FACT CHECK: හැට්ට කටුවලින් නම ගහගෙන තරඟ වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ?

Update: 2021-08-03 05:40 GMT

ගිම්හාන ඔලිම්පික් උළෙලේ 32 වැනි අදියර වන 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය පසුගිය ජුලි 23 වන දා ආරම්භ කෙරුණා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ එම ඉසව්වේ ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චි, ජුලි 30 වන දා තරඟ වැදි අවස්ථාවේ දී ඇයට ලබා දී තිබූ අංකය ආරක්ෂිත කටු (හැට්ට කටු) ආධාරයෙන් රඳවා සිටි බවත් ඒ හේතුවෙන් ලංකාවේ ක්‍රීඩකයින්ට අවම පහසුකම් වත් පහසුකම් සපුරා නොමැති බවත් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වුයේ බලධාරීන් වෙත මේ සඳහා චෝදනා එල්ල කරමින්. මේ පිළිබඳව අප සිදුකළ විමර්ශනය මෙලෙසින්.

සමාජ මාධ්‍ය සටහන් :

‘එයයි මමයි - Eyayi Mamai’ නම් ෆේස්බුක් පිටුවක ‘අවුලක් නෑ නිලදාරින් ටික ගියානේ👍’ යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් සටහනක් එක් කර තිබු‍ණේ, 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ ජාතික ශූරියෙකු වන නිමාලි ලියනආරච්චි ධාවන ඉසව්වට සහභාගිවූ අවස්ථාවේ ඡායාරූපයක්.

“ඇහැට කඳුලු ආවා බං ඔලිම්පික් ගිහිනුත් හැට්ට කටු වලින් නම ගහගෙන ක්‍රීඩකයෝ 8 නිලධාරීන් 60 යනුවෙනි”

Facebook | Archived Link

තරඟ කරුවන්ගේ අංකය රැගත් පත්‍රය රැඳවීමට ආරක්ෂිත කටු භාවිතා කළ බැවින් මුලික පහසුකම් පවා ලබා නොදුන් බවට මෙයින් හඟවා තිබුණා.

එම තේමාව යටතේම හුවමාරු වී තිබු තවත් සටහනක් මෙලෙසින්.

Archived Link

මේ අදහසින් ම හුවමාරු වූ තවත් සටහනක් මෙලෙසින්.

Facebook | Archived

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මෙලෙසින්

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 800 ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ එම ඉසව්වේ ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චි 4 වැනි මූලික වටයේ තරඟ වැදි අවස්ථාවේ ලබා ගත් මෙම ඡායාරූපය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී දැක ගැනීමට හැකිවූයේ එම ඉසව්වට සහභාගී වූ අනෙකුත් තරඟ කරුවන්ද ඔවුන්ගේ අංකය රඳවා තිබෙන්නේ ආරක්ෂිත කටු (safety pin) ආධාරයෙන් බවයි. ඒ බවට දැක්වෙන අවස්ථා මෙතනින් සහ එම තරඟ ඉසව්වේ ඡායාරූප මෙතනින්. වීඩියෝවක් මෙතනින්.

නිමාලිගේ තරඟ ඉසව්වට සහභාගී වූ අනෙක් ක්‍රීඩිකාවන්ගේද එලෙස සිය අංකය ආරක්ෂිත කටු ආධාරයෙන් තම අංකය ප්‍රදර්ශනය කර ඇති අයුරු.

(ජාතික ඔලිම්පික් කමිටුවේ ෆේස්බුක් පිටුවෙන් ලබා ගත් ඡායාරූපයකි.)

නිමාලි ලියනආරච්චි ඇය මිනිත්තු 2:10.23ක කාලයකින් එම මුලික වටයේ තරගය අවසන් කළේ අටවැන්නා ලෙසයි. එම නිසාවෙන් ඇයට ද ඉදිරි වටයන් සඳහා සුදුසුකම් ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වෙනත් තරඟ ඉසව් සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩකයින්ගේ අංකය ආරක්ෂිත කටු ආධාරයෙන් ප්‍රදර්ශනය කර තිබූ අයුරු පහතින්.

කාන්තා මීටර් 100 ඉසව්ව ජයගත් Elaine Thompson Herah

Olympics Insta | Archived Link

ඔලිම්පික් මීටර් 100 රන් පදක්කම ඉතාලියේ Marcell Jacobs ලබා ගත් අවස්ථාවේ ඡායාරූපයක්.

olympics.com | Archived Link Instagram

මේ ආකාරයට මෙවර ඔලිම්පික් මලල ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ සෑම ක්‍රීඩකයෙක්ම වාගේ මේ ආකාරයට ආරක්ෂිත කටු ආධාරයෙන් තම අංක රඳවා ඇති බව අපට අනෙකුත් ඡායාරුප පරීක්ෂා කිරීමේ දී ද දැක ගන්නට ලැබුණා. මේ බව දක්වමින් සමාජ මාධ්‍ය සටහන් ද ඉහත සටහන් සඳහා ප්‍රතිචාර වශයෙන් නිර්මාණය වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. එසේම එකම ක්‍රීඩකයාගේ සඳහා මෙසේ ලැබෙන අංකය අවසන් තරඟය දක්වාම එකම අංකයක් බව ද අපට අනාවරණය වුණා.

