FACT CHECK: ස්කෑන් පරීක්ෂාවකට මුහුණ දීම, පරමාණු බෝම්බක් හා සමාන විකිරණවලට මුහුණදීමේ අවදානමක්ද?

Update: 2021-10-08 07:14 GMT

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ම, විවිධාකරගේ මෙන්ම නිදන්ගත රෝග සම්බන්ධයෙන් දැන ගැනීමට හා ප්‍රතිකාර වලට යොමු වීමේ අවස්ථාව රෝගීන් හට බොහෝ අවස්ථාවල දී උදා වී තිබෙනවා. මේ සඳහා යොදාගන්නා විධික්‍රම අතර එක් වැදගත් ප්‍රවේශයක් ලෙස ස්කෑන් පරීක්ෂණ හැඳින්විය හැක. නමුත් සම්පූර්ණ ශරීරය ස්කෑන් පරීක්ෂණනය භාජනය කිරීමට බොහෝ දෙනා තුළ ඇත්තේ බියක්. එයට හේතුව එමඟින් ශරීරයට අහිතකර විකිරණ සඳහා ලක්වීමේ අවදානමක් ඇති බව දක්වමින්. මෙහි සත්‍යතාවය කුමක්ද යන්න, ඒ සම්බන්ධයෙන් පළවූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“සම්පූර්ණ ශරීර ස්කෑන් පරීක්ෂාවේදී රෝගියා හිරෝෂිමා හි භාවිතා කරන ලද පරමාණු බෝම්බයෙන් පිටවූ විකිරණ මට්ටමට සමාන විකිරණ වලට නිරාවරණය වන බව විකිරණවේදය පිළිබඳ ප්‍රවීණයන් පවසයි”. යනුවෙන් සමාජ මාධ්‍ය සටහනක පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

සීටී ස්කෑන් දෙකකයි පරමාණු බෝම්බයකයි විකිරණ බලපෑම එකයි

ජපානයේ හිරෝශිමා සහ නාගසාකි යන නගර වල ඇමරිකානුවන් පරමාණු බෝම්බ හෙලීමෙන් පසු අදාළ ප්‍රදේශ පුරා ඉතා දැඩි විකිරණශීලී වාතාවරණයක් හටගත් බව අපි දනිමු.එයින් ඇති වූ රුදුරු විපාක දශක ගණනාවක් තිස්සේ ප්‍රදේශවාසීන් කෙරෙන් දිස්වු බවද දනිමු. එහෙත් ඊට සමාන මට්ටමකින් විකිරණවලට පුද්ගලයෙකු නිරාවරණය විය හැකි වෙනත් අවස්ථාවක් හෝ ක්‍රියාවක් ගැන ඇසුවහොත් ඔබ උත්තර දෙන්නෙ කුමක්ද? යනුවෙන් සටහනක් ද සමාජ මාධ්‍ය ඔස්සේ 2013 වර්ෂයේ පළ වී තිබුණේ මෙලෙසින්.

Archived Link

මේ ආකාරයට විටින් විට හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් කරණු විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

නව තාක්ෂණය භාවිතා කරමින්, මිනිස් සිරුර තුළ ඇති පිළිකා, හෘද රෝග සහ වෙනත් තත්වයන් පිළිබඳ පූර්ව අනතුරු හැඟවීම් දැන ගැනීමට මෙන්ම විවිධ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වීමට පෙර ද ඇතුළු කාරණා වල දී මිනිස් සිරුරේ අභ්‍යන්තරය පරීක්ෂා කිරීමට යොදා ගන්නා ස්කෑන් පරීක්ෂණ අතර මුළු ශරීරයම පරීක්ෂණයකට භාජනය කිරීම ස්කෑන් පරීක්ෂණය ද (Full Body CT Scan) යොදා ගැනෙනවා. සාමාන්‍යයෙන් මෙහිදී නිකටේ සිට උකුල දක්වා ශරීරයේ අභ්‍යන්තරයේ හරස්කඩ එක්ස් කිරණ රූප මෙහිදී ලබා ගෙන පරීක්ෂා කිරීම මෙමගින් සිදුවනවා.

සාම්ප්‍රදායික විකිරණවේදයේදී, යම් රූපයක් නිරුපණය කිරීම සදහා, එක්ස් කිරණ ජෙනෙරටරයක් භාවිතයෙන් නිපදවාගනු ලබන එක්ස් කිරණ, යම් වස්තුවක් දෙසට ප්‍රක්ෂේපනය කරන අතර, එම වස්තුවේ ඝනත්වය සහ සංයුතිය අනුව, කිරණවලින් යම් ප්‍රමාණයක් වස්තුව විසින් අවශෝෂණය කර ගනී. වස්තුව හරහා ගමන් කරන එක්ස් කිරණ ඔස්සේ ද්වීමාන රූපයක් නිපදවා ගනී. මෙම මූලික සිද්ධාන්තය භාවිතයෙන් බොහෝ විකිරණ පරීක්ෂණ සිදුවෙනු ලැබේ.

