අතිසුඛෝපභෝගී වාහන ගෙන්වා ඇති බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත කතාව!

Update: 2022-02-15 16:39 GMT

කුතුහලය දනවන සුළු මහත් සමාජයකට වැදගත් වන තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහලුව සංසරණය කර ගනු ලබන්නේ තවත් පිරිසක් දැනුවත් කිරීමටයි. නමුත් එවැනි තොරතුරු සෑම විටම නිවැරදි නොවන අතර ඇතැම් තහවුරු නොකළ තොරතුරු සත්‍ය තතු මෙන් පලකිරීම හේතුවෙන් හේතුවෙන් ජනතාව මුලා වන අවස්ථා ද බොහෝ අවස්ථාවල දී දැකගත හැක. සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවක සත්‍ය කරුණු සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“වාහන ගෙන්වීම තහනම් කරලා තියෙද්දි කෝටි ගණනක් වටින සුපිරි බ්‍රෑන්ඩ්නිව් ක්‍රයිස්ලර් ජිප් දෙකක් ගෙන්වපු බලවතා කව්ද? (VIDEO)

රථවාහන ආනයනය කිරීම අත්හිටුවා තිබියදී අතිසුඛෝපභෝගී ක්‍රයිස්ලර් එස්කලාඩේ රථ දෙකක් ආනයනය කොට ඇති බවට වූ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

ඊයේ (13) දින මෙම සුපිරි රථ දෙක අධිවේගී මාර්ගයේ රැගෙන යමින් තිබියදී කිසිවකු විසින් වීඩියෝ කොට එය සමාජ මාධ්‍ය ජාලාවලට යොමු කොට ඇත.” යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් වීඩියෝවක් පළ වී තිබුණේ මෙලෙසින්.

https://vimeo.com/677584445

Facebook

වාහන ආනයනය තහනම් කර තිබියදී මෙසේ විශාල වටිනාකමක් ඇති වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර විදේශ රටවල් වලට මුදල් ගෙව්වේ කෙසේදැයි මෙම වීඩියෝව පටිගත කළ පුද්ගලයන් පවසන අතර පුංචි මිනිස්සුන්ට වාහන ආනයනයට ඉඩ නොදී මෙවැනි අති සුඛෝපභෝගී වාහන ආනයනයට ඉඩ දී ඇති බවට ද මෙම මෝටර් රථ වල රියැදුරු අසුන දකුණු පස ඇති බවත් එබැවින් ප්‍රති අපනයනය සඳහා විය නොහැකි බවත් ඔවුන් මෙම වීඩියෝව මගින් පවසා සිටිනවා.

LC open කරේ කොහොමද? පොඩි මිනිහෙක් ට වාහන ගෙන්වන්න ඩොලර් නැ කියන රටේ LC Open කරන්නේ කොහොමද? මේක re export වෙන්න බෑ . මේක right hand side තියෙන්නේ.

මෙම වීඩියෝව ප්‍රධාන මාධ්‍ය ධාරා හරහාද පළ වී තිබුණේ, “පොඩි මිනිහෙකුට බයිසිකලයක් ගන්න බැරි රටේ මෙහෙම අති සුඛෝපභෝගී වාහන එන්නේ කොහොමද?” යනුවෙන් සඳහන් කරමිනි. එම වීඩියෝව මෙතනින්. Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම වීඩියෝව හුවමාරු වී තිබු තවත් අවස්ථා කිහිපයක් මෙලෙසින්

WhatsApp ඔස්සේද මෙම වීඩියෝව බහුලව සංසරණය වී තිබුණා.

සැබවින්ම මෙම වීඩියෝවේ සඳහන් වන පරිදි මෙම වීඩියෝවේ දැක්වෙන්නේ ණයවර ලිපි විවෘත කර විදේශ රටවල් වලට මුදල් ගෙවා සුඛෝපභෝගී වාහන ආනයනයට ඉඩ දී ඇත්දැයි විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙම වීඩියෝව සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී දැක ගන්නට ලැබුණේ, මෙම සුඛෝපබෝගී මෝටර් රථ අමෙරිකාවේ නිෂ්පාදනය කරනු ලබන Cadillac Escalade වර්ගයේ කළු සහ අළු පැහැති මෝටර් රථ දෙකක් බවයි.

පසුගිය අප්‍රේල් මාසයේදී වාහන ආනයනය සඳහා වන ණයවර ලිපි විවෘත කිරීම තහනම් කරමින් මහ බැංකුව වාණිජ බැංකුවලට නියෝගයක් පැන වූ හෙයින් මේ දක්වාත් එම නියෝගයේ වෙනසක් වූවාද යන්න පිළිබඳ විමසීම සඳහා අප මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කරනු ලැබුවා. එහිදී ඔවුන් සඳහන් කළේ, එම තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවත්, වාහනද මෙරටට ආනයනය නොකළ බවයි.

