FACT CHECK: ගලබොඩඅත්තේ හිමිගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇන්ටන් රංජිත් පියතුමා සිදුකළ ප්‍රකාශයක් ද?

Update: 2021-09-06 11:17 GMT

කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් ද ඇතුළුව නොයෙකුත් කතෝලික පියතුමන්ලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධාකාරයේ ප්‍රකාශ සිදුකළ බවට ව්‍යාජ සටහන් ද පසුගිය කාලයේ දී හුවමාරු වී තිබූ අතර අප ඒ පිළිබඳ විමර්ශන ද කිහිපයක් ම සිදුකලා.

මෙවන් පසුබිමක ඇන්ටන් රංජිත් පියතුමන් විසින් ගලබොඩඅත්තේ හිමියන් විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුකොටගෙන සිදුකළ ප්‍රකාශයක් බවට ද සටහන් පෙළක් හුවමාරු වී තිබූ අතර ඒ පිළිබඳ අපගේ විමරශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

ගලබොඩඅත්තේ හිමි “පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ඉතාම හොඳින් සිද්ධ වෙනවා” කියලා ප්‍රකාශ කිරීම විහිළුවක්.. උන්වහන්සේ ආණ්ඩුවේ ඉහල පුද්ගලයින්ගේ උවමනාවට පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයෝ ආරක්ෂා කරනවා කියලා පැහැදිලි..” යනුවෙන් ඇන්ටන් රංජිත් පියතුමා පැවසු බවට සටහනක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived FB

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත සටහන් සඳහා මුල් වී තිබුණේ, ගලබොඩඅත්තේ ඥානසාර හිමි සිදුකළ බවට දක්වා තිබූ ප්‍රකාශයක් බැවින් අප ඒ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමේ දී එම කරුණු ඇතුළත් දර්ශන මෙසේ දැක ගන්නට ලැබුණා. මෙහිදී ඥානසාර හිමි පවසා තිබුණේ පාස්කු විමර්ශන සිදු කිරීම අසීරු කාරණයක් බවත් කාලයක් ගතවිය හැකි බවත් පාර්ශව කිහිපගේ උවමානව මත ඉක්මනින් සිදුවිය නොහැකි බවත් ක්‍රමවත් ව සිදුවන බව තමා විශ්වාස කරන බවත්ය. මේ පිළිබඳ තවත් වීඩියෝවක් මෙතනින්.

එබැවින් ඉහත ප්‍රකශය සඳහා කොළඹ අගරදගුරු පදවියේ සහයක රදගුරු හිමිපාණන් වන ඇන්ටන් රන්ජිත් හිමිපාණන් සාමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා තිබූ පරිදි ප්‍රතිචාරයක් දක්වා තිබුණි ද යන්න අප ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පරීක්ෂා කළ ද එවැන්නක් දැක ගන්නට ලැබුනේ නැහැ.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහ කොළඹ අගරදගුරු පදවියේ නිල ෆේස්බුක් පිටුව විසින්ද ඉහත සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බවට සටහනක් පළකර තිබුනේ මෙලෙසින්.

Full View

Archived

කොළඹ අගරදගුරු පදවිය ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් ද අපට පවසා සිටියේ මේ ආකාරයේ කිසිඳු ප්‍රකාශයක් ඇන්ටන් රංජිත් පියතුමා සිදුකර නොතිබුණ බවයි.

එසේම 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ කුරුරු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු කඩිනමින් සිදු කර අවසන් නොකිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව සිය කණස්සල්ල පසුගිය කාලය පුරාවටම නොයෙකුත් අවස්ථාවල දී පළකර තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අගෝස්තු මස 21 වනදා කාදිනල් හිමිපාණන් අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

අපගේ කරුණු විමර්ශන පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ඉතාම හොඳින් සිද්ධ වෙනවා කියලා ගලබොඩඅත්තේ හිමි ප්‍රකාශ කිරීම විහිළුවක් යනාදී වශයෙන් ඇන්ටන් රංජිත් පියතුමා විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදුකර නොතිබුණු බවයි.

Also Read : FACT CHECK: පාස්කු ප්‍රහාරය ගැන කතොලික පියතුමෙකු සිදුකළ ප්‍රකාශයක් ද?

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ගලබොඩඅත්තේ හිමිගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇන්ටන් රංජිත් පියතුමා සිදුකළ ප්‍රකාශයක් ද?

Fact Check By: Sara Gunaratne

Result: False

Tags:    

Similar News