දුම්රිය සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක පහසුකම් නොමැති නිසා ට්‍රොලියක් මත විවේක ගන්නා විදේශිකයෙක්?

Update: 2021-12-15 10:56 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ ඡායාරූප වල සත්‍ය සිදුවීම් බාහිරෙන් දැකීමෙන් පමණක් එහි දැක්වෙන සත්‍ය කරුණු නිගමකය කළ නොහැක. කිසිදු තොරතුරක් සොයා බැලීමකින් තොරව නිගමන වලට පැමිණ අසත්‍ය සහ නොමඟ යවන සුළු කරුණු සමාජගත කිරීමෙන් ජනතාව නොමග ගොස් සිටින ඡායාරූප සටහනක් පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

විදේශීය සංචාරකයන් ගැවසෙන දුම්රිය ස්ථානයක සංචාරකයන්ට සුව පහසුව හා විවේකය ලබාදීමට ඇත්තේ දුම්රිය මඟින් බඩු බාහිරාදිය ප්‍රවාහනය කරන ට්‍රොලියක් බවට දැක්වීමට විදේශිකයෙක් ඒ මත නිදා සිටින ආකාරයේ ඡායාරූපයක්  2018 වර්ෂයේ සිට මේ වන විටත් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර සංසරණය වුණා. එම ඡායාරූප සටහන පහතින්.

Facebook | Archived Link

මෙම ඡායාරූපය රැගත් ඡායාරූප සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වුණේ මෙලෙසින්.

මේ පිළිබඳව ඇතැම් වෙබ් අඩවිද 2018 වසරේ වාර්තා කර තිබුණේ මේ අයුරින්.

Gossiplankanews | Archived Link

සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක් (Tourist Comfort Centre) ලෙස සඳහන් නාම පුවරුවක් යට ඇති ට්‍රොලියක් මත මෙම විදේශිකයා නිදා සිටින බැවින් සත්‍ය වශයෙන්ම සංචාරක පහසුකම් ම්‍යස්ථානයක් ඒ වන විටත් එම දුම්රියපොළේ ඉදිකර තිබුණේ ද, යන්න විමසීමට සහ එහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපයේ දැක්වෙන්නේ කුමන දුම්රිය ස්ථානයක්ද යන්න ප්‍රථමයෙන් නිරීක්ෂණය කළ අතර එහි දැක්වෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 1897.5 ක් උසින් පිහිටා ඇති ශ්‍රී ලංකාවේ ඉහළම උසක පිහිටි දුම්රිය ස්ථානය ලෙස සැලකෙන පට්ටිපොල දුම්රිය ස්ථානය බවට හඳුනා ගනු ලැබුවා. එම පසුබිම හා සමාන පසුබිමක් දැක්වෙන ඡායාරුපයක් පහතින්.

Facebook | Archived Link

පට්ටිපොළ දුම්රිය ස්ථානය පිළබඳ වීඩියෝවකද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ස්ථානයේ ඡායාරූප ඇති ස්ථානයම බව තහවුරු වන වීඩියෝවක් පහතින්.

https://youtu.be/2p2C_POg384?t=6

පට්ටිපොළ දුම්රිය ස්ථාන ස්ථානාධිපති

අඹේවෙල දුම්රිය ස්ථානය සහ ඔහිය දුම්රිය ස්ථානය අතර පිහිටි පට්ටිපොළ දුම්රිය ස්ථානයේ මෙහෙයුම් ස්ථානාධිපති සුරංග සේනාධීර මහතාගෙන් ද මේ සම්බන්ධයෙන් විමසීමක් කරනු ලැබුවා. 

ඔහු සඳහන් කළේ, මෙම සිදුවීම 2018 වර්ෂයේ වූ සිදුවීමක් වන අතර, සමාජ මාධ්‍ය තුළ වෙනත් අර්ථකථනයෙන් මෙම ඡායාරූපය අවභාවිත කොට ඇති බවත්, මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව පට්ටිපොළ දුම්රිය ස්ථානයේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක් 2014 වර්ෂයේ ස්ථාපිත කළ බවත් ඒ සම්බන්ධයෙන් දැක්වෙන පුවරුව ගසා ඇති ස්ථානය අසල බිම් මට්ටමින් පහළ කොටසේ සංචාරකයින්ට විවේක ගැනීම සඳහා මධ්‍යස්ථානයක් ඉදිකර ඇති බවයි.

