IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ KKR විසින් මිලදී ගත්තද?

Update: 2022-02-03 11:51 GMT

ලෝකයේ වැඩිම ක්‍රීඩකයන් පිරිසක් සහභාගී වන ක්‍රිකට් ලීග් තරගාවලිය වන ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ මෙවර තරඟය සඳහා Kolkata Knight Riders කණ්ඩායම විසින් මෙරට ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ මිලදී ගෙන ඇති බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මෙවර IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ KKR විසින් මිලදී ගෙන ඇති බවට වාර්තා වේ. යනුවෙන් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

Update :

“2022 IPL සදහා චරිත්ව ලක්නව් කණ්ඩායම විසින් මිලදීගන්නා බව දන්වා තිබෙනවා. මෙවර ශ්‍රීලංකා දෙවෙනි නියෝජනය. යනුවෙන් තවත් සටහනක් මෙලෙසින් පළ වී තිබුණා.

Facebook | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (IPL) සඳහා ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන් හිමිකාරිත්වය දරණ Kolkata Knight Riders කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂව මිලදී ගෙන ඇති බවට පළ වූ ඉහත සටහන සම්බන්ධයෙන් කරුණු පරීක්ෂාවක් සිදු කිරීම සඳහා අප ප්‍රථමයෙන් IPL සම්බන්ධ පුවත් වෙත අවධානය යොමු කරනු ලැබුවා.

මෙම වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන පෙබරවාරි 12 සහ 13 යන දෙදින බැංගලෝර්හිදී පැවැත්වීමට තීරණය කර ඇති එම මෙගා වෙන්දේසියේදී ක්‍රිකට් ක්‍රීඩකයින් 590ක් වෙන්දේසි කිරීමට නියමිත බවට Indian Premier League නිල Twitter ගිණුමෙන් දැනුම් දී තිබුණා.

https://twitter.com/IPL/status/1488432469741543425

IPL තරඟය සඳහා තරඟ වදින කණ්ඩායම් වන Chennai Super Kings, Delhi Capitals, Kolkata Knight Riders, Lucknow Super Giants, Mumbai Indians, Punjab Kings, Rajasthan Royals, Royal Challengers Bangalore, Sunrisers Hyderabad, Team Ahmedabad යන කණ්ඩායම් 10 සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් 370 වට අමතරව විදේශීය ක්‍රීඩකයින් 220 දෙනෙකුට එම කණ්ඩායම් වෙනුවෙන් තරඟ වැදීමට අවස්ථාව හිමි වනවා.

ඒ අතරින් එම වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකික ක්‍රීඩකයින් 23දෙනෙකු ද ඇතුළත්ව ඇති බවට ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙබ් අඩවිය දක්වා තිබුණේ මෙලෙසින්.

iplt20.com| Archived Link

වෙන්දේසියට තෝරාගත් ක්‍රීඩකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව මෙතනින්.

ඒ අනුව ඉන්දීය රුපියල් ලක්ෂ 100ක වැඩිම ආරම්භක වෙන්දේසියේ වටිනාකමක් සහිත ලාංකික ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකා විස්සයි විස්ස සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගයි.

වෙන්දේසියට තෝරාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් 23 දෙනා සහ ඔවුන්ට හිමි වී ඇති ආරම්භක ලන්සුවේ අගයයන් පහතින්.

වනිඳු හසරංග – ඉන්දියානු රුපියල් ලක්ෂ 100යි.

මහීෂ් තීක්ෂණ – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

දුෂ්මන්ත චමීර – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

චරිත අසලංක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

කුසල් මෙන්ඩිස් – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

කුසල් පෙරේරා – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

නිරෝෂන් දික්වැල්ල – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

අකිල ධනංජය – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

භානුක රාජපක්ෂ – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

පැතුම් නිස්සංක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

මතීෂ පතිරණ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.

අවිශ්ක ප්‍රනාන්දු – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

දසුන් ශානක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

චාමික කරුණාරත්න – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

ලහිරු කුමාර – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

කෙවින් කොත්තිගොඩ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.

තිසර පෙරේරා – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

ඉසුරු උදාන – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

ධනුෂ්ක ගුණතිලක – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

නුවන් තුෂාර – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.

