දිනේෂ් චන්දිමාල්ව සිම්බාබ්බේ සමග තරග කරන සංචිතයෙන් ඉවත් කර තිබුණාද ? ?

Update: 2022-01-17 14:32 GMT

ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ විවිධ සටහන් සමාජ ජාලා ඔස්සේ පැතිර යනවා.මේ දිනේෂ් චන්දිමාල් සම්බන්ධයෙන් පැතිරුණු එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පිටුවක් මගින් පෝස්ටුවක් පළකර තිබුණේ පහත සටහනද සමගින් .

“ඉදිරියේදී පැවැත්වීමට නියමිත සිම්බාබ්බේ සහ ඕස්ට්‍රේලියා තරග ඉලක්ක කර ගනිමින් නව ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ අනිද්දා පැවැත්වීමට නියමිතව ඇත.ඒ කෙසේ වෙතත් එම පරීක්ෂනයට නම්කර ඇති සංචිතයයෙන් දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ඉවත් කර ඇත.”

Facebook | Archived

මේ හා සමාන සටහන් ෆේස්බුක් අවකාශයේ විසිර පැවතියේ මේ ආකාරයෙන් .

මේ හා සමාන සටහන් ඉන්ස්ටග්‍රෑම් වලද දක්නට ලැබුණා.

Instagram | Archived

වේගයෙන් පැතිර ගිය පුවතක් නිසා මෙම සටහන්වල ඇති කරුණු වල සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප මුලින්මසොයා බැලුවේ හිරු ප්‍රවෘත්ති වලසමාජ ජාලාවල සදහන් ආකාරයේ මෙවැනි සදහනක් කර ඇද්ද යන කාරණය පිළිබදවයි. එහිදී අපට දක්නට ලැබුණේ 2022 ජනවාරි මස පස්වන දින රාත්‍රී 6.55 විකාශයවූ හිරු ප්‍රවෘත්ති වල මෙවැනි කාරණයක් සදහන්ව තිබුණු බවයි.

එම වීඩියෝව පහතින් .(මිනිත්තු 42-44 අතර නරඹන්න .)

https://www.youtube.com/watch?v=JCAebOPe3ls

කෙසේ වෙතත් ජනවාරි 16 දින පැවති සිම්බාබ්බේ පිළ සමග පළමු එක්දින ක්‍රිකට් තරගයට දිනේෂ් චන්දිමාල් ක්‍රීඩකයෙක් ලෙස සම්බන්ධව සිටි අතර ඔහු එහිදී අර්ධ ශතකයක්ද ලබාගනිමින් විශිෂ්ට පිතිහරඹයක නියැලුණු බව දැක්වෙන මාධ්‍ය වාර්තාවක් මෙතනින්.Archived.

ඉන් අනතුරුව අප විසින් අවධානය යොමුකළේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් පිළිබදවයි.ජනවාරි මස 13 වැනිදා නිකුත්කළ එම මාධ්‍ය නිවේදනය මගින් සිම්බාබ්බේ පිළ සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබුණා .

SLC | Archived

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කලමණාකරු ප්‍රසන්න රොද්‍රිගෝ අප සමග පැවසුවේ චන්දිමාල්ව සංචිතයට එක්කර ඇත්තේ මූලික සංචිතයේ සිටින ඇතැම් ක්‍රීඩකයන් ට තරගාවලියට පිවිසීමට ඇති අපහසුතා/බාධක නිසා ඔවුන් තරගාවලියට එක් නොවන නිසා බවයි.ඇතැම් ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත්ව ඇති අතර ඇතැමුන් පුද්ගලික හේතු කාරණා නිසාද ,ඇතැම් අය කොවිඩ් ආසාදිත නිසාද සිම්බාබ්බේ පිළ සමග එක්දින තරගාවලියට එක් නොවන බවයි ඔහු පැවසුවේ .කෙසේ වෙතත් දැනට සංචිතයේ සිටින සියලුම ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත්ව ඇති බවත් ඔහු පැවසුවා .

කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් සංචිතයේ නොමැති අතර සංචිතය තෝරන අවස්ථාව වන විට බානුක රාජපක්ෂ ඉල්ලා අස්වීමේ ලිපියක් බාරදී තිබුණු නිසා ඔහුද සංචිතය තුළ නොමැති බවත් ඔහු පැවසුවා.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:දිනේෂ් චන්දිමාල්ව සිම්බාබ්බේ සමග තරග කරන සංචිතයෙන් ඉවත් කර තිබුණාද ? ?

By: Kalana Krishantha

Result: Explainer

Tags:    

Similar News