එසේම ස්ථානාධිපති වැඩිදුරටත් පවසා සිටියේ බොහෝ විදේශිකයන් එම සංචාරක පහසුකම් මධ්‍යස්ථානයට ගොස් විවේක ගැනීමට මැලි වන බවත්, ඇතැම් අවස්ථාවල මෙම දුම්රිය ස්ථානය අවට ඇති තණ කොළ බිස්සේ හිරු එළියට නිරාවරණය වන ලෙස වැතිරී සිටින අයුරු පට්ටිපොළ දුම්රිය ස්ථානයේ සුලබව දක්නට ලැබනෙ බවයි.

විදෙස් සංචාරකයින් බොහෝ විට ඔවුන්ට වෙන්වී ඇති විවේකාගාරය වෙතට නොයන බවත්, දුම්රිය ස්ථානයේ අවට බංකු මත නිදාගෙන සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අපගේ ඉල්ලීම පරිදි ඒ මහතා එම සංචාරක මධ්‍යස්ථානයේ ඡායාරූප කිහිපයක් අප වෙත යොමු කරනු ලැබුවා. එම ඡායාරූප කිහිපයක් පහතින්.

මෙම ඡායාරූප වල ඇති දක්වා ඇති ස්ථානය සැබවින්ම පට්ටිපොළ දුම්රිය ස්ථානයේ ඉදිකර ඇති සංචාරක මධ්‍යස්ථානය ද යන්න අප නිරීක්ෂණය කළ අතර පටිටිපොළ දුම්රිය ස්ථානයේ 2018 වර්ෂයේ Google map හි Street View & 360° ඔස්සේ පළකර තිබු ඡායාරූපයක් හා අපට දැක ගැනීමට ලැබුණු අතර එහි ද පට්ටිපොළ සංචාරක මධ්‍යස්ථානයේ පිවසුම් ස්ථානය දැක ගන්නට ලැබුණා.

Street View & 360° දක්වා ඇති ඡායාරූපය මෙතනින්. Archived Link

එමෙන්ම පට්ටිපොළ දුම්රිය ස්ථානයේ වීඩියෝවකද එම සංචාරක මධ්‍යස්ථානය වෙතට යන පිවිසුම මෙලෙසින් දිස්වුණා. (02.19-2.25)

Video 

පළාත් සංචාරක දෙපාර්තමේන්තුව - නුවරඑළිය කොට්ඨාසය

මේ පිළිබඳව තවදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා අප මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ, නුවරඑළිය කොට්ඨාස නිලධාරි ශිරාණි හෙට්ටිආරච්චි මහත්මියව ද දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා. ඒ මහත්මිය පැවසුවේ, මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ස්ථාන වල සංචාරක විවේකාගාරයන් තනා දුන් අතර ඒවා නඩත්තු කිරීම් අදාළ දුම්රිය ස්ථාන විසින් සිදු කරනු ලබන බවයි. 

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම ඡායාරූපය 2018 වර්ෂයේ ලබා ගන්නා ලද්දක් වන අතර ඒ වන විටත් සංචාරකයන් සඳහා සංචාරක මධ්‍යස්ථාන එම දුම්රිය ස්ථානයේ ඉදිකර තිබුණු බවත් ඇය තහවුරු කර සිටියා. නමුත් සංචාරකයින් වැඩි වශයෙන් එම දුම්රිය ස්ථානය ස්වභාවික සෞන්දර්ය විදීමට එළිමහනට වී කාලය ගත කිරීමට ප්‍රිය කරන බැවින් බොහෝ අවස්ථාවන් වල ඔවුන් විවේකාගාරයෙන් පිටත රැඳී සිටින අයුරු දක්නට ලැබෙන බවයි ඇය ද සඳහන් කළේ.