සම්ප්‍රදායික X-ray ඡායා පිටපතක් මොළයේ මාංපේශි වැනි පටක කොටස් වල රෝග තත්ත්වයන් හදුනා ගැනීමට වර්තමානයේ දී නිර්දේශ කරන්නේ නැති අතර ඒ සඳහා විකල්ප ක්‍රමයන් ලෙස Computed axial tomography හෙවත් CT Scan ක්‍රමය, විදයුත් චුම්භක ප්‍රතිරූපණය හෙවත් MRI Sacn සහ අතිධ්වනි ස්කෑන් (Ultrasound Scan) යනාදී ක්‍රමයන් යොදාගනු ලැබේ.

මෙම විවිධ ස්කෑන් ක්‍රම සඳහා භාවිතා කරන ක්‍රමවේදයන් එකිනෙකට වෙනස්ය. X ray මෙන්ම CT ස්කෑන් සඳහා විකිරණ භාවිතා කළද MRI ස්කෑන් සඳහා විකිරණ භාවිතයක් සිදු නොවේ. MRI (Magnetic Resonance Imaging) ස්කෑන් ක්‍රමයේ දී ප්‍රභල චුම්භක ක්ෂේත්‍රයක් යොදාගනිමින් ශරීරය හරහා රේඩියෝ තරංග ගමන් කිරීමට සලසයි. එසේම CT ස්කෑන් වලදී X ray පරීක්ෂණ වලට වඩා සාපේක්ෂව වැඩි කාලයක් පුද්ගලයා විකිරණ වලට නිරාවරණය වේ. මේ ක්‍රමවේදයන් කුමන අවස්ථාවන් සඳහා යොදාගත යුතු ද ඇතුළු වැඩිදුර විස්තර ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට සම්බන්ධ මෙම වෙබ් පිටුවෙන් ලබාගත හැක.Archived.

වෛද්‍යවරුන් මෙම පරීක්‍ෂණ මගින් රෝග විනිශ්චය කිරීමට මෙන්ම ප්‍රතිකාර පිළිබඳ තීරණ ගැනීමට සහ ප්‍රතිකාර සඳහා රෝගියාගේ ප්‍රතිචාරය නිරීක්ෂණය කිරීමට ද යොදා ගනී. කෙසේ වෙතත්, ඉහත සමාජ මාධ්‍ය සටහන් මඟින් පෙන්වා දී ඇත්තේ වෛද්‍යවරුන් මෙවැනි පරීක්ෂණ අධික ලෙස භාවිතා කරන අතර ඒ ඔස්සේ අනවශ්‍ය විකිරණවලට රෝගීන් නිරාවරණය කරන බවයි.

CT වැනි පරීක්ෂණ වලින් රෝගීන්ට ලැබෙන විකිරණ මාත්‍රාව අඩු කිරීමට තාක්‍ෂණයේ සහ වෛද්‍ය භෞතික විද්‍යාවේ ප්‍රගතිය උපකාරී වී ඇත. කෙසේනමුත් වර්තමානයේ දී ද CT ස්කෑන් පරීක්ෂාවකට ලක්වීමේදී, සාමාන්‍ය X කිරණ පරීක්ෂාවකට වඩා සැලකිය යුතු විකිරණ ප්‍රමාණයකට ලක්වීමට සිදුවෙයි. එහෙත් CT ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීම පිළිකා වැනි දරුණු රෝගී තත්වයන් කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමේ ද අවස්ථාව ලැබෙන බැවින් මෙවැනි පරීක්ෂා මඟින් ලැබෙන ප්‍රතිලාභයන්, එහි ඇති සුළු අවදානමට වඩා බෙහෙවින් වැඩි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. කෙසේවෙතත් නිතර මේ ආකාරයේ CT ස්කෑන් සඳහා නිතරම යොමු වීම මඟින් අවදානම් තත්වයන් ඇතිවිය හැකි බවත් නිරෝගී පුද්ගලයෙකුට මෙවැනි පරීක්ෂාවන් සඳහා සාමාන්‍යයෙන් යොමු වීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් සඳහන්. ඒ බවට පළවූ විදෙස් වාර්තාවක් මෙතනින්.

අමෙරිකාවේ විකිරණ පර්යේෂණ සමිතිය විසින් කළ පර්යේෂණයට අනුව පරමාණු බෝම්බ වලින් දිවි ගලවා ගත් එහි විකිරණ වලට ලක්වූ පිරිස් සහ වෛද්‍ය එක්ස් කිරණ නිරාවරණය වීම අතර සම්බන්ධය පරීක්‍ෂා කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ද එක්ස් කිරණ මාත්‍රාවන්, පරමාණු බෝම්බ විකිරණ වලට වඩා බෙහෙවින් අඩු බවයි. නමුත් විකිරණ චිකිත්සාව මගින් පිළිකා නොවන රෝග වලට ප්‍රතිකාර කිරීම සඳහා ලබා ගන්නා ස්කෑන් පරීක්ෂණ මගින් අවදානමක් හා බලපෑම් කිරීමේ හැකියාව පවතින බවද සැලකිල්ලට ගත යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එම සම්පූර්ණ පරීක්ෂණය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් මෙතනින්.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ප්‍රධාන ලේකම්:

