නාමල්ගේ අමාත්‍යාංශයේ පිරිසක් අයථා ක්‍රියා පිළිබඳව නාමල් ට බැනවැදුණු අවස්ථාවක්?

Update: 2022-04-13 08:34 GMT

අයථා ලෙස මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හෙළි කළ පුද්ගලයෙකු සමග තවත් පිරිසක් ගැටුමක් ඇති කර ගන්නා ආකාරයේ පෙන්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. එහි සඳහන් කර තිබුණේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පිළිබඳව ඇති වූ ගැටුමකදී ඔහුගේ අමාත්‍යාංශය මැදිහත්ව එම ගැටුම ඇති කර ගත් බවයි. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“When thieves fall out, common man would start come forward without fear. Namal's ministry shouting at him for his wrongdoing” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සංසරණය වුණා. එම සඳහනේ සිංහල පරිවර්තනය නම්, “හොරු බලයෙන් අඩපණ වූ විට සාමාන්‍ය මිනිස්සු බය නැතුව ඉස්සරහට එන්න පටන් ගන්නවා. නාමල් කරපු වැරැද්දට කෑ ගහන නාමල්ගේ අමාත්‍යාංශය” යනුවෙනි.

https://vimeo.com/698878756

Facebook

මෙම වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් 4700ක් දෙනා අතර සංසරණය වී තිබුණා.

මෙම සටහන හේතුවෙන් බොහෝ පිරිසක් උපකල්පනය කර තිබුණේ මෙහි සිටිනේනේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බවත්, අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ පිරිස සහ අනෙක් පාර්ශවය අතර වූ ගැටුමක් බවයි.

මෙම වීඩියෝව සඳහා ප්‍රතිචාර දක්වමින් ඇතැම් පිරිස් සඳහන් කර තිබුණේ මෙම සිදුවීම වී ඇත්තේ මහරගම නගර සභාවේ බවත් මෙම ගැටුම සඳහා නාමල් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය සම්බන්ධ වී නොමැති බවයි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සිය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් බැන වැදුණු අවස්ථාවක් සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇත්දැයි නිරීක්ෂණයක් සිදු කළා. එහිදී එවැනි පුවතක් හෝ වීඩියෝවක් වාර්තා වී නොතිබුණි.

ඒ අනුව මෙම වීඩියෝව සම්බන්ධයෙන් අප කළ විමර්ශනයේදී තහවුරු වුණේ මෙය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හෝ ඔහුගේ අමාත්‍යාංශයේ නිලධාරීන් සහභාගී වූ අවස්ථාවක් නොව මහරගම නගර සභා රැස්වීමේදී නගරාධිපති ටිරාජ් ලක්රුවන් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ යු ටියුබ් වීඩියෝව පහතින්.

https://www.youtube.com/watch?v=ynVzHfkeVzA

ඒ අනුව ප්‍රධාන මාධ්‍ය ධාරා මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කර ඇත්දැයි යන්න අප නිරීක්ෂණය කළ අතර එහිදී දැකගන්නට ලැබුණේ, පසුගිය අප්‍රේල් 06 වන දා මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීමේ දී ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා විසින් උප සභාපති සුනිල් පියරත්න මහතාට පහර දී ඇති බවත්, ඒ හේතුවෙන් මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බවයි.

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව නගර සභාවේ උප සභාපතිවරයා වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර මහතා අදහස් දක්වමින් සිටියදී චෝදනාව ප්‍රතික්ෂේප කරමින් උප සභාපති සුනිල් පියරත්න මහතා අදහස් දැක්වීමට යාමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ ඇති අතර එහිදී නාගරික මන්ත්‍රීවරයා උප උපසභාපතිවරයාගේත් , උප සභාපතිවරයා නාගරික මන්ත්‍රීවරයාගේත් පෞද්ගලික කාරණා ඉස්මතු කරමින් එකිනෙකාට චෝදනා කරමින් කරුණු දක්වන අතර තුරදී එක්වරම නිශාන්ත විමලචන්ද්‍ර මන්ත්‍රීවරයා උදෑසන ආහාරයට ලබා දී තිබූ පාන් කැබැල්ලකින් උප සභාපතිවරයාට පහර දුන් අවස්ථාවේ හටගත් ගැටුම මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මේ පිළිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.

මෙම අවස්ථාවේ වූ සම්පූර්ණ සිදුවීම පහතින්.

https://www.facebook.com/hirunews/videos/1596670160709213/

ඒ අනුව පෙනී යන්නේ මෙහි මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීමේ දී නගරාධිපති ටිරාජ් ලක්රුවන් සහ නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා අතර වූ බහින්බස් වීමක වීඩියෝවක් මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශයේ පිරිසක් විසින් අයථා ලෙස මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට බැන වැදුණු අයුරු දැක්වෙන වීඩියෝවක් යනුවෙන් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන්නේ, මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීමේ දී නගරාධිපති ටිරාජ් ලක්රුවන් සහ නාගරික මන්ත්‍රී නිශාන්ත විමල චන්ද්‍ර මහතා අතර වූ ගැටුමක් බවයි. මෙහිදී ටිරාජ් ලක්රුවන් මහතා නාමල් රාජපක්ෂ මහතාට බව ඇතැමුන් උපකල්පනය කිරීම හේතුවෙන් මෙලෙස නොමග ගොස් තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:නාමල්ගේ අමාත්‍යාංශයේ පිරිසක් අයථා ක්‍රියා පිළිබඳව නාමල් ට බැනවැදුණු අවස්ථාවක්?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News