ඒ අනුව මෙම සුඛෝපබෝගී මෝටර් රථ ප්‍රතිඅපනයනය කිරීම සඳහා සූදානම් කර ඇති මෝටර් රථද යන්න විමසීම සඳහා අප කඩුවෙල පිහිටි අමෙරිකානු මෝටර් රථ, ට්‍රක් රථ සහ SUV රථ වම් පස ඇති ධාවකය, දකුණු පස ධාවකයට මාරු කිරීම සිදු කරන ප්‍රධාන ආයතනයක් වන Autogroup International Sri Lanka (AGI) ආයතනය සම්බන්ධ කර ගනු ලැබුවා.

Autogroup International (PVT) LTD අධ්‍යක්ෂ, සාමාන්‍යධිකාරී අජිත් රොඩ්රිගෝ මහතාගෙන් අප විමසා සිටියේ ඊයේ (14) සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන්නේ ඔවුන්ගේ ආයතනය හරහා ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් කර ඇති මෝටර් රථ ද, යන්නයි.

ඒ මහතා සඳහන් කළේ, එහි දැක්වෙනුයේ පසුගිය වර්ෂයේදී (2021දී) වෙනස් කිරීමට භාජනය කිරීම සඳහා, එනම් වම්පස ඇති ධාවකය දකුණු පස ධාවකයක් ලෙස සැකසීමට, ඔවුන්ගේ ආයතනයට රැගෙන ආ Cadillac Escalade වර්ගයේ මෝටර් රථ 2ක් බවත් එහි වැඩකටයුතු නිමවා(Modification සිදු කොට) නැවත ප්‍රතිඅපනයනය කිරීම සඳහා කන්ටේනර් බහාලුමක පැටවීමට කෙරලවලපිටියේ පිහිටි වාහන අංගනයට ගෙන යන අතරතුර ලබා ගත් වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් අර්ථ කථනයකින් සංසරණය වී ඇති බවයි. 2021 වර්ෂයේ ඔක්තෝබර් ප්‍රති අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ භාණ්ඩ ප්‍රකාශනය (Goods Declaration) ආයෝජන මණ්ඩලයෙන් අනුමත කර ඇති බවද ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියා.

කෙසේවෙතත් මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා අප කළ ඉල්ලීම පරිදි ඔහු එම ලේඛනය අප වෙත යොමු කරනු ලැබුවා. නමුත් ඔහුගේ ඉල්ලීම පරිදි එම ලේඛනය මෙම වාර්තාවට ඇතුළත් කිරීමට නොහැකි නමුත් අප එම කරුණු තහවුරු කර ගත්තා.

එම ලේඛනයේ දැක්වෙන පරිදි මෙම මෝටර් රථ දෙක එංගලන්තයට ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් කර තිබේ. ඒ අනුව හෙට(16) දිනයෙදී MAC MARIA SAVERIA නෞකාව මගින් මෙම මෝටර් රථ අපනයනය කිරීමට යෙදී තිබේ.

තවදුරටත් මෙම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා එම බහාලුමේ නියෝජිත තිඹිරිගස්යාය පිහිටි COLOMBO LOGISTICS TERMINALS PVT LTD සමාගමෙන්ද අප විමසීමක් සිදු කරනු ලැබුවා. ඔවුන් සඳහන් තහවුරු කර සිටියේ, හෙට දිනයේදී MAC MARIA SAVERIA නෞකාව මගින් Cadillac Escalade වර්ගයේ කළු සහ අළු පැහැති මෝටර් රථ දෙකක් නැව් ගත කිරීමට Autogroup International (PVT) LTD ආයතනය විසින් ඇනවුමක් ලබා දී ඇති බවයි. එමෙන්ම එම මෝටර් රථ දෙක අද සවස් වන විට කොළඹ වරාය වෙත පිටත් කිරීමට නියමිත බවත් ඔවුන් සඳහන් කළා.

එමෙන්ම Cadillac Escalade වර්ගයේ මෙම මෝටර් රථ දෙක Autogroup International (PVT) LTD ආයතනයේ සිට ප්‍රවාහනය සිදු කිරීම සඳහා යොදා ගනු ලැබූ වාහනය (Carrier) වෙත Cadillac Escalade වර්ගයේ මෙම මෝටර් රථ දෙක පැටවීමේදී ලබා ගත් ඡායාරූප ද එම ආයතනයේ ගාල් කර තිබූ ඡායාරූප ද, අප කළ ඉල්ලීම පරිදි එම ආයතනයේ අධ්‍යක්ෂවරයා විසින් අප වෙත යොමු කරනු ලැබුවා.

මෙම ඡායාරූප වල දැක්වෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ ප්‍රවාහනය සිදු කිරීම සඳහා යොදා ගනු ලැබූ වාහනය (Carrier) අංකය සහ මෙම ඡායාරූප වල දැක්වෙන වාහන අංකය එකම අංකය (WP LO – 0618) බව අපට දැක ගන්නට ලැබුණා.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ ප්‍රවාහනය සිදු කිරීම සඳහා යොදා ගනු ලැබූ වාහනය (Carrier) අංකය සහ මෙම ඡායාරූප වල දැක්වෙන වාහන අංකය සංසන්දනාත්මක ඡායාරූපය පහතින්.

