විපක්ෂ නායකගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස් වූයේ කුමන හේතුවක් සඳහා ද?

Update: 2022-06-09 12:48 GMT

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඉල්ලා අස්වීමට හේතුව සජිත් ප්‍රේමදාස මහතා බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“සජිත් එක්ක බෑ! සජිත්ගේ ලේකම් ඉල්ලා අස්වෙයි!” යනුවෙන් සඳහන් කළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක දැක්වුණේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම් වරයා සජිත් ප්‍රේමදාස මහතා සමගින් වැඩ කටයුතු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඉල්ලා අස් වන බවට හැඟවූ සටහනකි.

Facebook | Archived Link

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

විපක්ෂ නායකවරයාගේ පෞද්ගලික ලේකම් ලෙස 2020 වසරේ සිට කටයුතු කළ රවී ජයවර්ධන මහතා, එම ධුරයෙන් මෑතක දී ඉල්ලා අස්වූවාද යන්න පිළිබඳ අප විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්, රජිත කුමාර මහතා සම්බන්ධ කර ගනු ලැබුවා.

ඔහු සඳහන් කළේ, විපක්ෂනායක වරයාගේ පෞද්ගලික ලේකම් මේ වන විටත් ධුරයේ වැඩකටයුතු කරමින් සිටින අතර නීතිඥ රවි ජයවර්ධන මහතා වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ රටකට යෑම සඳහා හිමිවූ දුර්ලභ අවස්ථාවක් ලැබුණු හෙයින් ඉදිරි දිනකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, ඒ සදහා විපක්ෂ නායකතුමාගේ ආශිර්වාදය හිමිවූ බවයි.

විපක්ෂ නායකතුමා සහ රවි ජයවර්ධන මහතා අතර ඉතාම සමීප සම්බන්ධතාවක් ඇති අතර එය කිසිවිටෙක පළුදු වී නොමැති බවයි සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම් වැඩි දුරටත් පවසා සිටියේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික ලේකම් රවී ජයවර්ධන මහතාගෙන් ද විමසීමක් සිදු කළා.

ඒ මහතා පවසා සිටියේ, තමන්ගේ ඉල්ලා අස්වීම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල අඩංගු කරුණු අසත්‍ය බවත්, තමන්ට ලැබුණු දුර්ලභ අවස්ථාවක් වන පුර්ණ ශිෂ්‍යත්වයක් (Full Scholarship) මත පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා, තමා ඕස්ට්‍රේලියාවට යෑමට තීරණය කිරීම හේතුවෙන්, විපක්ෂනායක වරයාගේ පෞද්ගලික ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වීමට තීරණය කළ බවයි.

කෙසේවෙතත් එම පුර්ණ ශිෂ්‍යත්වය පිළිබඳ වැඩිදුර විස්තර අප විමසා සිටිය ද ඒ සඳහා අපට ප්‍රතිචාරයක් නොලැබුණි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Title:විපක්ෂනායකගේ පෞද්ගලික ලේකම් ඉල්ලා අස් වූයේ කුමන හේතුවක් සඳහා ද?

By: Pavithra Sandamali

Result: Explainer

Tags:    

Similar News