සීක්කුගේ ප්‍රසන්න – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

ධනංජය ලක්ෂාන් – ඉන්දියානු රුපියල් ලක්ෂ 50යි.

දුනිත් වෙල්ලාලගේ – ඉන්දියානු රුපියල් ලක්ෂ 20යි.

මෙවර Kolkata Knight Riders කණ්ඩායමේ IPL 2022 මෙගා වෙන්දේසියට පෙර KKR විසින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු රඳවාගෙන ඇති අතර ඔවුන් වන්නේ Andre Russell, Varun Chakravarthy, Venkatesh Iyer සහ Sunil Narine වේ.

https://twitter.com/IPL/status/1465723135550836739

එමෙන්ම IPL කණ්ඩායම් 8කින් රඳවා ගෙන ඇති ක්‍රීඩකයන් 27 දෙනා කවුරුන්ද යන්න ඉන්දීය ප්‍රිමියර් ලීග් නිල ෆේස්බුක් පිටුවේ දැක්වුණේ මෙලෙසින්.

Facebook | Archived Link

ඒ අනුව භානුක රාජපක්ෂ ද වෙන්දේසියට තෝරාගෙන ඇති මුත්, මෙතෙක් කිසිදු කණ්ඩායමක් විසින් ඔහුව හෝ වෙනත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මෙතෙක් මිලදී නොගෙන ඇති බවට තහවුරු වනවා. ලබන 13 සහ 14 යන දෙදිනේදී ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා තෝරාගනු ලබන මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් කවුරුන්ද යන්න පිළිබඳ සඳහන් කරමින් මෙම ලිපිය යාවත් කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය යනු ඉන්දියාවේ නගර නියෝජනය කරන කණ්ඩායම් 8 ක් අතර සෑම වසරකම අප්‍රේල් සිට මැයි දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියකි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තරගාවලිය ආරම්භ කරන ලද අතර එය හිටපු කොමසාරිස් ලලිත් මෝදිගේ සංකල්පයකි.

2022 වසරේ සිට IPL තරගාවලිය සඳහා අලුතින් කණ්ඩායම් දෙකක්ද එකතු වී තිබෙන අතර, තරග සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා.

Update

ක්‍රිකට් ක්‍රීඩක චරිත අසලංක ද ක්‍රීඩක වෙන්දේසියට තෝරාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් 23 දෙනා අතර තෝරාගෙන ඇති අතර ඉන්දියානු රුපියල් ලක්ෂ 50ක ආරම්භක වෙන්දේසි වටිනාකමක් ඔහුට හිමි වී තිබෙනවා.

නමුත් ඔහුද මෙතෙක් කිසිදු කණ්ඩායමකට තෝරා ගෙන නොමැත.

සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි මේ වසරේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා අලුතින් එකතුවන කණ්ඩායමක් වන Lucknow Super Giants කණ්ඩායමට මේ වන විට KL Rahul , Marcus Stoinis සහ Ravi Bishnoi යන අය තෝරාගෙන තිබෙන බවට Lucknow Super Giants නිල Twitter ගිණුමේ පළ කර තිබුණේ මෙලෙසින්.

https://twitter.com/LucknowIPL/status/1484577812401254408

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

මෙම වසරේ පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (IPL) සඳහා ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන් හිමිකාරිත්වය දරණ දරණ Kolkata Knight Riders කණ්ඩායමට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂව මිලදී ගෙන ඇති බවට පළ වූ ඉහත සටහන් අසත්‍ය බවයි. ලබන පෙබරවාරි 12 සහ 13 යන දෙදින පැවැත්වීමට නියමිත IPL ක්‍රීඩකයින් තෝරා ගැනීමේ මෙගා වෙන්දේසියට භානුක රාජපක්ෂ තෝරාගෙන ඇති මුත් මෙතෙක් එම වෙන්දේසිය පවත්වා නොමැති හෙයින් ඔහුව තෝරාගත් කණ්ඩායම පිළිබඳව හෝ ඔහු තරඟ වැදීම සඳහා තෝරාගනු ලැබුවාද යන්න පැවසිය නොහැක.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:IPL තරගාවලිව සඳහා සුපිරි පිතිකරු භානුක රාජපක්ෂ KKR විසින් මිලදී ගත්තද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News