FACT CHECK:ඊරියකගේ කුස තුළින් උපන් මිනිස් පෙනුමක් සහිත ළදරුවෙක්?

Update: 2021-09-02 05:22 GMT

Update 18/02/23 :

“මලේසියාවේ පහන්ගේ ප්‍රදේශයේ ඉපදී ඇති රකුසු පැටවකුගේ ස්වරූපය ඇති අත්භූත දරු ප්‍රසූතිය”යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ ඡායාරූප කිහිපයක් පළ වී තිබුණා.

Facebook | Archived Link

මෙම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව මෙය 2017 වසරේ සි‍ට අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙකු විසින් හුවමාරු කර ගෙන තිබුණා.

එමෙන්ම මෙය Laira Maganuco නම් කලාකරුවා විසින් 2017 සැප්තැම්බර් 28 වන දින සෙල්ලම් බඩුවක ආරම්භක අදියරේදී ලබාගත් ඡායාරූපයක් තම ෆේස්බුක් පිටුවක පළ කර තිබුණේ baby licanthropo එම සෙල්ලම් බඩුව ඉක්මනින් විකිණීමට හැකි බවට පවසමින්. Archived Link

අප විසින් වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වූයේ ඉහත කී සෙල්ලම් බඩු Etsy හි අලෙවි කරන බවයි.

ඒ අනුව මෙය සිලිකන් වලින් නිර්මාණය කර ඇති මූර්තියක් බවට තහවුරු වේ.

පහතින් දක්වා ඇත්තේ මීට පෙර මෙම කලාකරුවා විසින් නිර්මාණය කර තිබූ තව ත් ඡායාරූපයක් නොමග ගොස් ඇති අවස්ථාවක් අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළ අයුරුයි.

පිළිම,පිළිරූ ආදිය නිමැයුම්, ඒ හා සම්බන්ධ විවිධ කලා ශිල්ප ආදිය ඉතාමත් ඈත අතීතයක සිට පැවතගෙන එන්නක්. අදත් මෙම කලා ශිල්ප පුහුණු කරන ඉතා දක්ෂ ශිල්පීන් ලෝකය පුරා සිටිනවා. කෙසේ වෙතත් සමාජ ජාලාවල සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග මෙම නිමැයුම් වලට වැරදි අරුත් ලබාදී ඒවා ලොව පුරා පතුරවා හරින අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. මේ ඉතාලි ජාතික කලාකාරිණියක් විසින් සිදුකළ කලා නිමැයුමක් වැරදි අර්ථකතන ලබාදී සමාජ ජාලාවල පැතිර යාමක් පිළිබඳව අප සිදුකළ ගවේෂණයක්. 

සමාජ මාධ්‍ය සටහන් :

“බොදු දම් පියස” , නම් ෆේස්බුක් ගිණුම මිනිස් - සූකර ද්විත්ව පෙනුමක් සහිත ළදරුවකුගේ ඡායාරූප සයිබර් අවකාශයට එක්කර තිබුණේ ,

“අහෝ සසර..

ඊරියෙකුගේ බඩින්..තිරිසන් ආත්මභාවයක් ද ? නැත්නම් ????????? සිතා ගත නොහැක. බියකරු සසර. සියල්ලෝම පවට බිය වෙත්වා.නොපමාව කුසල් ම වඩත්වා.”, යන සටහනකුත් සහිතවයි.

Facebook| Archived

මෙම ඡායාරූප පෙළ සයිබර් අවකාශය පුරාම පැතිර ගොස් තිබුණේ මෙලෙසයි.

මේ ඡායාරූප පෙළ මීට වසරකට පමණ පෙරද ,ෆේස්බුක් හරහා පැතිර තිබුණේ මෙලෙසිනුයි.

Facebook| Archived

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ,අප මේ පිළිබදව ගවේෂණයක් කිරීමට තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මේ සම්බන්ධයෙන්සොයා බැලීමේදී තහවුරු වූයේ දැනට වසර කිහිපයක පමණ සිට මෙම ඡායාරූපය ,මිනිස් සූකර දෙමුහුම් ළදරුවෙක් බවට පෙන්වීම සඳහා විවිධ පිරිස් උත්සාහ ගනිමින් පවතින බවක්. කෙසේ වෙතත් විවිධ ගවේෂණ කණ්ඩායම් මගින් එම උත්සාහයන් අසාර්ථක කරමින් මෙම ඡායාරූපය පිළිබඳව සත්‍ය මතු කිරීමට කටයුතු කර ඇති බවක් අපට පෙනී ගියා. Indian Express පුවත්පත ඒ පිළිබඳව තබා ඇති සටහනට පිවිසුම මෙතනින්.Archived.