අප මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සම්බන්ධ කර ගත් අතර ඒ මහතා සඳහන් කළේ ද, සම්පූර්ණ ශරීර ස්කෑන් පරීක්ෂාවේදී රෝගියා හිරෝෂිමා හි භාවිතා කරන ලද පරමාණු බෝම්බයෙන් පිටවූ විකිරණ මට්ටමට සමාන විකිරණ වලට නිරාවරණය වන බව පැවසීම නොමග යන සුළු බවයි. එසේ නම් එම පරීක්ෂණයට භාජනය වන පුද්ගලයන් එම අවස්ථාවේදීම මරණයට පත් විය යුතු හෝ දරුණු සංකුලතා වලට ලක්විය යුතු බව ද දක්වා තිබු අතර මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලදී එවැන්නක් වාර්තා වී නැති බව ද පවසා සිටියා.

ජීවිත අවදානමක් ඇති නිදන්ගත රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඊට අවශ්‍ය ප්‍රතිකාර සඳහා රෝගියෙකු මෙම පරීක්ෂණයට යොමු කරන්නේ වෛද්‍ය නිර්දේශ මත බවත්, කිසිදු රෝගයන් නොමැති නිරෝගී පුද්ගලයෙකු මෙම පරීක්ෂණය සඳහා යොමු නොකරන බැවින් ජීවිතය බේරා ගැනීම හා සැසඳීමේදී මෙවැනි පරීක්ෂණ වෙත යොමු කර ප්‍රතිකාර ලබා ගැනීමට මෙමගින් උපකාර වන බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ. නමුත් කොපමණ වාරයක් ඒ සඳහා යොමු කරනවාද පිළිබඳවත් වෛද්‍යවරයා සැලකිලිමත් විය යුතු අතර පරීක්ෂණයක අවශ්‍යතාවක් නොමැති නම් එසේ සිදු නොකිරීම වඩා යෝග්‍ය බවද ඒ මහතා සඳහන් කළා.

විකිරණ යනු සම්පූර්ණයෙන්ම මිනිස් සිරුරට ආගන්තුක දෙයක් නොවේ . මිනිස් සිරුර තුල මෙන්ම අප අවට පරිසරයේද විකිරණශීලී සංසිද්ධීන් ස්වාභාවිකවද සිදුවේ. හානිකර වන්නේ අනවශ්‍ය ලෙස විකිරණවලට නිරාවරණය වීමයි. විකිරණ වලට නිරාවරණය වන පුද්ගලයන් හා ඒ ආශ්‍රිත රැකියාවල යෙදෙන්නත් යනාදිය ප්‍රධාන වශයෙන් අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් එක්සත් ජනපද න්‍යෂ්ඨික නියාමන කොමිසම මගින් පෙන්වා දෙනවා. එනම්, විකිරණ වලට නිරාවරණය වන කාලය, විකිරණශීලී ප්‍රභවයේ සිට ඇති දුර සහ විකිරණ ආවරණ භාවිතයයි. ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර සහිත වාර්තාවකට යොමුවීම මෙතනින්.Archived.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයට අනුව පැවසිය හැක්කේ, සම්පූර්ණ ශරීර ස්කෑන් පරීක්ෂාවේදී (CT Scan) රෝගියෙකු හිරෝෂිමා හි භාවිතා කරන ලද පරමාණු බෝම්බයෙන් පිටවූ විකිරණ මට්ටමට සමාන විකිරණ වලට නිරාවරණය වන බවට පැවසීම නොමග යවන සුළු බවයි.

ඇමරිකාවේ සිදුකල පරමාණු බෝම්බ වලින් දිවි ගලවා ගත් එහි විකිරණ වලට ලක්වූ පිරිස් සහ වෛද්‍ය එක්ස් කිරණ නිරාවරණය වීම අතර සම්බන්ධය ගැන සිදුකළ පරියෙශනයක දී ද පෙන්වා දෙන්නේ පරමාණු බෝම්බ විකිරණ වලට වඩා බෙහෙවින් අඩු ප්‍රමාණයක් වෛද්‍ය එක්ස් කිරණ නිරාවරණය වීමක දී ලක්වන බවයි.

CT scan නිතර සිදුකිරීම අවදානම් සහගත විය හැකි අතර නිරෝගී පුද්ගලයෙකු සඳහා මෙම පරීක්ෂාවන් නිර්දේශ කරන්නේ ද නැත. එසේම එමඟින් සාමාන්‍ය X කිරණ පරීක්ෂණයකට වැඩි විකිරණ සඳහා ලක්වුව ද ජීවිත අවදානමක් ඇති රෝගියෙකුගේ රෝග විනිශ්චය සහ ඊට අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම ඔස්සේ ලැබෙන ප්‍රතිලාභයන් සමඟ සැසඳීමේදී එම අවදානම ඉතා අල්ප බවයි දෙස් විදෙස් මෙම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතය.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:ස්කෑන් පරීක්ෂාවකට මුහුණ දීම, පරමාණු බෝම්බක් හා සමාන විකිරණවලට මුහුණදීමේ අවදානමක්ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News