අප මේ සම්බන්ධයෙන් වැඩි දුර විමසීමට මේ වන විට ජපානයේ ටෝකියෝවේ සිටින ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් නොව ධාවනයේ ඉසව් වල යෙදෙන ලොව සියලු ක්‍රීඩකයන්ට තරඟ වදින අංකය හා තමා ධාවනය කළ යුතු ධාවනය පථයේ අංකය ලැබෙන්නේද තරඟය ආරම්භ වීමට සුළු මොහොතකට පෙර බැවින් මුද්‍රිත නිල ඇඳුමක් ලබා නොදෙන බවයි. එම ක්‍රියාපටිපාටිය පසුගිය ඔලිම්පික් තරඟ සියල්ලේම ද මේ ආකාරයෙන්ම සිදුවූ බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ. පසුගිය වසර වල ඔලිම්පික් ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයින්ගේ ඡායාරුප පරීක්ෂා කිරීමේ දී ද අපට මෙය පෙනී ගියා.

සැබවින්ම මෙසේ ක්‍රීඩකයන් පැළඳ සිටින්නේ අංක (Bib) ටයිවෙක් (Tyvek) ලෙස හැඳින්වෙන කල් පවතින, දහඩිය, වර්ෂාව සහ කඳුළු වලට ඔරොත්තු දෙන තුනී ප්ලාස්ටික් පත්‍රයකින් නිම කර තිබේ. මැරතන් වැනි ක්‍රීඩකයින් රැසක් ඉදිරිපත්වන තරඟ වලදී විනිසුරුවන්ට තරඟකරුවන් හඳුනා ගැනීම සඳහා බිබ් අංක මුල් කාලයේ දී බොහෝ විට උපකාරී වී තිබෙනවා. කෙසේනමුත් මළල ක්‍රීඩා, ජිම්නාස්ටික් ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව් සඳහා පමණක් මෙසේ අංකයක් මේ වන විට ද යොදා ගැනෙන අතර ලංකාවේ වෙනත් ඉසව් නියෝජනය කළ ඔලිම්පික් ක්‍රීඩකයින්ට මෙසේ අංකයක් ලබා දී තිබුනේ නැති බව ද පෙනී ගියා.

World Athletics වෙබ් අඩවියේ මෙසේ ක්‍රීඩකයින් සඳහා ලබාදෙනු ලබන Bib අංක පිළිබඳව පළකර තිබු විස්තරයක් පහතින්.

Link

මේ අනුව ද දැකගනන්ට ලැබෙන්නේ මළල ක්‍රීඩා ඉසව් වල දී මේ ආකාරයට හඳුනාගැනීමේ අංකයක් හෝ ක්‍රීඩකයාගේ නම යොදා ගැනීම අනිවාර්ය කරුණක් බවයි.

කෙසේ නමුත් පරිගණක චිප් සහ ටයිමර් පැමිණීමත් සමඟ ක්‍රීඩකයෙකුට අංකයක් ගැසීම එතරම් වැදගත් නොවේ. ඇතැම් තරඟාවලි වලදී මෙම Bib අංකය ඇතුළත් පත්‍රිකාවක අනුග්‍රාහක විස්තර යොදා ගැනීමට ද යොදා ගැනෙන බව සඳහන්. මේ ඇතුළු කරුණු පිළිබඳ පළවූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

ලොව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ (2020) පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කල් දැමීමට සිදු වුණා. “Moving Forward හෙවත් ඉදිරියට ගමන් කිරීම” මෙවර ඔලිම්පික් උළෙලේ තේමාව වන අතර අන්තර්ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බාක් මහතාගේ ප්‍රධානත්වයෙන් තරඟාවලිය 2021 ජූලි 23 වැනිදා ආරම්භ කෙරුණා. අගෝස්තු 08 වැනිදා දක්වා තරඟාවලිය පැවැත්වීමට නියමිත අතර මෙවර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගී වුණා. ඒ් සඳහා ක්‍රීඩකයන් හතර දෙනෙක් සහ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු ඇතුළත්.

එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල ඉස්මතු කර තිබු තවත් කරුණක් වූයේ ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගී වූ නිලධාරීන් සංඛ්‍යාව 60ක් බවයි. එවැනි සටහනක් මෙතනින්.

Facebook | Archived Link

මෙම කරුණ මීට පෙර ද අවස්ථා කිහිපයක දී සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්මතු වී තිබු කරුණක් වූ අතර මේ සම්බන්ධයෙන් පසුගිය මැයි මසදී ජාතික ඔලිම්පික් කමිටුව විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ඔලිම්පික් යන ලංකාවේ කණ්ඩායම ගැන සමාජ මාධ්‍යයේ පළ වන වාර්තා අසත්‍ය බවයි. ඒ පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.

එම නිලධාරීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් දක්වා තිබේ.

කෙසේනමුත් ඔලිම්පික් ගම්මානය සඳහා පිටත්ව ගිය නිලධාරීන් සංඛ්‍යාව අපට ස්වාධීනව සත්‍යාපනය කිරීමට අපහසු කරුණකි.

Conclusion (අවසාන නිගමනය):

ඒ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙරට ක්‍රීඩකයන් පමණක් ධාවන ඉසව්වලදී අංකය / නම පැළඳීම සඳහා ආරක්ෂිත කටු (safety pin) ආධාර කරගත් බවට පැවසූ සටහන් නොමග යවන සුළු බවයි. මළල ක්‍රීඩා, ජිම්නාස්ටික් ක්‍රීඩා ඇතුළු ඔලිම්පික් තරඟ ඉසව් කිහිපයක් සඳහා සඳහා ලංකාවේ පමණක් නොව ලොව සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම සහභාගී වීමේදී ඔවුන්ට හිමි අංකය (Bib Number) / නම මුද්‍රිත පත්‍රයක ලැබෙන අතර එය පැළඳීමට බොහෝවිට යොදාගන්නේ ආරක්‍ෂිත කටු (safety pin) බව දැකගන්නට ලැබෙනවා. මේ බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාද තහවුරු කරනු ලැබුවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:හැට්ට කටුවලින් නම ගහගෙන තරඟ වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News