FACT CHECK: රුසියානු ජනපති පුටින් තම කුඩා මෝටර් රථයට ඉන්ධන පුරවා ගන්න අවස්ථාවක් ද?

Update: 2021-08-25 04:57 GMT

රුසියාවේ ජනාධිපති ව්ලැදිමිර් පුටින් සම්බන්ධ කර ගනිමින් ෆේස්බුක් සමාජ ජාල ඔස්සේ නිතර හුවමාරු වන ඡායාරූපයක් අපට නැවත වරක් පසුගිය දා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර හුවමාරු වෙනු දැක ගන්නට ලැබුණා. එයින් දැක්වෙන්නේ LADA (ලාඩා) වර්ගයේ කුඩා මෝටර් රථයකට රුසියානු ජනාධිපතිවරයා පුරවා ගන්නා ආකාරයයි.

මෙම ඡායරුපයේ දැක්වෙන සිද්ධියේ සත්‍ය සිදුවීම කුමක් ද යන්න සොයා අප Factcrescendo කණ්ඩායම විසින් සිදුකරන ලද කරුණු විමසුම පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

Tennakoon Tmbk නම් අයෙකු “මෙහෙම මිනිස්සු ඉන්නවනම් මැරෙනකල් උනත් ජනාධිපති කරන්න පුළුවන්..” යන තේමාවෙන්, මීට වසර තුනකට ඉහත දී පළකරන ලද ඡායරූප සටහනක් මේ වන විට හැත්තෑ දෙදසකටත් වැඩි පිරිසක් හුවමාරු කරගෙන තිබුණා. එම ඡායරූප සටහනේ දැක්වුණේ රුසියානු ජනපති ව්ලැදිමිර් පූටින් කුඩා මෝටර් රථයකට තෙල් පොම්ප කරන ආකාරයකි.

එම සටහන සමඟ ලබා දී තිබූ විස්තරය මඟින් අදහස් කර තිබුනේ ජනතාවගේ බදු මුදලින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍යතාවක් නැති නිසා රුසියාවේ ම නිෂ්පාදනය කළ ලාඩා වර්ගයේ කුඩා මෝටර් රථයක් රුසියන් ජනපති භාවිතා කරන බවයි.

Facebook | Archived

කිහිප දෙනෙක් පුටින් ජනාධිපතිවරයාගේ ක්‍රියාව ඇගයීමට ලක් කර අදහස් දක්වා තිබුණ ද මෑතක දී මේ පිළිබඳ විමසිලිමත් වූ කිහිප දෙනෙක් මෙය එම ඡායරුපයේ සත්‍ය අර්ථකථනය නොවන බව ද හඳුනාගෙන තිබුණා.

ඉහත ඡායාරුපය ම තවත් බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන ද තිබුණේ මෙලෙසින්.

එබැවින් ඉහත ඡායාරූපය සමඟ දැක්වෙන විස්තරයේ සත්‍යතාවය සොයා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම ඡායාරූපය ගූගල්හි රිවස් ඉමේජ් සෙවුමක් වෙත අප යොමු කරමින් එය මීට පෙර අන්තර්ජාලයේ පළවී ඇති දැයි අප සොයා බැලුවා. එහිදී එම ඡායාරූපය කිහිප විටකදී වෙබ් අඩවි වල පළවී ඇති අයුරු නිරීක්ෂණය වුණා.

සුප්‍රකට AP වෙබ් අඩවියේ ඡායාරූප එකතුවේ මෙම ඡායාරූපය සහිතව සටහනක් දක්වා තිබුණා. එම වෙබ් අඩවියට අනුව මෙම ඡායරූපයේ දැක්වෙන්නේ රුසියාවේ ඉදිකර තිබූ නව අධිවේගී මාර්ගයක (Chita-Khabarovsk), එරට ම නිෂ්පාදිත LADA වර්ගයේ කහ පැහැති මෝටර් රථයක පුටින් මහතා ගමන් කරමින් සිටියදී ඉන්ධන හළකින් ඉන්ධන සපයගන්නා ආකාරයකි. 2010 වසරේ අගෝස්තු මස මෙම ඡායාරූපය ලබාගෙන තිබූ බව ද එහි සඳහන්.

APimages.com | Archived

එවකට රුසියාවේ අගමැති වශයෙන් කටයුතු කළ ව්ලැදිමිර් පුටින් මහතා මේ ආකාරයට රුසියාවේ නිශ්පාදනය කරන ලද රථයකට ඉන්ධන පොම්ප කර ගනිමින් අලුතින් ඉදි කරන ලද අධිවේගී මාර්ගයක නිරීක්ෂණ කටයුතු වල යෙදුණු බව Russia Today යූටූබ් නාලිකාවද වීඩියෝ පටයක් මගින් පළ කර තිබුනා.

https://youtu.be/L3XS3KAb6hg?t=4

එම වීඩියෝ සමඟ ලබා දී තිබු විස්තරය පහතින්.

