FACT CHECK: සජිත්ටත් හූ ප්‍රහාරයක් ?

Update: 2022-01-10 11:07 GMT

සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ ඔහු හා සම්බන්ධව පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන් :

ෆේස්බුක් පිටුවක් මගින් වීඩියෝවක් එක්කර තිබුණේ ,”ආණ්ඩුවේ අඩුපාඩු කියන්නට ආ සජිත්ට හූ කියයි “ , යන ශිර්ෂයද සමගින් .

https://vimeo.com/664102942

Facebook

සජිත්ට හූ සමග ගල් ප්‍රහාරයක් ලෙස 2022 ජනවාරි 4 වනදා,මෙම සටහන තබන්නට දින කිහිපයකට පෙර ෆේස්බුක් පිටුවක් මගින් වීඩියෝවක් එක්කර තිබුණා .

https://vimeo.com/664134595

Facebook

මෙම වීඩියෝව සම්බන්ධ සත්‍ය සිදුවීම සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

මුලින්ම අප අවධානය යොමුකළේ පළමු ෆේස්බුක් වීඩියෝව දෙසයි.

ඒ අනුව මෙම වීඩියෝව පිළිබදව කරුණුසොයා බැලීම සඳහා අප මෙම වීඩියෝව Reverse අප මෙම ඡායාරූපය සම්බන්ධයෙන් Reverse Video සෙවුමක් සඳහා යොමු කළා. එහිදී දක්නට ලැබුණේ මෙම වීඩියෝව සම්බන්ධ සිදුවීම සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ සිදුවීමක් නොව ආණ්ඩු පක්ෂයේ අමාත්‍යවරයෙකු වන වාසුදේව නානායක්කාර හා සබැදි සිදුවීමක් බවයි.

හිරු මාධ්‍ය ජාලයේ යූ ටියුබ් පිටුව හරහාද පහත අයුරින් එම වීඩියෝව විකාශය කර තිබුණා. එහිදී හෙලිවූ කාරණය නම් මෙම වීඩියෝ පටයෙන් පෙන්නුම් කරන්නේ ඇමති වාසුදේව නානායක්කාර ඉකුත් 2021 දෙසැම්බර් 29 වනදා ඇහැලියගොඩ ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ගිය අවස්ථාවක ඔහුට ප්‍රදේශවාසීන්ගෙන් මෙම විරෝධය එල්ලවූ බවයි.

හිරු නාලිකාව විසින් මේ සම්බන්ධව විකාශය කළ ප්‍රවෘත්තිය නැරඹිය හැකියි පහතින්.

https://www.youtube.com/watch?v=d2XndpJ60hw

මෙම වීඩියෝව තව දුරටත් විමර්ශනය කළ අපට පැහැදිලි වූයේ වාසුදේව ඇමැතිවරයාට සම්න්බන්ධව එල්ලවූ සත්‍ය විරෝධය සහ සජිත් ප්‍රේමදාසට එල්ල වූ විරෝධයක් බවට සඳහන් කළ විරෝධයේ දී දක්නට ලැබෙන වාහන වල අංක තහඩුවල දිස්වන්නේ එක හා සමාන අංක බවයි. එනම් එම වීඩියෝ දෙකේම දිස්වන්නේ CBG 7386 එකම අංකය දරන වාහනය බවයි.

ඉන්පසුව අප සොයාබැලුවේ, සජිත් ප්‍රේමදාස පිළිබදව තිබූ දෙවන ෆේස්බුක් වීඩියෝව පිළිබදවයි. එහිදීද අප එම වීඩියෝව පිළිබදවද සොයා බැලීමක් කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ එම සිදුවීම සිදුව ඇත්තේ මැති ඇමතිවරුන්ට හූ කීම සම්බන්ධ සිදුවීම් වාර්තාවන මෑත කාලයේදී නොව 2020 වසරේ සැප්තැම්බර් මාසයේදී බවයි. එය සිදුව තිබුණේ රත්මලාන ප්‍රදේශයේ රැස්වීමකදීයි.

ඒ සම්බන්ධව වීඩියෝව පහතින් .

https://www.youtube.com/watch?v=IEJV1eqtMM0

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයේදී තහවුරු වූයේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ට මේ දිනවල්දී ජනතාව හූ හඬ නඟමින් විරෝධය දැක්වූ බවට හැගවෙන සේ  පළවන සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවා බවයි. ඉන් එක් වීඩියෝවක් වාසුදේව නානායක්කාර ඇමතිවරයාට හූ තබමින් ජනතාව විරෝධය පළ කරන ලද වීඩියෝවක් වන අතර අනෙක් වීඩියෝව සජිත් ප්‍රේමදාස මහතා ට 2020 වසරේදී රත්මලානේදී එල්ලවූ විරෝධයකි. ඒ අනුව මෙම සටහන් නොමග යවන සුලු ඒවා බව තහවුරුවේ.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:FACT CHECK: සජිත්ටත් හූ ප්‍රහාරයක් ?

Fact Check By: Kalana Krishantha

Result: Misleading

Tags:    

Similar News