කෙසේ වෙතත් අප සිදුකළ විමසුමේදී තහවුරු වූයේ මෙය ඉතාලි ජාතික කලාකාරිණියක් වන Laira Maganuco ගේ කලා නිමැයුමක් බවයි. ඇය විසින් එම කලා කෘතියේ වීඩියෝවක් 2018 ජූලි 25 වන දින සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබුනේ මෙලෙසින්.

https://www.instagram.com/p/Blr2bEIHenv/

මෙම මූර්තිය සිලිකන් අමද්‍රව්‍ය භාවිතයෙන් නිමකර ඇති අතර මේ වන විට Etsy shop නම් මාර්ගගත භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවියේද ඇයගේ එවැනි තවත් නිර්මාණයක් අලෙවි කිරීමට දක්වා තිබුණේ මෙලෙසින්.

Archived Link

මෙහිදීද සිලිකන් භාවිතයෙන් මෙම මූර්තිය නිම කර ඇති බවටත් මෙහි නිර්මාතෘ Laira Maganuco බවටත් දක්වා තිබේ. එම මාර්ගගත වෙළඳපොළේ ඇය විසින් babycreatures නමින් අලෙවි කරන තවත් සිලිකන් අමුද්‍රව්‍ය භාවිතයෙන් නිපදවන ලද එවැනි මූර්ති මෙතනින්.

ලයිරා තමන්ව හඳුන්වා ගන්නේ ස්වාධීන ,ගුරු ඇසුරකින් තොරව තමන් විසින්ම පිළිම,කැටයම් ආදිය සැකසීමේ කලාව පුරුදු පුහුණු කල කලාකාරිණියක් ලෙසින් වන අතර ඇයගේ ෆේස්බුක් පිටුවේ මෙන්ම වෙබ් අඩවියේද ඇය විසින් කළ නිමැයුම් පළකර තිබෙනවා. ඇයගේ ෆේස්බුක් පිටුවට පිවිසීම මෙතනින්. වෙබ් අඩවියට පිවිසුම මෙතනින්.Archived.

“මලේසියාවේ පහන්ගේ ප්‍රදේශයේ ඉපදී ඇති රකුසු පැටවකුගේ ස්වරූපය ඇති අත්භූත දරු ප්‍රසූතිය”යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ ඡායාරූප කිහිපයක් පළ වී තිබුණා.

Facebook | Archived Link

මෙම ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව මෙය 2017 වසරේ සි‍ට අන්තර්ජාලය හරහා බොහෝ දෙනෙකු විසින් හුවමාරු කර ගෙන තිබුණා.

එමෙන්ම මෙය Laira Maganuco නම් කලාකරුවා විසින් 2017 සැප්තැම්බර් 28 වන දින සෙල්ලම් බඩුවක ආරම්භක අදියරේදී ලබාගත් ඡායාරූපයක් තම ෆේස්බුක් පිටුවක පළ කර තිබුණේ baby licanthropo එම සෙල්ලම් බඩුව ඉක්මනින් විකිණීමට හැකි බවට පවසමින්. Archived Link

අප විසින් වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වූයේ ඉහත කී සෙල්ලම් බඩු Etsy හි අලෙවි කරන බවයි.

ඒ අනුව මෙය සිලිකන් වලින් නිර්මාණය කර ඇති මූර්තියක් බවට තහවුරු වේ.

පහතින් දක්වා ඇත්තේ මීට පෙර මෙම කලාකරුවා විසින් නිර්මාණය කර තිබූ තව ත් ඡායාරූපයක් නොමග ගොස් ඇති අවස්ථාවක් අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළ අයුරුයි.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදුකල ගවේෂණයෙන් තහවුරු වන පරිදි මෙම ෆේස්බුක් සටහනෙන් දැක්වෙන්නේ සැබැවින්ම ඊරියකුගේ කුස තුලින් උපන් මිනිස් සූකර දෙමුහුම් ළදරුවෙක් නොවේ. මෙය ඉතාලි ජාතික කලාකාරිණියක් වන Laira Maganuco විසින් සිලිකන් භාවිතයෙන් නිමා කරන ලද වෙනස් ආරක කලා නිමැයුමකි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ඊරියකගේ කුස තුළින් උපන් මිනිස් පෙනුමක් සහිත ළදරුවෙක්?

Fact Check By: Kalana Krishantha

Result: False

Tags:    

Similar News