අරගල භූමිය වෙත යාම පිළිබඳව පසුතැවෙන බවට නන්දා මාලිනියගෙන් ප්‍රකාශයක් ?

Update: 2022-06-09 05:51 GMT

ප්‍රවීන ගායන ශිල්පී නන්දා මාලිනී සහ මහචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් අරගල භූමිය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

"අරගලයක් කියලා එතැන කරන්නේ ව්‍යාපාරයක් බව දන්නවා නම් මමයි, සුනිලුයි එතැනට යන්නේ නෑ." යනුවෙන් ප්‍රවීන ගායන ශිල්පිනී නන්දා මාලිනී විසින් පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link Facebook | Archived Link

මෙම තේමාවෙන් පළ වූ තවත් සටහනක් පහතින්.

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

සත්‍ය වශයෙන්ම නන්දා මාලිනි විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කළේද, යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ප්‍රවීන ගායන ශිල්පිනි විශාරද නන්දා මාලිනි විසින් ගෝල්ෆේස් අරගල භූමිය සම්බන්ධයෙන් මෙවන් ප්‍රකාශයක් සිදු කළාද යන්න පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා අප ප්‍රථමයෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා පරීක්ෂා කරනු ලැබුවා.

නන්දා මාලිනිය විසින් හෝ මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ බවක් අපට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ කළ නිරීක්ෂණයේදී දැක ගන්නට නොලැබුණි.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය විමසීම සඳහා අප විශාරද නන්දා මාලිනි සහ මහාචාර්ය සුනිල් ආරියරත්න දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගනු ලැබුවා.

සුනිල් ආරියරත්න මහතා සඳහන් කළේ, තමන් හෝ නන්දා මාලිනිය හෝ අරගලය සම්බන්ධයෙන් එවන් ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදු නොකළ බවයි.

විශාරද නන්දා මාලිනි විසින් ද තමා එවැනි ප්‍රකාශයක් කිසි විටෙක සිදු නොකළ බවත් පවසා සිටියා.

පසුගිය අප්‍රේල් මස 12 වන දා ගෝල්ෆේස් පිටියේ ගෝඨාගෝගම අරගල භූමියට එක්වීම සඳහා නන්දා මාලිනිය ඇතුළු සුනිල් ආරයරත්නයන් ද එක් වූවා. ඒ පිළිබඳව පළ වූ ෆේස්බුක් සටහන් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

එම අවස්ථාවේ දී විශාරද නන්දා මාලිනිය දැක්වූ අදහස් කිහිපයක් ඇතුළත් වීඩියෝවක් පහතින්

Full View

එසේම ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අසත්‍ය බවටත් කිසිඳු මුලාශ්‍රයකින් තොරව පළවූ ව්‍යාජ සටහන් බවටත් කලාකරුවන් කිහිප දෙනෙකුම ද සමාජ මාධ්‍ය සටහන් පළකර තිබුණි. බුද්ධදාස ගලප්පත්ති මහතා විසින් පළ කරන ලද සටහන් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, ප්‍රවීන ගායන ශිල්පී විශාරද නන්දා මාලිනි විසින් අරගල භූමියේ ව්‍යාපාරයක් සිදුවන බවටත් එවැන්නක් දැන සිටියේ නම් ඒ සඳහා තමා හෝ මහචාර්ය සුනිල් ආරියරත්නයන් සහභාගී නොවන බවටත් පැවසු බව දක්වමින් හුවමාරු වන්නේ මුලාශ්‍ර කිසිවකින් තොරව පලවන ව්‍යාජ සටහන් පෙළක් බවයි.

තමන් විසින් මේ ආකාරයේ ප්‍රකාශයක් කිසි විටෙකත් සිදු නොකළ බවට විශාරද නන්දා මාලිනි මෙන්ම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ද තහවුරු කර සිටිනවා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:අරගල භූමිය වෙත යාම පිළිබඳව පසුතැවෙන බවට නන්දා මාලිනියගෙන් ප්‍රකාශයක් ?

Fact Check By: Pavithra Sandamali

Result: False

Tags:    

Similar News