‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් පැවිදි දිවියට ඇතුළත් වුණාද?

Update: 2022-02-11 04:47 GMT

ශ්‍රී සිද්ධාර්ත ගෞතම චිත්‍රපටය සඳහනා රංගන දායකත්වය සැපයූ ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් පැවිදි දිවියට එළැඹී ඇති බවට බොහෝ සමාජ මාධ්‍ය සටහන් වල වාර්තා කර තිබුණා. සැබවින්ම ඔහු පැවිදි දිවියට ඇතුළත් වූවාද? මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ඔයාලට මතකද ලංකාවේ නිර්මාණය කරපු ශ්‍රී සිද්ධාර්ථ ගෞතම් Film එක.ආන් ඒකෙ සිදුහත් කුමරුගෙ චරිතය රගපෑ ඉන්දීය නළු Gagan Malik බෞද්ධ භික්ෂුවක් බවට පත් වෙලා.” යනුවෙන් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන්ම ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් පැවිදි වූ බවට ඉංග්‍රීසි බසින් ද සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අතර එම සටහන මේ වන විට 1500ක් පමණ ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වුණා.

Facebook | Archived Link

තවත් එලෙස සඳහන් කර තිබූ සමාජ මාධ්‍ය සටහන් මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

මෙම සටහන් හේතුවෙන් බොහෝ පිරිසක් ගගන් මලික් සත්‍ය වශයෙන්ම පැවිදි දිවියට ඇතුල් වූවාද යන්න විමසිලිමත් වී තිබුණා. මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කටයුතු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතයට පන පෙවූ ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් පැවිදි දිවියට ඇතුළත් වී ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා අප ප්‍රථමයෙන්ම ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කර බැලුවා.

ඒ අනුව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පසුගිය 09 වන දින පළ කළ සටහනක් වෙත අපගේ අවධානය යොමු වුණා.

එහි දැක්වුණේ, රංගන ශිල්පී ගගන් මලික් බැංකොක්හි Wat Tha Thong නමැති රාජකීය ආරාමයේ දින 15 ක් සඳහා Asoko Bhikku නමින් තාවකාලික පැවිද්දට යොමු වී ඇති බවයි. තාවකාලික පැවිද්ද ලබා ගැනීමේ උත්සවය 10 වන දා එරට වේලාවෙන් උදෑසන 10.00ට සිදු කෙරනෙ බවත් එරට වැසියන්ට එම උත්සවයට සහභාගි වන ලෙස ඔහු එම සටහනින් ඇරයුම් කර තිබුණා. එමෙන්ම ඔහුගේ රසිකයින්ට ඒ සඳහා ආශිර්වාද කරන ලෙසත් ඔහු එමගින් ඉල්ලා තිබුණා.

Facebook | Archived Link

ඉන්දීය බොලිවුඩ් රංගන ශිල්පී ගගන් මලික් තමාට බුදුදහමේ පණිවිඩය ඉන්දියාව තුළ ප්‍රචාරය කිරීමට එළැඹ ඇති කාලය මෙය බවත්, ධර්මය ඉගෙන ගැනීමටත්, අනිත්‍යය අවබෝධ කර ගැනීමටත්, දැනුම ලබා ගැනීමටත්, “ඉන්දියාවේ ධර්ම රෝදය පෙරළීමටත් කාලය එළඹ ඇති” බවටත් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

Facebook | Archived Link

ඉන්දියාවේ Buddhagaya Bana Vihara ,वन विहार बोधगया, বুদ্ধ গয়া বন বিহার ෆේස්බුක් පිටුවේද ගගන් මලික්ගේ තාවකාලික පැවිද්ද සම්බන්ධයෙන් සටහනක් තබා තිබුණේ මෙලෙසින්.

එමෙන්ම මොහුගේ දින 15 ක තාවකාලික පැවිද්ද අවසන් කර නැවත සිය මව් රට බලා පිටත් වීමට නියමිත බවට සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යද වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