කෙසේවෙතත් මෙසේ ප්‍රවාහනය කරමින් තිබෙන වාහන දෙකෙහි වෙනත් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝව ඔස්සේ පැහැදිලිව දැක ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.

වසර විසි පහකටත් වඩා මෙම විෂයෙහි පළපුරුද්දක් තිබෙන 100% ඕස්ට්‍රේලියානු සමාගමක් වන Autogroup International ආයතනය විසින් Escalade ඇතුළු වර්ග රැසක මෝටර් රථ මේ ආකාරයේ නවීකරණය සිදුකරන බවට ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ සටහනක් මෙලෙසින්

එසේම Autogroup International (PVT) LTD අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ පසුගිය වර්ෂයේ ගෙන්වනු ලැබූ Cadillac Escalade වර්ගයේ මෙම මෝටර් රථ මාගම්පුර රාජපක්ෂ වරායට ගොඩ බෑමෙන් අනතුරුව ලබා ගත් ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි අර්ථකතනයන් සමඟ සංසරණය වී තිබු බවයි. අප ඒ ඔස්සේ සිදුකල පරීක්ෂාවේ දී ද Cadillac Escalade වර්ගයේ රථයක ඡායාරූප පෙළක් පහත පරිදි නිරීක්ෂණය කරගත හැකි වූ අතර මෙහි රියදුරු අසුන ඇත්තේ වම් පසින් බව ද දැක ගන්නට ලැබෙනවා.

Facebook | Archived Link

එමෙන්ම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ ද අධිවේගී මාර්ගයේ රථවාහන ප්‍රවාහනය කරන රථයක ප්‍රවාහනය කරමින් තිබූ කැඩිලැක් එස්කැලේඩ් රථ දෙක වාහන ආනයනය නීති උල්ලංඝනය කරමින් ආනයනය නොකළ බවයි.

ආයෝජන මණ්ඬලය (BOI) යටතේ ලියාපදිංචි Autogroup International (PVT) LTD සමාගම, අගය එකතු කිරීමෙන් පසු ප්‍රතිඅපනයනය කිරීමේ පදනම මත අදාළ වාහන ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දන්වා සිටී. එම සමාගම කැඩිලැක් එස්කැලේඩ් වාහන දෙකක් එක්සත් රාජධානියට ප්‍රතිඅපනයනය කිරීමට අවශ්‍ය ලියකියවිලි (11) ආයෝජන මණ්ඬලය වෙත ඉදිරිපත් කර අනුමත කරවා ගෙන ඇති බවත් (16) මෙරටට පැමිණීමට නියමිත Mac Maria Saveria නෞකාව මගින් එම වාහන ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා රේගුව විසින් තහවුරු කර තිබේ. ඒ බවට පළ වූ පුවතක් මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ මෝටර් රථ මෙරටට ආනයනය කිරීම අත්හිටුවා තිබියදී අධිසුඛෝපභෝගී ක්‍රයිස්ලර් ජිප් දෙකක් මෙරටට ගෙන්වා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වුණේ, අමෙරිකාවේ නිෂ්පාදනය කරනු ලැබූ Cadillac Escalade වර්ගයේ කළු සහ අළු පැහැති SUV මෝටර් රථ දෙකක් දකුණෙන් ධාවනය කළ හැකි වන පරිදි Autogroup International (PVT) LTD සමාගම විසින් නවීකරණය කිරීමෙන් අනතුරුව නැවත බ්‍රිතාන්‍යයේ ගැනුම්කරුවෙකු වෙත ප්‍රති අපනයනය කිරීම සඳහා ගෙන ගිය අවස්ථාවකදී ලබාගත් වීඩියෝවක් බවයි. ඒ බවට රේගුමාධ්‍ය ප්‍රකාශකවරයා සහ එම මෝටර් රථ නවීකරණය කොට ප්‍රතිඅපනයනය සිදු කරන තිඹිරිගස්යාය පිහිටි ආයෝජන මණ්ඬලය යටතේ ලියාපදිංචි COLOMBO LOGISTICS TERMINALS PVT LTD සමාගමද තහවුරු කරනු ලැබුවා. එසේම එම ජීප් රථ දෙක ප්‍රවාහනය කළ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ වීඩියෝවේ දැක්වෙන රථයට අදාළ වාහනයේ ලියාපදිංචි අංකය ද Autogroup International (PVT) LTD සිය අංගනයේ සිට මෙම මෝටර් රථ ප්‍රතිඅපනයය සඳහා අදාළ ජීප් රථ රැගෙන යන වාහනය වෙත පටවා තිබු අවස්ථාවේ ඡායාරුප ද පරීක්ෂා කිරීමෙන් ද ඒවා එකම වාහනයක් බව ද අපට තහවුරු වුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අතිසුඛෝපභෝගී වාහන ගෙන්වා ඇති බවට දැක්වූ වීඩියෝවේ ඇත්ත කතාව!

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News