FACT CHECK: BTS සංගීත කණ්ඩායම ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට?

Update: 2021-10-20 09:07 GMT

දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS ලොව පුරා බොහෝ පිරිස් අතර ජනප්‍රිය වී ඇති සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සැදී කණ්ඩායමකි. මෙම ජනප්‍රියත්වය නිසාත්, ඔවුන්ගේ විලාසිතාවන් නිසාත් ඇතැමුන්ගේ වෛරයට ද පාත්‍ර වී තිබෙනවා. මේ හේතුවෙන් BTS සංගීත කණ්ඩායම ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ අසත්‍ය මෙන්ම අපහාසාත්මක ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ද, ලංකාව ඇතුළු නොයෙකුත් රටවල් වලින්ද අපට සුලබව දක්නට ලැබෙන කරුණක්. එවන් අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ලොවම පිස්සු වැට්ටූ BTS කණ්ඩායම ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ බවට එසැණ පුවත් සේවය මගින් පළ කළ ප්‍රවෘත්තියක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ එම සටහන සංසරණය වී තිබුණු අයුරු පහතින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ලෝකයේ ඉතාම ජනප්‍රිය දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන බීටීඑස් (BTS) කණ්ඩායම සැබවින්ම මෙලෙස ගුවන් අනතුරකට පත් වී ඇත්දැයි පරීක්ෂා කිරීමට අප ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා විමර්ශනයට ලක් කරනු ලැබුවා.

නමුත් එවැනි පුවතක් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අපට දැක ගන්නට නොලැබුණි.

එමෙන්ම එසැණ පුවත් සේවයේද, එවැනි පුවතක් වාර්තා නොවුණු බවට එම පුවත් පරීක්ෂා කිරීමේදී අනාවරණය වුණා.

ඉහත සඳහන් පුවත සඳහා යොදා ගෙන ඇති ගුවන් අනතුර සම්බන්ධ ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එම ගුවන් අනතුර සිදුව තිබුණේ 2018 වර්ෂයේදී මධ්‍යම ඇමරිකානු Honduras ජනරජයේදීය.

2018 මැයි 22 දා, පෞද්ගලික ජෙට් යානයක්, හොන්ඩියුරාස් හි Teguciagalpa දී අනතුරට පත් වූ අතර එහි ගමන් ගත් කාර්ය මණ්ඩලය සහ මගීන් බේරා ගත් බව AP මාධ්‍ය ජාලය වාර්තා කර තිබුණා.

AP | Archived Link

එමෙන්ම මේ සම්බන්ධයෙන් පළ වූ තවත් පුවත් මෙතනින් සහ මෙතනින්.

එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.

https://www.youtube.com/watch?v=FDn9-pckUN8

සාමාජිකයන් සත් දෙනෙකුගෙන් සමන්විත BTS කණ්ඩායම පසුගිය සැප්තැම්බර් මස නිව්යෝක් හි පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ මෑත වඩාත් ජනප්‍රිය වූ 'Permission To Dance' නමැති ගීතය එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ගායනා කරනු ලැබීය. ඔවුන් එහිදී කොවිඩ් වසංගත සමයේ දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධනය පිළිබඳවත් අදහස් පළ කළා. එම අවස්ථාව මෙතනින්.

එසේම BTS කණ්ඩායමේ නිල ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ද ඊයේ (ඔක්තෝබර් 19 වනදා) 'Permission To Dance' පිළිබඳ සටහනක් පළකර තිබුණා. එසේම BTS කණ්ඩායමේ නායකයා පසුගිය දා සිදුකළ සාකච්ඡාවක් අළලා ඔක්තෝබර් 18 දින පළවූ ලිපියක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දිය හැක්කේ BTS කණ්ඩායම ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ බවට එසැණ පුවත් සේවය මගින් පළ කළ ප්‍රවෘත්තියක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් අසත්‍ය බවයි. ඔවුන් සම්බන්ධයෙන් එවන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා නොකර ඇති අතර ඉහත සඳහන් ගුවන් අනතුරේ ඡායාරූපය 2018 වර්ෂයේදී මධ්‍යම ඇමරිකානු රාජ්‍යක් වන Honduras හි දී සිදුවූ පෞද්ගලික ජෙටි යානා ගුවන් අනතුරක ඡායාරූපයකි. එම අනතුරේ දී ද ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සහ මගීන් බේරා ගත් බව AP මාධ්‍ය ජාලය වාර්තා කර තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:BTS සංගීත කණ්ඩායම ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News