ගගන් මලික් බොලිවුඩයේ වඩාත් ප්‍රකට වූයේ රාමායණ් රූපවාහිනී කතාමාලාවේ රාම ලෙස ඔහු නිරූපණය කළ ප්‍රධාන චරිතය හේතුවෙනි. 2013 වර්දීෂයේදී, මලික් අන්තර්ජාතික චිත්‍රපටයක් වූ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමරුන්ගේ චරිතය නිරූපණය කළා. "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටය සඳහා තේමා වී ඇත්තේ බුදුන් වහන්සේගේ අධ්‍යාත්මික ගවේෂණයයි. මෙම චිත්‍රපටය ඉන්දියාවේ දිල්ලි අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී සම්මාන ගණනාවක් හිමි කරගත්තා. වියට්නාමයේ එක්ස්ත ජාතීන්ගේ බෞද්ධ චිත්‍රපට උළෙලේ දී සම්මාන ගණනාවක් හිමි කරගත් මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙළීමට සමත් විය. 2014 වසරේ එක්සත් ජාතීන් විසින් සංවිධානය කරන ලද ලෝක බෞද්ධ චිත්‍රපට උළෙලේ දී "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටයේ සිදුකළ රංගනය වෙනුවෙන් මලික් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තා. ඒ සම්බන්ධයෙන් විකිපීඩියා වාර්තාවක් මෙතනින්.

2014 වර්ෂයේ ජූනි 12 වන දා ගගන් මලික් මෙරට මිහින්තලා පුජා භුමියේ බුදු දහම වැළඳ ගනු ලැබුවා. එම අවස්ථාව මෙතනින්.

ඔහු "ශ්‍රී සිද්ධාර්ථ ගෞතම" චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන නවීන් ගුණරත්න සමග එක්ව "Lotus World" (පද්ම ‍ලෝකය) ව්‍යාපෘතිය දියත් කරනු ලැබුවා. The Light of Asia පදනම විසින් හඳුන්වාදුන් බුදු දහමේ හරයයන් පාදක කරගත් මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව මූලික කරගත් ලාභ නොලබන සංවිධානයකි. මෙමගින් ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍ය ඔස්සේ බුදු දහම ලොව පුරා ව්‍යාප්ත කිරීම සහ ලෝකය පුරා මෙයට කැමති පුද්ගලයන් සහභාගී කරගෙන නිමවූ "පද්ම පවුල" ඔස්සේ ලෝවැස්සාට සේවය කිරීම අරමුණු කෙරේ.

කෙසේ වෙතත් තායිලන්තයේ පුරුෂයින් තම දෙමාපියන්ට සහ මුතුන් මිත්තන්ට ගෞරව නාමයක් ලබා දීම සඳහා තාවකාලිකව බෞද්ධ භික්ෂුවක් ලෙස පැවිදි වීම තායිලන්තයේ සම්ප්‍රදායක් වනවා. තායි පුරුෂයන් යම් කාලයක් සඳහා භික්ෂූන් බවට පත්වන තුරු වැඩිහිටියන් ලෙස නොසැලකේ. මෙය ඔවුන්ගේ ජීවිත කාලය තුළ යම් කාල පරිච්ඡේදයක දින, සති, මාස හෝ අවුරුදු විය හැකිය. ඔවුන්ගේ ධූර කාලය සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුන් නැවත සිය සාමාන්‍ය ජීවිතයට පැමිණේ. තායි බෞද්ධ ජනතාව විශ්වාස කරන පරිදි තායිලන්තයේ බෞද්ධ පසුබිමකින් පැවත එන තරුණයන් විවාහ ජීවිතයට ඇතුළු වීමට පෙර තාවකාලික පැවිද්ද ලබා ගත යුතු වනවා. ඇතැම් පිරිස් විවාහයෙන් පසුවද තාවකාලික පැවිද්දට එළැඹෙන අතර එමෙන්ම සමාජයේ සිය පවුලට පිළිගැනීමක් මෙමගින් ඇති වන බවද පළ වූ වාර්තාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ චරිතයට පන පෙවූ ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් පැවිදි දිවියට ඇතුළත් වී ඇති බවට පළ වන සටහන් නොමග යවන සුළු බවයි. ඔහු බැංකොක්හි Wat Tha Thong නමැති රාජකීය ආරාමයේ දින 15 ක් සඳහා ඊයේ (10) දිනයේදී Asoko Bhikku නමින් තාවකාලික පැවිද්දට යොමු වී ඇති අතර එම පුවත හේතුවෙන් ඔහු මෙලෙස දීර්ඝ කාලීනව පැවිදි දිවියට ඇතුළත් වී ඇති බවට බොහෝ පිරිස් නොමග ගොස් තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ ඉන්දීය රංගන ශිල්පී ගගන් මලික් පැවිදි දිවියට ඇතුළත් වුණාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News