අන්තරේ විසින් කොටුව දුම්රිපල සිට ආර්. ප්‍රේමදාස පිටිය දක්වා පාගමනක්, ජුනි 07 සංවිධානය කරයි ?

Update: 2022-06-07 05:51 GMT

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේ පළමු T20 තරගය හෙට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර ඊට සමගාමීව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආණ්ඩු විරෝධී පා ගමනක් හෙට දිනයේ පැවැත්වීමට නියමිත බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ආණ්ඩුව හිට් විකට් දුර්දාන්ත රජයට එරෙහි සිසු-ජන පෙළගැස්ම ජූනි 07 සවස 5.00 ට කොටුව දුම්රිපල සිට ආර්. ප්‍රේමදාස පිටිය දක්වා පාගමනින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය” යනුවෙන් සඳහන් කරමින් සටහනක් ෆේස්බුක් ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

එම සටහන හුවමාරු වී තිබූ තවත් අවස්ථාවක් මෙතනින්. Archived Link

මේ ඔස්සේ නිර්මාණය වූ තවත් සටහනක් මෙතනින්. Archived Link

අරගලය ක්‍රිකට් සමග ජාත්‍යන්තරයට, ඔලුවේ කළු පටි බැඳගෙන වරෙල්ලා, හැම 4,6 පාරකටම, හැම විකට්, කැච් එකකටම GOTA GO HOME කියලා කෑගහපල්ලා.

වෙනත් කිසිම දෙයක් මැච් එකට බාධා වන පරිදි කිරීමෙන් වළකිමු. මේ ආදරයේ විප්ලවයක් බව මතක තබාගමු.” යනුවෙන් සඳහන් තවත් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙය ගෝල්ෆේස් පිටියේ සාමකාමී අරගලකරුවන් විසින් මෙහෙයවන ලද්දක් බවට හඟවමින්.

Facebook | Archived Link Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Update :

එමෙන්ම ගායන ශිල්පී ශානිකා මධුමාලි විසින් පළ කළ කමෙන්ටුවක් ලෙස දක්වමින් සඳහන් කර තිබුණේ, අද දිනයේ (07) පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ගෝඨාගෝගම සිට කෙත්තාරාමෙය පෙළපාලියක් යන බවයි.

Facebook | Archived Link

එමෙන්ම ක්‍රිකට් තරඟය නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි බවට දුරකතන අංකයක් ඇතුළත් කරමින් තවත් සටහනක් WhatsApp ඔස්සේ සංසරණය වුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙලෙස පා ගමනක් හෙට(07) දිනයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කර ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අප ප්‍රථමයෙන්ම ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කරනු ලැබුවා.

නමුත් එලෙස හෙට දිනයේ සංවිධානය කර තිබූ බවට සඳහනක් නොවුණි.

අප මේ පිළිබඳව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගෙන් අප මේ පිළිබඳව විමසීමක් සිදු කළා.

ඔහු සඳහන් කළේ, එවැනි වැඩපිළිවෙළක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ හෙට දිනයේ සංවිධානය කර නොමැති බවයි. මෙය ඔවුන්ගේ සටන් වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීම සඳහා ඔවුන්ගේ සංවිධානයේ නම අවභාවිතා කරමින් ව්‍යාජ දැන්වීම් නිර්මාණය කර ජනතාව මුලා කිරීමට ගත් අවස්ථාවක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නිල ෆේස්බුක් පිටුවේද මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

හෙට දිනයේ ක්‍රිකට් තරඟය පැවතෙන අතර තුර “හිසේ කළු පටි බැඳගෙනෙ, සෑම 4,6 පාරකටම, හැම විකට්, කැච් එකකටම GOTA GO HOME” යනුවෙන් සඳහන් කරන ලෙස ඉල්ලමින් ඇති සටහන් සම්බන්ධයෙන් මේ වන විටත් අරගල භූමියේ සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සාමාජිකයෙකු වන රතිඳු සේනාරත්න විසින් සිය ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන්ම අරගල හා ක්‍රීඩාව පටල නොගන්නා ලෙස ඉල්ලමින් රට අප කීර්තියට පත් නොකරන ලෙස ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින්, මෙලෙසින්, සහ මෙලෙසින් සටහන් සංසරණය වුණා. Archived Link| Archived Link| Archived Link

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලියේ පළමු T20 තරගය හෙට රාත්‍රී 7ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත අතර ඊට සමගාමීව ජනතාව නොමග යැවීමේ අරමුණින් මේ ආකාරයේ සටහන් නිර්මාණ වී තිබූ අනුමාන කළ හැක.

Update :

අප මේ පිළිබඳව ශානිකා මධුමාලිගෙන් විමසීමක් කරනු ලැබුවා.

ඇය සඳහන් කළේ, මෙලෙස සඳහන් කර කිසිදු ෆේස්බුක් සටහනක් හෝ කමෙන්ටුවක් පළ තමන් පළ නොකළ බවයි.

සිය ෆේස්බුක් නිල ගිණුමේ පළ කළ බවට හඟවමින් මීට පෙරද අසත්‍ය සටහන් හුවමාරු වූ බවත්, තමන්ගේ ව්‍යාපාර සඳහා භාවිත කරන දුරකතන අංකයක් මෙම අසත්‍ය සටහන් වලට යොදා ඇති බවත් ඇය සඳහන් කළා.

කෙසේ වෙතත් මෙවැනි පෙළපාළියක් අරගල භූමියේ සිට ආරම්භ නොවූ බවට අප කළ විමසීමේදී අරගල බිමේ රැඳී සිටින මාධ්‍යවේදීන් මෙන්ම සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ද, සඳහන් කළේ, සඳහා ගෝඨාගෝගම සිට කෙත්තාරාමෙය තෙක් පෙළපාලියක් ගමන් නොකළ බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, හෙට (07) දිනයේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අසල සංවිධානය කර ඇති විරෝධතාවක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවත් ඔවුන් විසින් එවැනි පා ගමනක් සංවිධානය නොකර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලි සඳහන් කළ බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අන්තරේ විසින් කොටුව දුම්රිපල සිට ආර්. ප්‍රේමදාස පිටිය දක්වා පාගමනක්, ජුනි 07 සංවිධානය කරයි ?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading

Tags:    

Similar News