මේ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එම ඡායාරූපය හේතුවෙන් බොහෝ පිරිසක් සිතා සිටියේ එවැනි විවේකාගාර ඉදි නොකර පුවරුවක් පමණක් ප්‍රදර්ශනය කර ඇති බවත් ඇය පැවසුවා. සංචාරක මධ්‍යස්ථානය බිම් මට්ටමින් පහළ ස්ථානයක පිහිටුවා තිබෙන නිසාත් එම පුවරුව දිස් වන්නේ දුම්රිය වේදිකාවේ ප්‍රදර්ශනය වන ආකාරයෙන් නිසාත් මෙලෙස බොහෝ පිරිසක් නොමග ගොස් තිබුණ බවත්, සෑම දුම්රිය ස්ථානයකම මෙවන් සංචාරක පහසුකම් මධ්‍යස්ථාන නොමැති බවත්, එවැනි මධ්‍යස්ථාන පිහිටුවා තිබෙන මධ්‍යස්ථානවල ද ලබා දී ඇති පහසුකම් සුළු වශෙයන් වෙනස් විය හැකි බවත් ඉදිරියේදී තවත් අංගයන් මෙම විවේකාගාරයට එක් කිරීමට නියමිත බවත් ඇය තවදුරටත් පවසා සිටියා. 

මාධ්‍ය වාර්තා

කෙසේ වෙතත් 2018 වර්ෂයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම ඡායාරූපය හේතුවෙන් එවකට සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට විශේෂිත කණ්ඩායමක් පට්ටිපොළ දුම්රිය ස්ථානය වෙත පිටත් කළ බවත් ඇතැම් මාධ්‍ය සහ වෙබ් අඩවි වාර්තා මගින් නිරූපණය කර ඇති පරිදි සංචාරක සුවපහසු මධ්‍යස්ථානය අබලන් තත්ත්වයේ නොමැති බව එම ස්ථානයට පැමිණි නිලධාරීන් පවසා ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව එහි වැඩිදියුණු කිරීම් සඳහා අඛණ්ඩව කටයුතු කරමින් සිටින අතර, එම ස්ථානය නිසි ලෙස නඩත්තු කිරීම සඳහා කාර්ය මණ්ඩලය පැය විසිහතරේම කටයුතු කරමින් සිටින බවත් පවසා තිබේ. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තාවක් පහතින්.

ft.lk | Archived Link

හඳුනාගත් දුම්රිය ස්ථාන සහ ‍‍ඓතිහාසික බලකොටු සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇති බවත්, ඒ අනුව බණ්ඩාරවෙල හා නානුඔය දුම්රිය ස්ථාන සංවර්ධනය කිරීමට නියමිත බවට පළ වූ පුවතක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ විදේශීය සංචාරකයන් ගැවසෙන දුම්රිය ස්ථානයක සංචාරකයන්ට සුව පහසුව හා විවේකය ලබාදීමට කටයුතු කර තිබෙන්නේ දුම්රිය මඟින් බඩු බාහිරාදිය ප්‍රවාහනය කරන ට්‍රොලියක් බව හඟවමින් විදේශිකයෙක් එවැනි ටෝලියක් මත නිදා සිටින ආකාරය දැක්වෙන ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබෙන්නේ නොමග යවන සුළු අර්ථකථනයක් සමඟින් බවයි.

සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ඡායාරුපය පට්ටිපොළ දුම්රිය ස්ථානයේදී 2018 වර්ෂයේ ලබා ගත් ඡායාරුපයක් වන අතර එම අවස්ථාව වන විටත් මධ්‍යම පළාත් වෙළඳ වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව පට්ටිපොළ දුම්රිය ස්ථානයේ සංචාරක පහසුකම් මධ්‍යස්ථානයක් (Tourist Comfort Centre) ඉදිකරවා එහි අත්‍යවශ්‍ය පහසුකම් ස්ථාපිත කර තිබුණා. කෙසේනමුත් එම අවධියේ මෙන්ම ඉන් පසුව වුවද මෙම රමණීය දුම්රිය ස්ථානයේ ස්වභාවික සෞන්දර්ය විඳීමට කැමති බොහෝ විදේශිකයින් එම සංචාරක පහසුකම් මධ්‍යස්ථානයේ රැඳෙනු වෙනුවට දුම්රිය ස්ථානයේ බැංකු සහ එළිමහනේ සිටීමට ප්‍රිය කරන බව පට්ටිපොළ දුම්රිය ස්ථානාධිපතිතුමා පවසා සිටිනවා.

Also Read: විදේශිකයෙක් මෑතකදී ලබාගත් ලංකාවේ දුම්රියක ඡායාරුපයක් ලෙස පළවූ සාවද්‍ය සටහනක්

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:සංචාරක පහසුකම් මධ්‍යස්ථානවල පහසුකම් නොමැති නිසා ට්‍රොලියක් මත වැතිරී විවේක ගන්නා විදේශිකයෙක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News