FACT CHECK: සොබෙරානා 2 එන්නත පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශ පෙළක්?

Update: 2021-08-16 16:43 GMT

ශ්‍රී ලංකාව තුල කොවිඩ් 19 වසංගතයට එරෙහි එන්නත්කරණය මේ දිනවල වේගයෙන් සිදුවෙමින් පවතී. ඒ හා සමඟම එන්නත්කරණය සම්බන්ධ කර කර ගනිමින් විවිධ දුර්මත ද සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වීමට ද පටන් ගෙන තිබුණා. මේ එවන් අසත්‍ය ප්‍රචාරයක් පිළිබඳව අප සිදුකල ගවේෂණයයි.

සමාජ මාධ්‍ය සටහන්:

Yasith Dilshan නම් ෆේස්බුක් ගිණුමේ පළකර තිබුණේ ,කියුබාවේ නිෂ්පාදිත සොබෙරානා 2 කොවිඩ් මර්ධන එන්නත වයස අවුරුදු 30 ට අඩු අයට ලබා ගැනීම සදහා ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ රතු තරුව කණ්ඩායම කටයුතු කරන බව සහ ඒ සදහා කැමති අය ලියාපදිංචි වන ලෙසයි. එම සටහන පහතින්.

Facebook | Archived

මේ තේමාවෙන්ම හුවමාරු වී තිබු තවත් සටහනක් ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා. එම සටහනේ දැක්වෙන්නේ රුපියල් 135 කට සොබෙරානා එන්නත කියුබාවෙන් ලබා ගත හැකිව තිබියදී රජය රුපියල් 3000 කට චීන සයිනොෆාම් එන්නත ලබා ගැනීමට කටයුතු කිරීම පිටුපස මුල්‍ය වංචාවක් පවතින බවක් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසු බවයි.

Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප මුලින්ම මෙම සටහන් තුළ දක්වා තිබෙන Soberana 2 නමැති එන්නත පිලිබඳ කරුණු පරීක්ෂා කර සිටියා. කියුබාවේ නිෂ්පාදිත එම එන්නත පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්. එසේම, මුලික පරීක්ෂණවලදී දරුණු Delta කොවිඩ් ප්‍රභේදයට එරෙහිව මෙම එන්නත යහපත් ප්‍රතිඵල පෙන්වා ඇති බවට, මීට දින කිහිපයකට පෙර පළවූ රෝයිරට්ස් පුවත් වාර්තාවක් මෙතනින්.

එසේම Soberana 2 එන්නත පිලිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමේ ක්‍රීයාවලිය අප පරීක්ෂා කළ අතර, ජුලි 15 වන දින පළවූ මෙම ඇගයීම් පිලිබඳ වාර්තාවේ එම එන්නත 22 වන (අවසාන) ස්ථානයේ දක්වා තිබු අතර මෙම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පූර්ව ඉදිරිපත් කිරීමක් පිලිබඳ රැස්වීම් අවදියට ද මෙතෙක් අවතීරණ වී නැහැ.

ලංකාවේ ද මෙම එන්නත සඳහා කිසිඳු අවසරයක් හිමිවී නැති අතර මෙවැනි අවසරයක් නොලද එන්නතක් පිලිබඳ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් අදහස් ඉදිරිපත් කර තිබේ දැයි ප්‍රධාන ධාරාවේ පුවත් පරීක්ෂා කර බැලුවා. නමුත් අපට එබඳු කිසිඳු පුවතක් දැක ගන්නට ලැබුනේ නැහැ.

එසේම අප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ පළමු සටහනේ සඳහන් දුරකථන අංකය පරීක්ෂා කළා. එහිදී පෙනී ගියේ මෙම දුරකථන අංකය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ජංගම දුරකථන අංකය බවයි. ඔහුගෙන් අප මේ පිළිබඳව සිදු කරන ලද විමසීමේදී පැවසුවේ රතු තරුව සහ සොබෙරානා 2 එන්නත සම්බන්ධව තමාගේ දුරකථන අංකය අවභාවිතා කරමින් සහ ව්‍යාජ තොරතුරු යොදා ගනිමින් සමාජ ජාලා වල පැතිරෙමින් පවතින ප්‍රකාශ සහමුලින්ම අසත්‍ය වන බවයි.

හැකි ඉක්මනින් සියලු දෙනාටම එන්නත්කරණය කරා යොමු කළ යුතු බවත් ඒ හා සමඟ ම ජනතා ප්‍රශ්න ද විසඳිය යුතු බවටත් නලින්ද ජයතිස්ස මහතා පුවත්පතකට අදහස් දැක්වූ අවස්ථාවක් මෙතනින්. සෞඛ්‍ය අමාත්‍යවරියගේ උපදෙස් මත කොවිඩ් පාලනය කිරීමට එළඹෙන ලෙස ජවිපෙ දේශපාලන මණ්ඩල සභික නලින්ද ජයතිස්ස මහතා පුවත්පතක් වෙත මෙසේ අදහස් දක්වා තිබෙනු අපට දැක ගන්නට ලැබුණා.

Also Read: Fact Check: වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් සටහනක් ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු සොයා බැලීම මගින් තහවුරු වන්නේ ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ රතු තරුව සහ සොබෙරානා 2 එන්නත පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නම සහ දුරකථන අංකය අවභාවිතා කරමින් හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම ව්‍යාජ සහ අසත්‍ය සටහන් පෙළක් බවයි

Also Read: Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් නොමිලයේ PCR පරීක්ෂාවක්? කොවිඩ් එන්නතක්?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සොබෙරානා 2 එන්නත පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රකාශ පෙළක්?

Fact Check By: Kalana Krishantha

Result: False

Tags:    

Similar News