මිරිහාන විරෝධතාවයේදී වෙඩි වැදුණු පුද්ගලයෙක්ද?

Update: 2022-04-02 17:17 GMT

පසුගිය 31 වන දා ජනපති පෞද්ගලික නිවස අසළ මිරිහාන ප්‍රදේශයේදී ජනතාව ගෑස් මිල ඉහළ යෑම, පෙට්‍රල් මිල ඉහළ යෑම, විදුලි කප්පාදුව වැනි කරුණු ‍හේතුවෙන් දැක්වූ විරෝධතාව හේතුවෙන් කණ්ඩායමගේ ප්‍රකෝපකාරී හැසිරීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ඇතුලි ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරය දැකගන්නට ලැබුණා. මෙම අවස්ථාවේදී පොලීසි විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

මිරිහාන ජනාධිපති පෞද්ගලික නිවස අසල ජනතාව දැක්වූ විරෝධතාවයේදී පොලීසිය හා විරෝධතාකරුවන් අතර සිදු වූ ගැටුමේදී වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයෙකු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක දැක්වුණේ මෙලෙසින්.

https://vimeo.com/695122754

Facebook

මේ කරුණු ඇතුළත් සමාජ මාධ්‍ය සටහන් ද රැසක් හුවමාරු වී තිබුණා. මේ එවැනි සටහනක්

Facebook | Archived

මෙම තරුණයාට ඉක්මන් සුව පතමින් බොහෝ දෙනෙක් ප්‍රතිචාර දක්වා තිබූ අතර තවත් පිරිස් විසින් මෙහිදී සිදුවී ඇත්තේ රබර් පතොරම් මගින් වෙඩි තැබීමක් ද නැතහොත් සජීවී පතොරම් පොලීසිය විසින් භාවිතා කළ අවස්ථාවක් ද යන්න ද ප්‍රශ්න කර තිබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ප්‍රථමයෙන්ම පසුගිය මාර්තු 31 දා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන ප්‍රදේශයේ පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා පළ කර තිබූ පුවත් වාර්තා දෙස අවධානය යොමු කරනු ලැබීය.

එම වාර්තා වල හෝ එම විරෝධතාව සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරාවල පළ වූ වීඩියෝ සහ ඡායාරූප වලද එම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය සජීවී පතොරම් යොදා ගනිමින් වෙඩි තැබීම් සිදු කළ බවට කිසිදු පුවතක් වාර්තා වී නොතිබුණි.

කඳුළු ගෑස් හා ජල ප්‍රහාර ප්‍රහාර එල්ල කිරීම එම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් සිදු කළ බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලැබුවේ. ඒ බවට පළ වූ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

මේ හේතුවෙන් අප මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් සිදු කළේ, මිරිහාන විරෝධතාව පාලනය කිරීම සඳහා වෙඩි තැබීම් සිදු කළේද යන්නයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවත්, ඒ සඳහා අවම බලය භාවිත කිරීම පමණක් සිදු වූ බවත්, කිසිදු අවස්ථාවක වෙඩි තැබීමක් සිදු නොවුණු බවයි.

මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැක්වූ අදහස් මෙතනින්.

මෙම පුවතේ දක්වා තිබු තරුණයා පිළිබඳ සටහන් පරීක්ෂා කිරීමේ දී තරුණ නීතීඥවරු කණ්ඩායමක් අමල් විශ්වනාත් නම් මෙම තරුණයාගේ සුවදුක් විමසීමට පැමිණ තිබූ අවස්ථාවේ පළ කරන ලද වීඩියෝවක ඔහු විසින් එම අවස්ථාවේ සඳහන් කළ ප්‍රකාශයක් දක්වා තිබුණි. ඔහු මේ වන විට ඉතා අපහසු තත්වයෙන් කොළඹ මහා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් දක්වමින් තමාට විරුද්ධව අසත්‍ය චෝදනාවක් නඟා ඇති බවත් ඇතුළු කරුණු ඔහු පවසන වීඩියෝව පහතින්.

Full View

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගැනීමට අප එම තරුණ නීතීඥවරු කණ්ඩායමේ භාග්‍යා සෙනෙවිරත්න මහත්මිය සම්බන්ධ කර ගත් අතර ඇය සඳහන් කළේ, අමල් විශ්වනාත් නම් මෙම තරුණයාට කඳුලු ගෑස් ටින් එක වැදී මෙලෙස අනතුරට පත් වී ඇති බවයි.

Update (04/04/22) :

නමුත් අද දිනයේදී නීතිඥ භාග්‍යා සෙනෙවිරත්න මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, රබර් උණ්ඩයක් වැදී ඔහු මෙලෙස අනතුරට පත් වී තිබූ බවයි. එම සටහන මෙතනින්.

අනතුරට පත් අමල් විශ්වනාත් අපට සම්බන්ධ කර ගැනීමට අද දිනයේදී හැකි වූ අතර ඔහු සඳහන් කළේ, රබර් පතොරම් මගින් වෙඩි තැබීමක් සිදුවූ බවත් තමන් සිටියේ එම වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ සිට මීටර් 200ක් තරම් ළගින් බැවින් තමන්ට රබර් උණ්ඩයක් වැදී මෙලෙස අනතුරට පත් වූ බවයි. තමන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගමින් සිටින බවත් බොහෝ විට හෙට දිනයේදී හෝ අනිද්දා දිනයේදී තමන් රෝහල් බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට කටයුතු කෙරෙනු ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ මිරිහාන විරෝධතාවය අතරතුර දී වෙඩි වැදුණු පුද්ගලයෙකු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බවට පළ වන වීඩියෝවේ දැක්වෙන්නේ, වෙඩි තැබීමක් හේතුවෙන් සිදු වූ ප්‍රහාරයක් නොවන බවයි. ඒ සම්බන්ධයෙන් ප්‍රහාරයට ලක්වූ අමල් විශ්වනාත් තරුණයා සඳහන් කළේ, එම අවස්ථාවේදී රබර් පතරොම් මගින් කළ වෙඩි තැබීමකදී තමන්ට රබර් උණ්ඩයක් වැදී මෙලෙස අනතුරට පත් වූ බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:මිරිහාන විරෝධතාවයේදී වෙඩි වැදුණු පුද්ගලයෙක්ද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News