රුසියාවේ නිෂ්පාදනය කරන Lada Kalina මෝටර් රථය එරට පිහිටි විශාලතම වාහන නිෂ්පාදනය කරන සමාගමක් වන AvtoVAZ නම් සමාගමට අයත් නිෂ්පාදනයක්. එම සමාගමේ නියෝජිතයෙකුගේ ආරාධනයකට අනුව පුටින් මහතා විසින් අධිවේගී මාර්ග පරීක්ෂාව සඳහා එම රථය යොදාගෙන තිබුණා. එම ලාඩා රථයේ නැගී කිලෝමීටර් 350ක පමණ දුරක් පුටින් මහතා විසින් ගමන් කර තිබුණා. කෙසේනමුත් එම සම්පුර්ණ ගමනම ඔහු වාහනය ධාවනය කරන්නේ නැති බව ද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

Moscowtimes නම් වෙබ් අඩවිය මේ පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් පළ කර තිබුනා.

themoscowtimes.com | Archived

කෙසේවෙතත් එම ගමනේදී තවත් ඒ ලාඩා වර්ගයේ කහ පැහැති අමතර මෝටර් රථ දෙකක් ද ජනපති ගමන් කළ වාහනයට පිටුපසින් ගමන් කිරීම පිළිබඳ ඒ අවධියේ දී බොහෝ කතාබහක් ඇතිවී තිබුණා. ඒ බවට පළ වූ වාර්තාවක් මෙතනින්. එලෙස රැගෙන යන අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.

තව ද රුසියානු ජනාධිපති පුටින් විසින් මෙම ලාඩා කලිනා මෝටර් රථය ධාවනය කළ අවස්ථාවට අමතර වෙනත් ලාඩා රථ මෙන්ම වෙනත් මාදිලියේ මෝටර් රථ ද ධාවනය කරන තිබූ අතර එසේ ඔහු විසින් ධාවනය කළ විවිධාකාරයේ වාහන 18ක් සම්බන්ධයෙන් ඡායාරූප සහිතව පළ වූ සටහනක් මෙතනින්.

එමෙන්ම එම අවස්ථාවේදී පුටින් පැවසූ බවට මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළ වැනි ප්‍රකාශයක් ඔහු විසින් කර තිබූ බවක් අපට නිරීක්ෂණ ය වුනේ නැහැ. කෙසේනමුත් LADA NIVA වර්ගයේ ජීප් රථයක් ද පුටින් මහතා සතුව තිබෙන අතර ලාඩා රථ සම්බන්ධයෙන් කිහිප අවස්ථාවකදී ම ඔහු විසින් කරුණු දක්වා ද තිබුණා. ඒ පිළිබඳ වාර්තාවක් මෙතනින්.

එසේම පුටින් මහතා සතුව ඉතා මිල අධික මෝටර් රථ තිබෙන බවට සටහන් බොහොමයක් ද දැක ගන්නට ලැබෙන අතර ඔහු ගමන් කරන Aurus Senat නිල ලිමෝසීන් රථය පිළිබඳව වාර්තාවක් මෙතනින්.

බොරිස් යෙල්සින් මහතාගෙන් පසුව ජනපති ධූරය දෙවතාවක් හෙබවූ ව්ලැදිමිර් පුටින් මහතා, එවකට ව්‍යවස්ථානුකූලව ජනාධිපතිධුරය අඛණ්ඩව වාර දෙකකට සීමා වූ බවින් 2008-2012 කාලයේ අගමැති වශයෙන් කටයුතු කර නැවත ඉන්පසු සිට මේ දක්වා ම රුසියාවේ ජනපති වශයෙන් කටයුතු කරයි.

Conclusion (අවසාන නිගමනය):

ඉහත කරුණු අනුව සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද පුටින් ජනාධිපතිවරයා ඔහුගේම කුඩා මෝටර් රථයට ඉන්ධන ගසා ගනිමින් සරල දිවි පැවැත්මක් ගෙවන බවට පළ කර ඇති පුවත නොමග යවන සුළු සටහනක් බවයි.

ඡායාරූපයේ දැක්වෙන්නේ 2010 වසරේ ව්ලැදිමිර් පුටින් රුසියාවේ අගමැති ව සිටියදී අධිවේගී මාර්ගයක පරීක්ෂණ ධාවනයක්(Test Run) සඳහා රුසියාවේම නිෂ්පාදිත ලාඩා කැලීනා නම් මෝටර් රථයක්, නිෂ්පාදකයින්ගේ ආරාධනය මත, යොදාගත් අවස්ථාවක දී ඉන්ධන පුරවා ගත් අවස්ථාවක්.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:රුසියානු ජනපති පුටින් තම කුඩා මෝටර් රථයට ඉන්ධන පුරවා ගන්න අවස්ථාවක් ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading

Tags:    

Similar News