරුණු විමර්ශන කණ්ඩායම් මඟින් ද මීට පෙර අවස්ථා ගණනාවක දී පෙන්වා දී තිබුණි.

මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර Snopes වාර්තාව මෙතනින්. Retures වාර්තාව මෙතනින්. USA Today වාර්තාව මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ Edward Mordakeගේ සත්‍ය ඡායාරූප හා සංරක්ෂණය කර ඇති ඔහුගේ හිස්කබලේ ඡායාරූපයක් බවට පළ කළ ඡායාරූප සියල්ලෙන්ම දැක්වු‍ණේ ඉටි වලින් අඹන ලද රූප බවයි.

එමෙන්ම Edward Mordake සම්බන්ධයෙන් පළ වී ඇති දුර්ලභ රෝගී තත්ත්වය පිළිබඳ මීට සියවසකට පෙර පුවත්පතක සහ විද්‍යා ග්‍රන්ථයක සඳහන් වී තිබුණ ද එම රෝගී තත්ත්වය පිළිබඳ කිසිඳු විද්‍යාත්මක සාක්ෂියක් දක්නට ලැබෙන්නේ නැහැ. බොහෝදුරට ජනවහරේ මිත්‍යා මත පදනම්ව (Urban Legend) නිර්මාණය වී තිබු Edward Mordakeගේ කතා පුවත සම්බන්ධයෙන් බොහෝ නිර්මාණා සිදුවී තිබෙනවා. සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ඡායාරුප සියල්ලක්ම ඔහුගේ හිස්කබලේ සත්‍ය ඡායාරූපයක නොවන අතර අඹන ලද රූප වේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මුහුණු දෙකේ අරුම පුදුම මිනිසාගේ සැබෑ කතාව!

Fact Check By: Sara Gunaratne

Result: False

Tags:    

Similar News